== අනිත්‍ය සංඥාව කුමක් පිණිසද? ==
"අනිච්චසඤ්ඤා භාවෙතබ්බා අස්මිමානසමුග්ඝාතාය"- අනිත්‍ය සංඥාව වඩනවා අස්මිමානය දුරුකර ගැනීම සඳහා. 'අස්මිමානය' කියලා කියන්නේ 'වෙමි' යි කියන හැඟීම. 'වෙමි' කියන දේ යම්කිසි කෙනෙකුට තිබුණොත් තමයි 'වෙමි'යි කියන හැඟීම සමඟ ඇතිවෙන සියලු කෙලෙසුන්ගේ පැවැත්ම එයාට තියෙන්නේ. 'අස්මිමානය' කියන දෙයින් අපේ හැම තැනකම පැතිරී පවතින ආත්ම දෘෂ්ඨිය දක්වාම අද අපිව අරගෙන යනවා. හැබැයි අස්මිමානය දුරු කරන්නට වෙන්නේ අන්තිම තැනදී. අර්හත් මාර්ගයෙන් නේ අස්මිමානය දුරු වෙන්නේ. අස්මිමානය මත ඇති කරපු 'ආත්ම දෘෂ්ඨි' සංඛ්‍යාත දේ තමයි ඉස්සෙල්ලාම අපිට හම්බ වෙන්නේ. ඒ කියන්නේ අස්මිමානයේ තියෙන රළුම ටික.
එතකොට ඒ මට්ටමේ ටික අපි ඉස්සෙල්ලාම තේරුම් ගන්නට අවශ්‍යයි. අස්මිමානය කියන එක දුරු කරන්නට හේතු වෙනවා අනිත්‍ය සංඥාව. ඇයි එහෙම කිව්වේ? 'වෙමි' යි කියන හැඟීම පවතින්නේ නිත්‍ය සංඥාව මත. 'නිත්‍ය සංඥාව' කියලා කියන්නේ "ලෝකයෙහි පවතින බවට" අපිට ඇති සංකල්පනාව. එතකොට ඒ නිත්‍ය සංකල්පනාව පවතින්නේ කොහෙද? නිත්‍ය සංකල්පනාව පවතින්නේ ඇස, කන, නාසය, දිව, ශරීරය, මනස කියන මේ ආයතන ටිකේ. ඒකේ ලක්ෂණය - ඔබට කලින් දැකපු දේ දැන් ආපහු දකින්න පුළුවන් කියලා ඔබට යම් තැනක් සිහිපත් කරලා එතනට යන්න පුළුවන්කම අද තියෙනවා. ඔබට දිගින් දිගට, දිගින් දිගට ඒ දැකපු අහපු දේවල් පිළිබඳව ඇති බවට කල්පනා කරන්න පුළුවන්. මේ තමයි නිත්‍ය බවේ ලක්ෂණය.
නිත්‍ය බවේ ලක්ෂණය නිසා ඔබට ඇතිවෙලා තියෙන දේ මොකක්ද? 'කලින් රූපය දැකපු "මම" මෙතන ඉන්නවා', ඒ වගේම 'කල්පනා කරපු තැනට යන "මම" මෙහි ඉන්නවා', ඒ වගේම 'කල්පනා කරලා වැඩ කරන්න පුළුවන් "මම" මේ පැත්තේ ජීවත් වෙනවා'. එහෙනම් ඒ ටික අපිට ඇති බවට ගෙනාපු එකෙන් පුද්ගලභාවය සහ අද අපේ ජීවිතය නිර්මාණය වෙලා තියෙනවා. නුවණක් අපිට පවත්වන්නට පුළුවන් නම් "නිරුද්ධ වුන දේ නිරුද්ධමයි" කියලා, හටගත්ත ධර්මය ඉතුරු නැතිව නැතිවෙලා ගියපු බවට අපිට පවත්වන්නට පුළුවන් නම්, අපිට යම් අවබෝධයක් නිසා ඒ දේවල් වලට නැඹුරු නොවනවා නම්, අන්න ඒ අවබෝධය ඇතිකර ගන්න පුළුවන් කම තියෙනවා.
