දුතිය චේතනා සූත්‍රය 5

තීය චේතනා සූත‍්‍රය : 05 කොටස

කි‍්‍රෂ්ණමූර්තිතුමා කියනවා ‘හැමදාම ලෝකෙ පහළවෙන්නෙ අළුත් ඉරක්. හැමදාම උදා වෙන්න අලූත් දවසක්. මොහොතක් මොහොතක් ගානෙ අපේ ජීවිතේ අලූත් වෙනවා. හැම වෙලාවෙම ලෝකෙ තියෙන්නෙ නැවුම් බවක්. ක්ෂණයක් ක්ෂණයක් ගානෙ ගෙවුන මොහොත අතහැරිලා අලූතෙන් හම්බවෙන ලෝකයක් තියෙන්නෙ. නමුත් අතීතය නමැති බැම්ම විසින් ශෝචනීය ලෙස අපේ ජීවිතේ එක තැනක පල් කරනවා. අතීතය නමැති බැම්ම අපේ මනස ආවරණය කරලා, එක තැනක රඳවලා අපිට හැමදාම හම්බවෙන්නෙ පරණ දේමයි. ලෝකෙ යථාර්ථය හැමවෙලේම අලූත් දෙයක් තියෙන බව. නමුත් අපිට හැමවෙලේම හම්බවෙන්නෙ පරණ දෙයක්. ඒකට හේතුව අපි යමක් දිහා බලන්නෙ සිතුවිලි වලින් නිසා. එහෙම සිතුවිලි වලින් බැලූවහම තියෙන දෝෂෙ තමයි, ඇස් ඉදිරිපිටට නැවුම් ලෝකෙ එනකොට අපි තුළ තියෙන සිතුවිල්ලම නැගිටලා ඇවිල්ලා අපි ඒකම දැනගන්නවා. ඒ නිසා අපිට තියෙන එක හම්බවෙන්නෙ නෑ.

දැන් අපි කතා කරන්නෙත් ඕකමනෙ, ඇත්ත කියලා නේද හිතෙන්නෙ. හොයාගන්න පුළුවන් වෙයි ද ඔය දර්ශනයෙයි බුදු දහමෙයි වෙනස. එතුමා කියන විදියට මට මුලින් හම්බවෙන දේට මම පොත කියලා හිතුවා කියන්නකො. දෙවෙනි දවසෙ ඇස් ඉදිරිපිටට මේ වස්තුව එනකොට මම පොත කියලා හිතපු එක සිහිවෙලා සිහි කරපු එකම දැනගන්නවා මිසක මම මෙතන තියෙන එක දැනගන්නවා නෙමෙයි. ඒ හින්දයි මගෙ මනසට හැමදාම පරණ දෙයක්ම හම්බ වෙන්නෙ. ඒකයි මට අම්මා, තාත්තා, යාළු මිත‍්‍රයෝ කියලා හැමදාම එකම අය හම්බවෙන්නෙ, අපි යමක් හිතුවට පස්සෙ ඒ වස්තුව ඇස් ඉදිරියට එනකොට හිතපු දේම සිහිකරලා දැනගන්නවා.

මධු පිණ්ඩික සූත‍්‍රයෙදිත් ඔය ටිකම පෙන්නනවා ඔය විදියටම.

‘චක්ඛුං පටිච්ච රූපෙච උප්පජ්ජති චක්ඛු විඤ්ඤාණං. තින්නං සංගති ඵස්සො. ඵස්ස පච්චයා වේදනා. යං වේදෙති තං සංජානාති, යං සංජනාති තං විතක්කේති.’ යමක් හඳුනයිද එය විතර්කනය කරනවා. ‘යං විතක්කේති තං පපංචෙති.’

යමක් හිතුවොත් ඒක පපංච වෙනවා. ඊට පස්සෙ පෙන්නනවා ‘යං පපංචෙති තතො නිදානං පුරිසං පපංච සංඛා සමුදාචරන්ති චක්ඛු විඤ්ඤෙයේ‍යසු රූපෙසු අතීත අනාගත පච්චුප්පන්නෙ.’

