සමථ විපස්සනා 3
~~ ථීන මිද්ධය දුරු කිරීමට ~~
ඔන්න අමනාප ගතිය අතහැරුනහම ආපහු සති නිමිත්තට ඇවිල්ලා සිහියෙන්ම ආශ්වාස ප්රශ්වාස කරනවා. එහෙම කරනකොට, තමන්ට හොඳටම නිදි මතයි. කයත් ගිලන් වෙලා, හිතත් ගිලන් වෙලා භාවනා කරන්න හිතෙන්නෙම නැහැ. භාවනා කරන්න තමන් ඊට උත්සාහවත් නැහැ. ඒ වෙලාවට තමන් දන්නවා, භාවනා කරන්න බැහැ ථීන මිද්ධය වැඩි.
• 'ථීනය' කියලා කියන්නේ හිතේ මැලිකම
• 'මිද්ධය' කියලා කියන්නේ කයේ මැලිකම
ඒවගේ වේලාවකදී භාවනා කරන එකෙන් නැගිටලා කයේ මැලිකම දුරු කරගන්න මූණ ටිකක් හොදලා, ඉරියව්ව ටිකක් වෙනස් කරලා ටිකක් ඇවිදලා සක්මන් කරලා, කන්පෙති පොඩි කරලා, ගිලන්පස ටිකක් වළඳලා, ආහාරපාන ගන්නවා නම් බඩ පිරෙන්නම ගන්නේ නැතුව සැහැල්ලු ප්රමාණයකට විතරක් අරගෙන මේ වගේ කායික විර්යය කටයුතුයි.
ඊගාවට හිත ඒ සදහා උත්සාහවත් වෙන්නේ නැත්නම් තමන්ට තියෙන්න ඕනේ චෛතසික වීර්යය,
“ජාති ජරා ව්යාධි චුතී අපායා,
අතීත අප්පත්තක වට්ට දුක්ඛං,
ඉදානි ආහාර ගවෙට්ඨි දුක්ඛං,
සංවේග වත්ථූනි ඉමානි අට්ඨ”
කියලා සංවේගය ඇතිවෙන කරුණු අට පිළිබඳව භාවනාවට වීර්යය ඇතිවෙන විදහට හිතෙන්ම හිතලා හිත විර්යයවත් කටයුතුයි. ඕගොල්ලෝ භාවනා කරන්න ගියාට කවදාවත් ඕවා මොකුත් කරන්නේ නැහැ නේ. ආනාපානසතිය ටිකක් කරන්න හැදුවා, බැරි නම් බැහැ කියලා දාලා නිකන් හිටියා. නමුත් නිවන් දකින්න ඕනේ කෙනා නීවරණ ධර්මයන් තමන් කෙරෙහිලා දකිනවා නම්, ඒ නීවරණ ධර්මයන් දුරු කරමින් හිත වැඩිය යුතුයි.එහෙම කළොත් තමයි චිත්ත සමාධිය ඇතිවෙන්නේ.
• ජාති දුක ගැන සිහිකිරීම
- මේ ලෝකේ මනුස්සයෙක් වෙලා ඉපදුනහම මේ මට්ටමක දුක නම් සතර අපාය ආදී තැනක උපන්නොත් මොන තරම් දුක් විඳින්න වෙයිද,
- ඒවගේම ධර්මයක් තියෙන කාලයක ඉපදිලා මේ වගේ නම් ධර්මයක් නැති අසත්පුරුෂ කාලයක ඉපදුනා නම් මොන තරම් දුක් පිඩා විඳින්න වෙයිද,
- අනේ ඒ ඕනෑම තැනක ඕනෑම කාලයක ඉපදෙන්න පුළුවන් ගතිය මං තාම නැති කරලා නැහැ නේද කියලා ජාතිය සිහි කරලා විර්යය ඇතිකර ගන්න ඕනේ.
• ජරාවට පත්වීම ගැන සිහිකිරීම
- යම් ජරා ජීරණ බවක් තියෙනවා නම්, ඇස් පෙනෙන්නේ නැහැ, කන් ඇහෙන්නේ නැහැ, තමන්ගේ අතපය තමන්ටත් වලංගු නැති ස්වභාවයක් තියෙනවා නම් කුමන තැනක උපන්නත් මේ ස්වභාවයට පත්වෙනවා. අනේ, ඒ ස්වභාවයට පත්වුනහම බණක් භාවනාවක් කරගන්නවත් ගුණ ධර්මයක් පුරාගන්න හෝ හිතු හිතු තැනක යන්න පුළුවන් කමක් ඇත්තේ නැහැ. ඒ නිසා ඊට ඉස්සෙල්ලා විර්යය කටයුතුයි.
