මිගසාලා සුත්‍රය 4 කොටස.
හැඩ සටහන්, වර්ණ සටහන් මහා භූත ටිකේම ලක්ෂණයක් හැටියට දකින්න. මහා භුතම ඇසුරු කරගෙන තියෙනවා දකින්න. මහභුතම බදාගෙන තියෙනවා දකින්න. ඒ හැඩ සටහන් රූපේ පැත්තටම නැඹුරු කරන්න. මේ වර්ණයෙන් පෙනෙන්නේ, මේ හැඩයෙන් පෙන්නේනේ මහා භූත ටික අවකාශ ධාතුව තුල මෙහෙම රාශිවෙලා තියෙනවා නේද කියන තැනකින් දකින්න. ගන්ධයක් ආවොත් මහා භූත ටික දැන් මේ විදිහට පවතිනවා කියල මහා භූත ටිකේම හැටි දකින්න. රසයක් ආවොත් මහා භූත ටිකෙන්ම දකින්න. ඒක වෙනම ඔසවලා අරගෙන හිතෙන් බිදින්න හදන්න එපා. එතකොට අපි ඒ සංඥාවකින් ඒක කරන්නේ. ඒ කිවුවේ මෙතන ඉදලා ඕගොල්ලොන්ට යම්තාක් ජීවිතයේ පුරාවට රූපයි කියල ඇසුරු කරපු අරමුණු සිහිකරන්න පුළුවන්. යාළුවො කියල, යෙහෙළියෝ කියල, නෑදැයෝ කියල, හිතෙෂි අය කියල, රන්, රිදී, මුතු,මැණික් කියල බාහිර ඇසුරු කරපු නිමිති සිහිකරන්න පුළුවන්.
ඒක තමයි මේ අවිද්‍යාව නැමති කෝෂය ඇතුලේ තිබුන ගති ටික. ඒ එකකටවත් එකතු නොවී ඒ සිහි කරන්න පුළුවන් හැම තැනකම හිතෙන් පෙන්වන රූපය සතර මහා ධාතු බව විතරක් ඔප්පු කරලා පෙන්වන්න. සතර මහා ධාතු බව සිහිකරගන්න. සිහිකරනකොට පිළිගන්නේ නැත්නම් ඔප්පු කරලා පෙන්වන්න. මම ඒ වස්තුව පරිහරණය කරන්න ගියොත්, අල්ලන්න ගියොත්,ඇසුරු කරන්න ගියොත් අහුවෙන්නේ, අල්ලන්න පුළුවන් ඇසුරු වෙන්නේ මෙච්චරයි නේද කියල ඔප්පු කරලා පෙන්වන්න. යාළුවෙක් ඉන්නවා කියල හිතන්න, යාළුවා එක්ක කළ කී දේවල් සිහි කරන්න පුළුවන්. නමුත් ඔබ යාළුවා කියල සිහිවෙන රූපයේ ඇත්ත මෙනෙහි නොකරයි නම් ඒ ඇත්ත නොපෙන්වන තාක් ඔබට යාළුවා සමග සතුටු වෙන්න පුළුවන්, දුක් වෙන්න පුළුවන් යාළුවෙක් ඉන්නවාමයි. නමුත් යහළුවා කියල සිහිවෙනකොටම ඔය හිතේ තියෙන යාළුවා කියන ගතිය සතර මහා ධාතු රූපෙට බැසගන්න නොදී ඒ රූපය සතර මහා ධාතුයි කියල ඔබට සිහි කරගන්න පුළුවන් නම් මේ හිතේ තියෙන ගතිය ඒ රූපයට බැසගෙන ඒ රූපය කෙනෙක් කරලා ඇත්ත වෙන්නේ නැහැ, කෙනෙක්ව උපදින්නේ නැහැ.
