විභජ්ජවාද පළමු දේශණාව - 7 කොටස

විභජ්ජවාද
පලමු දේශනාව:7

ඒ වගේම, එක පැත්තකින් අපි ආශ්‍රව ධර්‍මතා හේතු ටික යොදාගෙන හිත කිළිටු කරගෙන තියෙන පැත්ත අපට පේන්න ඕන.‘පභස්සර මිදං භික්ඛවේ චිත්තං, තංචකො ආගන්තුකේහි උපක්කිලේසේහි උපක්කිළිට්ටං‘ කියන මට්ටම කියන කාරණා දෙක, අපට ඔය තුළ පේන්නට ඕන. හිත ප්‍රභාශ්වරයි කියලා කියනකොට, ප්‍රභාශ්වර මනසක ස‍්වභාවය තමයි කෙළෙස් ආශ්‍රව නො යෙදුනු බව. නැත්නම්, හේතු ටිකෙන් සංකිලේසී නො වුනු බව. හේතු ටික නො යෙදුනු ගතිය.

ඇහැට රූපයක් පෙනෙන අවස්ථාවේදී, ඇහේ කෙලෙස් ආශ්‍රව යෙදුනෙත් නැහැ, රූපයේ කෙලෙස් ආශ්‍රව යෙදුනෙත් නැහැ, ඒ වගේම ඇහැ ගැන දැනගත්ත හිතේ කෙලෙස් ආශ්‍රව යෙදුනෙත් නැහැ.

ඒ හිත බොහොම ප්‍රභාශ්වර මට්ටමකමයි තිබුනේ. හැබැයි, ‘තංචකො ආගන්තුකේහි උපක්කිලේසේහි උපක්කිළිට්ටං‘, ආගන්තුක උපක්කිලේස ධර්‍මයන්ගෙන් තමයි අපි කෙලෙස් ගත්තේ, ආගන්තුක උපකිලේස ධර්‍මයන්ගෙන් තමයි කිළිටි බවට පත්කරගත්තේ.

මොකක්ද, ආගන්තුක උපක්කිලේස කියලා කිව්වේ? තමන්, තමන් තුළම රැස්කරගෙන තියෙන ආශ්‍රව ධර්‍මතා ටික නැවත නැවතත් ඇසුරු කිරීම තුළ, තමන් තමන්ගේ හිත ගැනම මෙනෙහි කරනවා. හැබැයි මෙහේ ඇතිකරගන්නා හේතු ටික පතිතකරනවා බාහිර වස්තුව මත.

තම තමන්ගේ හිත ගැන හිත හිතාම අලෝභ සහගත චේතනාවක් ඇති කරගන්නවා. එයාට පේනවා රූපය අලෝභ සහගතයි කියලා. තම තමන්ගේ හිත තුළම අද්වේෂ සහගත චේතනාවක් ඇති කරගන්නවා. එයාට පේනවා රූපය අද්වේෂ සහගතයි කියලා. ඒ වගේම, තම තමන්ගේ හිත තුළ ලෝභය ඇති කරගන්නවා, තම තමන්ගේ සංඛාර නිමිත්ත ගැනම. එයාට පේනවා ලෝකයේ කැමති රූප තියෙනවා කියලා.

තමන් නො දන්නා මට්ටම තමයි, නො තේරුම්ගන්න කාරණය තමයි, කවදාවත් රූපයකට නෙවෙයි තණ්හා කළේ, තණ්හා කරන්නේ තමන් තමන්ගේ මනසටමයි කියන මේ දැක්ම.ඒක තමයි අවිද්‍යාව කියලා කියන්නේ. නාම රූප ධර්‍මතා පිරිසිඳ නො දැක්ම කියලා කියන්නේ.

සාමාන්‍යයෙන් අට්ඨකතාවේදී කියන්නේ, යම්කිසි කෙනෙක් මේ ධම්මසඞ්ගණී ප්‍රකරණය හදාරනවා නම්, එයා හරියට චුල්ල සෝතාපන්නයි කියලා. ඒ කියන්නේ සෝතාපන්න නෙවෙයි, නමුත් සෝවාන් වුනා වගේ දෙයක්. මොකද, ඒතරම් ආශ්‍රව ධර්‍මතා ටික කෙටි කරනවා, ආශ්‍රව ධර්‍මතා ක්‍ෂය බවට පමුණුවනවා, මේ රූප කාණ්ඩය ආදී කාරණා ටික ගැන කතා කිරීම තුළ.

මොකද, ක්‍රම ක්‍රමයෙන්, ක්‍රම ක්‍රමයෙන්, නාම රූප පරිච්ඡේදයක් මේ තුළ කරන්නේ. රූපයෙන් මිදිලා, කෙනෙකුට අනාගාමී ඵලයට පත්වෙන්න පුළුවන්.

මතු සම්බන්ධයි...
තෙරුවන් සරණයි...!!!

Post a Comment

0 Comments