.
සබ්බ දුක්ඛා පමුච්චති : 2
එක්තරා අවස්ථාවක දී සැරියුත් මහරහතන් වහන්සේ
බුදුරජාණන් වහන්සේගෙන් විමසනවා.
‘‘නිබ්බානං නිබ්බානං ඛො භන්තෙ වුච්චති කිත්තාවතා
ඛො භන්තෙ නිබ්බානං’’
ස්වාමිනි, භාග්‍යවතුන් වහන්ස, නිවන නිවන කියලා
කියනවා. කොපමණකින් මේ නිවීම වෙනවාද?
ඒ වෙලාවෙදි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා.
‘‘රාගක්ඛයො, ද්වේෂක්ඛයො, මෝහක්ඛයො නිබ්බානං’’
රාග, ද්වේශ, මෝහයන්ගේ ක්ෂය බව, නැති බව නිවනයි
කියලා.
ඇයි බුදුරජාණන් වහන්සේ රාග, ද්වේශ, මෝහයන්ගේ
නැති බව නිවනයි කියලා පැනෙව්වෙ. රාග, ද්වේෂ, මෝහ
කියන ධර්මතා තුනෙන් තමයි පින්වතුනි, සංඛත ධාතුව
ඇති කරලා තියෙන්නෙ. විශේෂයෙන්ම මේ රාග, ද්වේෂ,
මෝහයන්ගෙන් තමයි ලෝකය කියන කාරණාව
පනවන්න පුළුවන්කම තියෙන්නෙ. රාග, ද්වේෂ, මෝහ
කිව්වම නිකම්ම කෙලෙස් ගති තුනක් විතරක් දකින්න
එපා. මේ ධර්මතා තුන හැම වෙලාවෙම අපේ ජීවිතේ
මොනවා හරි වැඩක් කරලා තියෙනවා. අපේ ජීවිතේට
කරුණු කාරණා එකතු කරලා තියෙනවා. තරහා දේවල්
සහ තරහා පුද්ගලයො අපිට එකතු කරලා තියෙනවා.
කැමති දේවල් සහ කැමති පුද්ගලයො අපිට එකතු
කරලා තියෙනවා. ඒ වගේම ඇත්ත ඇති හැටියෙ
නොදන්නා වූ නොදකිනා වූ ද්‍රව්‍ය, කාරණා, වස්තු අපිට
එකතු කරලා තියෙනවා.
රාග, ද්වේෂ, මෝහයන්ගේ කෘත්‍යය තමයි ලෝකය
කියන ධර්මතාවය හදන එක. රාග, ද්වේෂ, මෝහ නැති
කරගන්න පුළුවන් නම් ඒ කෙලෙසුන්ගෙන් ඇති කළා වූ
හැම දෙයක්ම නැති වෙනවා. බුදු රජාණන් වහන්සේ මේ
රාග, ද්වේෂ, මෝහයන්ගේ නැති බව නිවනයි කියලා
දේශනා කළේ මේ ලෝකයේ ඇත්ත ඇති හැටියෙ දන්නා
වූ දක්නා වූ මනසකින්. අපි මුලින් ම ඒ ගැන විමසා
බලමු.
මම හැමදාමත් මතක් කරනවා, බුදු රජාණන් වහන්සේ
අපි වගේම ලෝකය තුළ පහළ වෙලා, සත්ව පුද්ගල
සංඥාවෙන් ලෝකය තුළ ජීවත්වෙලා, මේ ලෝකය තුළ
හැමදාම පැවතුන, හැමදාම පවතින නමුත් ලෝකයාට
නොපෙනන, ලෝකයාට වැහිලා තියෙන ඇත්ත ඇති
හැටියෙ අවබෝධ කර
ගත්තා. ඒ ඇත්ත අවබෝධ වුනහම තමයි බුදුරජාණන්
වහන්සේ දැක්කෙ, ඒ අවබෝධය නැතිකම නිසා වැරදි
දැකීමකුත්, වැරදි දැකීම නිසා ඇලීම, බැ`දීම, ගැටීම
කියන කෙලේසයකුත් ඒ නිසා දුක් දොම්නස් උපදින
හැටිත්.