• මරණය ගැන සිහිකිරීම,
අද මේ ලෝකේ මේ මොහොත වෙනකොට මොන මොන ප්රභේද වලට මිනිස්සු මැරිලා ඇත්ද, අද මේ මොහොත වෙනකොට මේ රටේ, මේ ලෝකේ මිනිස්සු මොන ආකාරයට මැරිලා ඇද්ද, ඒ ඕනෑම ආකාරයකට මැරෙන්න පුළුවන්කම මටත් තියෙනවා, ඕනෑම වෙලාවක මැරෙන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා අප්රමාදීව ගුණ ධර්මයක් පිරිය යුතුයි කියලා මරණය ගැන සිහි කරනවා. ඒවගේම,
• අපායේ වින්ද දුක්,
• අතීතයේ වින්ද දුක්,
• අනාගතයේ විඳින්න වෙන දුක
• ආහාර සෙවීමට වෙන දුක
මෙන්න මේවා ටික ටික සිහි කරලා මේ වගේ දුකෙන් එතෙර වෙන්න අවස්ථාව ලැබුන එකේ විර්යය කටයුතුයි කියලා තමන්ගේ හිත විර්යයවත් කරවන්න වෙනවා කලින් කලට. අන්න ඔය විදිහට කයේ ඉරියව්ව මාරු කරලා, මූණකට හෝදාගෙන කලින් සදහන් කර පරිදි විර්යය ඇතිවෙන්න ටිකක් මෙනෙහි කරනකොට මැලිකම/අපහසුකම කියන එක නැතිවෙනවා.
අපි හිතාගෙන ඉන්නේ ඒවා එහෙමම තියෙන දේවල් කියලානේ. මේ වගේ විර්යය කරනකොට ඒ කයේ හා සිතේ මැලිබව අයින් වෙනවා. එතකොට භාවනාවට අකැමති/ අමාරු ගතිය අතහැරෙනවා. බොහොම පහසුවෙන් කැමැත්තෙන් භාවනාවට ඉන්න පුළුවන්කම ඇතිවෙනවා. අපිට හිතෙනවනෙ දැන් භාවනා කරන්න නම් බැහැ කියලා. ඒක තමයි ථීන මිද්ධය කියලා කියන්නේ. ඒක තමයි හිතේ මැලිකම හා කයේ මැලිකම කියලා කියන්නේ.
ඔන්න ඒ විදිහට කරනකොට කයේ අපහසුමකත්, හිතේ අපහසුකමත් ගෙවුනහම නැවත සති නිමිත්තේ ඉඳලා සිහියෙන්ම ආනාපානසතිය වඩනවා. එහෙම ආනාපානසතිය වඩනකොට හිතේ විසිරීම තාම අඩුවෙලා නැහැ. එතකොට දන්නවා, මම මේ කමටහනට හොඳට දෘඩව තීව්රව හිත තියලා නැහැ. ඒ නිසා හිත කොහාටවත් යන්න දෙන්නේ නැහැමයි කියලා සති නිමිත්තේ මනා දැනුම් සහගත බවකින් ආශ්වාස ප්රශ්වාසයට ඉන්නවා.
එහෙම ඉන්නකොට හිතේ හිතේ කතා කෙරන ගතිය අඩුවෙනවා. මෙන්න මේ විදිහට කාමඡන්ද, ව්යාපාද, ථීන මිද්ධ, උද්දච්ච කුක්කුච්ච කියන ධර්මතා හතර නිසා තමයි ඕගොල්ලොන්ගේ හිත අහකට යනවා නම් අහකට යන්නේ. ඒ වගේ හිත අහකට ගියොත්, නැවත කමටහනට ගන්නවා, ඒත් හිත අහකට යනවා නම් එතකොට රාගය දුරු කරන්න, ද්වේශය දුරු කරන්න, ථීන මිද්ධය දුරු කරන්න කටයුතු කරලා ආයෙත් සති නිමිත්තේ හිඳිමින් ආනාපානසති කමටහනට එනවා.
නීවරණ ධර්ම පහෙන් ඊගාව එක තමයි විචිකිච්ඡාව. විදර්ශනා කරන හැටි මම ඊගාවට කියලා දෙනවා. විචිකිච්ඡාව දුරු කරන විදිහ එතකොට දැනගන්න පුළුවන්. විදර්ශනා කරනකොට විචිකිච්ඡා සහගතව හිත අහකට යන එක නතර වෙනවා. ඔන්න ඔහොම උදේ ඉඳන් හවස් වෙනකන් ඉඳගනිමින්, සක්මනෙන් මේ කමටහන වඩන්නේ නීවරණ ධර්මයන් ගැන අවධානයෙන්, නීවරණ ධර්මයන් දුරුවෙන ආකාරයට.
