සබ්බ දුක්ඛා පමුච්චන්ති 3


සබ්බ දුක්ඛා පමුච්චති : 3

රාග, ද්වේෂ, මෝහ ක්ෂය බව නිවනයි කියලා කිව්වෙ,
ලෝකයාගෙ මනසෙ ඇවිලෙන ගින්දර නිවිලා මේ
සන්තානයෙ. ‘සීති භූතෝස්මි නිබ්බුතො’ මම නිවුනේ
වෙමි. සිසිල් වූයේ වෙමි.

ලෝකයා කන මුල් කාරණාව කරගෙන සැප දුක් වි`දින
බවක් තියෙනවා නම් ඒ සියලූ සැප දුක් වලින් එයා
මිදිලා. ලෝකෙ කිව්වාම අපි විතරක් නෙවෙයි අනන්ත
අපරිමාණ මනුෂ්‍යයන් අතර පේ‍්‍රුත, අසුර, නිරි, තිරිසන්,
දෙවියන් අතර යම්තාක් කන ඇසුරු කරගෙන සැප දුක්
වි`දින ගතියක්
තියෙනවා නම් ඒ සියලූම ගති වලින් මෙයා මිදිලා.

කනයි ශබ්දයයි නිසා ඇතිවෙන ධර්මතාවයේ ඇත්ත
ඇති හැටිය දන්නවා දකිනවා කියන එකම තැන විතරයි
ජීවිතය. එතන ශුන්‍යතාවයක්. මෙයාට බැනුම් අහන
වචනත් නැහැ. බැනුම් අහන අය කියන වචනත් නැහැ.
සත්ව පුද්ගලයින්ගෙ වචනත් නැහැ. ඒ වචන තුළ ද්‍රව්‍ය
කාරණා නැහැ. වටිනා නොවටිනා ශබ්ද නැහැ. උස් පහත්
ශබ්ද නැහැ. මේ ඔක්කොම ලෝකෙ මනසකට අයිති
දේවල්. ශබ්ද මාත‍්‍රයක් තියෙයි. ඒක ඇතිවුන හේතු
දන්නා වූ දක්නා වූ බවත් තියෙයි. එතනට හිත තබලා
ඥාන දශ_නය ඇති කරගෙන ශබ්දය හමුවේ
ලෝකයාගේ මට්ටමෙන් ශුන්‍යයි නම් ඒ මනස,
ලෝකයාගේ මානසික මට්ටමේ නිමිති නැත්නම් ඒ
මනසෙ, ලෝකයාගේ ප‍්‍රාර්ථනා නැත්නම් ඒ මනසෙ,
එක්ම යථාභූත ඥාන දර්ශනයෙන් යුක්තව ශුන්‍යත,
අනිමිත්ත, අප්පණිහිත චේතෝ විමුක්ති ස්පර්ශ
කරනවා.

කෙලෙස් ප‍්‍රහාණයෙන් ලෝකයාගෙ දුක් මට්ටමෙන්
මිදිලා, පංච උපාදානස්කන්ධ දුකෙන් මිදිලා, ස්කන්ධ
මාත‍්‍රයක් පරිහරණය කරනවා. මේ ස්කන්ධ ටිකට, කරජ
කයට ආයු කාලයක් තියෙනවා. ඒක ගෙවුන දාට
අනුපදිශේෂ පරිනිර්වානය.

ඔය වගේ නාසය, දිව, කය, මනස කියන ආයතන හයේම
ඇත්ත ඇති හැටියෙ පවතින සිද්ධාන්ත ටිකක්
තියෙනවා. ලෝකෙ හැමදාම පැවතුන, පවතින එහෙත්
ලෝකයට වැහුන ඒ ඇත්ත බුදුරජාණන් වහන්සේ හෙළි
පෙහෙළි කර ගත්තා.

දිව ඉදිරියට රසයක් එනකොට මෙන්න මේ මට්ටමේ
මනසක් කෙනෙකුට පවත්වන්න පුළුවන් නම්,
නාසය ඉදිරියට එන ගන්ධයේ ඇත්ත මේකයි කියන
දැක්ම කෙනෙකුට පවත්වන්න පුළුවන් නම්, කයට
ගැටෙන වස්තුවේ ඇත්ත මේකයි කියන දැක්ම
ඇතිකරගෙන, ඒ ඇත්ත තුළ ජීවත් වෙන්න පුළුවන් නම්,
මේ මට්ටමින් එන දුක් නැහැ නේද? මේ මට්ටමේ එන
ආශ‍්‍රව නැහැ නේද? ඒ නිසා එන දුක්වලින් මිදෙනවා
නේද? කියලා බුදුරජාණන් වහන්සේ අවබෝධ
කරගත්තා. ඒකයි සත්‍ය අවබෝධයක් කියලා කියන්නෙ.
නිවන් දකින්න කියලා අපට තියෙන්නේ ඇත්ත ඇති
හැටිය අවබෝධ කරගන්න. සත්‍යයක් කියලා කියන්නේ
තවත් කෙනෙකුගෙ අදහසක්වත් දෘෂ්ටියක්වත් නෙවෙයි,
ඇත්තක්.

