පින් කිරීමේ ක්‍රම -සම්බන්ධයි ●
ඇහෙන් රූපයක් දකිද්දිත් රූපය කෙරෙහි ඇලිච්ච ගැටිච්ච මනසක් පවත්‍වන්නේ නැතුව ඉන්න තරම් සමථය බලවත් වෙනවා.
● ශබ්දයක් කණට ගැටුනොත් ගැටුන ශබ්දයේ ඇලෙන්නේ ගැටෙන්නේ නැතුව ඉන්න තරම් මනස බලවත් වෙනවා.
● හැබැයි තවම පෙනෙනවා කියන සිද්ධියේ ඇත්ත පෙනෙන්නේ නැහැ.
● ඇහෙනවා කියන සිද්ධියේ ඇත්ත පෙනෙන්නේ නැහැ.
● ඇලෙන්නේ ගැටෙන්නේ නැතුව ඉන්න පුළුවන් නමුත් පෙනෙනවා කියන දෙය තුළ ඇත්ත නො පෙනෙන කම මෝහය. ඇලෙන්නේ ගැටෙන්නේ නැහැ, නමුත් ඇත්ත නො දකින බව තව තියෙයි.
● ඒ ටික දුරුවෙන්නේ විදර්ශනාවෙන්.
● ඒ ටික දුරුවෙච්ච දවසටයි මේ වස්තුව අරභයා හිතේ ඇතිවෙලා තියෙන කාන්දම් ගතිය ගෙවෙන්න ගන්නේ. සමස්ථයක් වශයෙන්ම මේ දේවල් අරභයා දාලා යන්න බැරි මනස ගෙවෙන්නේ. ඒ ඒ තැන සතුටින් ඇලෙන, සතුටු වෙන පුනර්භවය පිණිස පවතින කම ගෙවෙන්නේ විදර්ශනාවෙන්.
එතකොට හිත වර්තමානයේ තියන්න හුරු කරන සමථ කමටහනක් වඩලා, සමුදාචාර තණ්හාව නතර කරන මට්ටමට උපකාර වෙන විදියේ කරන දෙයට කිව්වා භාවනාමය ප්‍රඥාව කියලා. ඕකත් එක්තරා භාවනාමය ප්‍රඥාවක්. ඕක ජීවිතයේ එක්තරා දුකේ පැතිකඩක් ගෙවනවා, සියලුම සාංසාරික දුක ගෙවා ගන්න පැත්තට උපකාරී වෙලා තියෙයි.
ඊටපස්සේ භාවනාමය පුඤ්ඤකිරියවත්‍ථු කියන එකේ තව පැතිකඩක් තියෙනවා: භාවනාමය පුඤ්ඤකිරියවත්‍ථු දෙකට බෙදුවා නේ සමථ, විදර්ශනා කියලා. තව විදර්ශනා කියලා පැත්තක් තියෙනවා. එතන විදර්ශනා කියලා කියන්නේ ඇත්ත ඇති සැටියේ දකිනවා යථාභූත ස්වභාවයෙන්. ඔතනදී ඇත්තටම මේ විදර්ශනාව කියන ධර්මතාව, ලෞකික ඥාන වලට විතරයි විදර්ශනා කියන වචනය යොදන්නේ කියන තැනකින් ගන්න එපා. විදර්ශනා කියන නම යෙදෙනවා ලෝකය තුළ තියෙන භාවනා ක්‍රම වලටත්, ලෝකෝත්තර කියන දර්ශනය දක්වාම විදර්ශනා යන නම යනවා. විදර්ශනා කියන නම යෙදෙනවා ලෝකය තුළ පවතින ඇත්තත්, ලෝකෝත්තර ඇත්තත් කියන දෙකම විදර්ශනාව. එතකොට ලෝකය තුළ පවතින විදර්ශනා ඥාන වලට තමයි නව මහා විදර්ශනා කියන ටික. නව මහා විදර්ශනා ඥාන කියන්නේ ලෞකිකයි. ඒ ඥාන ලෞකිකයි, විදර්ශනාව ලෞකික නෙවෙයි. විදර්ශනා කියලා යෙදෙන මේ ඥාන ලෞකිකයි. ඊටපස්සේ විදර්ශනාව කියන වචනයම ලෝකෝත්තර මට්ටමටත්හඳුන්වනවා .
ඒක හොඳට අපට ගත්ත හැකි මහා සළායතනික සූත්‍රයේදී, නගරූපම සූත්‍රයේදී, බුදුරජාණන්වහන්සේ ආර්ය අෂ්ඨාඞ්ගික මාර්ගය කෙළින්ම සමථ විදර්ශනා කියන නම් දෙකෙන් පනවනවා. එතකොට මෙතනදී විදර්ශනා කියලා කියන්නේ ඇත්ත ඇති හැටියට දකිනවා. නිවැරදිව දකිනවා. විපරිත නොවී දකිනවා. පවතින ස්වභාවයෙන් දකිනවා.පිහිටිස්වභාවයෙන් දකිනවා. විශේෂයකින් දකිනවා. විශේෂ තැනකින් දකිනවා කියන මෙන්න මේ වගේ අර්ථ රාශියක් තියෙනවා.
