විභජ්ජවාදී දෙවන ලිපි මාලාව -16


විභජ්ජවාද
දෙවන දේශනාව:16

දැන් උදාහරණයක් කිවුවොත්, සරකාණී, සාක්‍ය බේබද්දෙක්. බිබී ජීවත්වුනේ. දවසක් බන අහලා සෝවාන් වුනා. හැබැයි සෝවාන් වෙච්ච දවසේ කළුරිය කළා. සෝවාන් වෙලා බිව්වේ නැහැ. අද, ඇතැම් ඇත්තෝ මේක අනිත් පැත්තට අරගෙන තියෙනවා, සෝවාන්වෙලා සරකාණි බිව්වා කියලා. සරකාණි බිබී ඉඳලා ගිහිල්ලා සෝවාන් වුනා. නමුත් සරකාණි, සෝවාන්වෙලා බිව්වේ නැහැ.
සන්තති ඇමතියා, බිබී ඉඳලා වෙරි මතේ ගිහිල්ලා වෙරි සන්සිඳිලා බන අසා මාර්‍ගඵලයට පත්වුනා. නමුත්, සන්තති ඇමතියා මාර්‍ග ඵලයට පත්වෙලා බොන්න ගියේ නැහැ. 

කුක්කුටමිත්තා කතාවේදී, කුක්කුටමිත්තා, වැද්දාට ආයුධ ටික හදලා දෙනවා. ඒ ආයුධ ටික හදලා දෙන්නේ තමන්ගේ ස‍්වාමියා වෙනුවෙන් කළයුතු වත්පිළිවෙත් ටික කරන නිසා. ඒක ස‍්වාමියා වෙනුවෙන් භාර්‍ය්‍යාවක් කළ යුතු වත් පිළිවෙත්. එයාට සඤ්ඤාවක් ඇත්තේ නැහැ මේ ටික අරගෙන ගිහිල්ලා සත්තු මරාවා, සත්තු මැරවොත් හොඳයි. ඒ විදියේ සඤ්ඤාවක් ඇත්තේ නැහැ.
එතකොට, තව කෙනෙක් කියනවා, කුක්කුටමිත්තා සිටුකුමාරිය වැද්දෙක් සමග පැනලා ගියා. ඒ කළේ, කාම මිත්‍යාචාරය. ඒ කියන්නේ, සෝවාන් ආර්‍ය්‍යයන් වහන්සේ නමක්, කුක්කුටමිත්තාව යනකොටත්. එහෙම නම් කාම මිත්‍යාචාරයේ හැසිරිලා තියෙනවා කියලා. 

නෑ, කෙනෙක් පැනලා ගියා කියලා ඒක කාම මිත්‍යාචාරය, වැරදි කාම සේවනය නෙවෙයි. වැරදි කාම සේවනය වන ක්‍රම ටිකක් පෙන්වනවා. අනුන් විසින් රකින පුරුෂයෙක් සමග වෙනම සේවනය කිරීම. ඔවුනොවුන්ගේ කැමැත්තෙන්, තව කෙනෙක් නො රකින කෙනෙක් ළඟට යෑම තුළ කාම සේවනය වෙන්නේ නැහැ. ඒ නිසා, කුක්කුටමිත්තා කවදාවත් වැරදි කාම සේවනයක් කළේ නැහැ.

ඒ වගේ මට්ටමක ඒ කරුණු  ටික මතක් කළේ, සෝවාන් ආර්‍ය්‍යයන් වහන්සේට ඒ මට්ට්මේ රළු කෙළෙස් මට්ටම දුරුවෙලා. හැබැයි, කාම රාගය දුරුවෙලා නැහැ. ලෝකේ පැවැත්ම සඳහා යම් ක්‍රියාකාරකම් තුළ අකුසල් ඉදිරිපත්වෙන්න පුළුවන්කම තිබෙනවා. ඒ අකුසල්වල එයා නියැලෙනවා. හැබැයි, එයාට දැඩි විෂම ආකාරයේ දිට්ඨි මට්ටමේ පතිතවෙන ලෝභයත් නැහැ, ඒ වගේම, දිට්ඨි මට්ටමෙන් පතිතවෙන ද්වේෂයත් නැහැ. ඒ වගේම, දිට්ඨි මට්ටමෙන් පතිතවෙන මෝහයත් නැහැ.