දුකට හේතුව ඇලීම, බැ`දීම, ගැටීම වැරදි දැකීම කියන
ධර්මතාවය බවත්, වැරදි දැකීමට හේතුව ඇත්ත ඇති
හැටියෙන් නොදැකීම කියන ධර්මතාවය බවත්
බුදුරජාණන් වහන්සේ අවබෝධ කරගෙන, ඇත්ත ඇති
හැටියෙ දන්නා වූ දක්නා වූ මනසක්, නුවණක් හදාගෙන
වැරදි දැකීම, ඇලීම, ටීම, බැ`දීම කියන කෙලේසයත් ඒ
නිසා උපදින දුක කියන ධර්මතාවත් නිරුද්ධ කරලා දුකේ
නිවීම සාක්ෂාත් කරගෙන ඒ සත්‍ය අවබෝධය තුළ
ජීවත්වෙමින් ඒ පණිවිඩය ලෝකයට දේශනා කළා.
එහි දී උන්වහන්සේ තමන් වහන්සේගේ අදහසක්
දේශනා කළා නෙවෙයි. හැමදාම ලෝකයේ පවතින,
එහෙත් ලෝකයට වැහුන ඇත්තයි දේශනා කළේ.
බුදුරජාණන් වහන්සේ ඒ ඇත්ත හොයාගෙන ලෝකයාට
දේශනා නොකළා නම් කවදාවත් ලෝකයට ඒ දේ
දැනගන්න ලැබෙන්නෙ නැහැ.
බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, මේ ස්පර්ශ
ආයතන හය හරහා තමයි, ලෝකය කියන එක හැදිලා
තියෙන්නෙ. ලෝකයේ ඇත්ත සහ ලෝකයේ බොරුව
කියලා දෙකක් තියෙනවා. ලෝකයේ බොරුව තේරුම්
ගන්න නම් ලෝකයේ ඇත්ත තේරෙන්න ඕන. ලෝකයේ
ඇත්ත තේරෙන්න නම් ලෝකයේ බොරුව තේරෙන්න
ඕන.
ලෝකයේ ඇත්ත තමයි, හැමදාම ඇස් ඉදිරිපිටට
හමුවෙන්නෙ සතර මහා ධාතුන් නිසා පෙනෙන, මහා
භූතයන්ගේ උපාදාය රූපයක් වූ, වර්ණ සටහන් මාත‍්‍රයක්
චිත‍්‍ර මාත‍්‍රයක්. සත්ව පුද්ගල ආත්මයන්ගෙන් ශුන්‍ය,
ගෙවල් දොරවල් යාන වාහන ඉඩකඩම් වලින් ශුන්‍ය, රන්
රිදී වලින් ශුන්‍ය, වර්ණ සටහන් මාත‍්‍රයක් තමයි ඇස්
ඉදිරියට එන්නෙ. හැමදාම පැවතුන, පවතින ඇත්ත
ඕකයි. නමුත් ලෝකයාට මේ ඇත්ත වැහිලා තියෙන්නෙ.
හීනෙකින්වත් ඇත්ත පේන්නෙ නැහැ. හීනෙන්ද
පෙනෙන්නෙ ඇහෙන් දැකපු ගෙදර, දරුවා මිසක වර්ණ
සටහන් මාත‍්‍රයක් විදියට පේන්නෙ නැහැ.
හැමදාම පවතින සත්‍ය වූ දේ තමයි ඇස් ඉදිරිපිටට
එන්නෙ මහා භූතයන්ගේ උපාදාය රූපයක් වූ, පෙර
නොතිබීම හටගෙන ඉතිරි නැතිවම නැතිවෙන, අවිද්‍යා
කර්ම තණ්හා කියන හේතුන්ගෙන් හැදුන වර්ණ සටහන්
මාත‍්‍රයක්, චිත‍්‍ර මාත‍්‍රයක්.
සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් ලෝකයට පහළ
නොවුනේ නම්, මේ ඇත්ත කවදාවත් ලෝකයට හෙළි
වෙන්නෙ නැහැ. ලෝකයා මේ ඇත්ත නොදන්නාකම
කියන තැන උත්පත්ති කරගෙනයි ඉන්නෙ. ඇත්ත
නොදන්නාකම කියන එක ලෝකයට ජීවිතය වෙලා
තියෙන්නෙ.
වර්ණ සටහන කියන එක හරියට බිත්තියක ඇඳපු
චිත‍්‍රයක් වගේ. ‘තිට්ඨන්ති චිත‍්‍රානි තථෙව ලොකෙ’
කියලා බුදුරජාණන් වහන්සෙ දේශනා කරන්නෙ. ලෝකෙ
චිත‍්‍ර ටිකක් තියෙන්නෙ. පෙනෙන වර්ණ සටහනේ
ස්වභාවය තමයි. කවදාවත් ඔසොවලා ගන්න බැහැ.
ඒකට ප‍්‍රතිකි‍්‍රයාවක් දක්වන්න බැහැ. ඇහැට
පෙනෙනවා විතරමමයි.