ඒ කියන්නේ, ඇහැ සහ රූපය පිළිබඳව අපිට හොඳට නුවණයි නම්, කන සහ ශබ්ද පිළිබඳව අපිට හොඳට නුවණ පවතිනවා නම් පින්වතුනි අපිට මේ ටික හොඳටම ප්‍රමාණවත් ඒ ඒ ආයතනයන්ගේ ස්වභාවය තේරුම් ගැනීම තුල නිත්‍ය සංඥාව පවත්වන්නේ නැති වෙන්න. අපි නිත්‍ය සංඥාව පවත්වන්නෙම දැකපු දේ දැනගන්නකොට, ඒ දැනගන්න දේ අපි දැනගන්නේ 'දැකපු දේ තියෙනවා' කියලා. එතකොට ඒ 'දැකපු දේ තියෙනවා' නම් 'දැකපු කෙනා'ත් ඉන්නවා. 'අහපු දේ තියෙනවා' නම් 'අහපු කෙනා'ත් ඉන්නවා. 'විඳපු දේ තියෙනවා' නම් 'විඳපු කෙනාත්' ඉන්නවා. ඒකට කියනවා 'අස්මිමානය හා සමඟ යනවා' කියලා. මෙතන ප්රශ්නය වෙන්නේ දැනගැනීම නෙවෙයි.
දැනගැනීම කියන තැනින්ම ප්රශ්නය කියලා හිතන්න එපා. 'දැනගත්ත දේ පවතින දේයි' කියලා හිතන එකයි ප්රශ්නය. දැනගැනීම කියන එක ඇත්තටම විපාක ධර්මයක් විදියට හම්බවෙන දෙයක්. ඒ නිසා දැනගැනීමෙහි නෙවෙයි ගැටලුව තියෙන්නේ. 'දැනගත්ත දේ බාහිර පවතින දේ යි' කියලා නැවත බාහිර පැත්තට නැඹුරු වෙනකම තියෙනවා නම් අන්න ඒ නැඹුරු වෙනකම තමයි මෙතන තියෙන ගැටලුව. ඒ කියන්නේ, නිරුද්ධ වුන ධර්මය පිළිබඳව ඇති හැටියට කල්පනා කරන විපල්ලාසයක්, හිතේ පෙරලුණ සංඥාවක් තමයි අපිට පවතින්නේ. ඒ 'පවතින බව' තුළ සිද්ධවෙන දේ තමයි ආත්ම සංකල්පනාවක් ගොඩනැගෙනවා. ඇයි?
දැන් ඔබ ඉදිරිපසින් ඇති දේ ඔබට පෙනෙනවා, ඉදිරිපසින් ඇති දේ ඔබට පේනකොට 'ඒ දේ දකින "කෙනා" මේ පැත්තේ ඉන්නවා' කියලා තමාව නිර්මාණය කරගෙන, තමා ඉන්න බවට අරගෙන ඉවරයි. ඊට පස්සේ මේ ශබ්දය අහනකොට 'ආ ඒ රූප දැකපු "මම" තමයි දැන් මේ බණ අහන්නේ'. එතකොට ඒ තුළ තමන්ව නිර්මාණය කරගෙන ඉවරයි. ඊටපස්සේ 'ඒ අහපු "කෙනා" තමයි මේ විඳින්නේ' කියලා "විඳින කෙනා" නිර්මාණය කරගෙන ඉවරයි. දැකපු, අහපු, විඳපු "මම" කියන එක ඉතුරු වෙනවා. එතකොට ඒ ගතිය ඉතුරු වෙනවා කියන එකෙන් අදහස් කළේ ඒ ටික ඔක්කොම එකතු කර කර නැවත නැවත අපි ඇසුරු කරනවා. ආපහු ප්‍රතිචාර දක්වන්නේ ඒ ධර්මතා ටික එකතු කරගෙන.