එතකොට එයාට සක්කාය දිට්ඨිය කියන කාරණාවේ දිට්ඨි මට්ටම දුරුවෙලා. එයාට පුද්ගලවූ ආත්මභාව වූම රූප එළියේ හම්බවෙන්නේ නැහැ. ඒ රූපයමයි ආත්මය කියන වැරදි දර්‍ශනයෙන් දුරුවෙලා. මොකද? එයා එකම එක අවස්ථාවකට මේ ඇත්ත දැක්කා. එකම එක අවස්ථාවකට, එක මොහොතකට මේ ඇත්ත දැකපු නිසා, එයාට කවදාවත් ඒක වැරදියි කියලා කියන්න පුළුවන්කමක් ඇත්තේ නැහැ. එයාට ඒක සම්පූර්‍ණම යථාර්‍තයක් විදියට එයාගේ ජීවිතය වෙලා ඒක ප්‍රකටවෙලා තියෙනවා.

ඉතින් මෙන්න මේ වගේ කාරණා ටිකක් තියෙනවා. අපි රූපය ගැන කතාකරගෙන යනකොට. මේ සංයෝජනීයයි කියන මාතෘකාවයි කතා කළේ. 

සංයෝජන වලට හිතයි කියන එකේ, සක්කාය දිට්ඨිය වෙනයි, සක්කාය දිට්ඨිය කියන දේ අනුව අපි රූපය හදාගන්නවා කියන මට්ටමට අපි කතාකරන්න අවශ්‍යවෙන්නේ සහ යන්නේ. 

අද දවසේ අපේ කාල සීමාව අවසාන නිසා අපි ඊළඟ දවසේදී කතා කරමු, සක්කාය දිට්ඨිය කියන කාරණාව. අද දවසේදී අපි කතා කරපු, සප්පච්චයං, සංඛතං, රූපී, ලෝකියං කියන මේ කාරණා ටිකත් භාවනාවක් විදියට අපේ ජීවිතය තුළ පෙනිලා තියෙන්නට ඕන. මේ කතා කරන කමටහන් පැත්ත අපට පෙනිලා තියෙන්නට ඕන. ඒ නිසා, ඒකේ වැදගත්කම පාඩමක් විදියට වඩා අපේ ජීවිතය තුළ අත් දැකීමෙන් පෙනෙන දර්‍ශනයවෙලා තියෙන්නට ඕන. ඒක බොහොම වැදගත්. සැම දෙනාටම මේ දේශනාව උතුම් නිවනින් සැනසෙන්නට හේතු උපකාරයක්ම වේවා! 

මේ සිදුකරගත් සියළු කුසලයන් අපි මේ වෙලාවේදී, අනුමෝදන් කළයුතු අයට අනුමෝදන් කරමු. 

පළමුවෙන් අපට අර්‍ථයෙන් ධර්‍මයෙන් අනුශාසනා කරන අපේ ධර්‍මාචාර්‍ය්‍ය, අවසරයි මාන්කඩවල සුදස්සන ස‍්වාමීන්වහන්සේටත්, මාන්කඩවල නන්දරතන ස‍්වාමීන්වහන්සේටත්, ස‍්වාමීන්වහන්සේලා දෙනමටම, මේ උතුම් කුසලය, ප්‍රාර්‍ථනීය බෝධියකින් උතුම් නිවනින් සැනසෙන්නටම හේතු පාරමිතාවක්ම වේවා කියන ප්‍රාර්‍ථනාව සිද්ධකරනවා.

සැම දෙනාටම තෙරුවන්සරණයි!

විභජ්ජවාද දෙවන දේශනාව නිමි.

Post a Comment

0 Comments