-- කාමඡන්දය ද තියෙන්නේ ඒක නැති කරන්න අසුභය වැඩුවා, ආයේ ආනාපනසතියට ආවා
-- මොනවා හෝ දෙයක් ගැන හෝ කෙනෙක් ගැන අමනාපයක්ද තියෙන්නේ ඒක දුරු කරන්න මෛත්රියට යොමු වුනා. ඒ ගැටෙන ගතිය අඩු වුන සැනින් නැවත ආනාපානසති කමටහනට ආවා.
-- ථීන මිද්ධය (හිතේ මැලිකම ද, කයේ මැලිකම ද) තියෙන්නේ කියලා බැලුවා, ඒ ථීන මිද්ධය දුරු කරන්න උත්සාහවත් වුනා, ඒ ථීන මිද්ධය දුරු වුනහම නැවත ආනාපානසති කමටහනට ආවා.
-- හිතේ විසිරෙනකම ද තියෙන්නේ, හිතෙන්ම හොඳට අධිෂ්ඨාන කළා, හිත විසිරෙන්න දෙන්නේ නැහැ කියලා, ඒ විසිරෙන කම නැතිවෙන විදිහට ආනාපානසති කමටහනේම ඉන්නවා.
-- ඊගාවට කලින් කලට අරමුණු විදර්ශනා කරනකොට (විදර්ශනා කරන හැටි මම පසුවට කියලා දෙන්නම්) විචිකිච්ඡා සහගතව හිත අහකට යන ගතිය අතහැරෙනවා.
මේ විදිහට නීවරණ ධර්මයන් උපදින උපදින තැන්වල ඒ නීවරණ ධර්මයන් දුරු කරමින් මෙන්න මේ ආනාපානසති කමටහන වැඩුවොත් හරි ඉක්මනට චිත්ත සමාධිය ඇතිවෙනවා. ඔන්න ඔය විදිහට බාහිරයට යන්න දෙන්නේ නැහැ, (නරක පැත්ත වළක්වලා) හොඳ දේ අරගෙන ආපහු සිහිය දියුණු කරගන්නවා. මෙන්න මේ විදිහටයි හිත රැකගන්නේ නගරයකට උපමා කරලා.
දන්නා හඳුනන අයට එන්න දෙනවා වගේ යහපත් දේට එන්න දෙනවා. කාමඡන්ද, ව්යාපාද, ථීන මිද්ධ, උද්දච්ච කුකුච්ච ආදී දේ දුටු තැන නවත්වනවා. මේ විදිහට හොඳ සිහියෙන්, හොඳ නුවණින් මේ හිත රක්ෂිත නගරයකට බඳු උපමා කොට තබාගනිමින් හොඳට රැකගන්නවා. ඔන්න එක ක්රමයක් දැන් මම කියලා දුන්නේ.
~~ මෛත්රි භාවනාව කරමින් නීවරණ ධර්ම දුරුකිරීම ~~
කෙනෙකුට ආනාපානසතිය බැහැ. මෛත්රි භාවනාව කරන්න පුළුවන් කියලා හිතන්නකෝ. ඒකත් ආනාපානසතිය වගේමයි සති නිමිත්ත ("පරිමුඛං සතිං උපට්ඨපෙත්වා") හැම කමටහනකටම අනිවාර්යය යි. සති නිමිත්තේ හොඳට හිත තියාගන්නවා. සති නිමිත්තේ හිත තියාගෙන සියලු සත්වයෝ කෙරෙහි මෛත්රි චිත්තය වැඩෙන ආකාරයේ එක ක්රමයක්/ එක පරියායක් තෝරාගන්නවා.
එහෙම නැතිනම් පරියායන් කිහිපයක් හෝ තෝරා ගන්නවා. එහෙම පරියායන් කිහිපයක් තෝරාගෙන මෛත්රි භාවනාව කරනවා. පරියායන් කිහිපයක් කියලා කිව්වේ මෛත්රි භාවනාව ක්රම කිහිපයකට කරන්න පුළුවන්.
• සියලු සත්වයෝ ඇතුලත්වෙන එක පරියායක් -
පොළවේ වසන සියලු සත්වයෝම නිදුක් වෙත්වා! නිරෝගී වෙත්වා! සුවපත් වෙත්වා! දුකින් මිදෙත්වා!