ඇහින් බලා දතයුතු රූපයෙහි තුන් කාලයෙන් ම එයා යටකරනවා. ඇහැයි, රූපයයි, චක්ඛු, විඤ්ඤාණයයි තුන්දෙනාගෙ එකතුව ස්පර්ශය. ස්පර්ශය නිසා විඳිනවා. විඳින අරමුණ හඳුනනවා. හඳුනන එකට කල්පනා කරනවා පොත කියලා. ඒක ප‍්‍රපංච කරනවා කියන්නෙ අතීත, අනාගත, වතමාන තුන් කාලයෙන් ම ඇහින් බලා දතයුතු ධර්මයෙහි - ඇහින් බලනකොට පොතමයි සිහිවෙන්නෙ. පොතමයි දැනගන්නෙ. අහකට ගියාමත් මං පොත දැක්කා කියන තැනකින්මයි හිතන්නෙ. අනාගතෙත් පොත බලන්න යනවා කියලමයි තියෙන්නෙ. වෙනසක් දකින්න පුළුවන් ද ඔය දහමෙත් කි‍්‍රෂ්ණමූර්තිතුමාගෙ දර්ශනයෙත්? ඔතන නෙමෙයි වටින්නෙ. ඔය ඵලයක් කිවුවෙ. සිදුවෙන සිද්ධියක් කිවුවෙ.

කි‍්‍රෂ්ණමූර්තිතුමා පනවන මාර්ගය මොකක් ද කියලා දන්නවා ද? නිහ`ඩ බව ප‍්‍රඥාවේ ආරම්භයයි. අපි සිතුවිලිවලින් යමක් බැලූවහමනේ ආපහු දකිනකොට ඒකම අවදිවෙලා ඇවිල්ලා අපේ මනසින් දැනගන්නෙ. ඒ හින්දා නොසිතා ඉන්න කියලයි කියන්නෙ. ප‍්‍රතිකි‍්‍රයාවක් දක්වන්න එපා කියන එක. දුතිය චේතනා සූත‍්‍රයෙන් අපිට හම්බවුනේ සිතුවත් අහුවෙලා, නොසිතුවත් අහුවෙලා.

දැන් වෙනසක් තියෙනව ද නැද්ද?

අර වචන ටික අහගත්තා කියලා ඔය පින්වතුන්ට යමක් කරන්න පුළුවන් ද? නිදහස් වෙන යමක්? බෑ. ඒකයි, අපි විශේෂණය තේරුම් ගන්න ඕන. කි‍්‍රෂ්ණමූර්තිතුමාගෙ දර්ශනය බුදු දහමට සමාන කළේ ඒ විශේෂණය, නොදැක්ක අය, නැත්නම් බුදු දහමට ළං කරන්නවත් පුළුවන්කමක් නැති දර්ශනයක් ඒක. අපිට ඕන වෙන්නෙ දුකයි, සමුදයයි ඇතිවෙන දෙයක් නෙමෙයි. නිරෝධයයි මාර්ගයයි ඕනෙ.

අපි හැම වෙලාවෙම ශාස්තෲන් වහන්සේ තෝරාගන්න ඕන දුකයි සමුදයයි කියන තැනින් නෙවෙයි. පැහැදිලි කළත් නැතත් ඒක අපේ ජීවිතේනෙ. නිරෝධයයි මාර්ගයයි කියන තැනින්. ඔය පින්වතුන්ගෙ අවබෝධය සඳහායි මම මේ කරුණු ටික කිවුවෙ.

බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නෙ උපේක්ෂා සහගතව හිටියට, ප‍්‍රතිකි‍්‍රයාවක් නොදැක්වූවට, මනස නිදහස් නොකළට, ඇත්ත ඇති හැටිය නොදකිනවා නම් අනුසය ධර්මයෝ අනුසය වෙනවාමයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නෙ යෝනිසො මනසිකාරය ප‍්‍රඥාවේ ආරම්භයයි කියලා. ඇත්ත ඇති හැටියට දැකලා ඒ ගැන යමෙක් හිතන්න පටන් ගන්නවා නම් ඒක තමයි ප‍්‍රඥාවේ ආරම්භය.