එතකොට ඒ ආශ්‍රව ධර්මතා ටික, 'පුරුදු කරපු ධර්මතා ටික' නිසා තමයි ආත්ම සංකල්පනාවක් පවතින්නේ අපිට. ආත්ම සංකල්පනාව පවතින්න ප්‍රධානම හේතුව - හටගත්ත ධර්මය නිරුද්ධ වුන බවට නොදන්නාකම නිසා ඒ ධර්මය ඇති බවට ගන්න වැරදි සහගත සංකල්පනාව. අපිට ඒ වැරදි සහගත සංකල්පනාව දුරු කරගන්න තමයි අනිත්‍ය සංඥාව වඩන්න කියලා කියන්නේ. "අනිත්‍යයි" කියලා කියන්නේ, 'හටගත්ත දේ ඉතුරු නැතිව නැතිවුනා' කියන එක. ඒ නිසා තමයි, බුදුරජාණන් වහන්සේ භික්ෂූන් වහන්සේලාගෙන් බහුල ලෙස අහපු ප්රශ්නය තමයි, 'මහණෙනි, ඇස නිත්‍යද අනිත්‍යද?, රූපය නිත්‍යද අනිත්‍යද?, චක්ඛු විඤ්ඤාණය නිත්‍යද අනිත්‍යද? 'අනිච්චං භන්තේ' - 'ස්වාමීනී, අනිත්‍යයි'.
'අනිත්‍ය' කියන එක නිතර භාවිත වුනා. 'අනිත්‍ය' කියන එක නිතර ප්‍රගුණ වුනා. 'අනිත්‍ය' කියන එක නිතර භාවිත වුනේ ලොකු අර්ථයක් කියලා දෙන්නට අවශ්‍ය නිසා. නිවනට අවශ්‍ය ප්‍රධානම දේ තමයි අනිත්‍යානු දර්ශනය, අනිත්‍ය අනුව දැකීම. අනිත්‍ය දැක්කොත්, "අනිච්චසඤ්ඤිනො, භික්ඛවෙ භික්ඛුනො, අනත්තසඤ්ඤා සණ්ඨාති" - ඒ කෙනාට තමයි අනාත්ම සංඥාව පිහිටා සිටින්නේ. යම්කිසි කෙනෙක් අනිත්‍ය දැක්කොත්, අනිත්‍ය දකින කෙනාට තමයි අනාත්ම සංඥාව එන්නේ. ඒ කියන්නේ, පුද්ගලයෙකුගේ පැවැත්මක් මෙතන නෑනේ.'හටගත්ත දේ ඉතුරු නැතිව නිරුද්ධ නම්, ඒ දේ සමඟ තමන් ඉන්නවා කියන්න බැහැනේ'.
ඒ හේතු ඵල ධර්මයන්ගේ නිරෝධය දකිනවා. නාමරූපයන්ගේ නිරෝධය දකිනවා. ඇහැ රූප ඉතුරු නැතිව නිරුද්ධ වුන බව දකිනවා. ඇහැ රූප දෙක ඉතුරු නැතිව නිරුද්ධ වුන බව දකින නිසාම ඒ දේවල් කෙරෙහි නැවත නැඹුරු වීමක් සිද්ධ වෙන්නේ නැහැ. ඒ නිසා අස්මිමානය නැති කරන්නට යන කෙනෙකු අනිත්‍ය සංඥාව වඩනවා. අනිත්‍ය සංඥාව වඩන ඒ කෙනාට මොකද වෙන්නේ? අනාත්මය පිහිටා සිටිනවා. ඒ කියන්නේ, අනාත්මය නොවැඩුවත් අනිත්‍ය දකිනවා නම් එයාට පෙනෙන්නේ 'ආත්ම වශයෙන් ගන්න තැනක් නැහැ' කියන අනාත්ම සංඥාව. අනාත්ම සංඥාව එයාට වැඩුණොත් අනාත්ම සංඥාව වැඩෙන කෙනා, 'අනත්තසඤ්ඤී අස්මිමානසමුග්ඝාතං පාපුණාති' - අස්මිමානය සමුග්ඝාතනය කරනවා. ඇයි?