ජලයේ වසන සියලු සත්වයෝ නිදුක් වෙත්වා! නිරෝගී වෙත්වා! සුවපත් වෙත්වා! දුකින් මිදෙත්වා!
අහසේ වසන සියලු සත්වයෝ නිදුක් වෙත්වා! නිරෝගී වෙත්වා! සුවපත් වෙත්වා! දුකින් මිදෙත්වා!
කියලා හිතුවොත් සති නිමිත්තේ හිත තියාගෙන ඔන්න එක පරියායක්, එක ක්රමයක්. ඒ පරියායට සියලු සත්වයෝම හසුවෙලා.
• තව පුළුවන් මණ්ඩලාකාර විදිහට මෛත්රි භාවනාව වඩන්න.
තමන් ගාව ඉඳලා විශ්වයට, විශ්වයේ ඉඳලා තමන් ගාවට මෙත් සිත පතුරන්න පුළුවන්.
මම නිදුක් වෙම්වා! නිරෝගී වෙම්වා සුවපත් වෙම්වා! දුකින් මිදෙම්වා!
මා මෙන්ම මෙම සෙනසුණේ වසන සියලුම සත්වයෝ නිදුක් වෙත්වා! නිරෝගී වෙත්වා! සුවපත් වෙත්වා! දුකින් මිදෙත්වා!
මෙම ගමෙහි වසන සියලුම සත්වයෝ නිදුක් වෙත්වා! නිරෝගී වෙත්වා! සුවපත් වෙත්වා! දුකින් මිදෙත්වා!
මෙම පළාතේ වසන සියලුම සත්වයෝ නිදුක් වෙත්වා! නිරෝගී වෙත්වා! සුවපත් වෙත්වා! දුකින් මිදෙත්වා!
මෙම රටෙහි වසන සියලුම සත්වයෝ නිදුක් වෙත්වා! නිරෝගී වෙත්වා! සුවපත් වෙත්වා! දුකින් මිදෙත්වා!
මෙම ලොවෙහි වසන සියලුම සත්වයෝ නිදුක් වෙත්වා! නිරෝගී වෙත්වා! සුවපත් වෙත්වා! දුකින් මිදෙත්වා!
මෙම සක්වලෙහි වසන සියලුම සත්වයෝ නිදුක් වෙත්වා! නිරෝගී වෙත්වා! සුවපත් වෙත්වා! දුකින් මිදෙත්වා!
මෙම දසදහසක් සක්වලෙහි සියලුම සත්වයෝ නිදුක් වෙත්වා! නිරෝගී වෙත්වා! සුවපත් වෙත්වා! දුකින් මිදෙත්වා!
යටින් අවිචියේ පටන් උඩින් භවාග්රය දක්වා හාත්පස අනන්ත අපරිමාන සක්වලවල් වල වසන සියලුම සත්වයෝ නිදුක් වෙත්වා! නිරෝගී වෙත්වා! සුවපත් වෙත්වා! දුකින් මිදෙත්වා!
කියලා තමන්ගේ ඉඳලා අනන්ත විශ්වය දක්වා මෙත් සිත පතුරනවා.
යටින් අවිචියේ පටන් උඩින් භාවාග්රය දක්වා හාත්පස අනන්ත අපරිමාන සක්වලවල් වල වසන සියලුම සත්වයෝ නිදුක් වෙත්වා! නිරෝගී වෙත්වා! සුවපත් වෙත්වා! දුකින් මිදෙත්වා!
දසදහසක් සක්වලෙහි සියලුම සත්වයෝ නිදුක් වෙත්වා! නිරෝගී වෙත්වා! සුවපත් වෙත්වා! දුකින් මිදෙත්වා!
මෙම සක්වලෙහි වසන සියලුම සත්වයෝ නිදුක් වෙත්වා! නිරෝගී වෙත්වා! සුවපත් වෙත්වා! දුකින් මිදෙත්වා!
මෙම ලොවෙහි වසන සියලුම සත්වයෝ නිදුක් වෙත්වා! නිරෝගී වෙත්වා! සුවපත් වෙත්වා! දුකින් මිදෙත්වා!
මෙම රටෙහි වසන සියලුම සත්වයෝ නිදුක් වෙත්වා! නිරෝගී වෙත්වා! සුවපත් වෙත්වා! දුකින් මිදෙත්වා!