ඕනෙම දේශනාවක් හොඳට අහගෙන ඉන්න. අහලා අපේ ජිවිතේට අදාලව ආශ‍්‍රව ක්ෂයවෙන මාර්ගය පනවන්නෙ කොතනින්ද? කොහොමද? කියන කාරණාව ගන්න. මෙන්න මේක සහේතුක ද කියලා බලන්න. එතනින් තමයි දේශනාවක් සාර්ථක ද නැද්ද කියන කාරණාව තේරුම් ගන්න වෙන්නෙ. එතකොට සම්මා දිට්ඨිය කියන්නෙ ආරම්මණයන්ගෙ ඇත්ත ඇති හැටියෙ දකින බව. ඇත්ත ඇති හැටියෙ දකින්නෙ කොහොමද කියන එකටත් අපිට පෙළ හම්බවුනා. එතනදි ‘බහිද්ධා වවත්ථෙති’ කියන කාරණාව අපි බලමු.

ඇහැට පේන රූප බාහිරමයි කියලා හොඳට ස්ථාවර වෙන්න කියලා බුදු රජාණන් වහන්සේ දේශනා කරනවා. ශබ්දය බාහිර වූවක්ම බව, ගන්ධය බාහිර වූවක් ම බව, රසය බාහිරම බව, ස්පර්ශය බාහිරම බව, ධම්මාරම්මණ බාහිරම බවට හොඳට හිතින් තහවුරු කරගන්න කියනවා, කවදාවත් ඒක වෙනස් නොවෙන විදියට. එතකොට අපිට තේරෙනවා බාහිර රූපායතනය දෙකට බෙදිලා තියෙන්නෙ කෙලේසයකින් බව.

දැන් අපිට තමන්ගෙ කය බැලූවහම ආධ්‍යාත්මිකයි කියලා පේනවා. අනික් රූප බාහිරයි කියලා පේනවා. ලෝකෝත්තර සම්මා දිට්ඨියේදි ආධ්‍යාත්මික බාහිර කියලා අරමුණ දෙකට බෙදන්න බෑ. දෙකට බෙදෙන්නෙ නෑ. තමන් දිහා බැලූවත් ආධ්‍යාත්මික නෙමෙයි. ඇහැට පෙනෙන රූපායතනය. මෙහෙම බැලූවම ලොකු කෙලේසයක් ගෙවෙනවා. ඇහැට පෙනෙන්නෙ රූප, රූප හැමවෙලාවෙම බාහිරමයි. බාහිර රූපෙ ඇතුලෙ ආධ්‍යාත්මික තියෙනවද? නෑ. එහෙනම් අද අපිට ආධ්‍යාත්මිකයි, බාහිරයි කියලා හම්බවුනාට කෙලේසයකිනුයි දෙකට බෙදිලා තියෙන්නෙ. තමන් දිහාම බලලා මම කියන එකත්, බාහිර පෙනෙන මේසෙකට මම කියන එකත් දෙකම සමානයි.

ඒකයි ලෝකෝත්තර දර්ශනය ගැඹුරුයි කියලා කියන්නෙ. එතනදි ඔය පින්වතුන්ට ඉඳගෙන, හිටගෙන, නිදාගෙන, ඇවිදින තමන්ගෙ රූපයක් බලන්න බැරි වෙනවා. බාහිර රූපායතනය තමන්ගෙ ජීවිතේ ද? නෑ. බාහිර රූපායතනය තුළ තමන්ගෙ ජීවිතින්ද්‍රිය පිහිටලා තියෙනවාද?

නෑ.

තමන්ගෙ ආත්මභාවය පිහිටලා තියෙනවද? මේ පේන පොතේ, මේසෙ එහෙම ?

නෑ.

