දුතීය චේතනා සූත‍්‍රය : 06 කොටස
මේක හරි පුදුම දර්ශනයක්. ඔය එක වචනයකවත් තේරුම ලේසි නෑ. ඔය පින්වතුන් හිතලා බලන්න. ඇහැට පෙනෙන හැම වස්තුවක්ම රූපායතනයයයි කියලා අද හිතාගන්නවත් බැහැ. ඒකයි ලෝකෝත්තර මාර්ගය නැහැ කියලා කියන්නෙ. හිතාගන්න පුළුවන් නම් ලෝකෝත්තර මාර්ග ඥානයක් තියෙනවා කියලයි කියන්නෙ.
ඉඳගෙන, හිටගෙන, නිදාගෙන, ඇවිදින ජීවිතයක් ගැන කතාකරන්නෙ අවිද්‍යා ප‍්‍රත්‍යයෙන්මයි. දුක් වි`දින්න පුළුවන් කයක් හදාගෙනයි ඉන්නෙ. හතර ඉරියවුවක් නෑ කියනකොට ලෝකෝත්තර මාර්ග ඥානය තියෙන කෙනා දන්නවා, මේවා බාහිරයි කියලයි කිවුවෙ මේ කියලා. ‘බහිද්ධා වවත්ථෙති’ කියනකොට, අද ආධ්‍යාත්මික කියලා යමක් තියෙයි නම් බෙදාගෙන ඒ ටිකත්, බාහිරයි කියන ටිකත් ඔක්කොම එකට එකතු කරලයි, බාහිරමයි තියෙන්නෙ කිවුවෙ. එතකොට දකින්න අවිද්‍යාවෙන් කරපු කෙලේසයක වැඩක් මේ මනස දෙකට බෙදලා තියෙන එක. කෙලේසය අතහැරුනොත් ආධ්‍යාත්මික, බාහිර දෙක එකක් වෙනවා.
ලෝකෝත්තර සම්මා දිට්ඨියෙදි ‘බහිද්ධා වවත්ථෙති’ කියන එක ඔය මට්ටමට තියෙන්න ඕන. තමන් කියලා බැලූවත්, බාහිර කියලා බැලූවත් බාහිර රූපයක්ම බව දකින්න පුළුවන් වෙන්න ඕන. මම, මගේ, මගේ කය නැති බවට යන්න ඕනෙ. හතර ඉරියවුවක් පවත්වන මම දකින්න බැරි වෙන්න ඕනෙ.
ඔන්න ‘බහිද්ධා වවත්ථෙති.’
ඊළ`ගට ‘චතුන්නඤ්ච මහා භූතානං උපාදාය රූපං වවත්ථෙති.’ මහා භූතයන්ගෙ උපාදාය රූපයක් කියලා දකින්න. උපාදාය රූපය කියලා කියන්නෙ මහා භූත එහෙම නෙමෙයි. පඨවි, ආපෝ, තේජෝ, වායෝ කියන සතර මහා ධාතුවෙ ඒ රූපය නෑ. හැබැයි සතර මහා ධාතුව නිසාමයි පෙනෙන්නෙ. ඒකට කියනවා වර්ණ සටහනක් කියලා. නිල්පාට, කහපාට, රතුපාට වර්ණ සටහනක් පෙනෙන බව, නැත්නම් දිග රවුම් හතරැුස් වගේ හැඩ සටහනක් පෙනන බවට තමයි වර්ණ රූපය කිවුවෙ. වතුර භාජනයකට ළ`ගපාත තියෙන ගහක ඡුායාවක් වැටිලා තිබුනොත් ඒ පෙනෙන ඡුායාව ඔය පින්වතුන්ට ඇහින් බලන්න පුළුවන්. ඒත් ඔය රූපය උදවු කරගෙන ශබ්ද අහන්න පුළුවන්ද? වතුරෙ ශබ්දය ඇහුනොත් ඒක පෙනෙන රූපෙට සම්බන්ධ නෑනෙ.