මෙම පළාතේ වසන සියලුම සත්වයෝ නිදුක් වෙත්වා! නිරෝගී වෙත්වා! සුවපත් වෙත්වා! දුකින් මිදෙත්වා!
මෙම ගමෙහි වසන සියලුම සත්වයෝ නිදුක් වෙත්වා! නිරෝගී වෙත්වා! සුවපත් වෙත්වා! දුකින් මිදෙත්වා!
මෙම සෙනසුණේ වසන සියලුම සත්වයෝ නිදුක් වෙත්වා! නිරෝගී වෙත්වා! සුවපත් වෙත්වා! දුකින් මිදෙත්වා!
මම නිදුක් වෙම්වා! නිරෝගී වෙම්වා සුවපත් වෙම්වා! දුකින් මිදෙම්වා!
කියලා අනන්ත විශ්වයේ ඉඳන් තමන් දක්වාත් මේ විදිහට මෙත් සිත පතුරනවා. සති නිමිත්තේ ඉඳිමින් මෙත් සිත පතුරන කොට අර ඉස්සෙල්ලා ආනාපානසතිය වඩනකොට කිව්වා වගේ, මේ කමටහන වඩන්න දෙන්නේ නැහැ රාගාදී අරමුණක් එනවා, ඒ වෙලාවේදී මේ මෙත් සිත පතුරන එක නතර කළා, රාගය දුරු කිරීම පිණිස අසුභ නිමිත්ත ආදේශ කරලා රාගය නැති වුනාට පස්සේ ආපහු මේ කමටහන (මෙත් සිත) වඩනවා.
ආපහු මෙත් සිත වඩනකොට මේක කරන්න දෙන්නේ නැතිවෙන්න කෙනෙක් ගැන අමනාපයම එනවා. ඒ වෙලාවේදී නැවත මේ මෙත් සිත පතුරන එක නතර කෙරුවා, ඉස්සෙල්ලා කිව්වා වගේම පටිඝ නිමිත්ත අරමුණු වෙන්න නොදී ඒ කෙනා විසින් කරපු එක හොඳ දෙයක් හෝ පෙන්වලා අමනාපය ඇති නොවෙන මට්ටමට පත්කර ගෙන ආපහු කමටහනට එනවා.
මේ විදිහට නැවත කමටහන ඇවිත් ටික වෙලාවක් කරගෙන යනකොට හිතත් මැලිවෙලා, කයත් මැලිවෙලා ථීන මිද්ධයෙන් යුක්තයි. ඊටපස්සේ හිතේ මැලිකම දුරුවෙන්න විර්යයට හිතලා, කයේ මැලිකම දුරුවෙන්න කායික විර්යය කරලා ඒ මැලිකම් දුරු වුනාට පස්සේ නැවත මෛත්රි කමටහන වඩනවා.
එහෙම ටික වෙලාවක් කමටහන වඩනකොට, හිතේ විසිරීම් ඇතිවෙන කොට ඒ ගතිය දුරුවෙන්න හොඳට උවමානාවෙන් සති නිමිත්තේ හිත දැඩි කරගෙන මෛත්රි කමටහන මෙනෙහි කරනවා.
විචිකිච්ඡා - කෙසේද කෙසේද විමති ඇතිවෙන කොට හොඳට විදර්ශනා කරනවා. (පසුවට කියලා දෙන්නම්)
මෙහෙම කරනකොට නීවරණ ධර්මතා පහ නැහැ.
මෙත් සිත වඩන එක පරියායයක් ගත්තා, යම් නීවරණ ධර්මයන් තමන්ගේ මනසේ උපන්නා කියලා දැනගත්තහම ඒ නීවරණය දුරු කෙරුවා නැවත මුල් කමටහනට එනවා. ආපහු කමටහනේ ඉන්නකොට වෙන නීවරණ ධර්මයක් ආවොත් ඒ නීවරණය දුරු කෙරුවා, නැවත මුල් කමටහනට ආවා.
• තව ඔය විදිහටම මෛත්රි කමටහන සදිසාවන්ට වඩන්න,
උතුරු දිසා වැසි සියලුම සත්වයෝ නිදුක් වෙත්වා! නිරෝගී වෙත්වා! සුවපත් වෙත්වා! දුකින් මිදෙත්වා!
දකුණු දිසා වැසි සියලුම සත්වයෝ නිදුක් වෙත්වා! නිරෝගී වෙත්වා! සුවපත් වෙත්වා! දුකින් මිදෙත්වා!
නැගෙනහිර දිසා වැසි සියලුම සත්වයෝ නිදුක් වෙත්වා! නිරෝගී වෙත්වා! සුවපත් වෙත්වා! දුකින් මිදෙත්වා!
