සබ්බ දුක්ඛා පමුච්චන්ති 1

සබ්බ දුක්ඛා පමුච්චති : 1

නමොතස්ස භගවතො අරහතො සම්මා සම්බුද්ධස්ස
නමොතස්ස භගවතො අරහතො සම්මා සම්බුද්ධස්ස
නමොතස්ස භගවතො අරහතො සම්මා සම්බුද්ධස්ස

ශ‍්‍රද්ධා බුද්ධි සම්පන්න කාරුණික පින්වතුනි, මේ පින්වත්
හැමදෙනාම අද පොහෝ දිනයේ පෙහෙවස් සමාදන්
වෙලා මේ සූදානම් වෙන්නේ ලොවුතුරා බුදු රජාණන්
වහන්සේ අප කෙරෙහි අනුකම්පාවෙන් දේශනා කළ
සද්ධර්මයෙන් බිඳක් ශ‍්‍රවණය කරලා, පැහැදිලි කරගෙන
ඊට අනුව ධර්මානුධර්ම ප‍්‍රතිපදාවේ හැසිරෙන්නයි. 

ඒ නිසා හැමදෙනාම අද දවසෙදි බොහොම හො`දින්
තමන්ගේ සිත, කය, වචනය කියන තුන්දොර සංවර
කරගෙන ධර්මයේ හැසිරෙන්නට  ඕන. බණ අහන
වෙලාවෙදිත් හැම දෙනාම තමන්ගේ සිත නොයෙක්
නොයෙක් අරමුණු වල දුවන්නට නොදී, හොඳ චිත්ත
ඒකාග‍්‍රතාවයක් ඇති කරගෙන ධර්මය ශ‍්‍රවණය
කරන්නට  ඕන.

සමහර කරුණු තියෙනවා අපට අහලා පුරුදු නැති. ඒ
නිසා ඒවා පහසුවෙන් අපේ මතකයේ රැුඳෙන්නෙ නැහැ.
අද මම ටිකක් ගැඹුරු දහම් කරුණු ටිකක් කතා කරන්න
බලාපොරොත්තු වෙනවා. ඊට අමතරව මට හිතුනා අපි
නිතරම සමාදන් වෙන පන්සිල්, ඒ වගේම උපෝසථ සිල්,
පාලි වචන කියලා සමාදන් වුනාට, මම  ඕස්ටේ‍්‍රලියාවේ
ධර්මය දේශනා කරන්න ගියාම තේරුන දෙයක් තමයි ඒ
වචනවල සිංහල අර්ථය බොහෝ දෙනෙක් නොදන්නා
බව. අපේ අයත් සමහරවිට එහෙම වෙන්නැති. ඒ නිසා
මට හිතුනා ඒ ගැනත් ටිකක් මතක් කළොත් හොඳයි
කියලා.

‘පාණාතිපාතා වේරමණි සික්ඛා පදං සමාදියාමි’
කිව්වහම ‘සතුන් මරන්නෙ නෑ’ කියලා සිල්පදය සමාදන්
වෙන බව අපි හැමෝම දන්නවා. නමුත් මේ පාලි වචනය
හැදිලා තියෙන හැටිත් ඒ තුළ තියෙන සිංහල අර්ථත් අපි
දැනගත්තොත් හොඳයි. මම ඒ ගැන කෙටියෙන් මතක්
කරන්නම්.

● පාණාතිපාතා වේරමණි සික්ඛා පදං සමාදියාමි -
පාණ කියලා කියන්නේ ප‍්‍රාණයට. පණ ඇති සතුන්ට.
අතිපාත කියන්නෙ නසනවා කියන එක. වේරමණි -
කරන්නෙ නෑ. සික්ඛා පදං සමාදියාමි - ශික්ෂා පදය
සමාදන් වෙනවා. ප‍්‍රාණින් නසන්නෙ නෑ කියන ශික්ෂා
පදය සමාදන් වෙමි.

● අදින්නාදානා වේරමණි සික්ඛා පදං සමාදියාමි -
අදින්න කියන්නෙ නුදුන් දේ, ආදාන කියන්නේ ගැනීම
අදින්න + ආදාන, අදින්නාදානා, නුදුන් දේ ගැනීම වේරමණි -
කරන්නෙ නෑ. සික්ඛා පදං සමාදියාමි ශික්ෂා පදය
සමාදන් වෙමි.

