පාරිල්‍යෙක සූත්‍රය 3
පාරිලෙය්යක සූත්රය 3යම් විදිහකින් භවය කියන කාරණාව නොවුනේ නම්, ඔහුට 'ජාතිය' කියන කාරණාව නොහටගන්නා බවට යන දෙයක්, 'ජාතිය' වෙන්නේ නැහැ කියලා දකිනවා. ඒ ඒ සත්ත්වයන්ගේ ඒ ඒ සත්තව නිකායන්ගේ හටගැනීමක් ආත්ම සහගත දෘෂ්ටි සහගත සංකල්පනාවක පැවැත්මක් පෙනෙන්නේ නැති බව ඔහුට දකින්න පුළුවන් වෙනවා.උපාදානය නම් දැඩිව ග්රහණය කිරීම තිබුනේ නැතිනම් භවය කියලා දෙයක් පනවන්න පුළුවන්කමක් නැහැ. මෙන්න මේ විදිහට ඔහුට පෙනෙනවා අවිද්යා, තෘෂ්ණාදි මේ ධර්මයන්ගේ ප්රතිඵලයක් විදිහට, පටිච්චසමුප්පන්න ධර්මයක් විදිහට, කර්ම ටිකක් සහ කෙලෙස් ටිකක් නිසා ඇතිවුන ප්රතිඵලය තමයි මෙබඳු තෘෂ්ණා සහගත (තෘෂ්ණා ප්රත්යයෙන් උපදවපු) මේ ආත්ම දෘෂ්ටියයි නම් මේ මනසිකාරය කියන එක ඔහුට දකින්න පුළුවන්කම තියෙනවා.~~ තණ්හාවත් අනිත්යයි, සංඛතයි, පටිච්චසමුප්පන්නයි ~~ඒ දර්ශනය දැක්කත් ඔහුට එයම ආශ්රව ධර්මතාවයන් ක්ෂය බවට පත්කර ගන්න පුළුවන්කම තියෙනවා. ''සාපි තණ්හා අනිච්චා සඞ්ඛතා පටිච්චසමුප්පන්නා'' - තණ්හාවක් තිබුනා නම්, ඒ තණ්හාව අනිත්යයි, සංඛතයි, පටිච්චසමුප්පන්නයි.එතකොට ඔහු දකිනවා සංස්කාරය ඇති කරලා දෙන්න, ආත්මදෘෂ්ටිය පවත්වන්න හේතු වුනේ ධර්මතා විෂයන් බොහෝමයකින් හැදුන වේදනාව පිළිබඳව පවත්වපු තණ්හාවයි කියන එක ඔහුට පෙනෙනවා. ඒ තෘෂ්ණාවත් එක දිගට පවතින දෙයක් නෙවෙයි. ඒ තෘෂ්ණාවත් අනිත්යයි, සංඛතයි, පටිච්චසමුප්පන්න දෙයක්. ඇයි ඒ? එයාට පෙනෙනවා තෘෂ්ණාව ඇති කරගත්තේ කෙබඳු වූ ධර්මතාවයක් විෂයේ ද කියලා.තෘෂ්ණාව ඇතිකර ගත්තේ මෙබඳු වූ හේතුඵල දහමක් පවතින තැනක, හටගෙන නිරුද්ධවෙලා යන ධර්මතා ටිකක් තියෙන තැනක, හේතු නිසා සකස් වුන තැනක. ඔහුගේ ඒ තෘෂ්ණාව පනවන්නට, පවත්වන්නට හේතු ටිකක් පෙනෙන්නේ නැහැ. තෘෂ්ණාව කියන තැනින් අල්ලා ගත්තහම, අපි 'අම්මාට කැමති' කියන තැන පිළිබඳව අරගෙන ගිහිල්ලා බලනකොට අපිට පෙනෙනවා මෙතන තියෙන අනිත්ය ධර්මය පිළිබඳව.අම්මාට ආදරේ කියන ඒ තෘෂ්ණා සහගත සංකල්පනාව පිළිබඳව මනසිකාරය පවත්වනකොට අපිට පෙනෙනවා, මේ තණ්හාව පවත්වන්න තැනක් නැති බව. ඇයි? රූපය 'අම්මා' නෙවෙයි නම්, තමන්ගේ හිතේ ඇතිවුනු වේදනාවද 'අම්මා'? එහෙමත් නැතිනම් තමන්ගේ හිතේ ඇතිවුන සඤ්ඤාවද 'අම්මා'? එහෙමත් නැතිනම් තමන්ගේ හිතේ ඇතිවුනු සංස්කාරයද 'අම්මා'? විඤ්ඤාණයද 'අම්මා'?