විභජ්ජවාදී දෙවන ලිපි මාලාව - 6



විභජ්ජවාද
දෙවන දේශනාව:6

ලෝකයේ රස කොච්චර තියෙනවා කියලා හිතාගෙන හිටියත්, ඒක සංකල්පනාවක් මිසක, කවදාවත් ඒක තියෙන රසය නෙවෙයි. රස රූපය ගැන අපට දැනගන්න පුළුවන් එකම අවස්ථාව තමයි, දිවට මේ මොහොතේ ගැටෙන අවස්ථාවේදි හැදෙන රසය. එහෙම නැතුව, ලෝකේ කොච්චර රස තිබුනත්, අපට ඒ රසය ගැන සංකල්පනාවක් ඇති කරගන්න පුළුවන්වෙයි. නමුත් රසය දැනගන්න පුළුවන් කමක් නැහැ. රස රූපය කියන තැන කතා කරන්නේ ඔය අර්‍ථයෙන් විතරයි.

ඒ නිසා, ‘රූපී‘ කියලා කියනවා, රූපවත් වූ විට විතරක් පෙනෙන දෙයක්. අරූපවත් වූ කල්හි පෙනෙන දෙයක් නෙවෙයි. 

හැම වේලාවකදීම, රූපය රූපවත් වන ආකාර කීපයක් තියෙනවා. එකක් තමයි, සතර මහා ධාතුව ඇති කල්හි ඇතිවෙන උපාදාය රූප විදියට, වර්‍ණය, ගන්ධය, රසය, ඕජාමය ස‍්වභාවය. 
අපට රූපය ප්‍රකටවෙන්නේ, සතර මහා ධාතු ස‍්වභාවයට වඩා වර්‍ණ, ගන්ධ, රස, ඕජා කියන මේ ධර්‍මතා ටිකෙන්. ඒකෙදිත්, කයට ගැටෙනවා ඵොට්ඨබ්බය. ස්ඵර්‍ශයේ විදියට, කෙලින්ම පඨවි, තේජෝ, වායෝ, කියන ධාතු 3, කයට ගැටෙනවා, ස්ඵර්‍ශ වෙනවා. එතනින් එහා අනිත් ආයතන ටික ඔක්කෝටම ගෝචර වෙලා තියෙන්නේ වර්‍ණ, ගන්ධ, රස, ඕජා කියන මෙන්න මේ ධර්‍මතා ටිකෙන් උපද්දන දෙයක්.

අන්න ඒ විදියට, රූපය කියන එක ‘රූපී‘, රූපවත් වූ කල්හි පෙනෙන දෙයක්.

මතු සම්බන්ධයි

Post a Comment

0 Comments