තව පැත්තකින් ගත්තහම සාමාන්‍ය ලෝකයා නො දකින දේ දකිනවා. සාමාන්‍ය ලෝකයාගේ දැක්මට වඩා තීක්‍ෂණ දැක්මක් කියන අදහස.
● ඔයවිදර්ශනාඥානයේ එක එක මට්ටම් පවතිනවා. අපි ගාව තියෙන කෙලෙස් තට්ටුතට්ටු තියෙන්නේ.
● කෙලෙස් වල එක තට්ටුවක් හඳුනා ගත්තහම තමයි සක්කායදිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බතපරාමාස කියන්නේ.
● තව තට්ටුවක් තමයි ඕදාරික කාමරාග, පටිඝ කියන්නේ.
● ඊළඟ තට්ටුව තමයි අවශේෂ කාමරාග පටිඝ කියන්නේ.
● ඊළඟ තට්ටුව රූපරාග, අරූපරාග, මාන, උද්ධච්ච, අවිජ්ජා කියන්නේ.
එහෙම කෙලස් වල තට්ටුතට්ටු මට්ටම් තියෙන්නේ ඇයි? ස්කන්‍ධයන්ගේ වෙනවෙන මට්ටම් තියෙන නිසා. අපි කිව්වොත් පෘථග්ජනයා සෝවාන් වෙන්නත් පඤ්චඋපාදාන ස්කන්‍ධයේ උදය වැය බලන්න ඕනේ.සෝවාන් කෙනා සකදාගාමී වෙන්න, සකදාගාමීකෙනා අනාගාමී වෙන්න,අනාගාමීකෙනා අරිහත් වෙන්න, රහතන් වහන්සේත් දිට්ඨධම්ම සුඛ විහරණයට පඤ්චඋපාදාන ස්කන්‍ධයේ උදය වැය බලනවා කියනවා.
අපි අපට හම්බවෙන, අපි දකින මට්ටම නො ගත යුතුයි හැම තැනකදීම.
අද අපි පඤ්චඋපාදානස්කන්‍ධය කිව්වහමහම්බවෙන මට්ටමක් තියෙයි. ඊළඟට කෙලෙස් අඩුඅඩු වීම මත මේ හම්බවෙන මට්ටම වෙනස්වෙනවා. ස්කන්‍ධ මට්ටම වෙනස්වෙනවා. ඒ වෙනස්වීම මත සංයෝජනත් වෙනස්වෙනවා. ස්කන්‍ධයන්ගේ රළුමට්ටම, ඊළඟට ඊට සියුම් මට්ටම වැඩකරනවා, ඒ මට්ටමේ නො ඇලෙනකොට ඊට සියුම් මට්ටමක් වැඩකරනවා, ඒ මට්ටමේනො ඇලෙනකොට නාම මට්ටම ප්‍රකට වෙනවා.
මේ විදියට එකින් එක, එකින් එක රළු මට්ටමේ ඉඳලා ඉතාම සියුම් තැන දක්වාම රූපයෙන් පටන් අරගෙන චිත්ත චෛතසිකයන්ගෙන් අවසන් වෙන තැන දක්වාම යනවා.
නමුත් ඒ කොච්චරකින් තිබුණත්, කොහොම තිබුණත්, අපි විදර්ශනාව පටන් ගන්න ඕනේ අපට ගෝචරවෙන තැනකින්.
දැන් පඤ්චඋපාදානස්කන්‍ධයේ උදය වැය බලද්දි, ඉස්සෙල්ලාම පඤ්චඋපාදානස්කන්‍ධය ඇත්තටම අපට හම්බවෙන්නේ එක තැනකින්, එක ආත්මභාවයකින්, එක රූප මිටියයකින්. දැන් මේ කෙනෙක් කියලයි අපට හම්බවෙන්නේ. පුද්ගලයෙක්, සත්ත්‍වයෙක් කියලයිහම්බවෙන්නේ. මේ මම කියලයිහම්බවෙන්නේ.
අපේ දැනුමක් තිබුණාට ආයතනයක්, ආයතනයක් ගානේ ස්කන්‍ධයෝ ඉපිද නිරුද්ධ වෙනවා කියලා, අපිඑතන අත්විඳින්නේ නැහැ. අපි සැපදුක් විඳින්නේ ජීවිතයකින්. මේ ඔක්කෝම එකට එකතුවෙච්ච එකතු කරගත්ත මම වූ තැනකින් තමයි අපි සැපදුක් විඳින්නේ. අපට රාග, ද්වේෂ, මෝහ කෙලෙස් ඇතිවෙන්නේ. ගෙඩි පිටින්ම ඉන්න කෙනෙක් අපට හම්බවෙනවා. ඉස්සෙල්ලාම විදර්ශනාව යෙදෙන්න ඕනේ මෙන්න මේ ගෙඩි පිටින්ම හම්බවෙන තැන. තව විදියකින් ගත්තොත් පඨවි, ආපො, තෙජො, වායො කියන සතරමහා ධාතුවෙයි අද අපේ ආත්මභාවය තියෙන්නේ. සතරමහා ධාතුව පිරිසිඳ නො දන්නා කම උඩයි අද අපේ කෙලේසේ තියෙන්නේ.
ඉස්සෙල්ලාම සතරමහා ධාතුවේ කය බැඳිලා ඉන්න තැන ‘පුද්ගලයෙක්’ හැටියට දැකලා, ‘මම’ හැටියට දැකලා, සතරමහා ධාතුවේ රැවටෙනකම ඉස්සෙල්ලා නැතිකරන්න ඕනේ. විදර්ශනා කියලා අපි යන්න ඕන එතනට යි.
