ආසිවිසොපම සුත්‍රය 2
විෂඝෝර සර්පයෝ හතර දෙනාගෙන් මිදිලා නිස්සරණයක් හොයාගෙන යන කෙනාට තමයි පසමිතුරු වධකයෝ පස්දෙනෙක් හම්බ වෙන්නේ. ඒ වධකයෝ පස්දෙනා නිකන්ම එන අය නෙමෙයි. ඒ වධකයෝ පස්දෙනා ඝාතනය කරන අදහසින් එන අය. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, "පඤ්ච වධකා පච්චත්ථිකාති ඛො, භික්ඛවෙ, පඤ්චන්නෙතං උපාදානක්ඛන්ධානං අධිවචනං, - මහණෙනි, පසමිතුරු වධකයෝ පස්දෙනා කියලා කිවුවේ පංච උපාදානස්කන්ධයට අධිවචනයක්". පස් වධකයන්ව, පංච උපාදානස්කන්ධයට උදාහරණ කොට දක්වනවා. ඒ මොකද? 'පඤ්ච උපාදානක්ඛන්ධා දුක්ඛා' කියන තැනින්නේ කතා කරන්නේ. පංච උපාදානස්කන්ධයම දුකයි කියන තැනින්.
පංච උපාදානස්කන්ධය දුකයි කියලා කියන්නේ, අපිට ජීවිතයේ පංච උපාදානස්කන්ධ ධර්මය තමයි හැමදාම දුක කියන දේ උරුම කරන්නට හේතුවෙන දේ. යම්ම දුකක් විඳිනවා නම් ඒ දුකට හේතුව තමයි පංච උපාදානස්කන්ධය. ඒ පංච උපාදානස්කන්ධය දුකක් ලෙස අර්ථ ගන්වන්නේ දුක් වේදනාවට විතරක් නෙමෙයි, සැප වේදනාව, උපේක්ෂා වේදනාව ආදී හැම තැනකටම පොදුව තමයි පංච උපාදානස්කන්ධය දුකක් හැටියට අර්ථ දක්වන්නේ. ඒ පංච උපාදානස්කන්ධ දුක කියන එක අපි සත්ව පුද්ගලභාවය මත ඇතිකර ගන්න දුකක්.
== තුන් භූමිය අනුව ගිය සියළුම ධර්මතා පංච උපාදානස්කන්ධයකි =
අපි මීට පෙර කතා කරලා තියෙනවා 'ස්කන්ධ' හා 'පංච උපාදානස්කන්ධ' කියන්නේ කුමක්ද කියලා. ආශ්රවයන්ගෙන් හා උපාදානයන්ගෙන් අරමුණු කරන නිසා, ඇසුරු කරන්නට හිත නිසා 'පංච උපාදානස්කන්ධය' යැයි කියනවා කියලා. ඒ කියන්නේ විපාක ධර්මතා ටිකක් හා කර්ම වශයෙන්, කෙලෙස් වශයෙන් හැසිරෙන ටිකකුත් එකතු කරලා මේ සියල්ලම තමයි 'පංච උපාදානස්කන්ධය' යැයි කියන තැනින් සංග්‍රහ කරන්නේ. ඒ පංච උපාදානස්කන්ධය අපි සත්ව පුද්ගලභාවයෙන් පිළිගන්නවාම තමයි. පංච උපාදානස්කන්ධයක සැකැස්ම සතුරු වධකයෝ පස්දෙනෙකුගේ සැකැස්මක්.