එයාට ඒ ඒ ආයතනයන්ගේ නිරෝධය සාක්ෂාත් වෙනවා හැම ආයතනයක් පාසාම. හැම ආයතනයකින්ම අස්මිමානය සමුග්ඝාතය සිද්ධ කරනකොට අන්න ඒ කෙනාට දැන් පවත්වන්නට ක්ශේස්ත්‍රයක් නැහැ, බිමක් නැහැ. ඇහැ පැත්තෙන් ගත්ත අරමුණු ඉතුරු නැතිව නිරුද්ධයි කියලා දකිනවා. කන පැත්තෙන් ආපු අරමුණු ඉතුරු නැතිව නිරුද්ධයි කියලා දකිනවා. ඇහැ ඉතුරු නැතිව නැති වුනා, කන ඉතුරු නැතිව නැති වුනා කියලා දකිනවා. දකින ඒ කෙනාට, අපි කියනවා, ඇහැ නිරුද්ධයි කියලා. ඇයි? ඇහේ නිරෝධය තමයි දකින්නේ. 'ඇහැ හටගෙන නිරුද්ධ වුනා' කියලා.
අපි කලින් කිව්වානේ ඒ ඒ වෙලාවට ඒ ඒ කෙනාට (විපාක ධර්මතා වලට) පුළුවන් තමන්ගේ දේ කරන්න විතරයි කියලා. එතකොට රූපයට පුළුවන් ඇහැට පතිත වෙන්න. ඇහැට පුළුවන් රූපය පතිත කරගැනීම කරන්න. ඊට පස්සේ චක්ඛු විඤ්ඤාණයේ හැකියාව තිබුණේ අර ඇස පිළිබඳව යොමුවෙලා රූපය පිළිබඳව දැනගැනීමට. එතකොට මේ එක එක්කෙනා එක එක්කෙනාගෙ වැඩේට වැය වෙලා. ඒ ටිකේ එකතුව ගෙනැල්ලා දෙන්න විතරයි මනෝ ධාතු සිතට පුළුවන් වුනේ. මනෝ විඤ්ඤාණ ධාතුවට පුළුවන් වුනේ මනෝ ධාතු සිතෙන් ඒ ඔසවලා දීපු දේ දැනගන්න එක කරන්න විතරයි.
විපාක මනෝ ධාතු, විපාක මනෝ විඤ්ඤාණ ධාතු ආදී මේ තමන්ගේ වැඩේ බලාගත්ත ටික ඉවර වෙනකොටම, ටිකක් අනුන්ගේ වැඩවලට ඇඟිලි ගහන කෙනෙක් විදියට 'කර්ම මනෝ විඤ්ඤාණ ධාතුව' ඇතිවෙනවා. ඒ කෙනා, අර හටගෙන නිරුද්ධ වුන ඔක්කොම ස්කන්ධ ටික 'ඇති බවට' නැවත ඇසුරු කරනවා. එතකොට, අන්න ඒ අනුන්ගේ වැඩවලට ඇඟිලි ගහන, නැතිනම්, අනිත් ඒවා ඔක්කොම ඇති බවට කල්පනා කරන ඒ වැරදි සහගත සංකල්පනාව යම් කෙනෙක් දුරු කර ගත්තොත් එයා අස්මිමානය සමුග්ඝාතනය කරනවා. ඒ වැරදි සංකල්පනාව දුරු කරගන්නේ නිකන්ම නෙවෙයි, අර නිරුද්ධ වෙච්ච දේ නිරුද්ධයි කියලා පෙන්නලා තමයි ඒක ඇතිකර ගන්නේ.
