විභජ්ජවාද
දෙවන දේශනාව:15
රහතන්වහන්සේ අතිනුත් සතෙක් මැරෙන්න පුළුවන්කම තියෙනවා. චක්ඛුපාල රහතන්වහන්සේ, අර්හත්වයට පත්වෙලා, ඇස් අන්ධවෙලා, සක්මන් කරනකොට, මෙරු මතුවෙනකොට, මේ මෙරු පෑගිලා මැරුනා. හාමුදුරුවරු චෝදනා කළා, රහත් වෙලත් සතුන් මරණවයි කියලා. බුදුරජාණන්වහන්සේ දේශනා කළා, නෑ සත්තු මැරුවේ නැහැ. ඒක දැනගෙන කරපු දෙයක් නෙවෙයි. කවදාවත් රහතන්වහන්සේලා අතින් අකුසලයක් සිද්ධවෙන්නේ නැහැ කියලා.
ඒ වගේ සත්තු මැරෙන්න පුළුවන්කම තියෙනවා, නො දැන. හැබැයි, දැනගෙන සත්තු මරන්නේ නැහැ. ඒක අපායගාමී කර්‍ම පථයක් බවට පත්වෙනවා. නෙත්ථිප්‍රකරණයේ සඳහන් කරනවා, සෑම මොහොතකම සෝවාන් ආර්‍ය්‍යයන් වහන්සේ, අපායගාමී අකුසලය දුරු කළා කියන බව. එතකොට, සෝවාන් ආර්‍ය්‍යයන් වහන්සේ, අපායගාමී අකුසලයෙන් දුරු වුනා කියලා කියන්නේ, ඒ මට්ටමට යන්නට තරම් කර්‍ම පථයක් සකස්කර ගන්නේ නැහැ, කර්‍ම පථයක් සිද්ධ කරගන්නේ නැහැ.
අද සමාජය තුළ වැරදි අර්‍ථකථන හෝ වැරදි නිරුක්ති දීම් තුළ, ඒ ගැන යම් වෙනම කතාවක් ඇතිකරන්න ගන්න උත්සාහයක් නැතුවාම නොවෙයි. නමුත් ත්‍රිපිටකය තුළ සඳහන් වෙන්නේ එහෙමයි.
මතු සම්බන්ධයි
0 Comments