මිගසාලා සුත්‍රය 3 කොටස.
අපි මෙහෙම කියමු. මැටි ටිකක් අරගෙන මැටි කියන එක ඕගොල්ලොන්ට පැහැදිලි නේද තද ගතිය, පඨවිය කියල පැහැදිලි නේද? හුඹකින් කොටලා මැටි ටිකක් අරගෙන මේ හැඩය විදිහටම ( යම් රූපයක් පෙන්වමින්) මිටක් හිටින විදිහට රවුමට අවකාශ ධාතුව තුල අපි හැදුවොත් දැන් මේ හදපු හැඩය අනුව අපිට රූපේ පේනවා. අපිට මැටි ටික අහුවෙන්නේ නැතුව මේ හැඩය විතරක් අල්ලන්න පුළුවන්ද? ඇල්ලුවොත් හැඩය හසුනොවී මැටි ටිකම විතරයි නේද අහුවෙන්නේ? හැඩය කියන්නේ අවකාශ ධාතුවට සාපේක්ෂව පෙනෙන දෙයක්. ඒ කියන්නේ රූපය පෙනෙන්නේ හැමවෙලාවෙම අවකාශයට සාපේක්ෂව. සතර මහා ධාතුව අවකාශ ධාතුවේ තිබුන හැඩයට ඇහැ උපකාරයෙන් ඒ හැඩය ඇහේ තියෙන ප්‍රසාදයට ගැටෙනවා. ඇහේ විතරක් නෙමෙයි ඕනෑම ඔපවත් තැනකට වීදුරුවක් වගේ දෙයක් ගත්තොත් මේ වස්තුව වීදුරුවෙන් පිළිඹිබු වෙනවා වගේ, ජලය තිබුනොත් මේ හැඩය ඒකට පිළිඹිබු වෙනවා වගේ මේ චක්ඛු ප්‍රසාදයේ ඔපවත්කමට, වතුරේ තියෙන ඔපවත්කම වගේ, වීදුරුවක තියෙන ඔපවත්කම වගේ, කණ්නාඩියක තියෙන ඔපවත්කම වගේ ඉදිරියෙන් තියෙන යම් වස්තුවක පිළිඹිබුව පතිත කරන්න පුළුවන්, ඒ වගේ ඇහේ තියෙන චක්ඛු ප්‍රසාදය කියන්නේ ඇහේ තියෙන සියුම් ඔපවත්කමක්.
ඉදිරියෙන් තියෙන රූප මේ ප්රසාදෙට ගැටුනහම හිත කොච්චර සංවේදීද කියනවා නම් මේ රූප නිමිත්ත ප්‍රසාදයට වැටුන පමණකින් හිතට දැනෙනවා. හිත ඊට අනුගතව උපදිනකොට, හිතෙන් මේ හැඩය හදුනාගන්නවා. සංඥාවක් පහල වෙනවා. අවකාශ ධාතුව තුල මැටි ටික මේ හැඩයට රාශිවෙලා තියෙනකොට ඒ සටහන චක්ඛු ප්‍රසාදයට ගැටෙන කොට ඒ ගැටුන තැනට හිත යොමු කරනකොට මේ තුන්දෙනාගේ ප්‍රතිඵලය තමයි හැඩ සටහනක් හිතට පෙනෙනවා. ඕගොල්ලෝ දන්නවද අපි හැම වෙලාවකම මොනවා හරි දකිනවා අහනවා කියල කියන්නේ හිතේ සංඥාවක් යෙදෙන්නේ. හැම වෙලාවේම සංඥා සහිතවයි අපි ඉන්නේ. යම් වෙලාවක සංඥාවක් නැතිවුනොත් එක්කෝ ඕගොල්ලෝ අසංඥයේ එහෙම නැත්නම් විසංඥයේ. විසංඥ වෙනවා කියල කියන්නේ මොකක්ද? මොකුත් දන්නේ නැහැ සිහි මුර්ජා වෙනවා කියන එකනේ. ඊට මෙහා හැම කෙනෙක්ම යම් සංඥාවකින් ඉන්නේ. රූපයේ ආකාරයම ගන්නවා රූප සංඥාව.