ඔන්න දැන් ඔය ටික නොදන්නකොට, නොදකිනකොට,
සත්‍ය වූ දේ සත්‍ය ස්වභාවය අපි දන්නෙ නැහැ. ඒ සත්‍ය
ස්වභාවය නොදන්නා කමයි අවිද්‍යාව කියලා
හඳුන්වන්නෙ. අවිද්‍යාව නිසා අපේ මනසෙ උපාදානය
යෙදෙනවා. නැත්නම් ආශ‍්‍රව යෙදෙනවා. කෙනා
කෙනාගෙ සිත්වල කෙලෙස් ගති යෙදෙනවා. ඒ කෙලෙස්
ගති තමයි, මිථ්‍යා දිට්ඨි කියලා කියන්නෙ.
වර්ණ සටහන පෙනෙන කොටම අපේ මනසෙ උපාදානය
යෙදෙනවා. මේ රූපය සත්වයෙක්, මේ රූපය
පුද්ගලයෙක් කියන හැඟීම මනසෙ යෙදෙනවා. ඒකට
කියනවා අත්තවාද උපාදානය. ආශ‍්‍රව වශයෙන්
ගත්තොත් දිට්ඨාශ‍්‍රවය. එහෙම නැත්නම් රන් රිදී, මුතු
මැණික්, යාන වාහන, ඉඩ කඩම් කියලා ගති ටිකක් අපේ
මනසෙ යෙදෙනවා. ඒකට කියනවා කාම උපාදානය, කාම
ආශ‍්‍රවය කියලා. ඊට පස්සෙ අපේ මනසෙ තියෙන
උපාදානයෙන් මේ ස්කන්ධය අපි ආපහු ගන්නවා. අපේ
මනසෙ තියෙන පුද්ගල සංඥාවෙන්, පුද්ගල හැඟීමෙන්
රූපය දිහා බලනකොට රූපය පුද්ගලයෙක් වගෙයි අපිට
පෙනෙන්නෙ.
හැම වෙලාවෙම ඇත්ත ඇති හැටියෙ නොදකිනකම
අපේ ජීවිතය වෙලා තියෙන්නෙ. එහෙම ඉන්න අපිට
ආශ‍්‍රව නිසා හුරු පුරුදු කරපු ද්‍රව්‍ය කාරණා මනසට
හම්බ වෙනවා. ස්කන්ධ තියෙන තැනක කෙලෙස්
යෙදෙනවා. දිට්ඨාශ‍්‍රව, භවාශ‍්‍රව, අවිද්‍යාශ‍්‍රව කියන ආශ‍්‍රව
ධර්ම නැත්නම් උපාදානය කියන මනසෙ ඇතිවෙන
ගතිවලින් ඒ වස්තු දිහා බැලූවහම අපිට ඒ ගතියෙන්මයි
ඒ වස්තුව පෙනෙන්නෙ. එහෙම පෙනෙනකොට ඒ
පෙනෙන වස්තූන් ගෙන් සමහර දේට අපි කැමැත්තෙන්
බැඳෙනවා. සමහර දේට අකමැත්තෙන් ගැටෙනවා. අනිත්
ඒවයෙ ඇත්ත ඇති හැටියෙ නොදකිනවා.
අපි ඇසුරු කරන ලෝකය තියෙන්නෙ රාග, ද්වේෂ, මෝහ
කියන ධර්මතා තුනකින්. මේ රාග, ද්වේෂ, මෝහ කියන
ධර්මතා තුනෙන් කරලා තියෙන වැඬේ තමයි පි‍්‍රය
මනාප කැමති ස්වභාවයෙන් තමන් තුළ නිමිති එකතු
කරලා තියෙනවා. අපි‍්‍රය අමනාප කියන ද්වේෂයෙන්
නිමිති එකතු කරලා තියෙනවා. ඇත්ත වසන් කළ වැරදි
දැක්ම කියන මෝහයෙනුත් නිමිති එකතු කරලා
තියෙනවා. මේ රාග, ද්වේෂ, මෝහයන්ගේ කෘත්‍යය
තමයි හැම වෙලාවෙම ඉඳගෙන, හිටගෙන, නිදාගෙන,
ඇවිදින කියන හතර ඉරියව්වක් නිම_ාණය කරලා,
තමන් සහ අනුන් කියන දෙපැත්තක් නිම_ාණය කරලා,
උඩ - යට, උතුර - දකුණ, නැගෙනහිර - බටහිර කියන
සදිසා නිර්මාණය කරලා. අතීත, අනාගත, වත_මාන
කියන තුන් කාලයක් එකට ඈඳලා ලෝකයක් නිර්මාණය
කරලා තියෙනවා.
