විභජ්ජවාදී දේශණා තෙවන ලිපි මාලාව - 3


විභජ්ජවාද
තෙවන දේශනාව:3

උපාදානය කියන එක හිතේ යෙදෙන ධර්‍මතාවයක්. කාම උපාදානය ආදී උපාදානය, හිතේ යෙදෙන ධර්‍මතාවයක්. එතකොට රූපය, අපි කතා කළා හේතුවල යෙදෙන ධර්‍මතාවයකුත් නෙවෙයි කියලා. ඒ වගේම ඉදිරියේදී අපට හම්බවෙනවා, චිත්ත විප්‍රයුක්තං කියලා, හිතේ යෙදෙන ධර්‍මයකුත් නෙවෙයි කියලා. 

එතකොට, උපාදානය හිතේ යෙදෙන ධර්‍මයක් වෙනකොට, රූපය හිතේ නො යෙදෙන ධර්‍මයක් නම්, චිත්ත විප්‍රයුක්තවුනු රූපයට, හිතේ යෙදෙන උපාදානය යෙදෙන්න විදියක් නැහැ.
හදිසියේවත් ඔය උපාදානය රූපයේ යෙදෙනවා කියලා අපි කියනවා නම්, එතකොට, ඒකෙන් අපි කියනවා රූපයත් හිතේ යෙදෙනවා කියලා. එතකොට, බුදුරජාණන්වහන්සේ දේශනා කරපු දර්‍ශනයට ප්‍රතිවිරුද්ධව යනවා.

අපට ඒක නිසා දකින්න වෙනවා, රූපය කියන තැන, ස්කන්ධමය ස‍්වභාවයක්. රූපස්කන්ධය, සතර මහා ධාතු ස‍්වභාවය. එතන සත්ත්ව පුද්ගල බවෙන් ඔබ්බට, සත්ත්ව පුද්ගල බව ඉක්මවා සිටිය මට්ටමක්. ඊටපස්සේ, උපාදානස්කන්ධ මට්ටමේදී, අර පිණී බිංදු ටික වැහුනු වළාකුල වගේ, පිණි බිංදු ටික නො පෙන්නා අපට පෙන්වන වළාකුල වගේ, උපාදානස්කන්ධය. ඉතුරු නැතුව නැතිවුනු රූපස්කන්ධය ඇති තැනක, අපට පෙන්වනවා ධර්‍මතා ටිකක්, අම්මා තාත්තා, දුවා පුතා, ගෙවල් දොරවල්, මෙන්න මේ වගේ ටිකක්. 

මතු සම්බන්ධයි

Post a Comment

0 Comments