ඒ සතුරු වධකයෝ පස්දෙනාට අහුවුනොත් බෙල්ල කපනවා, එහෙම නැතිනම් මරණයට හෝ මරණ මාත්‍ර දුකකට පත්කරනවා. පංච උපාදානස්කන්ධයේ ස්වභාවය ඒකයි. ස්කන්ධ ටිකක් හා කෙලෙස් කර්ම ටිකක් කියන මේ සියල්ලම පංච උපාදානස්කන්ධයයි. ඒ ස්කන්ධ ටික 'පංච උපාදානස්කන්ධය' යැයි කියන නමින්ම හඳුන්වන්නේ ආශ්රවයන්ගෙන් හා උපාදානයන්ගෙන් ඇසුරු කරන බව නිසාමයි. ආශ්රවයන්ගෙන් හා උපාදානයෙන් ඇසුරු කරන ඒ ලක්ෂණය තියෙන කොට ඒ හැම දෙයක්ම සත්ව පුද්ගල බවක් උපද්දලා, ඒ සත්වයාට පුද්ගලයාට දුක ගෙනල්ලා දෙන්න පුළුවන් වපසරිය නිර්මාණය කරනවා.
ඒ හින්දා තමයි මරණය හෝ මරණ මාත්‍ර දුකකට පත්කරනවා කියලා කිවුවේ. රූප, වේදනා, සංඥා, සංස්කාර, විඤ්ඤාණ කියන පංච උපාදානස්කන්ධ ධර්මයෝ, රූප මට්ටමෙන් හෝ වේදනා මට්ටමෙන් හෝ සංඥා මට්ටමෙන් හෝ සංස්කාර මට්ටමෙන් හෝ විඤ්ඤාණ මට්ටමෙන් ඇලීම කියන දේ, බැඳීම කියන දේ, පුද්ගල බව කියන දේ නිර්මාණය කරනවා. ඒ ඇලෙනකම හා බැඳෙනකම කියන උපාදානය හා ආශ්‍රව ටිකකට අයිති කාරණය පවත්වන්නේ විපාක සන්තතියක් මත වෙන්නට පුළුවන්. හැබයි ඒ ඔක්කොම පොදුවේ දුක උපද්දවන්නට හේතුවක් වෙලා තියෙනවා.
කේක් එක මත තමයි අයිසිං ටික තියෙන්නේ. ඒ කේක් එක මත තියෙන අයිසිං ටික නිසා පොදුවේ සියල්ලම 'අයිසිං කේක්' එකක් බවට පත්වෙනවා. එතැනදී, ඒ අයිසිං හා කේක් කියන ඔක්කොම 'අයිසිං කේක්' එක සදහා වැයවෙලා තියෙනවා. ඒ වගේ තමයි පංච උපාදානස්කන්ධය හා උපාදානය කියනකොට, ඒ පංච උපාදානස්කන්ධය, ආශ්‍රවයන්ට හා උපාදානයන්ට පතිතවන්නට හිත ධර්මයක් බවට පත්වෙලා තියෙනවා. ඒ නිසාම තමයි ඒවා 'පංච උපාදානස්කන්ධය' යැයි කියන්නේ. උපාදානස්කන්ධය තියෙනකොට උපාදානස්කන්ධය පිළිබඳව ආශ්‍රව හා උපාදානයන් ඇතිකර ගන්නේ නැහැ කියනවා නම් ඒක නොවන දෙයක්. පංච උපාදානස්කන්ධය තිබුනොත් ආශ්‍රව උපාදාන ඇතිවෙනවාමයි.
ඒ නිසාමයි පොදුවේ පංච උපාදානස්කන්ධය කියන එක සතුරු වධකයෝ පස්දෙනෙක් කියලා කියන්නේ. ඒ සතුරු වධකයෝ පස්දෙනා අතර මිතුරෝ ඉන්න බැහැනේ, සතුරුම තමයි. ඒ නිසා පංච උපාදානස්කන්ධය කියන එක විපාක වේවා කර්ම වේවා පොදුවේ කතා කරනවා දුකම ලෙස. ජාති, ජරා, ව්‍යාධි, මරණ, සොක, පරිදේව, දුක්ඛ, දොමනස්ස, උපායාස කියන පුද්ගලයෙක්ට ඇතිවෙන, කෙන කෙනා විඳින දුක ඇතිකරන්නට හේතු වුනේ විපාක ටිකත්, ඒ වගේම කර්ම කෙලෙස් කියන මේ ඔක්කොම ටික එකතු කරලා තමයි පංච උපාදානස්කන්ධය කියන තැන ඇතුලත් කරලා කතා කරන්නේ. "සංඛිත්තෙන පඤ්චුපාදානක්ඛන්ධා දුක්ඛා" කියලා කියන්නේ ඒ හේතුව නිසා.