අපි හිතන්නෙ බාහිර, භෞතික ලෝකයක අපි
ජීවත්වෙන්නෙ කියලා. එහෙම නෙවෙයි. රාග, ද්වේෂ,
මෝහ කියන ධර්මතා තුනේ කෘත්‍යය තමයි අපේ
ජීවිතේට නිමිති එකතු කරපු එක. නැවත සිහි කරන්න
පුළුවන් ඔය නිමිති වලටයි, සියළුම මැනීම් තියෙන්නෙ.
බලන්න උඩ - යට, උතුර - දකුණ කියන මිමි තියෙන්නෙ
කොහේට සාපේක්ෂව ද කියලා. මේ රූපයට සාපේක්ෂව.
ආධ්‍යාත්මික බාහිර දෙපැත්තක් තියෙන්නෙ කුමකට
සාපේක්ෂව ද කියලා බලන්න. මේ කයට සාපේක්ෂව.
මේ කය අපිට ඉතුරු කරලා තියෙන්නෙ රාග, ද්වේෂ,
මෝහයන්ගේ කෘත්‍ය ටික.
මේ ධර්මතා තුන ක්ෂය කරන්න නම්, මේ ධර්මතා තුන
පරිහරණය නොකර ඉන්න වෙනවා. රාග, ද්වේෂ, මෝහ
පරිහරණය නොකරනවා කියන්නෙ ලෝකයේ තියෙන
බඩු භාණ්ඩ පරිහරණය නොකරනවා කියන එක.
ලෝකය තුළ තියෙන බඩු භාණ්ඩ සියල්ලම නිෂ්පාදනය
කරලා තියෙන්නෙ රාග, ද්වේෂ, මෝහයන්ගෙන්. ඒ නිසා
රාග, ද්වේෂ, මෝහ කියන කෙලෙස් නැති කරන එක
සාමාන්‍යයෙන් අපි හිතන මට්ටමට වඩා ටිකක් ඔබ්බට
යනවා. රාග, ද්වේෂ, මෝහ කියන කෙලෙස් ඇති කරන්න
හේතුවුන තව කෙලෙස් දෙකක් තියෙනවා. ඒවට
කියනවා මූල ක්ලේශ කියලා. මේ මූල ක්ලේශ දෙක
නැති නොකර රාග, ද්වේෂ, මෝහ නැති කරන්න බැහැ. ඒ
මූල ක්ලේශ දෙක තමයි අවිද්‍යා, භව තණ්හා.
අවිද්‍යා කියන්නෙ ඇත්ත ඇති හැටියෙ නොදැකීම. කර්ම
වට්ටය සඳහා මුල්වෙලා තියෙන්නෙ මේ අවිද්‍යා කියන
කෙලේසය. මේ කෙලේසය මුල් වෙලා තමයි රාග, ද්වේෂ,
මෝහ එකතු කරලා තියෙන්නෙ. ඒ කියන්නෙ රත්තරං,
රිදී. ඉඩකඩම්, දරුවො, රාග, ද්වේෂ, මෝහ මුල්වෙලා
අපිට හැම වෙලාවෙම හම්බවෙන්නෙ දෙයක්. රාගය
කියලා හිතේ ඇතිවන ගතියක් දකින්න එපා. කැමති
ලස්සණ රූපයක් අපට පෙන්නලා ඇති රාගය. ද්වේෂය
කියලා නිකම්ම හිතේ ඇතිවන ගතියක් දකින්න එපා.
අපි‍්‍රය, අමනාප නිමිත්තක් ජීවිතේට ඉතුරු කරලා ඇති.
මෝහය කියලා නිකම්ම දකින්න එපා. ගෙවල්, දොරවල්,
ඉඩකඩම් වගේ ද්‍රව්‍ය කාරණා ජීවිතේට එකතු කරලා
ඇති. හැම වෙලාවෙම ඔය රාග, ද්වේශ, මෝහයන්ගේ
කෘත්‍ය තමයි ඇලෙන්න හෝ ගැටෙන්න හෝ
රැුවටෙන්න හෝ නිමිති ටිකක් හදන එක. ඒ නිමිති
වලින් ආයෙත් ඇලෙනවා, ගැටෙනවා,
රැුවටෙනවා, ඇලෙන, ගැටෙන, රැුවටෙන ටිකෙන්
ආයෙත් නිමිති හදනවා කියන තැනකින් තමයි ජීවිතේ
පවතින්නෙ. ඇස් ඉදිරිපිටට හැමදාම එන යථාභූත
ස්වභාවය තමයි වර්ණ සටහන් මාත‍්‍රයක්, චිත‍්‍ර මාත‍්‍රයක්,
ඒ ඇත්ත නොදන්නාකම නිසා, නොදකිනකම නිසා රාග,
ද්වේශ, මෝහ කියන ගති ටිකක් සහ ඒ ගති වලින් ඉතිරි
කරපු නිමිති ගොන්නක් තියෙනවා. ඒවට තමයි ලෝකය
කියලා කියන්නෙ.