දැන් මේ රූපය විඳිනකම, හඳුනගන්නකම, හඳුනාගත්ත රූපෙට 'වටාපත' කියල හිතනකම ස්පර්ශ ප්‍රත්‍යයෙන් උපදින්නේ. හොඳට බලන්න මේ ටික. මුලින්ම ආවේ සතර මහා ධාතුව අවකාශ ධාතුවේ රාශිවෙලා තිබුන හැඩය, මැටි ටික. ඒක රූපය. එතකොට වර්ණ රූපය නම් උපාදය රූපය එක්කම. එබඳු රූපය චක්ඛු ප්‍රසාදයට වැටෙනකොට හිත ඊට අනුව ඉපදිලා මේ හැඩය තමන්ට පේනවා කියල කියන්නේ මේ රූපය එතනම තියෙද්දී හිතින් හඳුනනවා ඕගොල්ලෝ. හඳුනන සංඥාවට වටාපත කියල හිතනවා. හිතුවහම වෙන්නේ මේ හිතෙන්ම විඳපු, හඳුනපු, කල්පනා කරපු ගතිත් මේ රූපයත් කියන ධර්මතා දෙකම උදව් කරගෙන වටාපත කියලා දැනගන්නවා ඕගොල්ලෝ. ":නාමරූප පච්චයා විඤ්ඤාණං" .නමුත් මේ දැනුම ඇතිවුනේ කොහොමද කියල ඕගොල්ලෝ දන්නේ නැහැ. ඉදිරියෙන් තියෙන දේ වටාපත කියල ක්ෂණිකව දැනගන්නවා. නමුත් මේ දැනගැනීම ඇතිවුනේ කොහොමද කියල අපි දන්නේ නැහැ.
හොඳට බලන්න ඇහැට එපිටින් තියෙන වස්තුවක් අපි දැනගන්නවා. ඇහැට එපිටින් තියෙන වස්තුවක් දැනගන්න කොට දැනගත්තේ කොහොමද? ආහාර ප්‍රත්‍යයෙන් හටගත්ත රූපයත් - ඒක මහා භුතමමයි. අවකාශ ධාතුවේ රාශිවෙලා තියෙන ආකාරය චක්ඛු ප්‍රසාදයට පිළිඹිබු වෙනකොට ඒ නිසා හිත උපදිනවා. ඒ හිතේ මේ අරමුණ විඳින, හඳුනාගන්න ( මේ හැඩ සටහන පෙනෙනවා හිතට රූප සංඥාව). ඒ රූප සංඥාවටමයි අපි වටාපත කියල හිතන්නේ. අර රූපයයි මේ නාමයයි දෙකම උදව් කරගෙන අපි දැනගන්නවා. නමුත් අපි 'නාමරූප පච්චයා විඤ්ඤාණං' කියන එක දන්නේ නැතුව මේ දැනගත්ත සිද්ධිය කෙලින්ම රූපෙට තබනවා. එතකොට කෙලින්ම මේ විඤ්ඤාණය සතර මහා ධාතුවට බැසගන්නවා අර සතර මහා ධාතු රූපේ වටාපත කියල, රූපය උදව් වුනේ හිතේ තියෙන නාම ධර්ම ටික ඇති කරන්න. අරමුණ විඳින්න, හඳුනන්න, හඳුනාගත්ත දේට හිතන්න. මේ රූපයයි මේ නාමයයි කියන දෙකම නිසයි දැනගත්තේ කියල අනුක්රමයක් තියෙයි. නමුත් දැනගත්ත දේ කෙලින්ම රූපෙට තැබුවම ඕගොල්ලොන්ට දැන් සතර මහා ධාතුව පෙන්නේ නැහැ. විඤ්ඤාණයයේ තියෙන ගතියෙන් ඒක වැහිලා තියෙන්නේ.