මේ එකක්වත් 'අම්මා' නෙවෙයි නම්, මේ ටිකෙන් තොරව 'අම්මා' හිටියේ නැත්තම් මේ ස්කන්ධ ටික 'අම්මා' නොවේ නම් එහෙනම් 'අම්මා' ඇතිවුනේ කොහොමද? එතකොට එයාට පෙනෙනවා, මේ මේ ධර්මතා ටිකේ එකතුව තමයි 'අම්මා' කියන දේ උපදවලා තියෙන්නේ. මම අම්මාට තණ්හා කරනවා, ආදරේ කියලා, කැමති කියලා කිව්වේ එහෙනම් මෙබඳු වූ අනිත්ය වෙලා යන ධර්මතා ටිකකටයි මේ තණ්හාව පවත්වලා තියෙන්නේ කියලා එයාට පේනවා.එතකොට එයාට පෙනෙනවා, ඒ එක එක 'අම්මා' නොවන ධර්මතා ටිකක පැවැත්මක්, සත්තව පුද්ගල භාවයකින් තොරයි කියන අනාත්ම සංකල්පනාවක් ප්රකට වෙනවා. ඒ තණ්හාව, අනිත්ය ධර්මයක් සංඛත ධර්මයක්, ඒවගේම අවිද්යා සංස්කාරාදි ධර්මයන්ගෙන් උපද්දලා දුන්න පටිච්චසමුප්පන්න ධර්මයක් ලෙස පෙනෙනවා.අවිද්යාව නිසා රැස්කරපු කර්මයකට තණ්හා උපාදාන භව කියන කෙලෙස් ටිකක් එකතු කරපු නිසා තමයි ඒකේ ප්රතිඵලය 'අම්මා වූ රූපයක් ඇතිකරලා දුන්නේ' කියලා ඔහුට ඒ තෘෂ්ණාවට තියෙන ඉඩකඩ නැති කරලා දානවා ඒ දැක්ම තුළ ඉඳලා.~~ වේදනාව අනිත්යයි, සංඛතයි, පටිච්චසමුප්පන්න යි ~~වේදනාව කියන ධර්මය තිබුනා නම් ඒ වේදනාව අනිත්ය දෙයක්, සංඛත දෙයක්, පටිච්චසමුප්පන්න දෙයක්. වේදනාව කියන දේ 'අම්මා' දැකීම නිසා ඇතිවෙන සැප සහගත වේදනාවක් තිබුනා නම් ඒ වේදනාවට නේ අපි තණ්හා කරන්නේ. එතකොට තණ්හාව ගැන බැලුවා. එයාට පෙනෙනවා, තණ්හාව කියන දේ ඇතිවුනේ වේදනාව නිසායි. ඒ සැප වේදනාව කියන දේ නිකම් ඇතිවුන දෙයක් නෙවෙයි.ඒ සැප වේදනාව කියන දේ අනිත්ය ධර්මයක්, වේදනා ස්කන්ධයක්. ඒ වේදනාස්කන්ධය අම්මාගේ වෙලා නැහැ. ඒ වේදනාව සංඛතයි, හේතු නිසා හැදිලා තියෙන දෙයක්, පටිඝ හා අධිවචන සම්ඵස්සය ආදී අනාත්ම ධර්මතා ටිකක් ඇති තැනක අවිද්යා සංස්කාරයෙහි යෙදීම නිසා තමයි ඒ වේදනාව පිළිබඳව තණ්හාව පවත්වන්නට පුළුවන්කම තිබුනේ කියලා එයා දකිනවා. ඒ පටිච්චසමුප්පන්න ධර්මය පිළිබඳව ඒ දැක්ම නිසා ඒ කෙනාට වේදනාව පනවන්නට තැනක් නැතුව යනවා. ඒ කියන්නේ අවිද්යා සංස්පර්ශය නිසා ඉපුදුනු වේදනාවට තැන නැති වෙනවා.