එහෙම සතර මහා ධාතුයි කියල සිහි කලත් යහළුවා වගේම පෙනෙයි නම් තව ටිකක් පස්සට යන්න. හොඳයි, මම යහළුවා අල්ලන්න කියල ගියොත් ඒ රූපෙට අත දැම්මොත් ශරීරයේ අත වැදුනොත්, ඔලුවේ වැදුනොත් කෙස් ටික අහුවෙයි, කෙස් කියන්නේ පඨවි ධාතුව. හම අහුවෙයි කොතැනක හරි හම අහුවුනොත් හම පඨවි. මස් ටික අහුවෙයි කොතනැක හරි මස් කියන්නේ පඨවි. නහර වැල් අහුවෙයි පඨවි, ඇට කූරු අහුවෙයි පඨවි. ඕවනේ අහුවෙන්න තියෙන්නේ. අහුවෙන අහුවෙන තැන සතර මහා ධාතු ඒක මේ ධාතුව, ඒක මේ ධාතුව කියලා සතර මහා ධාතුව පෙන්වනවා යාළුවා කියල අල්ලගත්ත එක බොරුවක්. "සංඛාරා කදලුපමා" කියල කියන්නේ සංඛාරය කෙහෙල් කඳක් වගේ. අරටුවක් නැහැ.කෙහෙල් ගහ පතුරු ගහලා පතුරු ගහලා බැලුවොත් පතුරු ටිකක්ම තියෙයි මිසක අරටුවක් හම්බවෙයිද? නැහැ. 'යාළුවා' කියන සංඛාරය පතුරු ගහලා පතුරු ගහලා බලන්න හරයක් අරටුවක් හම්බවෙයිද, නතර වෙන්න තැනක් හම්බවෙයිද කියල? හම්බවෙන්නේ නැහැ. හිස්. ඒකට තැනක් හම්බවෙන්නේ නැහැ, භූමියක් හම්බ වෙන්නේ නැහැ.
ඔබ විමසන්නේ නැතිතාක් ඔබට ඇලෙන්න පුළුවන් යාලුවෙක්, ගැටෙන්න පුළුවන් යාළුවෙක්, ද්‍රෝහීකම් කරපු හතුරෙක්, උපකාර කරපු මිතුරෙක් හම්බවෙයි. නමුත් ඒ හතුරුකම්, ඒ මිතුරුකම් ඔක්කොම ටික ගෙවිලා යනවා මේ අවිද්‍යාව දුරු වෙනකොට. ඒ විතරක් නෙමෙයි අචේතනික වස්තුවක් සිහිවුනත්, අපි කියමු කුටිය කියන එක සිහිවුනා කියල, සිහිවෙනකොට ඔබ විමසීමක් නොකරන තාක් මනසේ තියෙන ගතිය කුටිය කියල බාහිර අවකාශ ධාතුව තුල රාශි වෙච්ච සතර මහා ධාතු රූපයක් පෙන්වයි. ඒ තාක් කුටියේ තියෙන හැඩ තලයන් වලින්, කුටිය හොඳ නැතිකමින්, කුටිය හොඳකමින්, සතුටු වෙන්න හෝ අසතුටු වෙන්න පුළුවන්. නමුත් හිත කුටිය කියල බාහිරේට නැමෙනකොට, නැහැ අවකාශ ධාතුව අහුරාගෙන සතර මහා ධාතුව රශිවෙලා තියෙන හැඩයනේ කියල පෙන්වනවා. හිත පිළිගත්තේ නැත්නම් කුටිය පරිහරණයට යන්න. දොර ඇල්ලුවොත් අහුවෙන තැන පඨවි, බිත්තිය ඇල්ලුවොත් පඨවි, උළුවස්ස අහුවුනා කිව්වොත් පඨවි. කණුවක් අහුවුණා කිවුවොත් පඨවි කියල ඕනෑම තැනක් ගත්තොත් සතර මහා ධාතුව පරිහරණය කරමින් කුටියක් පරිහරණය කරනවා කියල හිතාගෙන ඉන්නේ මේ.
