විභජ්ජවාදී දෙවන ලිපි මාලාව -4



විභජ්ජවාද
දෙවන දේශනාව:4

‘සප්පච්චයං‘ සහ ‘සංඛතං‘ කියනකොට, අපට රූපය දකින්න වෙනවා, බොහොම ගැඹුරු තැනකින්. ඒ කියන්නේ, සම්මතය තුළ අපි හිතාගෙන ඉන්න, ඇති බවට හම්බවෙන, තියෙනවා කියලා අපි සංකල්පනා කරන රූපය, මේ ප්‍රත්‍ය ධර්‍මතා ටිකක් යෙදෙනකොට ප්‍රත්‍ය ටික ඇති කල්හි හටගෙන, ප්‍රත්‍ය නිරෝධයෙන් නිරුද්ධවෙන ධර්‍මතාවයක්. 

එතකොට, රූපය ‘සංඛතයි‘,හේතු ටිකක් ඇති කල්හි පෙන්නපු දෙයක්. හැබැයි ඒ සංඛත හැමදේම අනිත්‍යවෙලා, නැතිවෙන ස‍්වභාවයෙන් යුක්ත දෙයක්. මොකද? හේතූන්ගෙන් යමක් සකස් කළා නම්, ඒ සකස් කරපු දේ ඒ හේතු නිරුද්ධ වෙනකොටම, ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා. එතකොට ඒ සංඛත රූපය ඉතුරු නැතුවම, මේ මොහොතේම, නිරුද්ධවෙනවා.

‘සප්පච්චයං‘ සහ ‘සංඛතං‘ කියනකොට, ඔන්න ඔය ගැඹුරු අර්‍ථය අපේ ජීවිතයට ඇවිල්ලා තියෙන්න ඕන. ‘සප්පච්චයං‘ කිව්වේ ප්‍රත්‍ය සහිතයි කියනකොට, රූපය ලෝකේ තිබිලා, තියෙන රූපයම ප්‍රත්‍ය සහිතයි කියන එක නෙවෙයි. මේ ප්‍රත්‍ය ධර්‍මතා ටික ඇති කල්හි, මේ මොහොතේ හැදෙන රූපයක්. ඒ වගේම ප්‍රත්‍ය නිරෝධයෙන් ඉතුරු නැතුව නිරුද්ධවෙන රූපයක් කියන මේ දැක්ම අපට ඇවිල්ලා තියෙන්න ඕන.

මතු සම්බන්ධයි

Post a Comment

0 Comments