~~ ස්පර්ශය ද අනිත්යයි, සංඛතයි, පටිච්චසමුප්පන්න යි ~~ඒ කෙනාට, ''සොපි ඵස්සො අනිච්චො සඞ්ඛතො පටිච්චසමුප්පන්නො'' යම්කිසි ස්පර්ශයක් තිබුනා නම් ඒ ස්පර්ශය අනිත්යයි, සංඛතයි, පටිච්චසමුප්පන්න දෙයක්. එතකොට මෙතනදී ස්පර්ශයයි කියන එකෙන් අදහස් කරන්නේ අවිද්යාව නිසා ගෙනල්ලා දුන්න ස්පර්ශය කියන එක.අපි ඒක රළු මට්ටමෙන්ම කිව්වොත්, 'අම්මාව ස්පර්ශ වුනා කියන මට්ටම', 'අම්මාව දකින්න පුළුවන් කියන මට්ටම', 'අම්මාව දැනගන්න පුළුවන්', 'අම්මාව විඳින්න පුළුවන්' කියන මේ මට්ටමට කියනවා අවිද්යාව නිසා උපද්දවපු සංස්පර්ශය කියලා. මේ අපි කලින් කතා කරපු පටිඝ සම්ඵස්සයවත් අධිවචන සම්ඵස්සයවත් නෙවෙයි. මොකද පටිඝ සම්ඵස්සය ඇතුළේ 'අම්මා' නැහැ. අධිවචන සම්ඵස්සය ඇතුළේ 'අම්මා' නැහැ.එතකොට මේ ටිකේ තියෙන දේ මොකක්ද? මේ ටිකේ ඇතුළේ පවතින දේ තමයි අර විදිහට අනාත්ම ධර්මතා ටිකක්. මෙතන ස්පර්ශ කියන දෙයින් අදහස් කරන්නේ අවිද්යාව නිසා ගෙනල්ලා දුන්න 'අම්මාම දැක්කා කියලා' ඇති කරගන්න ඒ මනසිකාරය ''අවිද්යා සංස්පර්ශයයි'' කියලා කියන්නේ ඒකට.ඒ අවිද්යා සංස්පර්ශයක් තියෙනවා නම් ඒ අවිද්යා සංස්පර්ශය අනිත්ය දෙයක්. එතකොට අවිද්යා සංස්පර්ශය කියන දෙයට නැතිනම් ස්පර්ශයට තැනක් නැහැ. වේදනාව ඇතිවුනේ ස්පර්ශය නිසානේ. අම්මා නිසා සතුටු වෙන්න පුළුවන්කම තිබුනේ, අම්මා නිසා සැප වේදනාවක් ඇතිවුනේ, ඒක අවිද්යා සංස්පර්ශය නිසායි. ඇයි? 'අම්මා නොවුනු ධර්මතා ටිකක්' අම්මා විදිහට පෙන්වලා දෙන එකට කියනවා මෝඩකම එහෙමත් නැතිනම් අවිද්යාව කියලා.ඒ අවිද්යාවේ ප්රතිඵලය තමයි 'අම්මාව දකින්න පුළුවන්' කියලා ඇතිකර ගත්ත දෘෂ්ටිය. අන්න ඒ සැප සහගත ස්පර්ශය නැතිනම් අන්න ඒ සැප වේදනාව ඇති කරන්න හේතු වුනු ස්පර්ශය අනිත්යයි.• ඇයි ඒ ස්පර්ශය අනිත්යයි කියන්නේ?ඒ ස්පර්ශය ඉපැද්දුවේ මෙන්න මේ ධර්මය නොදන්නාකම නිසා. කුමන ධර්මයක නොදන්නාකම ද? එතන පැවතුන යථාභූත ධර්මය. ඒ අවිද්යාව කියන එක හේතුවුනා මේ අවිද්යා ස්පර්ශය හදලා දෙන්න. කුමක පවතින අවිද්යාවක්ද හේතු වුනේ? විපාක ධර්මතා ටික: (විඤ්ඤාණ, නාමරූප, සළායතන, ඵස්ස, වේදනා) කියන මේ විපාක ධර්මතා ටික පිළිබඳව.තව විදිහකින් කියනවා නම් පටිඝ සම්ඵස්සය සහ අධිවචන සම්ඵස්සය. තව විදිහකින් කියනවා නම් විපාක නාමරූප ධර්මතා ටික පිරිසිඳ නොදන්නාකම නිසා ඇතිවුන දෙයක් තමයි මෙන්න මේ අවිද්යා ස්පර්ශය කියන එක.