● කාමේසුමිච්ඡුාචාරා වේරමණි සික්ඛා පදං සමාදියාමි -
කාමේසු කියන්නෙ බහු වචනයක්. කාමයන්හි වරදවා
හැසිරෙන්නෙ නෑ. කාමයන්හි කියන්නෙ, ඒ සිල් පදය
කැඩෙන්න කරුණු විස්සක් තියෙනවා. මේ කරුණු අපි
දැනගෙන තියෙන්න  ඕන. මේ කරුණු උභය පාර්ශ්වයට
ම ඒ කියන්නේ ස්තී‍්‍ර, පුරුෂ දෙපක්ෂයට ම අයිතියි.

01.  මාතු රක්ඛිතා නම් වූ මව විසින් රක්නා ලද ස්ති‍්‍රය. 
02. පිතු රක්ඛිතා නම් වූ පියා විසින් රක්නා ලද ස්ති‍්‍රය.
03. මාතු පිතු රක්ඛිතා නම් වූ මව පියා දෙදෙනාම  විසින්
රක්නා ලද ස්ති‍්‍රය.
04. භගිනි රක්ඛිතා නම් වූ සහෝදරිය විසින් රක්නා ලද
ස්ති‍්‍රය. 
05. භාතු රක්ඛිතා නම් වූ සහෝදරයා විසින් රක්නා ලද
ස්ති‍්‍රය 
06. ඥාති රක්ඛිතා නම් වූ නෑයන් විසින් රක්නා ලද
ස්ති‍්‍රය.
07. ගොත්තරක්ඛිතා නම් වූ ස්වකීය ගෝත‍්‍රයන් විසින්
රක්නා ලද ස්ති‍්‍රය
08. ධම්ම රක්ඛිතා නම් වූ ධාර්මිකයන් විසින් රක්නා ලද
ස්ති‍්‍රය.
09. සාරක්ඛා නම් වූ ගැබ් ව සිටිය දී හෝ මෝ මාගේ යයි
රක්නා ලද ස්ති‍්‍රය
10.  සපරිදණ්ඩා නම් වූ අසවල් ස්ති‍්‍රය කරා ගියහොත්
මෙතෙක් දඩ යයි නියම කරන ලද ස්ති‍්‍රය
11.  ධනත්තිකා නම් වූ ධනය දී ගන්නා ලද ස්ති‍්‍රය.
12.  ඡුන්දවාසිනි නම් වූ සිය කැමැත්තෙන් පි‍්‍රය වූ
පුරුෂයා ළඟ වසන්නා වූ ස්ති‍්‍රය.
13.  භෝගවාසිනි නම් වූ භොග නිසා භාර්ය්‍යා බවට පත්
වූ ස්ති‍්‍රය.
14.  පටවාසිනි නම් වූ වස්ත‍්‍රය මාත‍්‍රයෙහි භාර්ය්‍යා බවට
පත් වූ ස්ති‍්‍රය. _
15.   ඕපදත්තකිනි නම් වූ පැන් කලයෙහි අත බහා මේ
ජලය මෙන් එක්ව වසමු යැයි කැමතිකොට වසන්නා වූ
ස්ති‍්‍රය. 
16.   ඕහතවුම්බඩා නම් වූ දරදිය අදින තැනැත්තී විසින්
හිිසින් සුඹුලූවම බිම තබා බිරින්ද බවට ගත්තා වූ
ස්ති‍්‍රය.
17.  දාසිභරියා නම් වූ දාසීව භාර්ය්‍යාව බවට ගත් ස්ති‍්‍රය.
18.  කම්මකාරි භාරියා නම් වූ බැලමෙහෙ කරන්නීව
භාර්ය්‍යා බවට ගත් ස්ති‍්‍රය.
19.  ධාජාහට නම් වූ යුධකොට ජයගෙන පරදෙසින්
ගෙනෙන ලද ස්ති‍්‍රය.
20. මුහුත්තිකා නම් වූ මොහොතකට බිරිඳ බවට ගන්නා
ලද ස්ති‍්‍රය.