== ආර්ය කළකිරීම පිණිස==
පංච උපාදානස්කන්ධයම පොදු දුකක් ලෙස අපිට හම්බවෙනකොට, ඒක ජීවිතයට යහපතක් කරන්නක් නෙවෙයි කියලා දකිනකොට අපිට දැක්මක් හම්බවෙනවා, පංච උපාදානස්කන්ධය සතුරු වධකයෝ පස්දෙනෙක් වගේ කියලා. නැවත නැවත පංච උපාදානස්කන්ධයේ සැකැස්ම සිද්ධ වෙනවා කියලා කියන්නේ උපාදානය හා ආශ්‍රව ටික අපි ළඟ තියෙන නිසා. ඒ ආශ්‍රව හා උපාදානය අපි ළඟ තියෙනවා නම් ඒ හැම මොහොතකම පංච උපාදානස්කන්ධ යැයි කියන ගණයට තමයි විපාක ද, කර්ම ද, කෙලෙස් ද ඔක්කොම ටික ගිහිල්ලා තියෙන්නේ. ඒ සියලුම ධර්මයන් දුකක් හැටියට බයක් හැටියට දකින කෙනා තමයි එතන අතහැරලා යන්නට පෙළඹෙන්නේ.
අපි කාරණා දෙකක් දැක්කා. පළවෙනි කාරණාව තමයි සතර මහා ධාතුව. දෙවෙනි කාරණාව තමයි පංච උපාදානස්කන්ධය. ඉස්සෙල්ලාම කෙනෙකුට කළකිරීම ඇතිකර ගැනීමට වෙන්නේ තමන්ගේ ජීවිතයේ පැවැත්ම තුල. තමන්ගේ ජීවිතයේ පැවැත්ම තුල කිවුවේ සතර මහා ධාතු කියපු තැන සර්පයෝ හතරදෙනාගේ කළකිරීම කියන දේ තමයි පැනලා යන්නට මුලින්ම හේතුවෙන දේ. එහෙම පැනලා යනකොට හම්බවෙන දෙයක් තමයි, සතුරු වධකයෝ පස්දෙනා කියලා කියන්නේ. ඒ වගේම මේ ප්‍රතිපදාව මුලින්ම පටන්ගන්නට තියෙන්නේ නිබ්බිදාවක් (කළකිරීමක්) තියෙන කෙනාට. ඒ කියන්නේ මේ ශාසනයේ කෙනෙකුට තියෙන්න ඕනේ කළකිරීමක්. ඒ කළකිරීම අනාර්ය කළකිරීම නෙමෙයි, ආර්ය කළකිරීමක් තියෙන්නට ඕනේ.
ඒ කියන්නේ ආර්ය කළකිරීම හැම වෙලාවකම උපදින්නේ ප්‍රඥාව සමග. ඒ කළකිරීම, 'තියෙන දෙයක්' සම්බන්ධව නෙමෙයි. කෙලෙස් කර්ම මිශ්‍ර කරගෙන ලෝකයා දුක් විඳීම පිළිබඳව ඇතිකර ගත්ත කළකිරීමක්. ඒක ප්‍රඥාවෙන් ඇතිකර ගන්න කළකිරීමක්. ඒ හින්දා ඒ කෙනාට ඉස්සෙල්ලාම ලෝකේ දුක තමයි පෙනෙන්නේ. ඉපදීම, ලෙඩවීම, මරණය, මහළු බව ආදී මේ දේවල් තුල තියෙන දුක. මනුස්ස ලෝකයේ ඉපදීම හොඳයි, දිව්‍ය ලෝකයේ ඉපදීම හොඳයි, ඉපදීම එහෙම වුනොත් 'සැප ඉපදීම්' ලෝකේ තියෙනවානේ කියලා කෙන කෙනාට හිතෙන්න පුළුවන්. හැබැයි ඒ ඉපදීම කියන දේ අපිට කවදාවත් සැපයේ ඉපදීමක් බවට පත්වෙන්නේ නැහැ. මොකද ඉපදුන කෙනාට දුක කියන දේ, ඒකාන්ත උරුම වූ වස්තුවක් වෙනවා, උරුම කරගත්ත දෙයක් බවට පත්වෙනවා.