• මේ ස්පර්ශය, 'අම්මාව දකිනවා' කියන සිදුවීම කිසි විටකත් විපාක ධර්මතා කියන කාරණාවකටවත් අයිති නැති බව කරුණු විමසීමෙන් ඔහුට පෙනී යනවා. ඒ නිසා ඔහුට පෙනෙනවා, හේතු නිසා නම් මේ අවිද්යා සහගත ස්පර්ශය සකස් වුනේ, ඒ ස්පර්ශය හේතු නැතිවෙනකොට නැතිවෙලා යනවා. එහෙනම් ඒ ස්පර්ශය සංඛතයි, ඒ ස්පර්ශය අනිත්යයි පටිච්චසමුප්පන්න ධර්මයක්.~~ අවිද්යාව ද අනිත්ය, සංඛතයි, පටිච්චසමුප්පන්න යි ~~''සාපි අවිජ්ජා'' ස්පර්ශය ඇතිකරලීමට හේතුවුන යම් අවිද්යාවක් තිබුනා නම් ඒ අවිද්යාව අනිත්යයි, ඒ අවිද්යාව සංඛතයි, ඒ අවිද්යාව පටිච්චසමුප්පන්නයි. ඒ අවිද්යාව සංඛතයි කියලා කිව්වේ, ඒ අවිද්යාව නිකම්ම ඇතිවුන දෙයක් නෙවෙයි, හේතු නිසා සකස්කළ දෙයක්. අනිත්යයි කිව්වේ හේතු නැතිවෙනකොට ඒ අවිද්යාව බිඳී යනවා. ඒවගේම ඒ අවිද්යාව පටිච්චසමුප්පන්නයි.හේතු නිසා හේතුඵල දහමක පැවැත්මක්. එතකොට ඒ අවිද්යාව පිළිබඳව ඔහුට පෙනෙනවා, විඤ්ඤාණ නාමරූප සළායතන ඵස්ස වේදනා කියන මේ විපාක ධර්මතා ටික පිළිබඳව පවත්වපු නොදන්නාකම, මෝඩකම, අවිද්යාව නිසා තමයි කර්ම රැස්කිරීමක් තිබුනේ. කර්ම රැස්කර ගත්ත නිසා තමයි ඒ පිළිබඳව තණ්හාවක් උපදවාගෙන, ඒ පිළිබඳව උපාදානය බැසගෙන, භවය සකස් කරගෙන පුද්ගලයෙකු සකස් කරගන්න තැනට සංස්කාරය මුහුකුරා ගියේ කියලා.එතකොට මෙන්න මේ දැක්ම දකිනකොට, ''එවම්පි ඛො භික්ඛවෙ ජානතො එවං පස්සතො අනන්තරා ආසවානං ඛයො හොති'' මෙන්න මේ විදිහට දකින කෙනාට, මේ විදිහට දැනගන්න කෙනාට කාරණා දෙකක් කියනවා මෙතනදී:– මෙසේ දැනගන්න කෙනාට (එවං ජානතො),– මෙසේ දකින කෙනාට (එවං පස්සතො)ඔහු මෙසේ දැනගන්නවා සහ මෙසේ දකිනවා. එබඳු කෙනාට ඒ දර්ශනයට අනතුරුවම ආශ්රව ධර්මතා ටික ක්ෂය වෙනවා (අනන්තරා ආසවානං ඛයො හොති).~~ කොහොමද ආශ්රව දුරු වෙන්නේ ~~මේ කාරණාවේදී ඔහු එකම කාරණාවක් දැක්කත් ප්රමාණවත්. ඒ කියන්නේ, සංස්කාරය කියන එකේ එක්කෝ අනිත්යතාවය හෝ සංඛත බව හෝ පටිච්චසමුප්පන්න බව දැක්කත් ඒකත් ප්රමාණවත්. අනිත්යතාවය දකිනවා කියනකොටම, ඒ තුල සංඛත බව, පටිච්චසමුප්පන්න බව අන්තර්ගතයි. සංඛත බව දකිනවා කියනකොටම අනිත්ය බව සහ පටිච්චසමුප්පන්න බව අන්තර්ගතයි. පටිච්චසමුප්පන්න බව දකිනවා කියනකොටම අනිත්ය සංඛත බව ඒ කාරණාව තුළ අන්තර්ගතයි.