ඊටපස්සෙයි ආයතනයක් ආයතනයක් ගානේ විදර්ශනා කිරීමේ හැකියාව අපට එන්නේ. ඒ මට්ටමේත් නො රැවටෙන මට්ටමට ගියාට පස්සෙයි මේ කුමන ආයතනයකින් ආවත් මනෝමයෙන් විදර්ශනා කරන්න පුළුවන් මට්ටමකට එන්නේ.
ඔය ගමන් මග තමයි සංයුක්ත නිකායේ හතරවෙනි කාණ්ඩයේ ආසිවිසොපම කියලා සූත්‍රයක් තියෙන්නේ. ඔය සූත්‍රයේ හොඳට පෙන්නලා තියෙනවා මේ යන ගමන් මාර්ගය.
අපි මේ ආයතන පෙර නො තිබීම හටගෙන ඉතුරු නැතුව නැතිවෙනවා කියලා බැලුවා කියලා අද පිහිටා හිටින්න බැහැ. අපි දන්නවා ඒක ඇත්ත තමයි, නමුත් මේ සංයෝජනය ගාව ඇත්ත ඒක නෙවෙයි. මොනවා හරි ඇත්තකින් ඔක්කෝම දේවල් නැති වෙන්නේ නැහැ. මේ ස්පර්ශ ආයතන හයම පෙර නො තිබීම හටගෙන ඉතුරු නැතුව නැතිවෙනවා වෙන්න පුළුවන්. ඒක ඇත්තක්. ඒක ඇත්ත වෙන්නේ මගේ සංයෝජන ඒ මට්ටමට ආවොත් විතරයි. අද මට කෙලෙස් ඇතිවෙලා තියෙන්නේ, දුක ඇතිවෙලා තියෙන්නේ, සංයෝජනය තියෙන්නේ කනබොන ආහාරයෙන් හැදුණු, සතරමහා ධාතු කය ඇසුරු කරගෙන නම්, ඒ කය පුද්ගලයෙක්, ඒ කය සත්ත්‍වයෙක් කියන තැනක නම් සතරමහා ධාතුවෙන් හැදුණු මේ කය ‘මම’යි කියන තැනක නම්, සතරමහා ධාතුවෙන් හැදුණු මේ කය ‘මගේ ආත්මය’ කියන තැනක නම්සංයෝජනය තියෙන්නේ, දැන් එතන තියෙන සත්‍යයයි අර්ථ වෙන්න ඕනේ. එතන තියෙන සත්‍යයයි දකින්න ඕන. පෙර නො තිබීම හටගෙන ඉතුරු නැතුව නැතිවෙනවා කියන එක ඇත්ත වුණාටඒක හරියන්නේ නැහැ මෙතෙන්ට. හැම වෙලාවේම ලෙඩේ නිධානය හෝ ලෙඩේ නිධානයටයි බෙහෙත් කරන්න ඕනේ.
එතකොට අද අපට හම්බවෙන්නේ සතරමහා ධාතුවෙන් හැදුණු,කනබොන ආහාරයෙන් හැදුණු, බත්පාන් කව්පී මුංඇට වලින් හැදුණු මේ රූපය ‘මම’ කියන හැඟීම නම් තියෙන්නේ, ඒ මත නම් සංයෝජන තියෙන්නේ, එබඳු වූ රූප මත නම් තියෙන්නේ, දැන් අපේ විදර්ශනා ඥානය මුලින් ඇතිවෙන්න ඕනේ කොහොමද, මෙන්න මේ රළු මට්ටමෙන්. මේවාට තමයි විදර්ශනා ඥාන කියන්නේ. මේ කය මුල් කරගෙන, රූපය මුල් කාරණාව කරගෙන බලන තාක් ලෝකෝත්තර චිත්ත චෛතසික පහළවෙන්නේ නැහැ. ලෝකෝත්තර චිත්ත චෛතසික වලට නුවණ එනවා, ලෝකෝත්තර මාර්ගයේදී පුළුවන්, හැබැයි රූපය ඉක්මිලා එතකොට. අද රූපය ගැන සංයෝජන තියෙද්දී රූපය ගැන බලන්න ඕනේ.
ඊළඟට අපි තේරුම් ගන්න ඕනේ දෙයක් තියෙනවා විදර්ශනා කරද්දී, අපි අපේ සංයෝජන හඳුනාගන්න ඕනේ.