එතකොට නිරුද්ධ වෙච්ච ඇහැ (ඒ කියන්නේ, එයා ඇහැ නැති තැනකනේ මෙච්චර කල් ඇහැ ඇසුරු කළේ) නැති වුනා කියලා දන්නවා. රූපය නැති වුනා කියලා දන්නවා. චක්ඛු විඤ්ඤාණය නැති වුනා කියලා එයා දන්නවා මේ දේවල්වල අනිත්‍ය දැකීමෙන්. එතකොට මනෝ ධාතුව, මනෝ විඤ්ඤාණ ධාතුව අනිත්‍යයි කියන්න එයා දන්නවා. 'අනිත්‍යයි' කියන්නේ හටගෙන නැතිවෙන ධර්මතාවයක් කියලා එයා දන්නවා. අන්න ඒ හේතුඵල දහම දකින කෙනා, (එක එකකට හේතුවක් වෙමින්, ඒ ඒ ඵලයන් නැතිවෙලා යෑමේ හේතුඵල දහම දකින කෙනාට) 'ඇහැ' හම්බ වෙන්නේ නැහැ. 'රූපය' හම්බ වෙන්නේ නැහැ. 'චක්ඛු විඤ්ඤාණය' හම්බ වෙන්නේ නැහැ. 'මනෝ ධාතුව' හම්බ වෙන්නේ නැහැ. 'මනෝ විඤ්ඤාණ ධාතුව' හම්බ වෙන්නේ නැහැ.
හම්බ වෙන්නේ මොකක්ද? ඒ සියලු ධර්මයන්ගේ නිරෝධය පමණයි. එතකොට ඒ සියලු ධර්මයන්ගේ නිරෝධය හම්බවෙන කෙනාට ලෝකයේ කවුරු ගැන හිතලද ශෝක වෙන්න පුළුවන්? දැන් එයාට ඇසුරු කරන්න අර ආත්ම සංඥාවෙන් ගත්ත 'දරුවෝ, අම්මා, තාත්තා,...' කියලා දේවල් ඇත්තේ නෑනේ. එයාට ශෝක වෙන්න අරමුණු නැහැ. 'මට මේ දේවල් තියෙනවා' කියලා සතුටු වෙන්න, එයාට පුද්ගල බව පනවන්න ඇහැක් නැහැ, පුද්ගල බව පනවන්න කනක් නැහැ, නාසයක් නැහැ, දිවක් නැහැ, කයක් නැහැ, මනසක් නැහැ. ඒකට කියනවා සළායතන නිරෝධයි කියලා.
සළායතන නිරෝධයි කියලා කියන්නේ, 'දැනගන්නත් බැහැ' කියනවා නෙවෙයි. 'දැනගැනීම' කියන දේ සිද්ධ වෙලා. දැනගත්ත දේ එළියට (විපාක ධර්මයන් පැත්තට) දාලා ඔක්කොම එකට ගැට ගහලා අනුන්ගේ දේවල් වලට ඇඟිලි ගහන කම ඇත්තේ නැහැ. ඒ නිසා, ඒ නුවණ පවත්වලා තියෙනවා ආයතන දෙකකින්. එතන තියෙනවා 'මනායතනය' හා 'ධම්මායතනය' කියන ආයතන දෙක. එකම විඤ්ඤාණ ධාතුවයි, මනෝ විඤ්ඤාණ ධාතුව පමණයි, ඒ නුවණ පැවැත්මට අවශ්‍යවෙන නිසා. එයා සළායතන නිරෝධය සාක්ෂාත් කරලා තියෙනවා. ඒකයි කිව්වේ අනිත්‍ය දැක්කොත් එයා අනාත්මය දැකලා, ඒ අනාත්මය දැකීම තුළ එයා අස්මිමානය දුරු කිරීමට යනවා.
'අස්මිමානය දුරු කළා' කියලා කියන්නේ මොකක්ද? 'දිට්ඨෙව ධම්මෙ නිබ්බානන්ති' - එයා දිටු දැමියෙහිම නිවන අවබෝධ කරගත්ත කෙනෙක්. එතකොට දිටු දැමියෙහිම නිවන අවබෝධ කරගත්ත කෙනෙක් නම්, ඒක තමයි කළ යුතුම දේ වෙලා තියෙන්නේ. 'එයා කළ යුත්ත කළා, ආයේ මත්තෙහි කළ යුත්තක් එයාට ඇත්තේ නැහැ'. ඔන්න ඕක තමයි බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කළ ප්‍රතිපදාව. එතකොට මේ ප්‍රතිපදාව තුළ ඔබ හිත මෙහෙයවනකොට, ප්‍රතිපදාව තුළ ඔබ මනස අරගෙන යනකොට මේ කතා කරපු භාවනාව සම්බන්ධයෙන්, මේ කතා කරපු විදියටමද කරන්න ඕනේ කියලා කෙනෙකුට හිතෙන්න පුළුවන්.