ඇහැට සාපේක්ෂව මේ රූපාරම්මණය බාහිර නම් අද අපිට ආධ්‍යාත්මික වෙච්ච එකත්, බාහිර වෙච්ච එකත් දෙකම බාහිරයි කියන නුවණ ඕනෙ. මේ ලෝකෝත්තර සම්මා දිට්ඨියෙ ලක්ෂණය. ශබ්දය ගන්න. ශබ්දය බාහිරයි. බහිද්ධා වවත්ථෙති.’ කනට සාපේක්ෂව ශබ්දය බාහිරයි. තමන්ගෙ කටහ`ඩ ඇහුනත්, අනුන්ගෙ කටහ`ඩ ඇහුනත් කනට සාපේක්ෂව බාහිරයි. කෙලෙස් වශයෙන් ජීවිතේකටම ඈඳලා බලන්න එපා. අරමුණෙන් අරමුණට හිත තියන්නයි මේ කියන්නෙ. ගන්ධය ගන්න. ගන්ධයත් අද අපිට දෙකට බෙදෙනවනේ. තමන්ගෙ ශරීරයෙ ගඳ ආධ්‍යාත්මිකයි. අනික් අයගෙ ගඳ බාහිරයි කියලා එහෙම දෙකට බෙදන්න බෑ. නාසයට සාපේක්ෂව ගන්ධය බාහිරයි. රසය ගත්තොත් රසය ද දෙආකාරයි. තමන්ගෙ ඇෙ`ග් ලූණු රස ආධ්‍යාත්මිකයි. පිටතින් දැනෙන ලූණු රස බාහිරයි කියලා එහෙම බෙදන්න බැහැ. රසය බාහිරමයි. කයට ස්පර්ශයක් දැනුනොත් ඒක බාහිර ස්පර්ශයක්. තමන්ගෙ අතින් ම තමන්ගෙ ශරීරය ස්පර්ශ කළොත් ඒක ආධ්‍යාත්මික ස්පර්ශයක් කියලනෙ අපි හිතන්නෙ. පොට්ඨබ්බය බාහිරමයි.

ඔය බාහිරයි කියන අර්ථයෙ පිහිටියොත් ඔය පින්වතුන් දන්නවද ඒ මනසෙ වෙනස. ඉඳගෙන හිටගෙන, නිදාගෙන, ඇවිදින හතර ඉරියවුවම අතහැරිලා, ඉරියවු මනින කයක්වත් හම්බවෙන්නෙ නෑ.

අපි ඕනම වස්තුවක් මනින්නෙ තමන්ගෙ කයට සාපේක්ෂව, ඉදිරිය කියන්නෙ කයට සාපේක්ෂව, පිටුපස හෝ උඩ හෝ යට හෝ කියන්නෙ කයට සාපේක්ෂව, උතුර හෝ දකුණ හෝ බටහිර හෝ නැගෙනහිර කිවුවෙ කයට සාපේක්ෂව, කය නැතිවුනොත් - විප්පමුත්තස්ස සබ්බධි - නැතිවෙන්නෙ දස දිසාව. නැතිවෙන්නෙ උතුර දකුණ. අසීමිතයි ඒ මනස. හිතන්නවත් බෑ. බාහිර ආයතනවල හොඳට පිහිටලා ඉන්න දවසක් ආවොත් ආධ්‍යාත්මික වස්තූන් හොයාගන්න බැරිවෙනවා. ආධ්‍යාත්මික ආයතන ජීවිතින්ද්‍රිය වෙලා. පොළවෙ හිටගෙන ඉන්න අපිට හැමතැනම පෙනුනත් අපි හිටගෙන ඉන්න තැන පෙනෙනවද? ඒ වගේ විඤ්ඤාණය පිහිටලා ඉන්න ටික තමයි ජීවිතින්ද්‍රිය. ජීවිතින්ද්‍රිය කෘත්‍යය කරන ටික විඤ්ඤාණය පිහිටලා ඉන්න වැය වෙලා. ඒ හින්දා හැම වෙලේම අපේ ආධ්‍යාත්මික ටික අපිට පේන්නෙ නෑ. පේන බාහිර ටික තමන්ගෙ නෙමෙයි වෙලා. එදාට අපිට දුක් වි`දින්න කයක්
නෑ.

මතු සම්බන්ධයි!

ලබුනෝරුව කන්ද ආරණ්‍ය සේනාසනවාසී අති පූජ්‍ය මාන්කඩවල සුදස්සන හිමියන් විසින් පවත්වන්නට යෙදුනා වූ ධර්ම දේශනයක් මෙසේ ලිඛිත මාධ්‍යයෙන්, කොටස් වශයෙන් පල කිරීමකි. දේශන විලාශයේ එන හඬ හැසුරුම් කියවීමේ දී හමු නොවන බැවින් ගැටළු සහගත තැන් හමුවිය හැකිය. එහෙත් මෙයින් ලබාගත හැකි ධර්මාවබෝධය අති විශාල බැවින් ප‍්‍රවේශමෙන් කියවා තේරුම් ගන්නට උත්සාහ කරන මෙන් කාරුණිකව ඉල්ලමු.

Post a Comment

0 Comments