වතුර පල්වුන නිසා ගඳක් එන්න පුළුවන්. වතුරෙ පේන ඡුායාවෙ ගඳයි ඒ කිවුවොත් හරිද? වතුර දිවේ ගාලා බැලූවොත් තිත්ත රස එන්න පුළුවන්. ඡුායාව ඒ රසට සම්බන්ධ ද? වතුරට අත දැම්මොත් වතුර අතේ ගෑවෙයි. ඡුායාව අල්ලන්න පුළුවන් ද? බෑ. දකින්න විතරයි පුළුවන්. ඡුායාව පතිත වෙලා තියෙන ආපෝ ධාතුවෙ ගති ටිකෙන් ගන්ධයක්, රසයක්, ස්පර්ශයක් දැනෙන්න පුළුවන්. නමුත් ඒකට අර ඡුායාවෙ කිසිම සම්බන්ධයක් නෑ.
ඒ වගේ ඔය පින්වතුන්ට දැන් රූපයක් පෙනෙනවා. වතුර භාජනයෙ වතුර ටික මත පතිත වුන රූපය වගේ. මේ ඡුායාව පතිත වෙලා තියෙන්නෙ පඨවි ධාතුවෙ. පඨවි ධාතුවෙ චලිතයක් නිසා ශබ්දයක් ඇති වෙන්න පුළුවන්. ඇහැට පෙනන රූපය සම්බන්ධ නැහැ. පඨවි ධාතුවෙ තියෙන ගන්ධ කලාප නිසා ගන්ධයක් දැනෙන්න පුළුවන්. ඒක මේ පෙනෙන දේට සම්බන්ධ නෑ. පේන දේ අල්ලන්න කියලා අත දැම්මොත් පඨවියෙ අත හැපෙයි මිසක පෙනෙන දේ අහුවෙන්නෙ නෑ.
අර වතුර භාජනයෙ තියෙන ඡුායාව දිහා බලන්න. ඔය ඡුායාව ඔසොවලා ගන්න පුළුවන් වෙයිද කවදාවත්. කවදාවත් බෑ. ඔය ඡුායාවෙ ජීවිතය ම වාසනාවන්ත කරන රන් රිදී මුතු මැණික් තියෙයි ද? ජීවිතය අවාසනාවන්ත කරන කඩු කිණිසි තියෙයිද ඔය ඡුායාවෙ. පෙනුනත් පෙනීම් මාත‍්‍රයක් මිසක ඒ කෘත්‍යය කරන්න පුළුවන් කමක් නැහැ. ගැටුනොත් ඒ පඨවි ධාතුව.
මේ ලෝකෝත්තර ඥාන දර්ශනය ඇත්තටම සියුම්. ඒ මට්ටම දකින්න අපේ මනසත් එච්චරම සියුම් වෙන්න ඕන. ගෙඩි පිටින්ම රළු කිණිස්සක් අල්ලන්න පුළුවන් මට්ටමක ඉන්න කෙනාට ඒ කිණිස්සෙ ඇනෙන ගතිය වෙනමයි, පෙනෙන ගතිය වෙනමයි වෙන් කරගන්න, හංසයා කිරෙන් වතුර වෙන්කර ගන්නවා වගේ කරන්න වෙනවා. එච්චරට නුවණ සියුම් වෙන්න ඕනෙ. ඒ නිසයි මේ මට්ටමේ සමාධියකට ලෝකෝත්තර ඥාන දර්ශනයක් බෑ කියලා කියන්නෙ. ලෝකෝත්තර කියන්නෙ වෙන මුකුත් නෙවෙයි. තථාගතයන් වහන්සේ ඇති කල්හිත්, නැති කල්හිත් මේ වර්ණ සටහනේ ඇත්ත.
උපාදාය රූපය කියන්නෙ හැම වෙලාවෙම ආපෝ ධාතුවෙ පතිත වෙලා තියෙනවා, නමුත් ආපෝ ධාතුව නෙමෙයි. වතුරෙ පතිත වෙලා තියෙන ඡුායාව වතුර නෙමෙයි. ඡුායාව ඇතුළෙ වතුරත් නෙමෙයි. වතුර ඇතුළෙ ඡුායාව තියෙනවත් නෙමෙයි. භාජනයත්, වතුරත් නොතිබුනා නම් ඡුායාවක් පෙනෙන්නෙත් නෑ. ඒ ටිකේ පිහිටලා තමයි ඡුායාව තියෙන්නෙ. නමුත් ඡුායාව කියන්නෙ වතුර නෙමෙයි.