ඒ ඉපදීම, ඒ ඒ 'සත්වයෙක්ගේ ඉපදීම', 'පුද්ගලයෙක්ගේ ඉපදීම' වෙනකොට ඒ ඉපදීම කියන දේ කෙනෙක් පුද්ගලයෙක්ගේ ඉපදීමවෙලා දුක් විඳින්න පුළුවන් මට්ටමක පහළවීම වෙනකොට පින්වතුනි, ඒ දුක් විඳින්න පුළුවන් 'මාව' නිර්මාණය වෙලා, 'තව කෙනෙකු' නිර්මාණය වෙලා. ඒ හින්දා යම් ව්‍යාධි දුකක්, ශෝක පරිදේව, දුක්ඛ, දෝමනස්සයක්, උපායාසයක් විඳිනවා නම් ඒ හැම දෙයකටම මුල තමයි ඉපදීම කියන දේ. ඉපදීම කියන දේ ළඟ ඉඳලාම දුක තමයි. ඒ ඉපදීම ළඟ ඉඳලාම දුකක් වුන දේ සසරේ කොච්චර තැන්වලට අපි ඉපදෙන්න පුළුවන්කම තියෙනවද.
ඔබට අද දුක්ඛිත ආත්මභාව දකින්නට පුළුවන් නම් ලෝකේ තුල, එදිනෙදා ආහාරයක් හොයාගන්නට බැරුව පොළොවේ පස් කන ආත්මභාව දැක්කොත්, මනුස්සයෙක් වෙලා ඉපදිලාත් ඒ හැම දෙයක්ම ඉපදීම නිසා ලැබෙන දුක. අපි ඒ දුක නැති කරලා නැහැ. ඒ හින්දා ඉපදීම කියන දේ අද සිද්ධ කළත් ඒ දුකටත් උරුමකම් කියන කර්ම කෙලෙස් ටිකක් අපි අදත් රැස්කරනවා. එහෙනම් දුක කියන දේ ජීවිතයේ හැම තැනකම එයාට පේනවා. එයාට ලෝකයේ පැවැත්ම කියන එක ඇතුලේ සැනසීම නැහැ කියන එක දකින්න පුළුවන්කම තියෙනවා.
ඒ කියන්නේ ආශ්වාදයක් නැහැ කියන එක නෙමෙයි. එයා ආශ්වාදය දකිනවා. හොඳයි යහපත් කියලා ලෝකයා කතා කරන, ලස්සනයි කියන තැන, ඒ වගේම හොඳයි කියලා හිතෙන තැන් ආදී දේවල් නොදකිනවා නෙමෙයි, ඒක දකිනවා. හැබැයි ඒක දැක්කාට එයාට පේනවා ආශ්වාදය ටිකයි, ආදීනවය බොහොම වැඩියි. අපිට රූප දකිනකොට ඇතිවෙන ආශ්වාදය කියන එක චේතනා මාත්රිකව ඇතිවෙන ආශ්වාදයක්. හැබැයි ඒ දේවල් වෙනස්වෙන කොට, විපරිනාම වෙනකොට, ඒවා නැතිවෙන්න යනකොට, ඒවගේම ඒ ගැන හිතමින් දුක්වෙන්නට යනකොට අපිට ඇතිවෙන ආදීනවය මහා විශාලයි. ඒ දේවල්වලට තණ්හා කිරීම නිසා සසරේ ඉඳලා විඳින්නවෙන ආදීනවය (සම්පරායිකව හා දිට්ඨධම්මව) බොහොම වැඩයි කියලා එයා දකිනවා.