අපි මෙහෙම කිවුවොත් දැන් මම වටාපත දෙනවා කාශ්‍යප ස්වාමින්වහන්සේට. ඊට පස්සේ කාශ්‍යප වටාපත දෙනවා ධම්මජෝති ස්වාමින්වහන්සේට කියල හිතන්නකෝ. දැන් ධම්මජෝති අතට වටාපත ලැබුනේ කොහොමද කියන කාරණාව ගත්තොත්, ආසන්නම සිද්ධිය ගත්තොත් කාශ්‍යප හාමුදුරුවෝ දුන්නා. නමුත් සැබෑම ස්වභාවය ගත්තොත් මම හා කාශ්‍යප ස්වාමින්වහන්සේ නිසා මේ වටාපත ලැබුනා කියන පරියායයි කියන්නේ මේ. මම මේ වටාපත කාශ්‍යපට දුන්නේ නැත්නම් කාශ්‍යපට කවදාවත්ම ධම්මජෝතිට දෙන්න යමක් හම්බ වෙන්නේ නැහැනේ. නමුත් ළඟම කාරණාව ගත්තොත් කාශ්‍යප හාමුදුරුවෝ දුන්නා. කාශ්‍යප හාමුදුරුවන්ට වටාපත ලැබුනේ මම දුන්න නිසා. මමයි, කාශ්‍යප හාමුදුරුවෝ දෙන්නම නිසයි ධම්මජෝති ගාවට වටාපත ගියේ. ඒ වගේ සතර මහා ධාතු රූපය නිසා හිතේ ඒ අරමුණ විඳින, අරමුණ හඳුනාගන්නා, අරමුණට හිතන කියන නාම ධර්ම ටිකක් පහල වෙනවා. නාම ධර්ම ටික නිසයි දැනගන්නේ. "සංඛාර පච්චයා විඤ්ඤාණං" . ආසන්නම කාරණාව - නාම ධර්ම ටික නිසයි දැනගන්නේ.
නමුත් මේ දැනගැනීම කියන සම්පූර්ණ ටිකට සිද්ධාන්තය ගත්තොත් නාමරූප නිසා විඤ්ඤාණය වුනා කියල කියනවා. මම කාශ්‍යපට වටපාත දෙනවා මේක දෙන්නකෝ ධම්මජෝතිට. ඊටපස්සේ කාශ්‍යප ධම්මජෝතිට දුන්නහම ධම්මජෝතිගෙන් අහනවා ඔය වටාපත ඔබ වහන්සේට හම්බවුනේ කොහෙන්ද? සුදස්සන ස්වාමින්වහන්සේ දුන්නේ කියල කිවුවොත් හරිද? වැරදිද?. සුදස්සන ස්වාමින්වහන්සේ දුන්නේ කියල කියන්න කමක් නැහැ. නමුත් ඒක දුන්නා වුනේ කොහොමද කියල පරියායයක් තියෙනවානේ. සුදස්සන ස්වාමින්වහන්සේ කාශ්‍යප හාමුදුරුවන්ට දීලා තියෙනවා, කාශ්‍යප හාමුදුරුවෝ මට දුන්නා කියල සුදස්සන ස්වාමින්වහස්ගෙන් මෙන්න මෙහෙමයි මට මේ වටාපත දුන්නේ කියල ක්‍රමයක් තියෙනවා. "සංඛාර පච්චයා විඤ්ඤාණං" හිතනකම නිසයි දැනගන්නේ. කොහොමද "සංඛාර පච්චයා විඤ්ඤාණං වුනේ කියල ක්‍රමයක් තියෙනවා. ඒ ක්‍රමය තමයි බුදුරජාණන් වහන්සේ දිගහැරලා 'නාමරූප පච්චයා විඤ්ඤාණං' කියල කියන්නේ.