චකඛුඤ්ච පජානාති රූපෙච පජානාති යඤ්චතදුභයං පටිච්ච උපපජජති සඤෙඤාජනං තඤ්ච පජානාති - මනඤ්ච පජානාති ධම්මෙච පජානාති යඤ්චතදුභයං පටිච්ච උපපජජති සඤෙඤාජනං තඤ්ච පජානාති-
එයා ඇහැත් දන්නවා, රූපයන්ද දන්නවා, මේ දෙන්නා නිසා උපදින සංයෝජනයත්දන්නවා, මනසත් දන්නවා,ධම්මාරම්මණත් දන්නවා,ඒ නිසා උපදින සංයෝජනයත් දන්නවා. එතකොට මෙතනදී ඇහැද, රූපයද, මනසද, ධම්මාරම්මණද නෙවෙයි ප්‍රශ්නය. ඒ ස්කන්‍ධ, ධාතු, ආයතන ටික දැකීමත් නෙවෙයි ප්‍රශ්නය. ඕනේ වෙන්නේ. ඒ ටික අපි බලන්නේ මේ සංයෝජනය ගෙවා ගන්න යි. ඒකෙන් මතක් කළේ ඇහෙන් රූප දකින කොටත් එන්නේ මට කාමරාග සංයෝජනය නම් මනසින් ධම්මාරම්මණ එයා සිහි කරන කොටත් හම්බවෙන්නේ එකම සංයෝජනය යි එයාට. මම දෙකේම විදර්ශනා කරන්න ඕනේ එකම ආකාරයටයි, මේ එකම සංයෝජනය නැතිවෙන්න.
ඒකෙන් උපමා කළේ දැන් ඇහැට පෙනෙන රූපයක් හම්බවෙන කොට, කනබොන ආහාරයෙන් යුක්ත රූපය,‘පුද්ගලයෙක්, කෙනෙක්’ කියන හැඟීමයි දැනෙන්නේ. එහෙනම් මේ ගෙඩිපිටින් හම්බවෙන රූපය පුද්ගලයෙක්, සත්ත්‍වයෙක් නෙවෙයි කියන එක මෙනෙහි කරන්න ඇහෙන් පෙනෙන රූපය මෙනෙහි කරන්න ඕනේ. මේ පෙනෙන කෙනා මනසට සිහි වෙද්දී මේක මනෝමයෙන් ධම්මාරම්මණ උපද්දවලා දැනගත්තා, මේක විතර්කයක් කියලා බැලුවාට හරියන්නේ නැහැ. සංයෝජන තියෙන්නේ කාම නිසයි.
ඒ වෙලාවේදී හිතට පෙනෙන චිත්තජ රූපයේදිත් එයා බලන්නේ මේ රූපය හැදිලා තියෙන්නෙත් කෙස්, ලොම්, නිය, දත්, සම්, මස්, නහර, ඇට, ඇටමිදුළු වලින්, මේ රූපය කනබොන ආහාරයෙන් හැදිලා තියෙනවා නේද කියලා ඇහෙන් බලන රූපය තමයි මෙනෙහි කරන්නේ,ඇහෙන් දැක්කත්, හිතට දැක්කත් සංයෝජනය එක තැන නිසා.
● හිතේ තියෙන ගතියමයි ඇහෙන් දකිනකොටත් මතුවෙලා ආවේ.
● ඇහෙන් දකිනකොට ඇති කරගත්ත ගතියමයි හිතෙන් මතුවෙලා එන්නේ.
එතකොටඑක එක හිලෙන් ඔළුව දාලා බැලුවාට එකම හුඹහ ඇතුළේ ඉන්නේ. ඉතින් ඇහෙන් බැලුවත්, හිතෙන් හිතුවත්, කණෙන් ඇහුවත් එකම සංයෝජන එන්නේ. එතකොට ආයතන හයෙන්ම එක තැනකටයි එන්නේ. පහර ගහන්න, වදින්න. එතකොට මුල් මට්ටමේදී විදර්ශනා ඥානය කියලා කියන්නේ, ඉස්සෙල්ලාම මේ රළු මට්ටමට සත්ත්‍වයෙක් පුද්ගලයෙක් හම්බවෙන අරමුණු ටික ඉලක්ක කර ගන්නවා. දැනට අචේතනික වස්තු, ගෙවල්දොරවල්, ඉඩකඩම් ඕවාට තියෙන බැඳීම් ඇලීම් තිබුණාවේ. ඒවා දැනට අයින් කරන්න යන්න ඕනේ නැහැ. ඒවා ඉබේම අයින් වෙයි. දැන් අනිවාර්‍ය්‍යයෙන් වග බලාගත යුතුයි ආධ්‍යාත්මික තමන්ගේ කයත්, පරසතතානං වා පරපුගගලානං වා - අනිත් සත්ත්‍ව පුද්ගලයන්ගේ කයත් - අජඣතතංවා බහිදධාවා - අජඣතතබහිදධාවා- මේ දෙපොළ වග බලාගන්න ඕනේ.
එතනදී මේ සත්ත්‍ව පුද්ගලභාවයට හම්බවෙන අරමුණක් අරගෙන, අරමුණ හිතෙන් හොඳට අල්ලගෙන, හිතෙන් ඒ අරමුණ මෙනෙහි කරන්න ඕනේ. හිතන්නම ඕනේ. හිතෙන් මෙනෙහි කරන්නම ඕනේ. එයට අනුව සිත් උපද්දන්නම ඕනේ. හයියෙන් කටින් කිව්වත් කමක් නැහැ. (නමුත් ළඟපාත කවුරුහරි හිටියොත් පිස්සු කියලා බණින හින්දා එහෙම කියන්න එපා!) ඒ හින්දා හිතෙන් කියන්න. කවුරුහරි නැත්නම් කටින් කිව්වත් කමක් නැහැ. ඒ කටින් කියවනවා වගේම හිතෙන් කියවන්න ඕනේ.