ඉස්සෙල්ලාම දකින දෙයක් තමයි මෙන්න මේ ආදීනවය කියන එක. ඒ විදිහට ආදීනවය දකිනකොට කෙන කෙනාට දකින්න පුළුවන්කම තියෙනවා ජීවිතයේ ආර්ය කළකිරීම කියන පැත්ත ආදීනවය ප්‍රකට වීමෙන්. අන්න ඒ ආදීනවය ප්‍රකට වීම සිද්ධ කරගන්නේ ප්‍රඥාවෙන්. අන්න ඒකයි අපි කළකිරීම කියන එක ප්‍රඥාවෙන් උපදින දෙයක් කියාලා කිවුවේ. එයාට කළකිරීම ඇතිවෙන්නේ බාහිර තියෙන වස්තු ගැන නෙමෙයි, දරුවා ගැන නෙමෙයි, දෙමවුපියෝ ගැන නෙමෙයි, ගෙවල් දොරවල්, යාන වාහන ගැන නෙමෙයි. එයාට කළකිරීම ඇතිවෙන්නේ පංච උපාදානස්කන්ධය, කර්ම හා කෙලෙස් ටිකකින් අල්ලාගන්න, ග්‍රහණය කරගන්න තමන්ගේ මානසික පැවැත්ම ගැනයි කළකිරීම ඇතිවෙන්නේ.
දුක උපදින්නේ බාහිර නෙමෙයි, ආධ්‍යාත්මික පැත්තේ. ආධ්‍යාත්මික හේතු ටිකක් නිසා තමයි මේ දුකේ හටගැනීම හා පැවැත්ම සිද්ධ වෙන්නේ. එහෙනම් ඒ කෙලේසය ගැන එයාට කළකිරීමක් ඇතිවෙනවා. ඒ කෙලේසය ගැන කළකිරීමක් ඇතිවෙන කොට එයා දුක නැති කිරීම පිණිස ඉස්සෙල්ලාම උත්සාහවත් වන්නේ බාහිරයට නැඹුරු වීම නෙමෙයි, ආධ්‍යාත්මිකව දුක හදාගන්න හේතු ටික නැති කරන්න. එයා දන්නවා ලෙඩ නොවී ඉඳීම නෙමෙයි කරන්න පුළුවන් හොඳම දේ කියලා. එයා දන්නවා ලෙඩ නොවී ඉඳීමට වඩා වැඩි දෙයක් තියෙනවා කරන්නට. ඒ තමයි ලෙඩවෙන කය 'මම', 'මගේ' කියලා 'පුද්ගලයෙකුගේ' කරගන්න මානසික මට්ටම නැති කරගන්නට ඕනේ කියලා.
ඒක නැති කරගත්තේ නැත්නම් 'මම ලෙඩ වෙනවා' කියන එක අනිවාර්යයෙන්ම උරුම කරගන්නට වෙන දෙයක් බවට පේනවා කියලා තමන්ටම පේනවා. ලෙඩ වීම කියන දේ, මරණය කියන දේ මිනිසුන්ට මනුෂ්‍යත්වය අමතක කරන මට්ටමට යනකන් වැඩිවෙන දෙයක් නේ. අපි පහුගිය කාලේ අපේ රට තුලත්, ලෝකේ බොහෝ තැන්වලත් සමහරවිට එවැනි බොහෝ සිදුවීම් දකින්නට ලැබුනා. තමන්ට රෝගයක් වැළඳෙයි කියලා ඇතිවුන බිය මත ඒ ගත්ත ක්‍රියා මාර්ග දිහා බැලුවහම ලෝකයාගේ බියවීම කියන දේ බහුල වශයෙන්ම අපිට දකින්නට ලැබුනා. ඒ ඇතිවෙන්නේ ආත්ම බිය. ඒ වගේම 'තමන්ගේ අය නැතිවෙයි' කියන එකත් එක්ක ඇතිවෙන බිය. ඒ සදහා ඔවුන් ගන්නට පුළුවන් උපරිම උපක්‍රම, උපරිම ක්‍රියාමාර්ග ගන්නවා.