රූපය උපකාරයි නාමධර්ම ටිකක් හැදෙන්න. රූපය සතර මහා ධාතුයි. සතර මහා ධාතු රූප නිමිත්තක් හිතෙන් හඳුනලා, හිතෙන්ම ඒ හැඩයට මේ අහවල් සතා, මේ අහවල් මනුස්සයා, අහවල් භාණ්ඩය කියල නම් කරලා දැනගන්නවා. අපි කෙලින්ම දැනගත්ත දේ රූපෙට තැබුවහම අර නාමධර්ම ටිකේ කෘත්‍ය අයින් කරලා දැනගත්ත සිද්ධිය කෙලින්ම රූපෙට තැබුවහම දැනගත්තේ මෙන්න මේ රූපෙයි කියල අපි හිතපු ගති ඔක්කොම රූපෙට බැඳෙනවා. මේ ස්කන්ධයන්ගේ උදය වැය බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ රූපය ආහාර ප්‍රත්‍යයෙන්, වේදනා, සංඥා, චේතනා ස්පර්ශ ප්‍රත්‍යයෙන්, නාමරූප ප්‍රත්‍යයෙන් විඤ්ඤාණය කියන මේ සිද්ධිය දැනගත්තොත් ඕගොල්ලෝ මේ විඤ්ඤාණය රූපෙට බහින්නේ නැතුව මේ යථාභූත ස්වභාවය දකින්න පුළුවන්. මේ ස්කන්ධයන්ගේ උදය වැය දන්නේ නැති වුනහම වෙන්නේ අපි දැනගත්ත දේ ස්පර්ශයට ඔබ්බෙන් තිබ්බ රූප ධාතුවට අයිති කියලයි අපි හිතන්නේ. එහෙම නැත්නම් දැනගත්ත දේ නාමරූප දෙකට අයිති කියල. නාමරූප දෙක නිසා දැනගත්ත නම් ඒ දැනගත්ත සිද්ධිය ආපහු නාමරූප දෙකට අයිති නැහැ.
ඒ මම ස්කන්ධයන්ගේ උදය වැය කෙටියෙන් කිව්වේ. කොහොමද රූපය පිරිසිඳ දැකලා රාග විරාග චේතෝ විමුක්තිය සාක්ෂාත් කරන්නේ කියල. මම මේ දානය වළඳන ගමන් දීප පොඩි හාමුදුරුවන්ගෙන් ඇහුවේ 'දීප දැන් අම්මා සිහි කරන්න පුළුවන් නේද'? පුළුවන් කිවුවා. දැන් ඔබ අම්මා කියල සිහිකරනකොට බාහිර මේ සිහි කරන දේට අදාළ රූපයක් එයාට පේනවා නේද කියලා ඇහුවා. අම්මා කියල රූපයක් පේනවානේ. මේ සිහිකරන ගතිය බාහිර රූපෙකට තැබුවොත් ඒ රූපේ එයාට පෙන්නේ අම්මා වගේ. ඒ රූපය කැඩෙන බිඳෙන විනාශවෙන දවසට අම්මා මැරුණා කියන දුක තමයි එන්නේ. මම පොඩි හාමුදුරුවන්ට මතක් කලේ අම්මා කියල සිහිවෙනකොට ඔබ වහන්සේට, බාහිරයට හිත යොමුවෙලා රූපයක් පෙන්වන කොට ඔබ ඒ හිතේ තියෙන අම්මා කියන ගතිය රූපේ මත පිහිටන්න නොදී රූපය පිරිසිඳ දක්වනවා නම්, හිතට පෙන්වනවා නම්,
ඒ රූපේ කෙස් කියන්නේ පඨවි ධාතුව. ලොම් කියන්නේ පඨවි ධාතුව, නිය කියන්නේ පඨවි ධාතුව, දත් කියන්නේ පඨවි ධාතුව, සම කියන්නේ පඨවි ධාතුව, මස් කියන්නේ පඨවි ධාතුව කියල හෝ එක එක කොටසින් කොටස හෝ, නැත්නම් ඒ මුළු රූපෙම සතර මහා ධාතුයි කියල පෙන්වන කොට අම්මා කියල හිත බැසගන්න බැහැ ඒ රූපෙට. මේ සතර මහා ධාතු රූපේ සතර මහා ධාතු බව පෙන්වන්න බැරි වුනොත් වෙන දෝෂය තමයි අම්මා කියල සිහි කරනකොට මේ රූපය පෙන්නුවොත් අම්මා ඇත්ත වෙනවා. අනේ අම්මා කෑවද දන්නේ නැහැ, අම්මා අසනීපෙන් හිටියේ, අම්මා ලෙඩවෙලා හිටියේ බොහෝ සිතිවිලි ප්‍රපංච කියන්නේ බොහෝ සිතුවිලි වැල් යනවා. ඒ හේතුවෙන් තමන්ට රාගය හෝ ද්වේශය හෝ දුක හෝ උපදිනවා, සංවේගය හෝ උපදිනවා. යම්තාක් තමන් දුකට පත්වෙන තාක්ම හිතනවා. 'අම්මා හෝ කෙනෙක්' උපන්නට පස්සේ ඒක ඇත්ත වෙනවා. එයා ගැන හිතනවා.