පරිභෝජනයට ඉඩක් දෙන්න එපා. කාමය පරිහරණය කරන්න පුළුවන් නුවණින් විමසීමට නොපැමිණෙන තාක්ම. යම් වෙලාවක පරිහරණය කරන භාණ්ඩ නුවණින් විමසීමකට ලක් කලොත් භාණ්ඩ අවලංගු වෙනවා, ධර්මතාවය හෙළිවෙනවා. ඕකමයි අපි ප්රත්යවෙක්ෂාවේදී වුනත් කියන්නේ. "ධාතුමත්ත මෙවෙතං යදිදං චීවරං, තදුපභුඤ්ජකො ච පුග්ගලො ධාතුමත්තකො, නිස්සත්තො, නිජ්ජීවො, සුඤ්ඤො" මේ චීවරය කියන එක ධාතු මාත්‍රයක් ඒක පරිහරණය කරන පුද්ගලයා කියන තැනත් යතාර්ථය ධාතු මාත්‍රයක් සත්ව පුද්ගල ආත්මභාවයෙන් ශුන්‍යයයි. සේනාසනය වුනත් 'ධාතුමත්ත මෙවෙතං යදිදං සේනාසනං, තදුපභුඤ්ජකො ච පුග්ගලො ධාතුමත්තකො, නිස්සත්තො, නිජ්ජීවො, සුඤ්ඤො' ඒක පරිහරණය කරන පුද්ගලයත් ධාතු මාත්‍රයක් කියල කියන්නේ මේ භාවනාව. කෝප්පය හදිසියේ ගත්තොත් ක්ෂණිකව කෝප්පය කියන අදහසිනුයි ගත්තේ නමුත් අහුවෙන තැනට හිත ගෙනියනවා මේ පඨවි ධාතුව නේද කියල, අපිට මෙච්චර කල් පුටුව ඇල්ලුව හැකි නමුත් දැන් අල්ලන තැන පඨවි ධාතුවනේ කියල හැම තැනකම ධාතු ලක්ෂණය ප්‍රකට කරගන්න.
සිවුර ඇල්ලුවොත් මේ පඨවි ධාතුවනේ. සති සම්පජඤ්ය විතරයි ඕනේ. කකුලේ අඩිය තබන තබන ගානේ හැපෙන තද ගතිය කකුලට පොලවේ තියෙන තද ගතිය දැනෙනවා පඨවිය. හැඩ සටහන් වලට, බාහිර පෙනුමට හිත නොතබා කඳු, පල්ලම්, උස්මිටි තැන් දිග, රවුම්, හතරැස්, වටැස් මේ හැඩතල වලට හිත නොතබා හැම වස්තුවක්ම නුවණින් එකම පඨවි සංඥාවෙන් වඩන්න, එක්ම ආපෝ සංඥාවෙන් වඩන්න , එක්ම තේජෝ සංඥාවෙන් වඩන්න, එක්ම වායෝ සංඥාවෙන් වඩන්න. මේ විදිහට කලහම මේ කාමයට පවතින්න බැහැ. කාමය පැලවෙන එකම භුමිය සතර මහා ධාතුව. අපිට මේ ගතිය තාම තේරෙනවා අඩුයි නම් අපිට තව ටිකක් හොඳට පඨවිය කියන්නේ මොකක්ද, පඨවි ධාතුවේ ලක්ෂණය මොනවද, ආපෝ, තේජෝ, වායෝ වල ලක්ෂණය මොකක්ද කියල මේ විදිහට ඉගෙන ගන්න වෙනවා. ඔන්න ඔය විදහට සතර මහා ධාතුව හිත තබලා කාමයන්ගෙන් මනස මිදුනහම අකුසල ධර්මයන්ගෙන් මිදුනහම හිත සමාධි වෙනවා.
ඒ ඇතිවෙන ධ්‍යානයට එතකොට මේ ඇහැත් වෙනස්. තමන්ට හොයන්න පුළුවන්. මේ රූප මට්ටම ඇත්ත වෙන්නේ නැහැ. අවකාශ ධාතුවේ අද අපිට නොපෙනෙන රූපත් එයාට ප්රකටයි. කාම සංඥාව වෙනුවට ප්‍රථම ධ්‍යාන සංඥාව පහල වෙනවා. මෙන්න මෙතනට කියනවා රාගවිරාග චේතෝ විමුක්තිය කියල. ඔතනට ආපු කෙනා සම්පූර්ණයෙන් රාගය විරාග ස්වභාවයට පත්වෙලා ආස්‍රවයන්ගෙන් කෙලෙසුන්ගෙන් මනස මිදිලා එක්තරා මට්ටමක්. හිත සමාධි වුනහම ඉබේම ප්රකටයි එයාට මේ රූපය නිසා ස්පර්ශ ප්‍රත්‍යයෙන් හිතක වේදනා, සංඥා යෙදෙනවා කියන එක. ස්පර්ශය නිසා මේ වේදනා, සංඥා පහළවෙන බව ස්පර්ශයෙන් ඇතුල් පැත්තේ ගති ටික ප්රකටයි. ඒ කියන්නේ හොඳට නුවණක් තිබුනොත් අපිට කයට ලීයකින් ගැහුවොත් වේදනාව දැනෙනවා. අනේ මේ වටාපතේ ලී කෑල්ලයි මගේ අතේ වැදුනේ කියල අපි බාහිර රූපයක්නේ පෙන්වන්නේ. හිත සමාධි වුනහම මේ ස්පර්ශයෙන් ඇතුල් පැත්ත හොඳට පැහැදිලි. ස්පර්ශය නිසා මේ වේදනාවක්ම පහල වුනා කියල මිසක මේ වටාපතක් කයට හැප්පුනා කියන තැනකට එන්නේ නැහැ.