අපි කියමු යම් රූපයක් ගන්නවා අපි. යාළුවෙක්ගේ රූපයක්. ප්‍රඥප්ති රූපයක් - නිමල්. නිමල්ගේ රූපය සිහි කරලා අරගෙන ඒ රූපය හොඳට බලනවා. ඒ රූපයේ ද තියෙන්නේ කෙස්, ලොම්, නිය, දත්, සම්, මස්, නහර, ඉතාමත් වේගයෙනුත් නෙවෙයි, ඉතාමත් හෙමිනුත් නෙවෙයි. මේ වගේ කොටස් තිස්දෙකම මෙනෙහි කරලා කනබොන ආහාරයෙන් නේ මේ රූපය හැදිලා තියෙන්නේ කියලා බලනවා.
එහෙම නැතිනම් ඒ ශරීරයේ තියෙන කෙස්, ලොම්, නිය, දත්, සම්, මස්, නහර කියන්නේ පඨවි ධාතුව යි. බාහිරත් අභ්‍යන්තරවත් තියෙන පඨවි ධාතුවයි ඒ පඨවි ස්වභාවයයි දෙකම එකයි නේ කියලා. එතන තියෙන සෙම්, සැරව, ලේ, දහඩිය කියන්නේ ගලන වැගිරෙන ස්වභාවයයි, බාහිර ළිං, වැව්, පොකුණු වල තියෙන ගලන වැගිරෙන ස්වභාවත් මේ ස්වභාවයත්දෙකම එකයි නේ. ඔය වගේ ධාතු හතරටම ඒ රූපයේ ධාතු හතර බලනවා, බාහිරධාතු හතර බලනවා. බලලා, ධාතුව ධාතුවට සමකර කර බලනවා.
යාචෙව ඛොපන අජ්ඣත්තිකා පඨවිධාතු යාව බාහිරා පඨවිධාතුරෙවෙසා - යම් ආධ්‍යාත්මික පඨවි ධාතුවක් තියෙයි නම්, බාහිර පඨවි ධාතුවක් තියෙයි නම් මේ දෙකම එකයි. හොඳට බලනවා.
පඨවිධාතු නෙතං මම නෙසො හමසමිං න මෙසො අතතාති - ‘මගේ නෙවෙයි, මම නෙවෙයි, මගේ ආත්මය නෙවෙයි’ කියලා.පඨවිධාතු නෙතං මම -මේ පඨවිධාතුවමම නෙවෙයි, නෙසො හමසමිං- මගේ නෙවෙයි, න මෙසො අතතාති - මගේ ආත්මය නෙවෙයි.
මේ පඨවිධාතුව මම නෙවෙයි, මගේ නෙවෙයි, මගේ ආත්මය නෙවෙයි කියන්නේ ඇයි? බාහිර පඨවිධාතුවට සමාන නිසා. බාහිර පඨවිධාතුව සත්ත්‍වයෙක්, පුද්ගලයෙක් හෝ මම හෝ මගේ හෝ මගේ ආත්මය හෝ නො වෙන නිසා කියලා මේ දෙක එකට ආදේශ කරකර බලන්න කියනවා.
ඕකට අම්බලට්ඨික රාහුලෝවාද සූත්‍රය වගේ සූත්‍ර බලන්න. ඒවායේ හොඳට පෙන්වනවා බලන ක්‍රමය.
ඊටපස්සේ සතරමහා ධාතුවේ මෙහෙම බලනවා රූප. ආයේ කය මැටි වරිච්චි බිත්තියකට උපමා කරනවා කියලා මම කියලා තියෙන්නේ. ඒ විදියට බලන්නත් පුළුවන්. කය ධාතු වශයෙන් හෝ අශුභ වශයෙන් හෝ මැටි වරිච්චි බිත්තියකට හෝ සමාන කරලා, උපමා කරලා, ඒ විදියට බලලා එබඳු වූ මේ කය කනබොන ආහාරය නිසා හැදෙනවා නේද කියලා හොඳට හිතන්න. අද මේ කියන කාරණා මේ පින්වතුන් දන්නවා ඇති. දන්න එක වෙනම එකක්. අත නො හැර පුද්ගලභාවයට සිහිවෙන සිහිවෙන, හම්බවෙනහම්බවෙන හැම අරමුණකම හිතන්න බලන්න. ඒ අඛණ්ඩව කරන කොට ඇතිවෙන ගතිය වෙනම එකක්. මේකට ඉඳගෙන, හිටගෙන, නිදාගෙන, ඇවිදින කියන තැනක කාරණාවක් ඕනේ නැහැ. හතර ඉරියව්වේම පුද්ගලභාවයට හම්බවෙන අරමුණු විදර්ශනා කළහම හොඳටම ඇති.
එතකොට මේ විදියට කනබොන ආහාරය නිසා හැදෙනවා කියලා බලනවා. බලලා මේ කනබොන ආහාරයෙන් හැදුනු මේ කුණප කොටස් ටික අචේතනිකයි - චේතනාවක් නැහැ, අවිඤ්ඤාණකයි - විඤ්ඤාණයක් නැහැ. හරියට මළමිනියක් වගෙයි මේ රූපය. නමුත් එබඳු වූ කය ඇසුරු කරගෙන ප්‍රතිසන්ධි වශයෙන් පැමිණි හිත මේ කයේ බැඳිලා පවතිනවා. මේ කය සවිඤ්ඤාණක වෙලා තියෙන්නේ, හැඟීම්, දැනීම් තියෙන්නේ කයේ හැකියාවක් නිසා නෙවෙයි. මේ ප්‍රතිසන්ධි වශයෙන් පැමිණි හිත මේ කයේ - එත්‍ථසිතං එත්‍ථපටිබද්ධං- මේ කයේ පිහිටලා, මේ කයේ බැඳිලාපවතිනවා.