යම්කිසි කෙනෙකුට මේ යථාභූත ස්වභාවය නුවණින්
දකින්න පුළුවන් වුනොත්, රාග - ද්වේෂ - මෝහ කියන
ධර්මතා තුනම අතහැරෙනවා. එහෙම වුනොත් එයාට
ශුන්‍යත චේතෝ විමුක්තිය හෝ අනිමිත්ත චේතෝ
විමුක්තිය හෝ අප්පණිහිත චේතෝ විමුක්තිය හෝ
කියන තුන් චේතෝ විමුක්ති වලින් එකක් සාක්ෂාත්
වෙනවා.
මම මේ ටික මතක් කළේ බොහෝ දෙනෙක් හිතන්නෙ
කිසියම් අරමුණක් නොපෙනෙන, නොදැනෙන හිස්
බවකටයි ශුන්‍යත චේතෝ විමුක්තිය කියන්නෙ කියලා.
අනිමිත්ත බව කියනකොට හිතට කිසිම රූපාදී
නිමිත්තක් නැති ගතියක් එළඹ සිටිනවා කියලයි
හිතන්නෙ. නමුත් එහෙම දකින්න එපා. මම හැම
වෙලාවෙම කියන්නෙ ශුන්‍යයි කියලා කියන්නෙ කිසිම
දෙයක් නැති හිස් අර්ථයකින් නෙවෙයි. ඇස් ඉදිරිපිටට
එන වර්ණ සටහන කියන තැනට හිත තැබුවොත් එයාට
ගස්, ගල් ගෙවල් දොරවල්, යාන වාහන, ඉඩකඩම්, මිල
මුදල්, රන් රිදී, දුවා දරුවො කියන මේ හැම
ධර්මතාවයන්ගෙන්ම ශුන්‍යයි.
ඒකයි රාගක්ඛයො, ද්වේෂක්ඛයො, මෝහක්ඛයො
නිබ්බානං කියලා පෙන්නුවෙ. රූපයක් ඇස් ඉදිරිපිටට
එද්දී ලෝකයාට රන්, රිදී, මුතු මැණික් හම්බවෙනවා නම්,
ඇහැ මුල් කාරණාව කරගෙන ලෝකයක් මැවෙද්දී. ඒකෙ
ලෝකයා සතුටු වෙද්දි, දුක් වෙද්දි, සැප නැතිවීමෙන් පිය
විප්පයෝග දුක්ඛයක් වි`දිද්දි, දුක එකතුවීමෙන් අපි‍්‍රය
සම්පයෝග සුඛයක් වි`දිද්දි, එබඳු වූ ම රුප නිමිත්තක්
ඇස් ඉදිරිපිටට එනකොට යම්කිසි කෙනෙකුට ඒ රූපයේ
ඇත්ත ඇති හැටියෙ දන්නා වූ දක්නා වූ ඥාන දර්ශනයක්
ඉදිරිපත් වෙලා, වර්ණ සටහනක් කියන මේ නුවණ
ඉදිරිපත් වෙලා, සාමාන්‍ය ලෝකයාගෙ මනසෙ යෙදෙන
ගති ටික මෙයාගෙ මනසෙ යෙදුනෙ නැත්නම්, ආශ‍්‍රව
යෙදුනෙ නැත්නම්, උපාදාන යෙදුනෙ නැත්නම්, මේ ඇත්ත
ඇති හැටියෙ දන්නාකම, දකිනාකම නිසා
ආශ‍්‍රවයන්ගෙන්, උපාදානයන්ගෙන් මනස මිදුනොත්,
සාමාන්‍ය ලෝකයා මේ ඇස් ඉදිරිපිට තියෙන රූපය මුල්
කරගෙන යම් ආකාරයක ලෝක ධර්මයකින් සතුටු
වෙනවා හෝ දුක් වෙනවා හෝ ලාභය අලාභය, යස
අයස, නින්දා ප‍්‍රශංසා, සැප දුක් කියන ධර්මතාවලින්
සතුටු වෙවී, දුක් වෙවී ඉද්දි, ඒ අරමුණේම ඇත්ත ඇති
හැටිය දැකලා ලෝක ධර්මතාවන්ගෙන් ශුන්‍ය වූ මනසක්
පවත්වනවා නම් ඒකට කියනවා ශුන්‍යත චේතෝ
විමුක්තිය කියලා. ආර්ය ශුන්‍යතාවය කියලා.