අසමාහිත මනසේ කාමරාග මනසේ ස්වභාවය තමයි බාහිර වස්තු ටික නිල කරලා තියෙන එක. ඒ කියන්නේ ලී කෑල්ලක් කයට වැදුනොත් ඒ ලී කෑල්ල කයට වැදුනහම කය තැලිච්ච තැන විඳිනවා මිසක ලී කෑල්ල විඳලා නැහැනේ. නමුත් අපි හිතන්නේ වේදනාව ආවේ මේ රූපේ ඇඟේ හැප්පෙනකොට කියලයි . ඒකයි යම් සවිඤ්ඤාණක හෝ අවිඤ්ඤාණක වස්තුවක් ඇඟේ හැප්පෙනකොට වේදනාවක් ආවොත් අපේ මෝඩකමට ඒ වේදනාව ආවේ මේ රූපෙන් කියන හින්ද තමයි අපි ඒ රූප හොයාගෙන යන්නේ. නමුත් රාග විරාග චේතෝ විමුක්තියේදී රූප ටිකේ ඇත්ත දැකලා හිත මිදුනොත් ඒ හිත මිදීම නිසා රූපය අතහැරිලාම යනවා. එදා ඉදලා මේ ස්පර්ශ ආයතන හයේ කුමන ආයතනයකට ගැටුනත් ස්පර්ශයෙන් ඇතුල් පැත්තේ ටික ප්රකටයි මිසක ඒ කියන්නේ කයට යමක් ගැටුනොත් ස්පර්ශය නිසා වේදනාව ආවා කියන තැනට නුවණයි මිසක ස්පර්ශයෙන් මෙහා පැත්තේ දේවල් හම්බවෙන්නේ නැහැ. ලී කෑලි හැප්පුනා, කටු කෑලි හැප්පුනා, කෝටු කෑලි හැප්පුනා කියල. ස්පර්ශය නිසා ඇතිවෙච්ච වේදනාව ගැන නුවණයි.
ස්පර්ශයට මේ කය උදව් වෙනවා තමයි. හැබැයි එයාගේ සංයෝජනය නැහැ ඒවාට. ඒවා නැහැ කියනවා නෙමෙයි. එයාට අදාල නැහැ ඒ කතාව. එයාගේ විපාකය තියෙන්නේ ස්පර්ශයෙන් ඇතුල් පැත්තේ ටිකක් අල්ලාගෙන එයාගේ ලෝකේ වෙලා තියෙන්නේ. අන්න ඒ ස්පර්ශය නිසා උපදින වේදනා, සංඥා, සංඛාර කියන මේ නාම ධර්මයන්ගේ එකක් හෝ පිරිසිඳ දැක්කොත් අවිද්‍යාව සම්පූරණයෙන් නැතිවෙනවා. ඒක වෙන්නේ නුවණින්, අවිද්‍යා විරාග පඤ්ඤා විමුක්තිය කියල කියනවා. මේ රූපය කලම දැකලා මිදුනා. ඊටපස්සේ නාම ධර්ම ටිකේ ඇත්ත දැකලා මිදුනා. මේ නාමරූප දෙකෙන් මිදුන දවසට විඤ්ඤාණයට ඨිතියක් නැහැ. මේ විඤ්ඤාණය සතර මහා ධාතු රූපේ පිහිටියාම කාම භවය. මේ විඤ්ඤාණය වේදනා, සංඥා, සංඛාරයන්ගේ පිහිටියාම රූප අරූප භවය. වෙන ගොඩ යන්න තැනක් නැහැ.