දැන් හිතේ තියෙන ගති කයේ බැඳුනහම මේ දෙන්නා සංයුක්ත වෙනවා. කයේ තියෙන ගති ටික හිතට බලපානවා. හිතේ තියෙන ගති ටික කයට බලපානවා. හිතේ තියෙන ධර්මතාවය උදව් වෙනවා කය පවතින්න. කයේ ධර්මතාවය උදව් වෙනවා හිතපවතින්න. ඔවුනොවුන්ට උපකාරවෙලා.
එබඳු වූ කය ඇසුරු කරගෙන පවතින හිතෙන් තමයි සිතුවිලි හිතන්නේ. හිතන හිතන ගානට මේ කයේ බැඳිලා හින්දා කයේවෙනස්කම් යෙදෙනවා. එබඳු වූ සිතින් උපදින විතර්කයන් නිසා තමයි මේ කයේ වායෝ ධාතුව සක්‍රිය වෙලා යෑම්ඒම් වෙන්නේ. එබඳු වූ කයේ පිහිටලා තමයි මේ සිතෙන් අරමුණු දකින්නේ. මේ සිතෙන් අරමුණු වන ශබ්ද අහන්නේ, ගඳසුවඳ දැනගන්නේ.
එතකොට දැන් ප්‍රශ්නයක් එනවා තමන්ට: මම යාළුවා ‘ප්‍රියන්ත’ කියලා කියන්නේ කනබොන ආහාරයෙන් හැදුනු,කුණප කොටස් වලින් හැදුනු මේ රූපයද? සිතීම්, කීම්, කිරීම් කරන චිත්ත චෛතසික ටිකට නාම ධර්ම ටික නවාතැනක් දීලා තියෙනවා. ඉතින් මම යාළුවා කියන්නේ, ‘ප්‍රියන්ත’කියන්නේ මේ කයට ද, නැත්නම් ඔය කය ක්‍රියාත්මක කරවන චිත්ත චෛතසික ටිකට ද? ඉබ්බා කියන්නේ කට්ටට ද, ඒකේ ඇතුලේ ඉන්න කෙනාට ද? දැන් ඉබ්බා යනයන තැන කට්ට අරගෙන යනවා වගේ අපි මේ යනයන තැන කට්ට අරගෙන යන්නේ. මේ ශරීරය කියන්නේ කට්ට. ඉතින් මේක ඇතුළේ තමයි දැන් සතා ඉන්නේ. නැත්තං චිත්ත චෛතසික ටිකේ තමයි ඔය ඔක්කෝම සිද්ධි ටික තියෙන්නේ. මේ ගෙය, නවාතැන. නවාතැන් හිමියා කියන්නේ ගෙය නෙවෙයි. ගේ කියන්නේ නවාතැන් හිමියා නෙවෙයි.
ඔය විදියට අපිට සත්ත්‍වයෙක් පුද්ගලයෙක් ගැන හිතහිතා, හිතහිතා ඉන්නවා නම් මොන මනෝමය බොරුවක් ද මේක? මම හිතන සත්ත්‍වයා රූප කයේ ද ඉන්නේ, නාම කයේ ද? මේ ධර්මතා දෙකක් නේද තියෙන්නේ කියලා හොඳට බලනවා. ඔහොම ඉඩ ලැබෙන, තමන්ට පුළුවන් නම් සත්ත්‍ව-පුද්ගලභාවයට ඇසුරු කරලා තියෙන, පුංචි ම කාලේ ඉඳලා, යම්තාක් හිතට, හිත් කොනකින් හරි,සිහිකරගන්න පුළුවන් අරමුණු තියෙන්නේ, එකින් එක අරගෙන, එකකට එකවර ගානේ හරි නාමරූප වශයෙන් බලබලා යන්න, මතකයේ තියෙන ඔක්කෝම ටික ඉවරවෙලා, මේ ලෝකයේ තවත් රූප නෑ කියලා සිහි කරන්න එකක් නැති මට්ටමට එනකොට වෙනසක් වෙන්නේ නැත්ද කියලා.
ඒ විතරක් නෙවෙයි, ඉඩ ලැබෙන හැම වෙලාවකම මේ ශරීරය දිහාත් බලන්න ඕනේ, තමන් කියල දැනගන්න. ඔය විදියට විදර්ශනා කළොත් තමයි සර්පයින් හතරදෙනාගෙන් බේරිලා යනවා කියන්නේ. මේ ‘මම’ කියලා ඉන්න තාක්, මේ ‘දුව, පුතා’ කියලා දකින තාක්, මේ සර්පයින් හතරදෙනා ආභරණ කරගෙනයි ඉන්නේ දැන්. හැඩ බලබලා ඉන්නේ. සර්පයින් හතරදෙනාට අහුවෙලා ඉන්න තාක් සතුරු වධකයෝ පන්නන්නේ නැහැ. ඒ තාක් ආයතනයන්ගෙන් ප්‍රශ්න නැහැ එයාට. සර්පයින් හතරදෙනාට අහුවෙලා ඉද්දී සතුරු වධකයෝ පස් දෙනාගෙන් බේරිලා දුවනවා කියන එකක් වෙන්නේ නැහැ කීයටවත්. සර්පයින් හතරදෙනාගෙන් බේරිලා දුවන කෙනාටයි, එයාට අල්ලගන්න බැරිවුණොත් විතරයි, සතුරු වධකයින් පස් දෙනා අල්ලන්නේ.