කලින් කියපු අසුභ භාවනාවම, අපි ඒ විදියටම කළා හෝ නොකළා කියන දේ නෙවෙයි මෙතනදී භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන්නේ. මොකද, සමථ පූර්වාංගම විපස්සනාව වඩනවා කෙනෙක්, විපස්සනා පූර්වාංගමව සමථය වඩනවා තව කෙනෙක් ආදී වශයෙන් චරිත නානත්වයන් ලෝකේ තියෙනවා. කෙනෙකුට පුළුවන් සමථය වඩන්නේ නැතුවම විදර්ශනාව පැත්තටම හිත බර කරලා හිත දියුණු කරගෙන යන්න. එතකොට අනිත්‍ය සංඥාව කියන දේ ප්‍රගුණ කරන්නට යන ඒ කෙනාටත් හැබැයි ඉස්සෙල්ලාම වැඩෙන්නේ මනසිකාර ප්‍රතිබද්ධව, මනසිකාරය තුළම. ඒ කියන්නේ, කුසල නිශ්රිත මනසිකාරය තුළ එයාගේ රාගය යටපත් වෙලා, ද්වේශය යටපත් වෙලා, ඊට පස්සේ ඒ සංඥාව තුළම විතර්ක උපච්ඡේදය වෙලා තමයි නිවනට එයා එන්නේ.
ඒ කියන්නේ විදර්ශනාව වැඩුවත් රාගාදී විතර්ක සංසිඳිලාම තමයි එයා නිවනට එන්නේ. ඒ කියන්නේ, එයා විදර්ශනාවෙන් පටන් ගත්තත් සමථයේ අර කියපු ලක්ෂණ ටිකට පත්වෙලා තමයි නිවනට ආවේ. සමථය වඩාගෙන අර පිළිවෙලට ගියත් එයා එන්නේ අර විදියටම විතර්ක උපච්ඡේදය කරලා, අනිත්‍ය සංඥාව, අනාත්ම සංඥාව වඩලම තමයි නිවන කරා එන්නේ. ඒ කොහෙන් ගියත්, කොයි චරිතයෙන් ධර්මය වැඩීම පටන් ගත්තත් ඔය කියන කාරණාව තුළ ඒකරාශී වීම සිද්ධ වෙනවා. එතකොට, 'අවබෝධ ගොඩක් නෙවෙයි', එකම නිවන අවබෝධ කිරීම තමයි සිද්ධ වෙන්නේ.
මේ කියන කාරණා ටික තුළ ඔබට අවබෝධයක් ලබාගන්න පුළුවන් කම තියෙනවා. අපි බොහොම ගැඹුරු කාරණා ටිකක් කතා කළත් ඒ කාරණා ටික කතා කරන්නේ මොන පුද්ගලයෙකුටද? කල්‍යාණ මිත්‍ර සහායතාවය ඉතාම වැදගත් දෙයක්. සීලය කියන එක ඉතාම වැදගත් දෙයක්. ඒ වගේම අපිට මිත්‍යා දෘෂ්ඨි කතාවන්ගෙන්, දෙතිස් කතා ආදියෙන් තොරව දැහැමි කතාවක් නිතර නිතර අහන්න ලැබීම, නිතර නිතර සාකච්ඡා කරන්න ලැබීම, නිකන් ඇහි ඇහී තිබුණත් ඒක හොඳ ගතියක්, ඒක අවශ්‍ය දෙයක්. ඒ වගේම ආරද්ධ වීර්යය - පටන් ගත් වීර්යය තියෙනවා. එයා කෙලෙස් හිතට එන්න දෙන්නේ නැහැ, ඒ කෙලෙස් ධර්මයන් හිතට එන එක වළක්වන්න හැමවෙලාවෙම උත්සාහවත් වෙනවා. ඒ වගේම විදර්ශනා සහගත උදයත්ථගාමිනී ප්‍රඥාවෙන් එයා යුක්තයි. උදය-වැය දර්ශනය එයා ළඟ තියෙනවා. අන්න ඒ තියෙන කෙනෙක් තමයි අර විදියට ප්‍රතිපදාව වඩන්නේ.
