විභජ්ජවාද
දෙවන දේශනාව:10
ආශ්‍රව දුරු කරගත්ත, අනාශ්‍රව රහතන්වහන්සේට සාශ්‍රව රූපය කවදාවත් හමුවෙන්නේ නැහැ.
එහෙම කිව්වාහම, කෙනෙක් අහන්න පුළුවන් රහතන්වහන්සේ පිණ්ඩපාතේ යන්නේ? රහතන්වහන්සේ රූප බලන්නේ? බුදුරජාණන්වහන්සේගේ පාදය තුවාලවෙලා, බුදුරජාණන්වහන්සේට දුක් වේදනාව ඇතිවුනේ? කියන තැනකින් කෙනෙකුට හිතන්න පුළුවන්කම තියෙනවා.
මේ කතාකරන්නේ, රූපය පරිහරනය කරන්නේ නැහැ කියලා, කෙනා කෙනාගේ හිතේ ඥාන දර්‍ශනය පැත්තෙන් මිසක, මේ භෞතික පැත්තෙන් නෙවෙයි. අපට රහතන්වහන්සේගේ ඇහැ ඇහැක් වුනාට, රහතන්වහන්සේට ඒ ඇහැ ඇහැක් වෙලා නැහැ. ඒ වගේම අපට රහතන්වහන්සේගේ කය කයක් වුනාට, බුදුරජාණන්වහන්සේට හෝ රහතන්වහන්සේට ඒ කය කයක් වෙලා නැහැ. ඒ වගේම තමයි, කාය සම්ඵස්සය නිසා හටගත්ත යම් දුක් වේදනාවක් තියෙනවා නම්, ඒ දුක් වේදනාව රහතන්වහන්සේලාටත්, බුදුරජාණන්වහන්සේටත්, සමානව දැනෙනවා, ඒ වේදනාව විතරයි විපාක වශයෙන් ඇතිවෙන සැප හෝ දුක් වේදනාව. කාය සම්ඵස්සය විතරයි විපාක වශයෙන් සැපක් හෝ දුකක් යන වේදනාවක් පනවන්නේ. අනිත් ආයතන එකකින්වත් සැප වේදනාවක් හෝ දුක් වේදනාවක් අපට ඇතිකරන්නේ නැහැ.
අනිත් හැම වේදනාවක්ම, විපාක සිතක උපේක්‍ෂා සහගතයි. මෙතනදි, කාය විඤ්ඤාණයට ඇතිවෙන වේදනාව, වෙලාවකට සැප වෙන්නත් පුළුවන්, වෙලාවකට දුක් වෙන්නත් පුළුවන්. මොකද, කයට කෙලින්ම සැප සහ දුක් වේදනා දෙකම ඇතිවෙන නිසා.
ඔන්න ඔය වගේ කාරණා ටිකක් තියෙනවා. ගැඹුරු වෙන්න පුළුවන්. නමුත් අපි ඒ කාරණා ටික ඉදිරියේදිත් අපට හසුවේවි.
මතු සම්බන්ධයි
0 Comments