බුදුරජාණන් වහන්සේ පෙන්නුවේ යම්කිසි කෙනෙක් මේ ළාමක අකුසල ධර්මයෝ නිරවශේෂයෙන් නිරුද්ධ වේ නම් ඒ ඵල සමාධිය ඒ ඵල ප්‍රඥාව තියේ නම් තමා සන්තකව එහෙම නැතිනම් කෙනෙක් සතුව එයාගේ මේ ජීවිතයේ ගතිය මොන එකක් වුනත් මරණෙන් පස්සේ පිරිහීමක් වෙන්නේ නැහැ. මේ කාරණා ටික දන්නේ නැත්නම් එයාගේ ගතිය සුභ පැත්තට තිබුනත් අසුභ පැත්තට තිබුනත් අසුභමයි. ඒ නිසා පුද්ගලයෙක් තීරණය කරන්න එපා පුද්ගල සංඥාවෙන්. පුද්ගලයෙක් දකින්න එපා පුද්ගලභාවයෙන්. ඒ පුද්ගලයා ශ්‍රේෂ්ඨයි කියල පහදින්නත්, හොඳ නැහැ කියල අපහදින්නත් එපා. මෙන්න මෙහෙම ලෝකයට නොපෙනෙන ධර්ම ධාතුවක් තියෙනවා කියල බුදුරජාණන් වහන්සේ පෙන්නුවා. ඒ නිසා ඕගොල්ලොන්ටත් මතක් කරන්නේ බාහිර දෙයක් දැකපු පමණකින්, කෙනෙක් දැකපු පමණකින් අපහදින්න එපා, පහදින්නත් එපා.
පැහැදීම හෝ අපහැදීම ඇතිකරගන්න ධර්මයම මිම්ම කරගන්න, ධර්මයම ඉලක්කය කරගන්න. එතකොට තමන්ගේ ජීවිතය කලකිරෙන්න තැනක් නැහැ. පුද්ගලයෙක් වටා ගෙතෙන ශ්රද්ධාවත් බොහොම පටුයි. පුද්ගලයෙක් එක්ක බොහොම පැහැදීමෙන් ඉන්නකොට පුද්ගල අඩුපාඩුවකදී ක්ෂණිකව අපහදිනවා. නමුත් ධර්මය කෙරෙහි පැහැදීමක් ඇතිවෙන කෙනා අපැහැදීමක් වෙන්නෙම නැහැ. මම මේ පැහැදීමක් ඇතිවුනේ මේ ධර්ම පරියායයට. මේ ධර්ම පරියාය මට වටි. මේ ධර්ම පරියාය ජීවිතයයි කියන තැනකින්. ඒ නිසා ලෝකයා මනින මිම්මෙන්ම මනින්න හුරු නොවී මේ ධර්මය කියන තැනට හිත තබලා ජීවිතයේ හැම දෙයක්ම මනින්න හදාගන්න කියන එකත් මතක් කරනවා. අමාරු වුනත් අපහසු වුනත් දුකෙන් එතෙර වෙන්න තියෙන මාවත මේ විදිහටමයි තියෙන්නේ. අපි සසරේදී හුරු පුරුදු කරලා තියෙන ගතිය අඩු හින්දයි අපිට අමාරු.
හැබැයි 'නෙය්‍ය' කියල කියන්නේ මේවා එයාට දැනගත හැකියි. කල්‍යාණ මිත්‍ර ඇසුර ඇසුරු කරමින් ධර්මය අහමින්, අහන දේ නැවත නැවත හිතමින් හුරුපුරුදු කරලා නැවත නැවත මේවා දැනගත හැකියි. එහෙම දැනගෙන මේ සසර දුකෙන් මිදෙන්න පුළුවන්. ඉතින් ඒ සදහා තමන් දුබල නම් තමන් තේරුම් ගන්න ඕනේ අපි මෙච්චර දුබලයි, අපේ මේ දුබලකම දුරුකරන්න පුළුවන් දුරුවෙන තැනක් අපි ඇසුරු කරන්න ඕනේ. අපි දුබල බව දැන දැනත් තවත් දුබල බවට යන පරිසරයක් නෙමෙයි අපි තෝරාගන්න ඕනේ. අපිට තේරෙනව නම් මේ ටික මට තේරෙන්නේ නැහැ. හරිද වැරදිද කියල කෙනෙකුට බනින්න හෝ ඒ තැන අයින් කරලා යන්නවත් මම තාම දක්ෂ නැහැ. මේ කියන තැන මට ග්‍රහණය වෙන්නේ නැහැ, පෙනෙන්නේ නැහැ. එහෙනම් මම කරන්න ඕනේ මේක ග්‍රහණය කරන්න පුළුවන් තැනක් බලන්න.