බටහිර දිසා වැසි සියලුම සත්වයෝ නිදුක් වෙත්වා! නිරෝගී වෙත්වා! සුවපත් වෙත්වා! දුකින් මිදෙත්වා!
උඩ දිසා වැසි සියලුම සත්වයෝ නිදුක් වෙත්වා! නිරෝගී වෙත්වා! සුවපත් වෙත්වා! දුකින් මිදෙත්වා!
යට දිසා වැසි සියලුම සත්වයෝ නිදුක් වෙත්වා! නිරෝගී වෙත්වා! සුවපත් වෙත්වා! දුකින් මිදෙත්වා!
කියලා මෙත් සිත වඩන්න පුළුවන්. මේ හැම ක්රමයකටම අවශ්ය නැහැ. එක ක්රමයක් තමන් පුරුදු කරන කමටහන හැටියට තබාගන්න. ඒකේ පිහිටලා තමයි නීවරණ චිත්තය ගෙවා ගන්නේ. ඒ කමටහන අඛණ්ඩව මෙනෙහි කරනවා. ඒකට බාධාවෙන ප්රතිපක්ෂ නීවරණ ධර්මයකට හිත ගියොත් ඒ නීවරණය දුරු කෙරුවා, නැවත ආයේ මුල් කමටහනට/ තමන් නිතරම පරිහරණය කරන කමටහනට පැමිණිය යුතුයි.
• දස දිසාවන්ටත් මෙත් සිත පතුරවන්න පුළුවන්
උතුරු දිසා වැසි සියලුම සත්වයෝ නිදුක් වෙත්වා! නිරෝගී වෙත්වා! සුවපත් වෙත්වා! දුකින් මිදෙත්වා!
උතුරු අනුදිසා වැසි සියලුම සත්වයෝ නිදුක් වෙත්වා! නිරෝගී වෙත්වා! සුවපත් වෙත්වා! දුකින් මිදෙත්වා!
දකුණු දිසා වැසි සියලුම සත්වයෝ නිදුක් වෙත්වා! නිරෝගී වෙත්වා! සුවපත් වෙත්වා! දුකින් මිදෙත්වා!
දකුණු අනුදිසා වැසි සියලුම සත්වයෝ නිදුක් වෙත්වා! නිරෝගී වෙත්වා! සුවපත් වෙත්වා! දුකින් මිදෙත්වා!
නැගෙනහිර දිසා වැසි සියලුම සත්වයෝ නිදුක් වෙත්වා! නිරෝගී වෙත්වා! සුවපත් වෙත්වා! දුකින් මිදෙත්වා!
නැගෙනහිර අනුදිසා වැසි සියලුම සත්වයෝ නිදුක් වෙත්වා! නිරෝගී වෙත්වා! සුවපත් වෙත්වා! දුකින් මිදෙත්වා!
බටහිර දිසා වැසි සියලුම සත්වයෝ නිදුක් වෙත්වා! නිරෝගී වෙත්වා! සුවපත් වෙත්වා! දුකින් මිදෙත්වා!
බටහිර අනුදිසා වැසි සියලුම සත්වයෝ නිදුක් වෙත්වා! නිරෝගී වෙත්වා! සුවපත් වෙත්වා! දුකින් මිදෙත්වා!
උඩ දිසා වැසි සියලුම සත්වයෝ නිදුක් වෙත්වා! නිරෝගී වෙත්වා! සුවපත් වෙත්වා! දුකින් මිදෙත්වා!
යට දිසා වැසි සියලුම සත්වයෝ නිදුක් වෙත්වා! නිරෝගී වෙත්වා! සුවපත් වෙත්වා! දුකින් මිදෙත්වා!
මේ වගේ ඕනෑම ක්රමයකින් මෙත් සිත වඩනවා.
~~ අසුභ භාවනාවෙන් නීවරණ දුරු කීර්ර්ම ~~
තව කෙනෙක් ඉන්නවා එයාට ආනපානසතියත් බැහැ, මෛත්රි භාවනාවත් බැහැ. නමුත් එයාට පුළුවන් අසුභ භාවනාව වඩන්න. එයා මේ කයට හොඳට සිහිය යොමු කරගත්තා හිත අහකට යන්නට නොදී, "වණ්ණ සණ්ඨාන ගන්ධෙහි" කියලා වර්ණ වශයෙන්, සටහන් වශයෙන්, ගන්ධ වශයෙන් පිහිටි ස්ථාන වශයෙන් හොඳට නිමිති අරගෙන 'කෙස්' කියන කොටස ගන්නවා.