සමහර වෙලාවට යහපත අයහපත තෝරන්නේ නැතුව එබඳු උපක්‍රම ගන්න පුළුවන්කම තියෙනවා. මේක තමයි ලෝකයේ ලෙඩ හොඳ කරගන්න ක්‍රමය විතරක් දකින මානසික මට්ටමක සැකැස්ම. හැබැයි මේ ශාසනයට පිවිසෙන කෙනෙක් මුලින්ම එයා දකින දේ තමයි කවදාවත් ලෙඩ නොවී ඉන්න පුළුවන්කමක් නැහැ, කවදාවත් නොමැරී ඉන්න පුළුවන්කමක් නැහැ. හැබැයි ලෙඩවෙන කය 'මම', 'මගේ' කරගත්තට පස්සේ, ලෙඩවෙන රූප 'මම', 'මගේ' කරගත්තාට පස්සේ ඒ රූප වෙනස් වෙනකොට 'මගේ ලෙඩවීම' සහ 'මගේ අයගේ ලෙඩවීම' කියන එක මත මට දුක් විඳින්න සිද්ධ වෙනවා. එහෙනම් දුක නැති කරන්නට ඕනේ නම් මේ රූපය උපාදාන වශයෙන් අල්ලා ගත්තකම ඉස්සෙල්ලාම අයින් කරන්නට ඕනේ.
ඒක අයින් කරන්නට නම් මහා භූත රූපය පැත්තට තමන්ගේ හිත පැත්තේ ඇතිකර ගත්ත කර්ම කෙලෙස් ටික පතිත කරනකම නතර කරන්නට ඕනේ. එයා උත්සාහවත් වන්නේ අන්න ඒ ගමන් මඟ යන්නට. එයාට ඒ ගමන් මගේදී මුලින්ම මහා භූතයන්ගෙන් අයින් වෙන්නට පටන් ගත්තාට පස්සේ තමයි, එයාගේ හිත සියුම් වෙනකොට තමයි පංච උපාදනස්කන්ධය පිළිබඳව අවබෝධයක් ඇතිවෙනවා. ඒ පංච උපාදානස්කන්ධ ධර්මයෝ පිළිබඳව අවබෝධයක් එනකොට එයාට පේනවා පංච උපාදානස්කන්ධයක පැවත්මමයි දුකට හේතුව.
රූපය විතරක් නෙමෙයි, නාම ධර්මතා ටිකකුත් හේතු කරගෙන, මේ කර්ම කෙලෙස් ටිකක පැවත්ම මත තමයි පංච උපාදානස්කන්ධය උපාදාන කරලා ග්‍රහණය කරලා තියෙන්නේ. එහෙනම් දුක නැති කරන්න නම් නාමරූප කියන ධර්මතා දෙකෙන්ම මිදෙන්නට ඕනේ, එහෙම නැත්නම් මේ පංච උපාදානස්කන්ධයෙන්ම මිදෙන්නට ඕනේ. එයා උත්සාහවත් වෙනවා පංච උපාදන්ස්කන්ධයෙන් මිදෙන්නට. එතකොට තමයි සතුරු වධකයෝ පස්දෙනාගෙනුත් ඉවත්වෙලා දුවන්නට එයා උත්සාහවත් වෙන්නේ.
මතු සම්බන්ධයි
පූජ්‍යපාද කොත්මලේ කුමාරකස්සප ස්වාමීන්වහන්සේ විසින් 26/05/2020 දින ආසිවිසොපම සුත්‍රය ඇසුරෙන් සිදු කරන ලද දේශනාව ඇසුරෙන් පිටපත් කිරීමකි.

0 Comments