බුදුරජාණන් වහන්සේ බෝසත් කාලෙම උත්තරයක් දුන්නා අපිට, "කිං කුසල ගවේසි, කිං සච්ච ගවේසි" සත්‍යය කුමක්ද, කුසලය කුමක්ද කියන එක හොයන්න මාලිගාවෙන් බැස්සා. බැහලා අනුක්රමයෙන් ආලාරකාලාම ලඟට ගියහම එයාගේ සමය මොකක්ද කියල හොඳට ඉගෙන ගත්තා, අහගත්තා. එයා තොල සොලවපු පමණකින්ම පාඩම් හිටින මට්ටමටත් ඉගෙන ගත්තා. ඊටපස්සේ ඔබගේ සමය ඔබගේ දර්ශනය කෙතෙක්ද කියනකොට ආකිඤ්චායතනය දක්වා කිවුවා. ඊට පස්සේ බෝසතාණන් වහන්සේ හොඳට ප්‍රයෝගික වුනා. කියන තැනම උපදවාගෙන වාසය කළා. තව තියෙනවද ඇහුවහම? නැහැ මෙච්චරයි. අහන පමණකින් නෙමෙයි කියන තැන දක්වාම උපදවාගෙන වාසය කරලා මේක නිවන වෙන්න බැහැ මේක උපධි සහිතයි කියල දැකලා එතැනින් ගියා. ඊටපස්සේ උද්දකරාම පුත්ත ගාවට ගිහින් ඉස්සෙල්ලා ඉගෙන ගත්තා. ඉගෙනගෙන නෙවසඤ්ඤානාසඤ්ඤායාතනය දක්වා හිත වැඩුවා. ඒ කියන තැන දක්වාම ගියා. දැනගත්තා විතරක් නෙමෙයි තමන් ඒ පෙන්වන තැනට ගියා.
මෙච්චරයි තියෙන්නේ කිවුවහම මේක නිවන වෙන්න බැහැ කියල ගියා. ඒ වගේ ඕගොල්ලොන්ටත් පුළුවන් නම් තියෙනවා ක්ෂේත්රයක් මේ මුළු කාම භවයේම යථාභූත ස්වාභාවය ස්කන්ධ මාත්‍රයක් එහෙම නැතිනම් සතර මහා ධාතුව පිරිසිඳ නොදකිනකම නිසයි අම්මා, තාත්තා, දුවා, පුතා,අයියා, අක්කා, රන්, රිදී, මුතු මැණික් කියන ටිකක් ඇසුරු කරගෙන ඕගොල්ලොන්ට දුක් විඳින්න තියෙන්නේ කියල මම පෙන්නුවා නම් සතර මහා ධාතුවට මෙන්න මේ විදිහට හිත තබලා බලලා සතර මහා ධාතුවෙන් මිදෙන්න පුළුවන් කියල මේ ටික පෙන්නුවා නම් ඕගොල්ලොන්ට තේරෙන්නේ නැත්නම් තේරෙන ක්‍රම ඉස්සෙල්ලම ඉගෙනගන්න. ඉගෙනගෙන ඒ කියන තැනට පැමිණ වාසය කරන්න බලන්නඑතනට ඇවිල්ලා මේ ක්‍රමය විමුක්තිය නෙමෙයි නම් යන්න පුළුවන්. නමුත් තියෙනවා ක්ෂේත්රයක්. අපි අහේතුකවයි යන්නේ නැත්නම්. අපි යන කාරණාව සාධාරණ නැහැ සහේතුක නැ
0 Comments