ඊටපස්සේ මම කිවුවේ ඔබට අම්මා කියල සිහිවෙනකොට සිහිවෙන දේ ඒ රූපයට හිත නැඹුරු වෙනකොටම රූපේ පැත්ත පෙන්වන්න පුළුවන් නම් රූපේ පැත්තේ ඇත්ත ඒ රූපේ කෙස්, ලොම්, නිය, දත්, සම්, මස්, නහර තියෙනවා. අම්මාව අලන්න කියල ගියොත් කෙස් හෝ අහුවෙයි, හම හෝ අහුවෙයි, මස් හෝ අහුවෙයි, ලේ හෝ අහුවෙයි, නහර හෝ අහුවෙයි. ඒ අහුවෙන තැනින් හෝ ධාතුමය ස්වභාවය පෙන්වනවා නම් මේ හිතේ නිමිත්ත ඒ ධාතුවට බැහැගන්න නොදුන්නොත් එතන සතර මහා ධාතුයි කියලා පෙන්වන පමණකින්ම අම්මා කියන එක ඇත්ත වෙලා සිතුවිලි වැල් යන්නේ නැහැ. එතැන ධාතුව කියන තැනින් නතර වෙනවා. මෙහෙම සමස්තයක්ම මේ විදිහට හැම අරමුණකම පෙන්වන කොට ඉබ්බා සිය කබලේ තමන්ගේ අවයව බහාගත්තා වගේ මනෝ විතර්ක හකුළුවා ගන්න කියන්නේ අපේ මනෝ විතර්ක සතර මහා ධාතුවේ හැපිලා හිටින්නේ නැතුව සතර මහා ධාතුවෙන් ටික ටික පස්සට එනවා. රූපයේ ඇත්ත ටික ටික දකින්න දකින්න ආස්‍රවයන්ගෙන් මනස මිදෙනවා කියල කියන්නේ අම්මා කියන ගතිය සිහිකරන්න පුළුවන් හැබැයි රූපෙට නැඹුරු වෙන්නේ නැතුව පවතිනවා.
මේ විදිහට යම්කිසි කෙනෙක් බැලුවොත් මේ භුමියේ එයා යම්තාක් ඇසුරු කරන තමන් කියන ආධ්‍යාත්මික කයේත්, බාහිර සියළුම නිමිති වලත් නුවණින් බැලුවහම, බුදුරජාණන් වහන්සේ දේශනා කලේ අතීත, අනාගත, වර්තමාන, තමා තුල, බාහිර, හීන, ප්‍රනීත, දුර, ළඟ, රළු, සියුම් කියන සියළුම රූප ටික "නෙතං මම නෙසොහමස්මි, න මෙසො අත්තා'ති" මම හෝ මගේ හෝ මගේ ආත්ම වූ දෙයක් නැහැ කියල සතර මහා ධාතුයි කියල හොඳට පෙන්වන්න. එහෙම පෙන්වන්න පෙන්වන්න රූපය ඒකාත්වයකට සතර මහා ධාතුයි කියන රූප නිමිත්ත ටික ටික වර්ධනය වෙනවා, පෙනෙනවා. ඒ රූප ටික අම්මා, තාත්තා, දුවා, පුතා, රත්තරං, රිදී, මුතු, මැණික් කියල සතර මහා ධාතුවට ඇලෙන, සතර මහා ධාතුවට බඳවන නිමිති හිටින්නේ නැහැ. ටිකෙන් ටික ටිකෙන් ටික ඒ නිමිති ගැලවෙනවා. රූපය පිරිසිඳ දකින්න දකින්න රාගය ඇතිකරගන්න පුළුවන් ස්ත්‍රීන්, පුරුෂයෝ, රත්තරං, රිදී, මුතු, මැණික්, උයන්, ගෙවල්, වාහන, මන්දිර, මාලිගා මේවා එකින් එක ගැලවී ගැලවී යනවා සතර මහා ධාතුවෙන්.