මෙන්න මේ එකම සංස්කාරය දකිනවා කියනකොට, ඔහු සංස්කාරය පිරිසිඳ දකින්නේ ඒ සංස්කාරය ඇති කිරීමට හේතුවුන ඒ සියලුම හේතු ටිකක් එක්ක. ඒ කියන්නේ ඒ සංස්කාරය නැතිනම් ආත්ම දෘෂ්ටි සහගත ඒ දිට්ඨි කෙලේසය ඇති කරන්නට හේතුවුන, තමන්ගේ හිතේ තෘෂ්ණාව තියෙනවා නම් තෘෂ්ණාවට, වේදනාවට, වැරදි සහගත වූ අවිද්යා සංස්පර්ශයට, අවිද්යාවට කියන මෙන්න මේ ධර්මතා ටිකටම පදනම නැතිකරන තැනට යනකම්ම ඔහු දකින නිසා තමයි ඔහුට සංස්කාරයේ ඇත්ත දකින තැනින් කෙලෙස් දුරුවෙන්නේ.ඒ සංස්කාරය දකිනවා කියන්නේ, අර ධර්මතා පෙළ ඔස්සේ ඒ සංස්කාරය හටගත්තේ කොහොමද කියලා ඔහු අවබෝධ කරගන්නවා කියන එක. ඒ ටික අවබෝධ කරගත්තොත් විතරයි ඔබ සංස්කාරයකට තැනක් නොදෙන්නේ. නැතිනම් හැම වෙලාවකදීම ඒ සංස්කාර නිමිත්ත ඔබ නැවත රැස් කරගැනීම සඳහා රැස් කරගත්ත දෙයක් බවට පත්කරගෙන තියෙනවා.ඒ රැස්කර ගත්ත බව නිසා දැකපු අය නැවත දකින්න පුළුවන්, ඇසුරු කරපු අය නැවත ඇසුරු කරන්න පුළුවන්, ඒ අය ලෝකය තුළ ජීවත්වෙන අය බවට ඔබට හිතෙන්නේ. ඒ කියන්නේ දකිනකොටම, මේ අහවල් පුද්ගලයා, මේ රූපය ආත්මයක්ය කියලා බැසගන්නා වූ දෘෂ්ටිය, දැක්ම ඔහුට පවතිනවා. මෙන්න මේ විදිහේ ඇතිකර ගත්ත වැරදි සහගත සංකල්පනාව, වැරදි සහගත දෘෂ්ටිය නිසා කෙනෙකු සසර ගමනේ යනකොට අර විදිහේ නිවැරදි දැක්මක් උපදවා ගත්ත කෙනා සසර ගමන නැති කරන්න ඒ මඟ වඩපු කෙනෙක් බවට පත්වෙනවා.~~ ආත්මය රූපවත් කොට දකින සංස්කාරය ~~''න හෙව ඛො රූපං අත්තතො සමනුපස්සති. අපිච ඛො රූපවන්තං අත්තානං සමනුපස්සති'' තව කෙනෙක් ඉන්නවා. එයා රූපය ආත්මවත්කොට කියලා කල්පනා කරන්නේ නැහැ (න හෙව ඛො රූපං අත්තතො සමනුපස්සති). නමුත් රූපවත් වූ ආත්මයක් දකිනවා (රූපවන්තං අත්තානං සමනුපස්සති). ඒ කියන්නේ, ආත්මය රූපවත්කොට දකිනවා. රූපවත්වෙලා තියෙන දෙයක් තමයි මේ ආත්මය කියලා කියන්නේ. එතකොට 'ආත්මය රූපවත්' කියලා කියන්නේ,• භවයෙන් භවයට යන ආත්මය කියලා එකක් තියෙනවා,• ඒ පවතින ආත්මය මේ ජීවිතයේදී මෙබඳු රූපයක් බවට පත්වෙලා තියෙනවා.• ඒ ආත්මය වෙනම තියෙන දෙයක්,• ඒ තියෙන, පවතින ආත්මය මෙබඳු රූපයකින් යුක්තයි කියලා ඇතිකර ගත්ත දෘෂ්ටියක් ඔහුට ඇතිවෙනවා.