ඒ වගේ මේ පින්වතුන් මේ කයේ බලන්නේ නැතුව ආයතනයක් ආයතනයක් ගානේ විදර්ශනා කරනවා කියන එකට යන්න එපා. ඒක වෙන්නේම නැහැ. එතකොට සර්පයන්ට අහුවෙලා ඉද්දී සතුරු වධකයින්ගෙන් බේරිලා දුවන්න හදනවා කියන එක බොරුවක්. මොකද සතුරු වධකයෝ කරන්න ඕනේ නැහැ, ඒ ටික කරනවා සර්පයින් හතරදෙනා.
ඉතින් සර්පයින් හතරදෙනාගෙන් බේරිලා යනවා කියන්නේ කබලිංකාරාහාරයෙන් හැදුණු මේ කයෙන්‘මම, මගේ, මගේ ආත්මයයි’ කියන හැඟීම අයින් කරන එක යි. බේරිලා යනවා. ඒක හේතුප්‍රත්‍යය බව පෙනෙනවා. පටිච්චසමුප්පන්න බව පෙනෙනවා. නාමරූප ආදී වශයෙන් බලබලා යනවා.
මේ විදියට කොච්චර දුරට කළ යුතු ද? අතථි කායොති වා පනසසසති පචචුපටඨිතා හොති - සත්ත්‍වයෙක් පුද්ගලයෙක් නොවූ කය පමණක් ඇත්තේය යන සිහිය හොඳින් එළඹ සිටින තැන දක්වා කළ යුතුයි. අද නාමරූපයක් කියලා බැලුවාට හිත පිළිගන්නේ නැහැ. නමුත් සත්ත්‍වයෙක් පුද්ගලයෙක් කියලා ගත්තොත්, බැලුවොත් හිත පිළිගන්නවා. ඕක ‘මම’ කියන තැන දක්වා බලන්න ඕනේ. සත්ත්‍වයෙක් පුද්ගලයෙක් කියලා බැලුවොත් හිත පිළිගන්නේ නැහැ. මොකටද සතා කියන්නේ, කයට ද හිතට ද? මෙහෙම දෙයක්නේ තියෙන්නේ කියලා හිත තර්ක කරයි. නැහැ මෙතන නාමරූප දෙකක් තියෙන්නේ කියලා ගත්තහම හොඳට පිළිගන්නවා කියන තැන දක්වා මනස වඩන්න ඕනේ.
ඔතැනට එනකොට නීවරණ ධර්ම දුරු වෙනවා. අඩුවෙනවා. අන්න එදාට මේ පෙනෙන දෙය පෙර නො තිබීම හටගෙන ඉතුරු නැතුව නැතිවෙනවා කියන එක බලන්න පුළුවන්. එතකොට ඉවර නැහැ, බලන්න ඔරොත්තු දෙනවා අපට. දැන් හිතේ හැපිලා හිටිනවා, ඇඟේ වැදිලා හිටිනවා, පිහිටලා හිටින්න පුළුවන්. ඒ දර්ශනයෙන් කෙලෙස් ගෙවෙනවා. ඒ මට්ටමට බලනකොට වැලිකෙළියේ පටන් හිටපු මිත්‍රයා එනවා. හම්බවෙනවා. හිතේ බලන එකේ පිහිටලා හිටින්න පුළුවන්. අන්න මනෝමයෙන් උපන්න විතර්කයෝ විදර්ශනා කරන්න ඔරොත්තු දෙන්නේ එදාටයි. දැන් මෙච්චර කාලයක් අපි බැලුවේ මනෝමයෙන් පහළ වෙන එකට මේ සංයෝජනය ගෙවන්න නේ. ඒ කියන්නේ කයට හම්බවෙන රූපයක් කෙරෙහි නේ. දැන් එහෙම ඕනේ නැහැ. මනසින් ධම්මාරම්මණ උපද්දලා, උපද්දපු ධම්මාරම්මණම දැනගන්නවා කියන එක බලන්න ඔරොත්තු දෙනවා කියන මට්ටමක් එනවා.
එතෙක් එහේ සිහිකරලා බලන්න බැහැ, බැලුවත් පිහිටා හිටින්න බැහැ සංයෝජනය මෙහෙ. හිතෙන් කොච්චර බැලුවත් -‘නැහැ බාහිර දරුවා ඉන්නවා, ගෙදර තියෙනවා, බාහිරදේ තියෙනවා’ කියන තැනටමයි ඇදිලා යන්නේ. මේකෙන් කාලය විතරයි නාස්ති වෙන්නේ. ඒ නිසා මනඤ්ච පටිචච ධමෙම ච උපපජජති මනොවිඤඤාණං කියන තැන දකින්න ගත්තාට පස්සේ තමයි, දැක්කොත් තමයි,එයාට මේ ආයතන ටික සම්පූර්ණ ශුන්‍යතාවයකට යන්නේ.