ඒ කෙස්වල ස්වභාව වශයෙන්ද, ගන්ධ වශයෙන්ද, හැඩ සටහන් වශයෙන්ද, පිළිකුල් වශයෙන්ද අරගෙන මේ කෙස් කියන එක සියලු ආකාරයෙන් පිළිකුල් ස්වභාවයෙන් යුක්තයි. ඒ වගේම කෙස්, ලොම්, නිය, දත්, සම්, මස්, නහර ආදී මේ ශරීරයේ තියෙන කුණුප කොටස්වල පඨවි කොටස් විස්ස එකින් එක එකින් එක මෙනෙහි කරනවා.
පිත්, සෙම්, සැරව, ,ලේ, දහදිය ආදී ආපෝ ධාතු කොටස් දොළහත් එකින් එක එකින් එක හොඳට මෙනෙහි කරමින් මේවා දුගඳයි, පිළිකුල්, අසුභ ආසාර බව මෙනෙහි කරනවා.
- සත්වයෙක් හෝ පුද්ගලයෙක් නොවී කනබොන ආහාරයෙන් හැදුනු දුගඳ වූ පිළිකුල් ස්වභාවයෙන් යුක්ත කුණුප කොට්ඨාශයක් නේද 'කෙස්' කියන්නේ,
- සත්වයෙක් හෝ පුද්ගලයෙක් නොවී කනබොන ආහාරයෙන් හැදුනු දුගඳ වූ පිළිකුල් ස්වභාවයෙන් යුක්ත කුණුප කොට්ඨාශයක් නේද ලොම් කියන්නේ.
මේ විදිහට එකින් එක එකින් එක මෙනෙහි කරමින් කයේම හිත හසුරවනවා. එහෙම ඉන්නකොට ටික වෙලාවකින් හිත අහකට යනවා, එතකොට නැවත සති නිමිත්තට හිත අරගෙන අසුභ කමටහනටම නැවත එනවා.
එහෙම ඉන්නකොට නැවත හිත අහකට යනවා නම්, කුමක් නිසාද හිත අහකට යන්නේ කියලා, හිත අහකට යන ඒ අරමුණ ගැන හොඳට බැලුවොත් අපිට අහුවෙයි එක්කෝ එහි ආශ්වාදයකට, එක්කෝ අමනාපයකට, එක්කෝ ආශ්වාදයක් අමනාපයක් නැහැ නමුත් හිත ඔහේ විසිරිලා.
ඒ මොනම දෙයක් තිබ්බත් ඒ හැම දෙයක්ම අයිති වෙනවා නීවරණ ධර්ම කියන ගොඩට. එවිට ඒ අදාළ නීවරණය නැති කරන්න හදලා නැවත මේ අසුභ මනසිකාරයට ආ යුතුයි.
~~ චතුධාතු වවත්ථාන මගින් නීවරණ ධර්ම දුරු කිරීම ~~
කෙස්, ලොම්, නිය, දත්, සම්, මස් කියන පඨවි ධාතු කියලා බලනවා. නැතිනම් එකින් එක ගන්නත් පුළුවන්. කෙස් කියන්නේ පඨවි ධාතු ස්වභාවයක්. බාහිර ගස්වැල් වල, කළුගලක තියෙන තද ස්වභාවය, කෙස් කියන තද ස්වභාවයත් දෙකම එකයි නේද.
කළුගලක තියෙන තද ස්වභාවය කෙනෙක් පුද්ගලයෙක් නොවෙනවා වගේම කෙස් ද කෙනෙක් පුද්ගලයෙක් නොවන කනබොන ආහාරයෙන් හැදිලා තියෙන්නේ කියලා බලනවා.
බාහිර පස් පිඩක, ගල් කැටයක, ගහක කොළක තියෙන තද ස්වභාවයත් ලොම්වල තද ස්වභාවයත් සමානයි. ගල් කැටයක් සත්වයෙක් පුද්ගලයෙක් නොවෙනවා වගේම මේ ලොම් කියන එකත් සත්වයෙක් පුද්ගලයෙක් නෙමෙයි. කනබොන ආහාරයෙන් හැදුනේ.
මේ වගේ බාහිර ධාතුවට සම කරමින් මේ කොටස් විස්ස බලනවා. මෙහෙම බලමින් ඉන්නකොට හිත අහකට යනවා. නැවත සති නිමිත්තට හිත අරගෙන මේ චතුධාතු වවත්ථාන මනසිකාරයට ගන්නවා.