ඇත්ත ඇති හැටියෙ දන්නා වූ දක්නා වූ නිමිත්තකුත්
නැති හිස්බවකට කිව්වා නෙවෙයි. යථාභූත ඥාන
දර්ශනය තියෙනවා. නමුත් ලෝකයෙන් ශුන්‍යයි. සත්ව
පුද්ගල ආත්ම බවින් ශුන්‍යයි. රන් රිදී මුතු මැණික් වලින්
ශුන්‍යයි. ගෙවල්, දොරවල්, යාන වාහන, ඉඩකඩම් වලින්
ශුන්‍යයි. ඒ මනසෙ ආශ‍්‍රව ගෙවිලා නිසා. උපාදානය නැති
වෙලා නිසා.
යම් රූපයක් ඇස් ඉදිරිපිටට එනකොට ලෝකයාට යම්
යම් ආකාරයෙන් නිමිති ගන්න පුළුවන් නම්, ස්ති‍්‍රයක්
කියලා හෝ ගහක් කියලා හෝ ගෙදරක් කියලා හෝ
නිමිති, අනුනිමිති වශයෙන් අරගෙන ලෝකයාට
හැසිරෙන්න පුළුවන් නම් එබඳු වූ කිසිදු නිමිත්තක්
නොමැති කෙනා ඒ සියලූ නිමිත්තයන්ගෙන් අනිමිත්තයි.
මේකට කියනවා අනිමිත්ත කියලා.
ලෝකයා ඇස් ඉදිරිපිටට හම්බවෙන වස්තූන් අරබයා
නොයෙක් නොයෙක් ප‍්‍රාර්ථනා ඇති කරගන්න විට ප‍්‍රණිධි
ඇති කරගන්න විට, ඇස් ඉදිරිපිටට එන රූපයේ ඇත්ත
ඇති හැටිය දකිනකම නිසා ලෝකයාගේ සියලූම
ප‍්‍රාර්ථනාවන්ගෙන් මෙයාගෙ මනස ශුන්‍යයි නම් ඒකට
කියනවා අප්පණිහිත කියලා. ප‍්‍රණිධි නැහැ. ප‍්‍රාර්ථනා
නැහැ. අප්පණිහිත චේතෝ විමුක්ති.
මෙතන දී මම මතක් කළේ පවතින ඇත්ත ඇති හැටිය
දන්නා වූ දක්නා වූ ඥාන දර්ශනයක් හදාගෙන රාග,
ද්වේශ, මෝහයන්ගෙන් මිදිලා, ලෝකයෙන් මිදිලා,
ගෙවල් දොරවල්, යාන වාහන, ඉඩකඩම්, සත්වයො
පුද්ගලයො, රන් රිදී මුතු මැණික් කියන තැනින් මිදිලා,
සත්ව පුද්ගල භාවය
තුළින් එන ජරා මරණ දුකෙනුත් මිදිලා ස්කන්ධ
පරිහරණයක් කරන මනසට කියනවා සෝපදිශේෂ
නිබ්බාන. ස්කන්ධ ඉතිරිය සහිතව නිවන් දැකලා. සත්ව
පුද්ගල භාවයෙන් එන ජරා මරණ දුක නිවිලා.
ඇස් ඉදිරිපිටට එන වස්තූන් අරබයා ලෝකයේ යම්කිසි
කෙනෙක් යම්තාක් දුකක් වි`දියි නම්, ද්‍රව්‍ය කාරණවක්
තියෙයි නම්, එබඳුම රූ සටහනක් ඇස් ඉදිරිපිටට එද්දී, ඒ
රූපය ගැන ඇත්ත ඇති හැටිය දන්නා වූ දක්නා වූ එකම
ඥාන දර්ශනය නිසා, ලෝකයා කියලා පනවන මානසික
මට්ටමෙන්, කෙලේසයෙන් මනස මිදිලා, ඒ ලෝකයා
වි`දින සියලූම දුකෙන් මිදිලා, පවතින එකම ඇත්තට
හිත තියලා ජීවත්වෙන තැනට කිව්වා, සෝපදිශේෂ
නිබ්බාන.