මේ විසි දෙනා අතරින් කවුරුන් හෝ කෙනෙක් සමඟ
සම්බන්ධතා පැවැත්වුවහොත් කාමයෙහි වරදවා
හැසිරීමේ ශික්ෂාපදය කැඩෙනවා. ඊට මෙහා
සාමාන්‍යයෙන් කාමයන් තුළ හැසිරීම කියන සිද්ධිය
අකුසලයක් හැටියට
ගැ නෙන්නෙ නැහැ. ඒක ලෝක ධර්මයක්, මනුෂ්‍ය
ධර්මයක් හැටියටයි සම්මත. නමුත් අර කාරණා විස්සට
ඇතුළත් කෙනෙකු හා සබඳතාවක් වුනොත් ඒ ශික්ෂා
පදය කැඩෙනවා.

පොහොය දිනයෙ උපෝසථ ශිලය සමාදන් වෙනකොට
‘අබ‍්‍රහ්මචරියා වේරමණී සික්ඛා පදං සමාදියාමි’ කියලයි
කියන්නෙ. එතකොට ඉබේමයි කියැවෙන්නේ
බ‍්‍රහ්මචරියාවෙ හැසිරෙනවා කියන එක. බ‍්‍රහ්මචරියාවෙ
හැසිරෙනවා කියනකොට කාමයෙ හැසිරීම කියන
මට්ටමෙනුත් ඉවත් වෙන්න
 ඕන.

● මුසාවාදා වේරමණි සික්ඛා පදං සමාදියාමි - බොරු
කීමෙන් වළකිනවා කියන එක.

● සුරාමේරය මජ්ජපමාදට්ඨානා වේරමණී සික්ඛා පදං
සමාදියාමි - මදයට හා ප‍්‍රමාදයට හේතුවන සුරාව සහ
මේරය කියන දෙකෙන් වළකිනවා කියලා කියනවා.
සුරාව කියන්නේ මත්පැන්. මේරය කියන්නෙ පානය
නොකර වුනත් මත්වන දේවල් තියෙනවනෙ. මත්කුඩු
ගංජා, අබින් වගේ දේවල්. ඔය සුරාව සහ මේරය කියන
දෙකම එකතුවෙලයි සුරාමේරය කියන්නෙ. ඒ දෙකෙන්ම
වළකිනවා කියන ශික්ෂා පදය සමාදන් වෙනවා.

● විකාල භෝජනා වේරමණි සික්ඛා පදං සමාදියාමි -

විකාල කියන්නෙ හිරු අවරට යාමෙන් පස්සෙ ආහාර
ගන්නෙ නෑ කියන එක. මේ පින්වතුන්ට නම් විකාල
භෝජනා ශික්ෂා පදය රකින්න අවස්ථාවක් ලැබෙන්නෙ
නෑ. ඇයි හවස පහට සිල් පවාරණය කරනවනෙ.

නමුත් නියම විදියට විකාල භෝජනා ශික්ෂා පදය
රැුකෙන්න නම් පහුවදා එළිවෙනකම් සිල් රකින්න  ඕන.
හොඳට මතක තියාගන්න. ශීලය සම්පූර්ණ වෙන්න නම්
හැට පැයක් ගතවෙන්න  ඕන සිංහල ක‍්‍රමයට.මේ
අරුණෙ ඉඳන් පහුවදා අරුණ දක්වා හිටියාම තමයි
දවසක් වෙන්නෙ. එතකොට තමයි ශික්ෂා පදය
රැුකෙන්නෙ. දවල් දොළහෙ ඉඳලා හවස පහ වෙනකම්
පැය පහ නොකා හිටියා කියලා විකාල භෝජනා
ශික්ෂාව රකින්න ඕන කාලය රැුකලා නෑ අපි. පැනලා
ගිහිල්ලා තියෙන්නෙ.