ඒ වගේ මහා භූතය, සතර මහා ධාතුව නොවුනේ නම් මෙබඳු වර්ණ සටහනක් පෙනෙන්නේ නැහැ. නමුත් මේ පේන වර්ණ සටහන මහා භූත එහෙම නෙවෙයි. කවදාවත් පෙනෙන දේ ඔසොවලා ගන්න බැහැ. අපි එහෙම ඔසොවලා ගත්තා කියලා මැටි ගුලියක් වගේ එකක් කරේ තියාගෙන, හිතාගෙන ඉන්නවා පෙනෙන දේ තමයි අල්ලගෙන ඉන්නෙ කියලා. පෙනෙන රූපායතනය උපාදාය රූපයක් කියලා කියන්නෙ ඔන්න ඔය නිසයි.
ඒ නිසා මේ රූපෙට කියනවා ‘දිට්ඨෙ දිට්ඨ මත්තං’ දැකීම දැකීමක් විතරයි. වතුරෙ තියෙන ඡුායාව දකින්න විතරයි පුළුවන්. තමන්ට අර්ථයක් හෝ අනර්ථයක් සිදු කරන්න ඒ ඡුායාවට හැකියාවක් නැහැ. ඒක තමයි යථාර්ථය. ඒ හින්දා ඔය රූපෙට කියනවා ‘නෙ ව ආචය ගාමී න අපචය ගාමී’ පිරිහීම පිණිස හෝ වැඞීම පිණිස නොපවතිනවා. ඒ ඡුායාව කුසලයකුත් නෙවෙයි අකුසලයකුත් නෙමෙයි. තමන්ට හොඳ දෙයක් කරලත් නෑ. නරක දෙයක් කරලත් නෑ. ඕකට කියනවා අව්‍යකෘතයි.
උපාදාය කියලා කියනකොට වතුර භාජනයකට පතිත වෙච්ච ඡුායාරූපයක් දකින්න. ඒකද තමන්ට කරන්න පුළුවන් දේ කොපමණද? කරන්න බැරි දේ කොපමණද කියලා හොඳට තීරණය කරන්න. තීරණය කරලා ඒ ගතිය එහෙමම ආදේශ කරන්න මේ රූපායතනයට, වෙනසක් ඇත්තෙම නෑ. සමානයි. වාසනාව හෝ අවාසනාව හෝ දුක ගෙන දෙන කිසිවක් මේ රූපායතනයෙ නෑ. වර්ණ සටහන් මාත‍්‍රයක් විතරයි තියෙන්නෙ. එබඳු වූ ඡුායා මාත‍්‍රයක් තමයි ඇස් ඉදිරිපිටට එන්නෙ, ආරම්මණය කිවුවෙ ඔය මට්ටම. ආරම්මණයෙ විඤ්ඤාණය පිහිටියාම ඔය පෙනෙන රූපායතනයෙ ශබ්ද අහන්න පුළුවන්. ගඳ සුවඳ දැනගන්න පුළුවන්. රස විඳගන්න පුළුවන්. පෙනෙන දේ ස්පර්ශ කරන්නත් පුළුවන්. පෙනෙන දේ බර කියන්න පුළුවන්. පෙනෙන දේ වටිනාකම කියන්නත් පුළුවන්. ඔහොම වෙන්නෙ අරමුණේ විඤ්ඤාණය පිහිටියාමයි.