ස්කන්ධ ඉතිරියක් සහිතව නිවන් දැකලා, අජරාමර
වෙලා, ජරා මරණ නැති කරලා, සත්ව පුද්ගල භාවයෙන්
එන ජරා මරණ දුකෙන් මිදිලා. ඔතෙන්ට කියනවා
රහතන් වහන්සේ කියලා. කෙලෙස් නැති කරලා,
ස්කන්ධ පරිහරණයක් කරනවා. ක්ලේශ පරිනිව_ාණය
කරලා. ලෝකයාගෙ මට්ටමෙන් මිදිලා. අවස්ථාවට
හටගෙන නිරුද්ධ වෙන ස්කන්ධ මාත‍්‍රයක් තියෙනවා
ජීවිතය වෙලා. ඒ ස්කන්ධයන්ගේ ආයු සන්තතිය
අතහැරෙන දවසකුත් එනවා. ඒකට කියනවා
අනුපදිශේෂ පරිනිර්වානය කියලා.
ශුන්‍යතාවය කියලා, අනිමිත්ත බව කියලා, අප්පණිහිත
බව කියලා අමුතුවෙන් සංකල්ප මවා ගන්න එපා. ඒ
ශුන්‍යත බව, අනිමිත්ත බව, අප්පණිහිත බව, ගන්න
හදන්නත් එපා. ඒවා අරමුණු කරන්න හදන්නත් එපා.
එහෙම කළොත් ඒ තාක් පුද්ගලයා ඉතිරි වෙනවා. ඒක
සම්මා දිට්ඨියට අයිති වැඩක්. ශුන්‍යත බව, අනිමිත්ත
බව, අප්පණිහිත බව ජීවිතයකට සපයලා දෙන එක
සම්මා දිට්ඨියටයි අයිති.
ඒ නිසා අපට වෙහෙසෙන්න තියෙන්නෙ එක තැනකටයි.
සම්මා දිට්ඨිය ඇත්ත ඇති හැටිය දකින්න. ඇස්
ඉදිරිපිටට එන රූපයේ ඇත්ත ඇති හැටිය දකින්න.මේ
කාරණය පහසුයි කියලා හිතන්න එපා. ඇස් ඉදිරිපිටට
එන රූපයේ පවතින ඇත්ත, හැමදාම පවතින ඇත්ත
අපිට වැහිලයි තියෙන්නෙ. අපි දැකගන්නෙ අපිට
ආවේණික වුන කෙලේසයකින් යුක්ත මනසකින්.
ඇස් ඉදිරිපිටට එන රූපයෙ ඇත්ත තමයි,
- මහා භූතයන්ගේ උපාදාය රූපයක්.
- වර්ණ සටහනක්
හැබැයි උපාදාය රූපයක්, වර්ණ සටහනක් කියලා
නිකම්ම කිව්වට හරියන්නෙ නැහැ. ඕකෙත් තියෙනවා
විශාල ගති ටිකක්, ලක්ෂණ ටිකක්, ඒ ගති
ලක්ෂණවලින් යුක්ත රූපයත්, ඒ රූපය හැදුනෙ
කොහොමද කියන එකත් හැමදාම අපිට වැහිලා
තියෙන්නෙ. ඔය වැස්ම තමයි අවිද්‍යාව කියලා කියන්නෙ.
ඒ අවිද්‍යාව මුල් වෙලා අපට ඇහැ උදව් කරගෙන, රූපය
උදව් කරගෙන ලෝකයක් හැදිලා තියෙනවා මනසෙ.
ඇත්ත ඇති හැටිය නොදැකීම නිසා වැරදි දැකීමත්, වැරදි
දැකීම නිසා ඇලීම, බැ`දීම, ගැටීමත්, ඇලීම, බැ`දීම,
ගැටීම නිසා දුක් දොම්නසුත් තියෙනවා. මේ ලෝකෙ
තියෙන සියලූම දුක් නැති කරන්න නම් ලෝකෙ
හම්බවෙන ද්‍රව්‍ය කාරණා නැති කරන්න වෙනවා.
දරුවෙක් විදියට හම්බවෙද්දි දරුවා නිසා සැප දුක්
වි`දිනවා කියන එක නොවී තියෙන්නෙ නැහැ. රන් රිදී
හම්බවෙද්දි ඒවායෙ වටිනා නොවටිනා කමක් නොදැනි
තියෙන්නෙ නැහැ.
ඒ නිසා දුක නැති කරන්න නම් ඇලීම, බැ`දීම, ගැටීම
නැති කරන්න වෙනවා. ඇලීම, බැ`දීම, ගැටීම නැති
කරන්න නම් වැරදි දැකීම නැති කරන්න වෙනවා. වැරදි
දැකීම නැති කරන්න නම් නිවැරදිව දකින්න වෙනවා -
සම්මා දිට්ඨි-.