ඒ විදියට ප්‍රතිපදාව වඩන කෙනෙක් විසින් පමණමයි ධර්මය අවබෝධ කරන්නේ. එහෙම නැතිනම් ධර්මය අවබෝධ කරනවා කියන එක සිද්ධ වෙන්නේ නැහැ. චරිත නානත්වය අනුව එක්ෂණිකව අවබෝධ කළත් උදයත්ථගාමිනී ප්‍රඥාව අනුව ගිහිල්ලා තමයි නිවන් දකින්නේ. එතකොට ඒ තුළ, ඊට කලින් එයා සීලයක පිහිටීම අනිවාර්යයෙන්ම සිද්ධ වෙනවාමයි. ඒ කියන්නේ, ශික්ෂා පද විදියට කිය කියා සමාදන් නොවෙන්නත් පුළුවන්. නමුත් එයා ඒ නුවණ තුළ සංවරයට පත්වීම එක මොහොතක හරි සිද්ධවෙලා තමයි නිවන් දකින්නේ. ඒ කියන්නේ, 'එක මොහොතක අර්හත්වයට පත්වුනා' කිව්වත් එයා සෝවාන් වෙලා, සකෘදාගාමී වෙලා, අනාගාමී වෙලාමයි අර්හත්වයට පත්වෙන්නේ.
එක පාර, සෝවාන් ඵලය, සකෘදාගාමී බව, අනාගාමී බව මගහැරලා රහත් වෙන්නේ නැහැ. ඒ වගේම තමයි, ඒ ආර්ය භූමියට, සෝවාන් මාර්ගයට පත්වෙනවා කියන එකට අවශ්‍ය සත්පුරුෂ බව, සීල ප්‍රතිපදාව ආදියත් එක්ෂණිකව වුනත් එයාගේ හිතේ සම්පූර්ණ වෙලා තමයි සෝවාන් මාර්ගය උපදින්නේ. සෝවාන් මාර්ගයට අනතුරුව තමයි සෝවාන් ඵලය. ඊට අනතුරුව තමයි සකෘදාගාමී ආදී වශයෙන් ඉතුරු මාර්ග ඵල ටිකත්. අපි එකපාර රහත් වුනා කියලා කියනවා. හැබැයි රහත් වුනත් මේ ධර්මතා ටික පිළිවෙලින් ගිහිල්ලා තමයි ඒ අර්හත්වය කියන දේ ලබලා තියෙන්නේ. 'එහෙනම් මේ අතීතයේ හිටපු අයත් සිල් රැකලාද නිවන් දැක්කේ' කියලා සමහර වෙලාවට මාර්ග ඵල ලැබූ තීක්ෂණ නුවණින් යුත් උත්තමයන් වහන්සේලාගේ චරිත අරගෙන කෙනෙක් තර්ක කරනවා, හැබැයි ඒක අහන්න නොසුදුසු දෙයක්.