තථාගතයන් වහන්සේ ඇති කල්හිත් නැති කල්හිත් ඇස් ඉදිරිපිටට ආවෙ, තියෙන්නෙ, වර්ණ සටහන් මාත‍්‍රයක්. බුදු රජාණන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත්වුනා කියන්නෙ සත්‍යය අවබෝධ කරගත්තා. ලෝකෙ හැමදාම පවතින ඇත්ත. නමුත් ලෝකයාට ඒක වැහිලා. ලෝකයා කිවුවෙ මෙබඳු ආරම්මණයක් එනකොට එහි ඇත්ත නොදන්නාකම නිසා සිතින් එක එක දේ උපකල්පනය කරනවා. ආරම්මණය අරබයා මනෝ විඤ්ඤාණයෙන් සිතනවා. ඒ විඤ්ඤාණය මේ ආරම්මණයේ පිහිටියාම ලෝකයක් කියලා එකක් නිමාණය වෙලා තියෙනවා.
ඒ කියන්නෙ අද දකින, අහන, බලන දේවල් ඔක්කොම කරන රූපයක් තියෙනවා. ඉඳගෙන, හිටගෙන, නිදාගන්න, ඇවිදින රූපයක් තියෙනවා. රන් රිදී, මුතු මැණික් , හරකා බාන, දේපොල ඉඩකඩම්, ¥ දරුවො වගේ වස්තු බලන්න පුළුවන් රූප තියෙනවා. ඔය රූපෙටයි පංච උපාදානස්කන්ධ රූපය කියලා කිවුවෙ. ඔය පින්වතුන්ට සතුටු වෙන්න පුළුවන් විදියට හදාගත්ත, අල්ලන්න පුළුවන්, ගඳ සුවඳ බලන්න පුළුවන්, රස වි`දින්න පුළුවන් රූපායතනයක් තියෙන්නෙ. මේ තමයි රූප උපාදානස්කන්ධය. යථාර්ථ වශයෙන් තිබුනෙ වර්ණ සටහන් මාත‍්‍රයක්. අපි ඒ වගේ මට්ටමකයි උපන්නෙ. නමුත් අද අපි සැප දුක් වි`දින ලෝකය අපිට හැදුනෙ උපතින් නෙමෙයි. උපදින්න පෙර ලෝකය තිබුනා නෙමෙයි. අද අපිට අ`ඩන්න දුක් වි`දින්න පුළුවන් විදියෙ රූප අපිට හම්බවෙන්නෙ අවිද්‍යා ප‍්‍රත්‍යයෙන්. ආරම්මණයේ විඤ්ඤාණය පිහිටියාම. ඔය ටිකෙයි දුක. අර වර්ණ සටහන් මාත‍්‍රයක් කියන තැන ස්කන්ධ ටිකක් තිබුනෙ. ඒ ටිකේ ප‍්‍රශ්ණයක් නැහැ. එතන ජරා මරණ දුක නැහැ. උපාදාය රූපයක් කියනකොට ඇහැට පේන වර්ණ සටහන දකින්න ඔය මට්ටමට.
ඊට පස්සෙ ශබ්දාරම්මණය, තථාගතයන් වහන්සේ ඇති කල්හිත්, නැති කල්හිත් ‘ඒවං ධම්මතා ධම්ම නියාමතා, ධම්මට්ඨිතිතා’ ලෝකයේ සැබෑවටම පවතින ධර්මතාවයක් ධර්ම නියාමයක්, ධම්මඨිතිතාවයක් තියෙනවා. ඒ තමයි ශබ්ද මාත‍්‍රය. ශබ්ද රූපය, ඒක යථාභූත ස්වභාවයක්. තථාගතයන් වහන්සේ පහළවෙලා අවබෝධ කරගත්ත ශබ්දාරම්මණය කියන එක මොකක්ද? ලෝකෙ පවතින ඇත්ත මොකක් ද? ඒකට එකතුවෙන බොරුව මොකක් ද? ඇත්ත පවතින ටිකයි එකතු වෙච්ච ටිකයි නිසා නිපදවුන දේ මොකක්ද කියලා සොයාගත්තා. ඔහොමයි බුදුරජාණන් වහන්සේ ලෝකෙ දුක පැනවූවේ.