බුදුරජාණන් වහන්සේ ඒකත් අර කතා කරපු පර්ය්යායෙන්ම දේශනා කරනවා,- ''යා ඛො පන සා භික්ඛවෙ සමනුපස්සනා සඞ්ඛාරො සො''ඒ සමනුපස්සනාවක් (සංකල්පනාව) තිබුනා නම් ඒක අභිසංස්කරණය කරන ලද සංස්කාරයක්.- ''සො ඛො පන සඞ්ඛාරො කින්නිදානො කිංසමුදයො කිඤ්ජාතිකො කිම්පභවො'' ඒ සංස්කාරය කුමක් නිදානකොට, සමුදයකොට, ජාතියකොට, ප්රභවකොට පවතින දෙයක්ද?'අවිජ්ජා සම්ඵස්සජෙන භික්ඛවෙ වෙදයිතෙන ඵුට්ඨස්ස අස්සුතවතො පුථුජ්ජනස්ස උප්පන්නා තණ්හා තතොජො සො සඞ්ඛාරො'' අර කතාකරපු විදිහටම, අවිද්යා සංස්පර්ශය නිසා එයින් ස්පර්ශ කරපු කෙනාට හෙවත් අශ්රැතවත් පෘථග්ජනයාට ඉපදුනු තණ්හාවක් තිබුනා නම් ඒ තණ්හාව නිසායි එබඳු සංස්කාරයක් උපදින්නේ .එතකොට රූපවත් වූ ආත්මයක් කොට කල්පනා කරනවා නම් හෝ නැත්නම් 'ආත්මය රූපවත් වූවක් කොට' කල්පනා කරනවා නම් ඒ ආත්මය රූපවත් වූවක් ලෙස කල්පනා කරන ඔහුට එයද පවතින්නේ අර විදිහටම වැරදි සහගත දැක්මක් නිසා. යම්කිසි කෙනෙක් ඒ සමනුපස්සනාව නැති කරන්න නම්, ඒ සමනුපස්සනාව ඇති වුන හැටි එකිනෙකට එකිනෙකට මෙනෙහි කරකර යන්න පටන්ගත්තොත් ආපහු මුලට, අන්න ඔහුට අර ඉස්සෙල්ලා කතා කරපු පෙළ අනුවම දකින්න පුළුවන්කමක් තියෙනවා. ඒ විදිහට දකින කෙනාට තමයි ආශ්රව ධර්මතා ටික ක්ෂය කරගන්න පුළුවන්කම තියෙන්නේ.~~ ආත්මය කෙරෙහි රූපය ලෙස දකින සංස්කාරය ~~''න හෙව ඛො රූපං අත්තනො සමනුපස්සති'' එයා රූපය ආත්මවත්කොට දකින්නෙත් නැහැ.''න රූපවන්තානං අත්තානං සමනුපස්සති'' ආත්මවත් වූ රූපයක් දකින්නෙත් නැහැ.''අපිච ඛො අත්තනි රූපං සමනුපස්සති'' ඒ වුනාට ඒ කෙනා දකිනවා, රූපය කියන එක ආත්මය කෙරෙහි පවතින දෙයක්. ‘අත්තනි’ කියලා කියනවා, ‘අත්ත ’ශබ්දයෙහි සත්තමි විභක්තියේ (යම්කිසි තැනක පිහිටා සිටිනවා කියන අර්ථයෙන්). එතකොට ‘අත්තනි’ කියන පදයෙන් කියන්නේ, ‘ආත්මය කෙරෙහි’ කියන අර්ථය. රූපය කියන එක ‘ආත්මය කෙරෙහි’, ‘ආත්මයෙහිලා’ පවතින දෙයක් හැටියට.රූපය කියන එක වැඩකට නැති දෙයක් තමයි. හැබැයි, රූපය කියන එක තියෙන්නේ ආත්මය මත පිහිටලා. ආත්මයෙහි තමයි රූපය තියෙන්නේ කියලා කෙනෙකුට දෘෂ්ටියක් ඇතිවෙනවා.‘අත්ත’ කියන වචනය හා බැඳුණු, "මෙතනදී ආත්මය කිව්වොත් වැරදියි" කියලා විවිධ අර්ථකථන සපයන දෘෂ්ටි සහගත මතයන් ඇත්තන්ට මෙබඳු දේවල් හොඳ පිළිතුරක් සයනවා. මොකද, අත්ත කියන එක, අත්ත ශබ්දය නැතිනම් ආත්ම ශබ්දය තමයි අර්ථ ගන්වන්නේ. එහි සත්තමී අර්ථය තමයි අත්තනි (ආත්මය කෙරෙහි) කියන අර්ථයක් තමයි ප්රකට කරන්නේ.