අධිෂ්ඨාන කරගෙන පැය පහ හරි ඉන්න එක වටිනවා.
නොවටිනවා නෙමෙයි. නමුත්සිල් පදය සම්පූර්ණ
වෙන්න නම් රාතී‍්‍ර කාලයත් අයිතියි කියන එක මතක
තබා ගන්න. අර්ධ උපෝසථයක් අධිෂ්ඨාන කරලා
සමාදන් වෙන්න පුළුවන්. එතකොට උදේ ඉඳලා හවස්
වෙනකම් හෝ හවස ඉඳලා පහුවදා උදේ වෙනකම්.
හැබැයි හවස සිල් ගන්න කෙනා කෑම කාලා නෙවෙයි,
සිල් ගන්නෙ. මොකද ඒ දවසෙ දොළහෙන් පස්සෙ කෑම
කාලා විකාල භෝජන ශික්ෂාපදය සමාදන් වෙන්න
බැහැ.

ඔය ගැන හොඳ කතාවක් තියෙනවා. අනේ පි`ඩු
සිටුතුමාගෙ ගෙදර ඉන්න හැම කෙනෙක්ම පෝය දවසට
සිල් සමාදන් වෙන්න  ඕන. දැසි දස් කම්කරුවො ඇතුලූ
හැම කෙනෙක්ම. එදාට වැටුප් ගෙවනවා. නමුත් කිසි
කෙනෙක් වැඩ කරන්න බැහැ. සිටුතුමාගෙ කුඹුරුවල
වැඩ කරන සමහර අය ඉන්නවා තමන්ගෙ ගෙදර හරක්
ටික
තියාගෙන පහුවදා උදේට කුඹුරුවල වැඩට ගෙනියනවා.
දවල් කෑමට හෝ හවසට තමයි ආපහු සිටු මැදුරට
එන්නෙ.

ඉතින් එක පුද්ගලයෙක් ඔය වගේ හරක් ටික ගෙදර
අරගෙන ගිහින් පාන්දර කෙලින්ම කුඹුරට ගියා. එහෙම
ගිහිල්ලා දවල් කෑම කන්න සිටු මැදුරට එනකොට
වෙනදා වගේ නෙවෙයි වැඩ කරන අය කවුරුවත් නැහැ.
කෑම මෙසෙ එක කෑම එකක් විතරක් වහලා තියෙනවා.
එයා ඇහුවා,
‘‘කෝ මේ අනිත් කට්ටිය’’ ‘‘ඇයි දන්නෙ නැද්ද අද පෝය
දවසනෙ. හැමෝම සිල් සමාදන් වෙලා ඉන්නෙ. ඔබ අද
වැඩ කරනවා කියලා දැනගන්න ලැබුන නිසා සිටුතුමා
කිව්වා ඔබට කෑම ටිකක් තියන්න කියලා.’’ එතකොට ඒ
තැනැත්තා කියනවා, ‘‘මටත් කෑම එපා. මමත් අද අර්ධ
උපෝසථයක්වත් සමාදන් වෙනවා’’කියලා කෑම නොකා
සිල් සමාදන් වුනා. දවස පුරාම අධිකව වෙහෙසිලා වැඩ
කරලා නිරාහාරව සිටිය මේ පුද්ගලයට අධික බඬේ
රුජාවක් හැදුනා. වේදනාව අධික නිසා දඟලන්න පටන්
ගත්තා. සිටුතුමා කිව්වා කෑම කන්න කියලා. ඒත් එපා
කිව්වා. බෙහෙත් දෙන්න හැදුවා. ඒවත් එපා කිව්වා. චතු
මධුරත් ගත්තෙ නැහැ. සීලය කැඩෙනවට බයේ. අධික
වේදනාවෙන්ම මේ පුද්ගලයා කළුරිය කළා. සිල්
රැුකීමේ ආනිශංසයෙන් මහානුභාව සම්පන්න වෘක්ෂ
දේවතාවෙක් වෙලා උපන්නා කියලා ධර්මයේ සඳහන්
වෙනවා.

ඉතින් ඒ කතාවෙන් හොඳට පේනවා අර්ධ
උපෝසථයක්් සමාදන් වෙන කෙනා හවසට ආහාර
ගන්නෙ නැහැ. ආහාර ගත්තොත් එයාට ඒ ශික්ෂාපදය
රකින්න අවස්ථාවක් නොලැබෙන නිසා.