මොකද, මේ විදියේ අනුපූර්ව ක්‍රමයකටම තමයි නිවන් ප්‍රතිපදාව තියෙන්නේ. කෙනෙකුට ඒ ධර්මයන් පිරීමට ගිහිල්ලා තියෙනවා, කෙනෙකුට පිරීමට ගිහිල්ලා නැති නිසා පුරවන්න තියෙනවා, හිත වඩන්න තියෙනවා. ඒක අපි මීට පෙර දවසකත් සිහිපත් කළා, හරියට 'පොකුණක් ඇතුලේ තියෙන නෙළුම් පොහොට්ටුවක් පොකුණෙන් උඩට මතුවෙලා පිපෙන්න යනවා වගේ' කියලා. ඒ කියන්නේ, වතුරේ තියෙන නෙළුම් පොහොට්ටුවක් වතුරෙන් උඩට මතුවෙලා තියෙනකොට ඉර එළිය වැටීමෙන්ම ඒ නෙළුම් මල පිපීමට යනවා. හැබැයි වතුර ඇතුලේ තියෙන පොහොට්ටුවකුයි වතුරෙන් උඩට ඇවිත් තියෙන පොහොට්ටුවයි දෙකම පොහොට්ටු නම් තමයි, හැබැයි පොහොට්ටු වුනාට දෙකේ මුහුකුරා ගියපු බව වෙනස්.
වතුරේ යට තියෙන පොහොට්ටුව එක පාරට පිපෙනවා කියලා කියන්න බැහැනේ, ඒක තව මුහුකුරන්න තියෙනවා. ඒ වගේ, ප්‍රඥා ඉන්ද්රිය වුනත් මුහුකුරන්න අපිට බොහෝ දෙයක් කරන්නට තියෙනවා. හේතුව, අනන්ත සසරක ඉඳලා පුරුදු කරපු ආශ්‍රව තියෙනවා. වැරදියි දේකට පුරුදු කරපු හිත ගලවලා නිවැරැදි දේකට පුරුදු කරනවා කියන එක එච්චර ලේසි පහසු දෙයක් නෙවෙයි. ඒකත් හරි අපහසු දෙයක්. ඒ නිසා, නිවන් දකිනවා කියන එක කරන්න බැරි දෙයක් නෙවෙයි, කාටත් කරන්න පුළුවන් දෙයක්. හැබැයි උත්සාහය සහ වීර්යය අපිට අවශ්‍ය වෙනවා. ඒ උත්සාහයට සහ වීර්යයට අවශ්‍ය දේවල් ටික තමයි අපි මුලින් කතා කළේ.
ඒ ධර්මතා ටික නැවත නැවත ඇසුරු කරන්න. සත්පුරුෂ කල්‍යාණ මිත්‍ර ආශ්‍රයේ ඉඳලා කතා කරපු ධර්මතා ටිකට පුළුවන් තරම් අප්‍රමාදීව උත්සාහවත් වෙන්න. ඒ ටිකට උත්සාහවත්වෙන ගමන් අර විදියට ප්‍රතිපදාවද තමන්ගේ ජීවිතයේ එදිනෙදා භාවිතයට ගන්න. භාවිතයට ගන්නකොට වේගයෙන් කෙලෙසුන් සහ ආශ්‍රව ධර්මයන් ගෙවීමට යනවා. ඒක තමන්ටම අත්විඳිය හැකි මට්ටමෙන් තමන්ටම දකින්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා අපි විවිධ මිත්‍යා මතවලට, මිත්‍යා දෘෂ්ඨි වලට එල්ඹිලා 'මම සෝවාන්, සකෘදාගාමී...' ආදී වශයෙන් හිතන් ඉන්නට අවශ්‍ය නැහැ. ඇත්තටම ඒ තත්ත්වය තමා තුළ අත්දකින්නට පුළුවන්, උපදවාගන්න පුළුවන් තමන්ටම මේ කියන ධර්මය ඇසුරු කිරීම තුළින්. ඒ නිසා කවුරුත් ඒ සත්පුරුෂ ගුණ ධර්මයන් තමන් තුළ උපදවා ගන්නට කියලා හැමෝටම කල්‍යාණ මිත්‍ර බාවයෙන් සිහිපත් කරනවා. හැමදෙනාටම තෙරුවන් සරණයි!
දේශනාව නිමි
පූජ්‍යපාද කොත්මලේ කුමාරකස්සප ස්වාමීන් වහන්සේ විසින් 12.05.2020 දින සම්බොධි පක්ඛිය සූත්‍රය ඇසුරෙන් සිදු කළ ධර්ම දේශනාව ඇසුරෙන් පිටපත් කිරීමකි.

0 Comments