එයාට බාහිර රූපයක් සිහිකරලා - මෙහේ ඉඳලා බාහිර දෙයකින් දුක්විඳින්න තියෙන හේතු නැහැ. බාහිර දේවල් සිහිකරලා මෙහේ ඉඳන් දුක්විඳින්න බැහැ. ගෙදර වෙන දේවල් අනුව දැන් දුක්විඳින්න තරම් එයා මෝඩ නැහැ. ඇයි, සිහි කරනකොටම පෙනෙනවා මේක මානසිකව උපද්දවපු ධර්මතාවක් දැනගන්නවා කියන තැනට එනවා. මැරිච්ච අය අරබයා අඬන්න බැහැ එයාට. නිරුද්ධවෙච්ච දේවල් අරබයා සතුටුවෙන්න බැහැ. බොරුවෙන් දුක්වෙන, සතුටුවෙනකම, මැරිච්ච දෙයකින් දුක්වෙන, සතුටුවෙනකම, නූපන්න දෙයකින් දුක්වෙන, සතුටුවෙනකම නැහැ.
මනසින් ධම්මාරම්මණ උපද්දවලා දැනගන්නවා කියන මට්ටම ඔරොත්තු දෙනවා කියනකොට ජීවිතයක ලේසි සහනයක් නෙවෙයි සැලසිලා තියෙන්නේ. එයා මෝඩකම නිසා මැරිච්චදේවල් අරබයා කොච්චර හිතෙන් දුක්වින්ඳා ද, මැරිච්චදේවල් අරබයා කොච්චර සතුටු වුණා ද, නූපන්න දේවල් අරබයා කොච්චර දුක්වෙනවා ද, නූපන්න දේවල් අරබයා කොච්චරසතුටුවෙනවා ද, නූපන්න දේ ඉපදිලා නැති නිසා බොරුවක්, මැරිච්චදේ මැරුණු නිසා බොරුවක්. මේ බොරුව තුළින්, බොරුවේ කොච්චර සතුටු වෙලා තියෙනවා ද, දුක් වෙලා තියෙනවා ද අවිද්‍යාව නිසා? ඒ ඔක්කෝම ටික නැතිවෙනවා මෙයාට. ඒ නැතිවීම ම ජීවිතයට පුදුම සහනයක්.
ඒකයි එතෙන්ට ගියහම අවිද්‍යාවෙන් තොර සිසිල් බවකුත් දැනෙයි. හැබැයි විද්‍යාව වුණාට, ඒ මට්ටමින් දැක්කාට තවම ගම් පහකම හොරු ගෙවල් බිඳිනවා. ඒ කියන්නේ තවම ඇහැට රූප ගැටුනහම රැවටෙන්න පුළුවන්කම එනවා. මනසින් රැවටෙන්නේ නැහැ. කනට ශබ්ද ඇහෙනකොට තවම රැවටෙන්න පුළුවන්කම එනවා. දැන් ඒකට මොකක්ද කරන්න ඕනේ? අඛණ්ඩව අර ටික ඔක්කෝම කරන්න ඕනේ. තවම හොඳට මතක තියාගන්න මේ කය පරිහරණය කරනකොට ඒකත් විදර්ශනා කළ යුතුයි දැන්. සර්පයින්ට අහුවෙන්න දෙන්නත් හොඳ නැහැ. ආයතන පරිහරණය කරනකොට ආයතනයන් කියලානුවණින් දැනිය යුතුයි. මනෝමයෙන් සිහි කරනකොට ඒකත්දැකිය යුතුයි. සර්පයින්ටත් අහුනොවී දුවන්න ඕනේ, සතුරු වධකයින්ටත් අහුනොවී දුවන්න ඕනේ, වැලිකෙළියේ ඉඳලා හිටපු මිත්‍රයාට අහුනොවී දුවන්නත් ඕනේ, ගම් පහක හොරුන්ට අහුවෙන තැන පහුවෙන කල්ම කරන්න ඕනේ.
ඔහොම කරනවා ලෝකෝත්තර ප්‍රඥාව පහළවෙන තැන දක්වාම. මෙහෙම කරනකොට ලෝකෝත්තර ප්‍රඥාව පහළවෙනවා කියන්නේ මොකක් ද? නිරෝධයේ ඥානය එනවා. ඊට මෙහා ලෝකයේ හැමදෙයක්ම දැනගන්නේ විඤ්ඤාණයකින්. ප්‍රඥාව කියන එක ජීවිතයේ යම් දවසක හරි ලෝකෝත්තර ප්‍රඥාව යෙදුණොත්, එදා ඉඳලා තමන් දන්නවා තමන්ට කරගත යුතු දේ. ඒක ගන්න තමයි මේ හේතුඵල දහම, පටිච්චසමුප්පාද බව තියෙන්නේ. ආයතනයන්ගේ පටිච්චසමුප්පාද බව බලබලා හිටියේ, ඔය බලබලා ඉඳීම නිසා යම් දවසක දී මේ ඉන්‍ද්‍රිය මුහුකුරා ගිහිල්ලා නිරොධෙ ප්‍රඥාව ලැබෙන්න ඕනේ.
මතු සම්බන්ධයි

0 Comments