අපි සිල් සමාදන් වුනාට බොහෝ විටෙක මේවා ගැන
දන්නෙ නැහැ. අපි ගැඹුරු දේවල් හොයනවා, කතා
කරනවා. නමුත් ජීවිතේ පටන් ගන්න ටික දන්නේ නැහැ.
ඒවා ගැන අපි දැනගෙන ඉන්න  ඕන.

● නච්ච, ගීත, වාදිත, විසූක දස්සන, මාලා, ගන්ධ
විලේපන ධාරණ, මණ්ඩන, විභූසනට්ඨානා වේරමණී
සික්ඛා පදං සමාදියාමි -

නච්ච කියන්නෙ නාට්‍ය, ගීත කියන්නේ ගී සින්දු, වාදන
කියන්නෙ බෙර වාදන, වීණා වාදන,විසූක දස්සන
කියන්නෙ චිත‍්‍රපටි වගේ දේවල්, මාලා කියන්නේ
මල්මාල, ගන්ධ විලේපන කියන්නෙ සුවඳ විලවුන් වර්ග,
ධාරණ කියන්නෙ ඔටුනු වගේ දේවල් දරනවා කියන එක.
මණ්ඩන කියන්නෙ ශරීරය අලංකාර කිරීම. ඇස් පාට
කරනවා, තොල් පාට කරනවා, විභූසනට්ඨානා - විභූසන
කියන්නෙ කරාබු, මාල, සිල් සමාදන් වෙනකොට කරාබු,
මාල වගේ දේවල් පළ`දින්නෙ නැහැ. විභූසනයට ඒවා
අයිතියි. විභූසනය කියන්නෙ අලංකාර කිරීම. වේරමණී -
කරන්නෙ නෑ.

පාර තොටේ යනකොට සංගීතයක් ඇහුනොත්,
වාදනයක් ඇහුනොත්, නැටුමක් පෙනුනොත්, සිල් පදයක්
කැඩෙන්නෙ නෑ. සිල් පදයෙන් කියන්නෙ තමන් ඒවා
කරන්නෙ නෑ කියන එක මිසක ඇහෙන, පෙනෙන දේ
ගැන නෙවෙයි. බොහෝ දෙනෙක් හිතනවා ගීතයක්
ඇහුනොත් සිල් පදය කැඩුනා කියලා. එහෙම වුනොත්
කවදාවත් මේ සිල් පදය රකින්න බැරි වෙනවා.

නමුත් සිල් සමාදන් වුන කෙනෙක් නැටුවොත් ඒක
වැරදියි. සින්දුවක් කිව්වොත් වැරදියි. වාදන භාණ්ඩයක්
වාදනය කළොත් වැරදියි. වෙනත් අය ඒවා කළා කියලා
තමන් සමාදන් වුන සිල් පදය කැඩෙන්නෙ නැහැ.
විශේෂයෙන්ම සිල් සමාදන් වෙනකොට කරාබු, මාල
වගේ දේවල් ගලවලා ගෙදර තියලා ඇවිත් සිල් සමාදන්
වෙන එක හොඳයි. මොකද සමාදන් වෙන ශික්ෂා පදයේ
නච්ච, ගීත, වාදිත, විසූක දස්සන, මාලා ගන්ධ විලේපන,
ධාරණ, මණ්ඩන, විභූසනට්ඨානා කියන ටිකට  ඕවා
අයිතියි. අනිත් දවස්වලට ඔය පින්වතුන්ට ඒවා කැපයි.
ගිහි අය හැටියට ලෝකය තුළ ඉන්න  ඕන නිසා ඒවට
අවස්ථාව තියෙනවා.

නමුත් දවසක් තියෙනවා, එදාට එයා සම්පූර්ණ විරාගී
පුද්ගලයෙක්. භවයට කළකිරුණු මනසක් පවත්වන
ජීවිතයක් එදාට. බොරුවට ලෝකෙට පේන්න සිල්
සමාදන් වෙන්නන් වාලේ සිල් සමාදන් වෙනවා නෙවෙයි.
ඇත්තටම නිස්සරණාධ්‍යාශයෙන්, සසරෙන් වෙන් වූ
මනසක් පවත්වා ගැනීමේ අටියෙන්, භවයට කළකිරුණු
මනසක් පවත්වා ගැනීමේ අදහසින් සසරින් එතෙර වීමේ
අව්‍යාජ උපායෙන් යුක්තවමයි එයා ඒ දවස වෙන්
කරන්නේ.