ඒ රූපය ආත්මයෙහිලා, ආත්මය කෙරෙහි පිහිටි දෙයක් ලෙස කල්පනා කරනවා. රූපය කියන එක ආත්මයක් නෙවෙයි. ඒ වගේම ආත්මවත් වූ දෙයකුත් නෙවෙයි. නමුත්, මේ රූපය ආත්මය කෙරෙහි, ආත්මයෙහි තමයි මේ රූපය පිහිටලා තියෙන්නේ කියලා දෘෂ්ටියක් ඇතිකර ගන්නවා. එබඳු සමනුපස්සනාවක්, සංස්කාරයක්, මෙනෙහි කිරීමක් තියෙනවා නම් ඒ සමනුපස්සනාව සංස්කාරයක් යැයි කියනවා.ඒ සංස්කාරය ඇතිවෙන්නේ අවිජ්ජා සම්ඵස්සයෙන් උපන් වේදනාවට. අශ්රැතවත් පෘථග්ජනයා තණ්හා කරලා, තණ්හාව නිසා තමයි මේ සංස්කාරය උපදින්නේ. එයද අර විදිහටම, අනිත්ය බව, පටිච්චසමුප්පන්න බව, සඞ්ඛත බව දකිනවා නම් ඒ අනිත්ය බව, පටිච්චසමුප්පන්න බව, සඞ්ඛත බව දැකීම තුළ ඔහුට ඒ සියලු කෙලෙස් නැති කරගන්නට පුළුවන්කමක් තියෙනවා.~~ රූපය කෙරෙහි ආත්මය පවතින ලෙස දකින සංස්කාරය ~~ඒවගේම ඒ කෙනා -• රූපය ආත්මවත්කොට දකින්නෙත් නැහැ. (න හෙව ඛො රූපං අත්තතො සමනුපස්සති),• ආත්මය කියන එක රූපවත්කොට දකින්නෙත් නැහැ. (න රූපවන්තං අත්තානං සමනුපස්සති),• ආත්මය කෙරෙහි රූපය තියෙනවා කියලා දකින්නෙත් නැහැ. (න අත්තනි රූපං සමනුපස්සති),• හැබැයි, රූපය කෙරෙහි ආත්මය පිහිටා සිටිනවා කියලා හිතනවා. (අපිච ඛො රූපස්මිං අත්තතො සමනුපස්සති),රූපය තියෙනවා, රූපය කෙරෙහි, රූපය මතුපිට, රූපය අනුව තමයි ආත්මය පවතින්නේ කියලා එයාට දෘෂ්ටියක්, දැක්මක් තියෙනවා. ඒ දැක්ම අනුව එයා හිතනවා රූපය මත ආත්මය පිහිටා සිටිනවා කියලා.මෙන්න මෙබඳු දෘෂ්ටියක් ඇතිවෙන්නේ කුමක් නිසාද ?"අවිජ්ජාසම්ඵස්සජෙන භික්ඛවෙ, වෙදයිතෙන ඵුට්ඨස්ස අස්සුතවතො පුථුජ්ජනස්ස උප්පන්නා තණ්හා තතොජො සො සඞ්ඛාරො".- අවිද්යා සංස්පර්ශයෙන් උපන් වේදනාවෙන් ස්පර්ශ කරපු අශ්රැතවත් පෘථග්ජනයාට ඉපදුනා වූ තණ්හාව නිසා තමයි මෙබඳු සමනුපස්සනාවක් පෙනෙන්නේ.ලෝකය තුළ නොයෙක් වාද විවාද අපිට පුද්ගලභාවය තුළ ඉඳලා කතා කරන දේවල් කොතෙක් දක්නට ලැබුණත්, අපිට මේවායේ තියෙන ප්රතිඵල හැටියට පෙනෙන්නේ මෙන්න මේ අවිද්යා සංස්පර්ශය නිසා උපදවපු, ඒ වේදනාවෙන් ස්පර්ශ කරපු කෙනෙකුට තණ්හාව ඇතිවෙලා, තණ්හාව නිසා ලැබුණු දෙයක ප්රතිඵලයක් විදිහට.