විභජ්ජවාද
දෙවන දේශනාව:14
අපි උදාහරණයක් ගත්තොත්, අපට අමනාප කෙනෙක්, නැත්නම් සතෙක් ගත්තොත් අපි හිතමු මදුරුවෙක් කනවා කියලා. මදුරුවා කනකොට, අපි මදුරුවා කියන මේ සතා, අපි හිතන්නේ මේමයි පුද්ගලයා. මේමයි සතා.
ඉතින් අපට මේ මදුරුවාගේ කෑම නතර කරන්න ක්‍රම දෙකක් තියෙනවා. එකක් බොහොම සරළයි. අතින් ගැහැවා, මදුරුවා මැරුවා. මැරුවාට පස්සේ, ඔන්න අපි මදුරුවා කන කමින් නැති කළා.
ඒ වගේම තව ක්‍රමයක් තියෙනවා. ඒ තමයි සක්කායදිට්ඨිය දුරු කරගන්න මට්ටම. අපි මදුරුවා කියලා, ජීවියෙක්, පුද්ගලයෙක්, සත්ත්වයෙක් දකිනවා ඒ රූපෙ තුළ. අපි මදුරුවා කියන ඒ සත්ත්වයා දුරු කරගන්න තමයි ඒ මදුරුවා මරන්නේ. ඒ තුළ තියෙන්නේ, සක්කාය දිට්ඨිය කියන මේ ලක්‍ෂණය. සක්කාය දිට්ඨිය කියන මේ ගතිය. සක්කාය දිට්ඨිය කියන මේ ගතිය අපට පෙනිලා තියෙන්නේ, රූපයම ආත්මය, රූපයම පුද්ගලයා කියලා. මේ රූපයම ආත්මය කරගත්ත, රූපයම පුද්ගලයා කරගත්ත, මේ මානසික ගතිය තමයි අපට දුරුවෙන්න ඕන සක්කාය දිට්ඨි මට්ටම කියලා කියන්නේ.
ඒක දුරු කරගන්න නම්, අපට ඉස්සරවෙලා මදුරුවාගෙන් මිදෙන විදියේ දර්‍ශනයකට යන්න වෙනවා. මදුරුවාගෙන් මිදෙන විදියේ දර්‍ශනයකට කියන්නේ, යම් කෙනෙක් එක මොහොතකට හරි දැක්කා නම්, ඇහැට පතිතවුනු රූපයක් අරඹයා හරි, කයට ගැටුනු ස්ඵර්‍ශයක් අරඹයා හරි, මදුරුවා කියන සඤ්ඤා මනසිකාරය හදාගත්තේ තම තමන් තුළ. මදුරුවාගේ ඇති වේදනා, සඤ්ඤා, සංඛාර, විඤ්ඤාණ කියන නැත්නම් මදුරුවාගේ සිත, අද ඔබට විඳින්න පුළුවන්ද? මදුරුවාගේ සිත, ඔබට විඳින්න බැරි නම්, ඔබ මදුරුවා කියන සත්ත්වයා, මදුරුවා කියන ජීවියා, දකින්නේ ඔය පේන රූපය ඇතුලේ ඉන්න කෙනෙක් විදියට නෙවෙයිද?
ඒ නිසා නෙවෙයිද, ඒ රූපය විනාස කරලා, මදුරුවා මරන්න හදන්නේ? මදුරුවා මරනවා කියන ක්‍රියාව තුළ තියෙන්නේ, මේ සක්කාය දිට්ඨියේ තියෙන ඵලය. ඒක තමයි දිට්ඨිය.
හැබැයි සෝවාන් ආර්‍ය්‍යයන් වහන්සේගෙන් කවදාවත් ඔය මට්ටමට යන්නේ නැහැ. ඒක අපායගාමී අකුසලයක්. ඒ නිසා ඒ මට්ටම ඉක්මවා යන්නේ නැහැ. ගොඩාක් දෙනෙක් කියන්න හදනවා, සෝවාන් ආර්‍ය්‍යයන් වහන්සේ අතින් සතෙක් මරන්න පුළුවන්කම තියෙනවා කියලා. සතෙක් මැරෙන්න පුළුවන්කම තියෙනවා, නමුත් සතෙක් මරන්න පුළුවන්කම නැහැ.
මතු සම්බන්ධයි
0 Comments