කන ඉදිරිපිටට එන්නෙ ශබ්ද මාත‍්‍රයක්, ඒ ශබ්දයට අපි හිතනවා, කල්පනා කරනවා, ශබ්දය කියන එකේ යථාභූත ස්වභාවය නෑ. එබඳු මට්ටමක ඉඳගෙන යමක් හිතයි නම්, කල්පනා කරයි නම් ඒ අවස්ථාවේ පවතින මනෝ විඤ්ඤාණයේ ගතිය මේ ආරම්මණයේ පිහිටනවා. අරමුණ වෙන එකක්. ඒ අරමුණ අරබයා හිතේ ඇතිවන ගති ටික වෙන එකක්. ආරම්මණයේ ඇත්ත නොදකිනකොට ගති ටික අරමුණේ පිහිටනවා. එහෙම පිහිටියාම මේ අරමුණ මනෝ විඤ්ඤාණයෙන් යුක්ත එකක් වෙනවා.
ඒ කියන්නෙ ගහක් කියලා අපි හිතුවොත්, කල්පනා කළොත් ආරම්මණයේ ඒක පිහිටියාම මේ පෙනෙන රූපය ගහක් වෙනවා. ශබ්දය ගහක ශබ්දයක් වෙනවා. හිතන්නෙත් නෑ. කල්පනා කරන්නෙත් නෑ. නමුත් ඒ වෙලාවට මනෝවිඤ්ඤාණයෙ යම් ගතියක් තියෙයි නම්, මෙබඳුයි කියන ගතියක් හෝ තියෙයි නම් මේ අරමුණේ ඒ ගතිය පිහිටනවා. ලොකු විස්තරයක් නැතිවුනත් ඒ මට්ටම හිටිනවා. ආරම්මණයෙ විඤ්ඤාණය පිහිටියෙ නැත්නම් හිතෙන ගතිය ආරම්මණයට ඈඳෙන්නෙ නෑ. ආරම්මණය හටගෙන නැතිවෙනවා. හිතපු දේ වෙනමම නැතිවෙනවා.
අඹ හෝ මොනවා හෝ ගෙඩියක් අරගෙන ඒකෙ ඇටේ දෙකට පැලූවොත් ඒක පැලවෙයිද? නෑ. ආරම්මණය වෙනම එකක් ඒකෙ එල්බගෙන මනෝ විඤ්ඤාණයෙන් හිතන එක තව එකක්. මේ දෙක එකට එකතුවුනාම බීජය හොඳට වැඩෙනවා. ආරම්මණයෙ ඇත්ත ඇති හැටියෙ දැකලා මනෝ විඤ්ඤාණයෙන් හිතන ටික ආරම්මණයෙ නොබැඳුනොත් අඹ ඇටේ පැලූවා වාගේ පැලවෙන්න සුදුසු බීජයක් ලැබෙන්නෙ නෑ. කිසිම දෙයක් කියන්න කරන්න බැරි රූපාරම්මණය ඉපිද නිරුද්ධ වෙනවා. මම හිතන එක වෙනම දෙයක්, මේ රූපාරම්මණයෙ ඇත්ත මෙහෙමයි මේ හිතන එක ඒකට අයිති නෑ කියන තැනකින් කෙනෙකුට හිතන්න පුළුවන්. ඒක වෙනමම සිද්ධියක්. පවතින එක වෙනමම සිද්ධියක් වෙනවා. එතකොට විඤ්ඤාණය පිහිටන්නෙ නෑ.
මතු සම්බන්ධයි!
ලබුනෝරුව කන්ද ආරණ්‍ය සේනාසනවාසී අති පූජ්‍ය මාන්කඩවල සුදස්සන හිමියන් විසින් පවත්වන්නට යෙදුනා වූ ධර්ම දේශනයක් මෙසේ ලිඛිත මාධ්‍යයෙන්, කොටස් වශයෙන් පල කිරීමකි. දේශන විලාශයේ එන හඬ හැසුරුම් කියවීමේ දී හමු නොවන බැවින් ගැටළු සහගත තැන් හමුවිය හැකිය. එහෙත් මෙයින් ලබාගත හැකි ධර්මාවබෝධය අති විශාල බැවින් ප‍්‍රවේශමෙන් කියවා තේරුම් ගන්නට උත්සාහ කරන මෙන් කාරුණිකව ඉල්ලමු.
0 Comments