ස්පර්ශ ආයතන හයේ ඇත්ත ඇති හැටිය දන්නා වූ
දක්නා වූ කමට තව නමක් තමයි, රාගක්ඛයො,
ද්වේෂක්ඛයෝ, මෝහක්ඛයො නිබ්බානං කියලා කිව්වෙ.
මේ ස්පර්ශ ආයතන හයේ ඇත්ත ඇති හැටිය දන්නා වූ
දක්නා වූ මනසක් නිර්මාණය වුනොත් රාග, ද්වේෂ,
මෝහත් රාග ද්වේෂ මෝහයන්ගෙන් නිර්මාණය කළ
ලෝකයත් කියන ටිකෙන් මිදෙනවා. ලෝක නිරෝධය
සාක්ෂාත් වෙනවා. ශුන්‍යත, අනිමිත්ත, අප්පණිහිත බව
සාක්ෂාත් වෙනවා.
කෙනෙක් ශබ්දයක් අහනකොට ඒ ශබ්දයෙ තියෙන
යථාභූත ස්වභාවය හැමදාම ලෝකෙට වැහිලා
තියෙන්නෙ. ඒ ශබ්දයෙ යථාභූත ස්වභාවය තමයි
- මහා භූතයන්ගේ උපාදාය රූපයක්
- ශබ්ද මාත‍්‍රයක්
නමුත් ඔය ඇත්ත වැහිලා, ලෝකෙට හැමදාම
හම්බවෙන්නෙ වාහනේක ශබ්දයක්, කුරුල්ලෙක්ගෙ
ශබ්දයක් විදියට ද්‍රව්‍ය කාරණාවකට සම්බන්ධ
වෙලාමයි. ශබ්දයට නිමිත්තක් එකතු වෙලාමයි
හම්බවෙන්නෙ. ඇහුන ශබ්ද සිහි කරන ගානෙ නිමිති
හම්බවෙයි.
යම් අවස්ථාවක ඇහුන ශබ්දයෙ ඇත්ත ඇති හැටිය
දකින්න පුළුවන් තැනට මනස ගත්තොත් යම් ශබ්දයක්
ඇහීම නිසා ලෝකෙ පුද්ගලයෙකුට සැපක් හෝ දුකක්
ලැබෙයි නම් ශබ්දය මුල් කාරණාව කරගෙන සැපදුක්
වි`දියි නම් ඒ ශබ්දයෙ ඇත්ත ඇති හැටියෙ දැක්කහම
ලෝකයාගෙ මානසික මට්ටමෙන් මිදෙනවා. ලෝකයා
ශබ්දය මුල් කාරණාව කරගෙන වි`දින සැපදුක්
දෙකෙනුත් මිදෙනවා.
ශබ්දය බැනීමක් කියලා දුක්වෙනවා නම් හෝ ශබ්දය
ප‍්‍රශංසාවක් කියලා සතුටු වෙනවා නම් හෝ ශබ්දයක්
මුල් කරගෙන ලාභ අලාභ, යස අයස, නින්දා ප‍්‍රශංසා, සැප
දුක් කියන ධර්මතා අටක් ලෝකයා පවත්වද්දි, ශබ්දයේ
ඇත්ත ඇති හැටිය දැකලා, ඒ ගති අටත් ගති අටෙන්
කම්පාවෙන මනසත් කියන ධර්මතාවෙන්ම මිදෙනවා.
එතනට කියනවා සෝපදිශේෂ නිබ්බාන, ක්ලේශ
පරිනිර්වානය.
මතු සම්බන්ධයි!
ලබුනෝරුව කන්ද ආරණ්‍ය සේනාසනවාසී අති පූජ්‍ය
මාන්කඩවල සුදස්සන හිමියන් විසින් පවත්වන්නට
යෙදුනා වූ ධර්ම දේශනයක් මෙසේ ලිඛිත මාධ්‍යයෙන්,
කොටස් වශයෙන් පල කිරීමකි. දේශන විලාශයේ එන
හඬ හැසුරුම් කියවීමේ දී හමු නොවන බැවින් ගැටළු
සහගත තැන් හමුවිය හැකිය. එහෙත් මෙයින් ලබාගත
හැකි ධර්මාවබෝධය අති විශාල බැවින් ප‍්‍රවේශමෙන්
කියවා තේරුම් ගන්නට උත්සාහ කරන මෙන්
කාරුණිකව ඉල්ලමු.
0 Comments