සතර මහා ධාතුවේ උයන් වතු, මාලිගා, ගෙවල්, රන්, රිදී, මුතු, මැණික්, වාහන, ස්ත්‍රී, පුරුෂයෝ දකින තාක්, ඕගොල්ලෝ ආස කරන්නේ ස්ත්‍රියකට, රූපේ සැබෑවට තියෙන්නේ සතර මහා ධාතුව. ඒ නිසා සතර මහා ධාතුවට තණ්හා කරනවා. ඕගොල්ලෝ ආස රත්තරන් වලට හැබැයි රත්තරන් වලට රූපයක් තියෙයි. ඒ රූපෙට ආස කරනවා. නමුත් රූපෙන් රත්තරන්, රිදී, මුතු, මැණික්, ස්ත්‍රී, පුරුෂයෝ කියන ගති ටික ටිකෙන් ටික ගැලවුනොත් මේ සතර මහා ධාතුව පෙන්වන්න පෙන්වන්න අවබෝධ වෙන්න මේ රාග ස්වභාවය තමයි විරාගයට යන්නේ. ඒ කියන්නේ ඇලිලා හැසිරෙන්න වස්තුවක් හිටින්නේ නැහැ. යම් කලෙක සතර මහා ධාතුව හොඳට පෙනෙද්දී මෙහෙම එක තැනක ඉඳලා ඕගොල්ලොන්ට බාහිර සිහි කරන්න සතර මහා ධාතු නිමිත්ත ඇරෙන්න එකදු නිමිත්තක්වත් හිටින්නේ නැහැ. නුවණින් බලන බලන එයාට ධාතුවම ප්රකටයි මිසක මහා භූතම ප්රකටයි මිසක මිනිස්සු, සත්වයෝ, පුද්ගලයෝ, ගෙවල් දොරවල්, ඉඩකඩම්, යානවාහන මේවා මොකුත් හම්බවෙන්නේ නැහැ. ඇලෙන්න , සාරජ්ජ වෙන්න දෙයක් හම්බවෙන්නේ නැහැ.
ආධ්‍යාත්මයත් එහෙමයි. මේ 'මම' කියල හිතන්න පඨවි ධාතුවේ මොකුත් හම්බවෙන්නේ නැහැ. ධාතුව පිරිසිඳ දකිනකොට ඔන්න කාමය අතහැරෙනවා. කාමඡන්ද කියන ගති නැහැ. සත්ව පුද්ගලයෝ සතර මහා ධාතුවේ දකින්නේ නැති හින්දා තරහ වෙන්න, නසන්න ඕනේ, මරන්න ඕනේ , කපන්න ඕනේ ආදී ව්‍යාපාදයට කරුණුත් නැහැ. ථීන මිද්ධ, උද්දච්ච කුක්කුච්ච කියන ගති නැහැ. විචිකිච්චා කියන කෙසේද කෙසේද විමති නැහැ එයාට. සතර මහා ධාතුවේ සත්වයා මරණෙන් පස්සේ ඉපදෙන්න ඇති, අහවල් තැන ඉඳන් ආවේ ආදී සැක නැහැ එයාට. අන්න ඒ කාමයන්ගෙන් අකුසල ධර්මයන්ගෙන් තමන් මිදිලා කියල තමන්ට පෙනෙනවා. වෙනදට අම්මා ගැන හිත හිත, තාත්තා ගැන හිත හිත, ගෙදර ගැන හිත හිත, රත්තරන් ගැන හිත හිත, රක්ෂාව ගැන හිත හිත, යාළුවො ගැන හිත හිතා ඉන්න පුළුවන්කම තිබුනා. දැන් එහෙම මොකුත් නැහැ තමන්ගේ මනසේ. එක්ම පඨවි සංඥාවට හිත තබලා මේ සියළු කාම ආස්‍රවයන්ගෙන් මනස මිදිලා කියල තමන්ට පේනවා.