ඒ නිසා අනිත් අය කළත් එකයි, නොකළත් එකයි.
ඇත්තටම සිල් සමාදන් වෙන අය මීට වඩා ගුණවත්
වෙන්න  ඕන. ශීලයේ ස්වභාවය තේරුම් අරගෙන.
එහෙම අය අනුන්ගෙ දේවල් හොයන්නෙ නැහැ.
අනුන්ගෙ අඩුපාඩුවක් වැරැුද්දක් තිබුනත් ඒක ඉවසලා
කටයුතු කරනවා. සාමාන්‍ය ලෝකයාට වඩා ඒ මනස
ගොඩාක් වෙනස්. මොකද එයා සම්ප‍්‍රදායකට කරන
එකක් නෙමෙයි. අව්‍යාජ හැඟීමෙන් ම, නිවන් දකින
අදහසින් ම කළණ සිත් ඇතිවමයි කටයුතු කරන්නෙ. 

එයා තුළ අනුකම්පාවක් තියෙනවා. අනිත් කෙනෙකුගෙ
වරදක්, අඩුපාඩුවක් දැක්කත් ඉවසන්න පුළුවන්. ඒ
වගේම කාලය ගෙවා ගන්න ඔහේ මොනවා හරි දෙයක්
කරමින් හෝ කියමින් හෝ ඉන්නෙ නැහැ. පහසුකම්
හොයන්නෙත් නැහැ. දහමක් කොතනින් ද ලැබෙන්නෙ,
දහම් අවබෝධයක් කොහොමද ලබාගන්නෙ කියලා
ඒකට උත්සහවත් වෙනවා. උත්සාහවත් වෙලා
හුදෙකලාව පැත්තකට ගිහිල්ලා අනිත් අය කළත් එකයි,
නොකළත් එකයි කියන තැනකින්, කෙනා කෙනා තම
තමන්ට වගකිව යුතු මනසකින් හුදෙකලාව පැත්තකට
වෙලා අප‍්‍රමාදී වෙන්නයි මේ දවස යොදා ගන්නෙ.

ගෙවල් දොරවල් වල බොහෝ කටයුතු තියෙන, ගිහි
සම්බාධක සහිත පින්වතුන් හැටියට ජීවිතේ හැමදාකම
අටසිල් රකින්න බැහැ. ඒ නිසා එක දවසයි තියෙන්නෙ. ඒ
දවස හරියට කරනවා. එක දවසක් වුනත් හරියට
කළොත් ආනිශංස බොහෝයි.

අද මේ සමාදන් වෙන ක‍්‍රමය නම් ඉතින් දවස් තිහේම
වුනත් පුළුවන් වෙයි. මොකද එච්චර අපහසු ක‍්‍රමයක්
නෙවෙයිනෙ. නමුත් මීට වඩා මේ සිල් සමාදන් වෙන
එකේ ආධ්‍යාත්මික පැත්තක් තියෙනවා. ආධ්‍යාත්මික
නැඹුරුවක් තියෙනවා. ඒ පිළිබඳවත් සැලකිලිමත්
වෙන්න කියලා මම මතක් කරනවා.

මතු සම්බන්ධයි!

ලබුනෝරුව කන්ද ආරණ්‍ය සේනාසනවාසී අති පූජ්‍ය
මාන්කඩවල සුදස්සන හිමියන් විසින් පවත්වන්නට
යෙදුනා වූ ධර්ම දේශනයක් මෙසේ ලිඛිත මාධ්‍යයෙන්,
කොටස් වශයෙන් පල කිරීමකි. දේශන විලාශයේ එන
හඬ හැසුරුම් කියවීමේ දී හමු නොවන බැවින් ගැටළු
සහගත තැන් හමුවිය හැකිය. එහෙත් මෙයින් ලබාගත
හැකි ධර්මාවබෝධය අති විශාල බැවින් ප‍්‍රවේශමෙන්
කියවා තේරුම් ගන්නට උත්සාහ කරන මෙන්
කාරුණිකව ඉල්ලමු.

Post a Comment

0 Comments