නමුත් ටික වෙලාවකින් ආයේ හිත අහකට යනවා. කලින් වගේ හිත අහකට යන්නේ ඇයි කියන එක බලලා ඒ හිත අහකට යන්න හේතු වුණු නීවරණ ගතිය අයින් කරලා නැවත චතුධාතු වවත්ථාන කමටහනට එනවා.
ඒවගේ ආපෝ කොටස් ටිකත් ගන්නවා, තේජෝ කොටස් හතරත් ගන්නවා, වායෝ කොටස් හයත් ගන්නවා. ඔය වගේ ආධ්යාත්මික චතුධාතු බාහිර චතුධාතුවට සමාන කරලා බලනවා.
ඒ කියන්නේ,
• අපෝ කොටස් ටික බාහිර ජලයට සමාන කරලා,
• තේජෝ කොටස් ටික බාහිර ගින්නට/ උෂ්ණයට සමාන කරලා,
• වායෝ කොටස් ටික බාහිර හමන හුළඟට සමාන කරලා,
බාහිර ජලය, උෂ්ණය, වාතය සත්වයෙක් පුද්ගලයෙක් නෙමෙයි නම් මේ කයේ තියෙන ආපෝ, තේජෝ, වායෝ කොටස්ද සත්වයෙක් පුද්ගලයෙක් නෙමෙයි කියලා බලනවා.
ඔන්න ඔය විදිහට, ප්රකෘති කමටහනක පිහිටලා / තමන්ට වඩන්න පුළුවන් ඒකත්වයකට යන කමටහනක/ බොජ්ඣඞ්ග භාවනාවක පිහිටලා ඒ තුල හිඳිමින් නීවරණ ධර්මයන් තමන්ගේ චිත්ත සන්තානයේ නූපදවන්න සැලැස්විය යුතුයි. හැම වෙලාවේම තමන් මේ කමටහන අතහැරලා හිත අහකට ගන්නේ අන්න අර නීවරණ ධර්මයන්ගේ යුක්ත අරමුණ හිඳින්න.
හැම වෙලාවේම ප්රකෘති කමටහන (ආනාපානසතිය/ මෛත්රි/ අසුභ/ චතුධාතු වවස්ථාන ආදී) අතහැරලා හිත අහකට ගන්නේ අන්න අර නීවරණ ධර්මයන්ගේ යුක්ත අරමුණ හිඳින්න. යම්වෙලාවක තමන්ට තේරුනා නම් තමන්ට රාග ගතියක් ඇතිවෙච්ච නිසයි කමටහනෙන් හිත අහකට ගත්තේ, දැන් ඒ හිතේ රාග ගතිය ගියා මේ විදිහට බලනකොට කියලා දැක්කහම නැවත මුල් (ප්රකෘති) කමටහනට එන්න ඕනේ.
ආපහු මේ කමටහනේ භාවනා කරමින් ඉන්නකොට තරහවක් අමනාපයක් කෙනෙක් ගැන ඇතිවෙනවා නම් ඒක දුරු කරන්න හිත අහකට ගත්තා කමටහනින් . නොයෙක් විදිහට තමන් දක්ෂ වෙන්න ඕනේ උපායශීලි වෙලා අමනාප ගතිය, අකැමති ගතිය අයින් කරන්න කටයුතු කරලා, ඒ අමානප අකැමති ගතිය අයින් වුනා කියලා තෙරුනහම නැවත මුල් කමටහනට එනවා.
ඔන්න ඔය විදිහට කටයුතු කරනකොට එයා හොඳට මේ සිත නැමති නගරය රක්ෂිතව තබාගෙන තියෙනවා. "නගරූපමං චිත්තමිදං ඨපෙත්වා" - මේ සිත හොඳ රක්ෂිත නගරයකට උපමා තබාගන්න. එහෙම රක්ෂිතව තබාගත්තේ කුමක් සදහාද? "කුම්භූපමං කායමිමං විදිත්වා " - කය බිඳෙන මැටි කළයකට බඳු බව දකින්න. මෙන්න මෙතන තමයි බොහොම වටිනා ටික තියෙන්නේ.
මතු සම්බන්ධයි
අතිපූජනීය මාන්කඩවල සුදස්සන ස්වාමීන් වහන්සේ විසින් 2020.09.01 බිනර පොහොය දින ලබුනෝරුව කන්ද ආරණ්ය සේනාසනයේදී සිදු කළ ධර්ම දේශනාව ඇසුරෙන් පිටපත් කිරීමකි.
0 Comments