කාමයන්ගෙන් විමුක්ත වෙච්ච මනස තමන්ට පෙනෙනවා, තමන්ට තේරෙනවා. අකුසල ධර්මයන්ගෙන් මිදිච්ච මනස තමන්ටම තේරෙනවා. තමන් කෙරෙහිම කාමයන්ගෙන් වෙන් වෙච්ච, අකුසල ධර්මයන්ගෙන් වෙන්වෙච්ච විවේකය භුක්ති විඳිනවා. එයාට ලොකු වෙනසක් තේරෙනවා. වෙනදා මේවා මැද්දේ ඒවා හදමින්, ඒවා එහාට මෙහාට කරමින්, කෑගහමින් හිටපු මනසත් අද ඒ ප්‍රපංච සංඥාවන්ගෙන් මිදිලා පවතින මනසේ සැහැල්ලුව තේරෙනවා. ඒ නිසාම හිතේ ප්රමොදයක්ම ඇතිවෙනවා.. ප්‍රමෝදය බලවත්වීමෙන් ප්‍රීතියක් ඇතිවෙනවා. ප්‍රීතිය නිසාම හිත කය දෙක සංසිදෙනවා. හරියට අහසේ පාවෙන පුළුන් රොදක් වගේ එයාට මේ කය දැනෙනවා කියන්නේ. එච්චර සැහැල්ලුයි. අර එක්තරා රහතන් වහන්සේ නමක් කියන්නේ මගේ ආත්මභාවය හරියට හුළඟට ලෙලදෙන කොඩියක් වගේ කියල. මේ ශරීරය එක දශමයක්වත් එයාට බරක් දැනෙන්නේ නැහැ පුළුන් රොදක් වගේ. මේ මුළු ශරීරයම එක සැප පිණ්ඩයක් වෙනවා.
බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ පිටි වගේ දේවල් දිය ඉස ඉස යම්කිසි කෙනෙක් අනන කොට දියවෙලා වැගිරෙන්නේ නැහැ, නමුත් ජලයෙන් නොතෙමුන තැනක් නැහැ. රොටි හදනකොට පිටි ටිකට වතුර ඉහ ඉහ ගුලි කරනවා දියවෙලා වැක්කෙරෙන්නේ නැහැ. නමුත් පිටි ගුලිය ගත්තම ජලයෙන් නොතෙමුන කිසිම තැනක් නැහැනේ පිටි ටිකේ. ඒ වගේ මේ ප්‍රීතියෙන්, සැපයෙන් මේ කයේ නොතෙමුන තැනක් නැහැ කියනවා. ඒ අධික සැපවත්කම නිසාම හිත සමාධි වෙනවා. ආධ්‍යාත්මික සැප නැතිවුනහමයි සැප සහගත අරමුණු හොයා හොයා හැමවෙලාවෙම බාහිරයට යනවා. රූප ගැන හිතනවා, ශබ්ද ගැන සිහි කරනවා, ගන්ධ ගැන සිහිකරනවා. ලබපු ස්පර්ශයන් ගැන සිහිකර කර ඉන්නේ ආධ්‍යාත්මික සැප නැතිකමේ ලක්ෂණය. සැප තියෙන අරමුණු සිහිකරන කම. වේදනා පච්චයා තණ්හා - හිත ස්වභාවයෙන්ම සැප වේදනාවට තණ්හායි.
නමුත් මේ කයම සැප පිණ්ඩයක් වෙනකොට කය කෙරෙහිම හිත පවතී. ඒ සැප කෙරෙහි හිත නැමිලා පවතිනකොට ඒ නිසාම සිත සමාධි වෙනවා, එකඟයි. මෙන්න මේ කාමයන්ගෙන් වෙන්ව අකුසල ධර්මයන්ගෙන් වෙන්ව උපන්න විවේකය නිසා හටගත්ත ප්‍රීතිය, සැපය මුල්කරගෙන උපන්න මේ එකඟගකමට කියනවා ප්‍රථම ධ්‍යානය කියල. මෙන්න මේ සමාධියට ඇවිල්ලා ලාමක අකුසල ධර්මයන්ගේ අනුසයම දුරු වෙනවා. මුලින් ලාමක අකුසල ධර්මයෝ නැති කළා. නමුත් අනුසය ස්වභාවය තිබ්බා. නමුත් මෙන්න මේ සමාධියේදී කාමරාග ගතියම නැතිවෙනවා. සතර මහා ධාතුව සැපයි කියල ඇසුරු කරන ගතියම නැතිවෙනවා. මෙන්න මෙතනට යන්න වෙන මොකුත්ම ඕනේ නැහැ එක දෙයක් කරන්න රූපය පිරිසිඳ දකින්න සතර මහා ධාතු බව ඔප්පු කරලා පෙන්වන්න.
මතු සම්බන්ධයි.
0 Comments