කෙනෙක්, මෙතනින් මැරිලා ගිහිල්ලා මේ ආත්මය තවදුරටත් යනවා, එහෙම නැතිනම් සදාකාලික ආත්මයක් බවට පත්වෙනවා, එහෙමත් නැතිනම් මේ ආත්මය තියෙනවා හෝ ආත්මය නැහැ හෝ මෙබඳු ඔනෑම දෘෂ්ටියක් ගැන කතා කරනවා නම්, එහෙම නැතිනම් අවුරුදු පනහක්, හැටක් ජීවත්වෙලා අපි මෙතනින් මැරිලා යනවා, ආයේ ඉපදීමක් හෝ ආපු තැනක් හෝ නැහැ යි කියලා භෞතිකවාදි හැඟීමක හෝ වාසය කරනවා නම්, ඒ කුමක් නිසා හටගත්ත දෙයක්ද?ඔහුට නොදන්නාකම නිසා ඉපදුනු අවිද්යා සංස්පර්ශයෙන් උපන්න වේදනාව ස්පර්ශයෙන් ඇතිවුන තණ්හාව නිසා උපන්න සංස්කාර ධර්මයෝ නිසා ඇතිවුන දෙයක්.- ඇහැට පෙනෙන රූපයේ යථාභුත ස්වභාවය පිළිබඳව ඔහු දන්නේ නැහැ,- ඇහේ යථාභුත ස්වභාවය පිළිබඳව ඔහු දන්නේ නැහැ,- නාම ධර්මතා ටිකේ යථාභුත ස්වභාවය පිළිබඳව ඔහු දන්නේ නැහැ .තව විදිහකට කිවහොත්,- පටිඝ සම්ඵස්සය හා අධිවචන සම්ඵස්සය ගැන දන්නෙත් නැහැ.- නාමය හා රූපය ගැන දන්නේ නැහැ.මෙන්න මේ නොදන්නා මෝඩකම නිසා තමයි ඔහුට එබඳු වූ මෝඩකමින් උපද්දපු සැප සහගත බව හෝ දුක් සහගත වේදනාවක් ඇතිවුනේ. එබඳු වේදනාවක් ඉපදුනු කෙනාට තමයි තෘෂ්ණාවක් ඇතිවුනේ. තෘෂ්ණා සහගත සංකල්පනාවකින් ඒ ඇසුරු කරන කෙනාට තමයි පුද්ගලයෙක්ය, ආත්මයක්ය කියලා ආත්මයක් තියෙනවා (සාස්වත) හෝ ආත්මයක් නැහැ (උච්ඡේද) ආදී ඒ දෘෂ්ටි සහගත භාවය පවත්වන්නට පුළුවන්කම තියෙන්නේ.එතකොට මෙන්න මේ විදිහට ඕනෑම කෙනෙකුට යම් දෘෂ්ටි සහගත බවක් තියෙනවා නම් ඒ මනසිකාරය හටගත්ත ආකාරය පිළිබඳව දකිනකොට, ඒ හටගත්ත ආකාරය දකින ඔහුට අර ස්කන්ධ ධර්මතාවයන්ගේ යථාර්ථය ප්රත්යක්ෂ කරන්නට පුළුවන්කම තියෙනවා.ස්කන්ධ ධර්මයන්ගේ යථාර්ථය ප්රත්යක්ෂ කරන ඔහුට අර කෙලේසයන් උපදවන, කෙලේසයන් ගෙනල්ලා දෙන දරථ සහිත මනෝභාවයන් උපදින්නේ නැතුව යනවා. ඉතින් මේ විදිහට, රූපය පිළිබඳව හතර ආකාරයකින් කතා කළා වගේම, ඊළඟට වේදනාව, සඤ්ඤාව, සංස්කාරය, ඒවගේම විඤ්ඤාණය පිළිබඳවත් මේ ආකාරයන්ගෙන්ම කතා කරනවා. අපි ඒකට හඳුන්වනවා විසි ආකාර සක්කායදෘෂ්ටිය කියලා .මතු සම්බන්ධයිඅතිපූජනීය කොත්මලේ කුමාරකස්සප ස්වාමින් වහන්සේ විසින් 2020.09.05 දින පාරිලෙය්යක සූත්රය ඇසුරෙන් සිදු කරන ලද ධර්ම දේශනාව ඇසුරෙන් පිටපත් කිරීමකි.
0 Comments