ස්පර්ශ ආයතන හයේ ඇත්ත ඇති හැටිය දන්නා වූ
දක්නා වූ තැනට ජීවිතය ගත්තහම ස්පර්ශ ආයතන හය
අරබයා ලෝකයා දුක් වි`දියි නම් හෝ සැපවත් වෙයි නම්
හෝ ඒ ලෝකෙ මානසික මට්ටමෙන් පනවන සැප දුක්
වලින්, ලෝකයා කියලා පනවන ධර්මතාවයෙන්
මිදෙනවා. එතකොට,
ලෝකයෙන් ශුන්‍යයි නිමිති වලින් ශුන්‍යයි ප‍්‍රාාර්ථනා
වලින් ශුන්‍යයි

ඒ නිසා රාගක්ඛයො, ද්වේෂක්ඛයෝ, මෝහක්ඛයො
නිබ්බානං කියලා පෙන්නුවා. නිවන කියන්නෙ
ලෝකයාගෙ හදේ ඇතිවන එකොළොස් ආකාර ගින්න
නිවීමමයි කියලා දකින්න. වෙනත් ආකාරයක හිස්
බවක්ය කියලා දකින්න එපා.

දැන් ඔය පින්වතුන්ට මේ වෙලාවෙ මේ ආරණ්‍යයෙ
කැලේ ගැන හිතන්න පුළුවන් නම් ඒ හිතන වෙලාවට
තමන්ගෙ ගම ගැන, රට ගැන, මනුෂ්‍යයො ගැන හිතේ
නැහැනෙ. ඒවයින් ශුන්‍යයි. ඒ වගේ ඇස් ඉදිරිපිටට ආව
රූපය වර්ණ සටහනක් කියලා හිතන්න. එතකොට රන්
රිදී. මුතු මැණික්. ගෙවල් දොරවල්, ¥ දරුවො කියන
ධර්මතාවන්ගෙන් තමන්ගෙ මනස ශුන්‍යයි. ඒ නිසා
එන්න තියෙන දුක් නැහැ. කය කෙළවර කොට,දිවි
කෙළවර කොට ඇති වේදනා විතරක් වි`දිනවා.

බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ සළායතන
පච්චයා - ආයතන හය හේතුවෙන් සැප දුක් වි`දින එක
විතරයි වෙන්නෙ. ඒවා ඇතුලෙ ද්‍රව්‍ය, කාරණා, සත්වයො,
පුද්ගලයො නිසා වි`දින කෙලේසයක් නැහැ. සැපක් දුකක්
නැහැ.

ස්කන්ධයන්ගේ ඇත්ත ඇති හැටිය දන්නා වූ දක්නා වූ
තැනට කිව්වා දුක පිරිසිඳ දකිනවා කියලා. දුක පිරිසිඳ
දකිනකොට රාග, ද්වේශ, මෝහ කියන කෙලෙස්
නැත්නම් ආශ‍්‍රව උපාදාන වලින් මිදීමට කිව්වා සමුදය
දුරු වුනා කියලා. සමුදය දුරු වෙන කොට නිරෝධය
සාක්ෂාත් වෙනවා. ජාති, ජරා මරණ, ශෝක, පරිදේව,
දුක්ඛ, දෝමනස්ස කියන මේ දුකේ මිදීම සාක්ෂාත්
වෙනවා. මාර්ගය වැඩෙනවා.

හොඳට බලන්න අද අපි දුක් වි`දිනවා කියන තැන අම්මා,
තාත්තා, දුවා, පුතා, සහෝදරයා ඥාති හිතෛෂින්ගෙ
මරණය නිසා, පි‍්‍රය දේවල් නැතිවීම නිසා, අපි‍්‍රයයන් හා
එක්වීම නිසා එන දුකක් වි`දිනවා නම් ඔය දුක පිරිසිඳ
දකින්න කියලා අපි අනුක‍්‍රමයෙන් පිටිපස්සට ඇවිත්
බලනකොට අපි දුක් වි`දින
තැන තියෙනවා මෙන්න මෙහෙම සිද්ධියක්.

අවිද්‍යා, කර්ම, තණ්හා, ආහාර හේතුවෙන් හැදුන, මහා
භූතයන්ගෙ උපාදාය රූපයක් වූ වර්ණ සටහන් මාත‍්‍රයක්,
ස්කන්ධ මාත‍්‍රයක් සහ එහි ඇත්ත නොදන්නාකම නිසා
තමන්ගෙ මනසෙ යෙදුන කෙලෙස් ටිකකුුත්, මේ
කෙලෙස් සහ ස්කන්ධ කියන දෙකම එකට එකතු
වෙලයි අපි දුක් විඳලා තියෙන්නෙ කියලා උත්තරයකුත්
එනවා.

අපි දරුවා මැරුණ දුක පිරිසිඳ දකින්න ගියොත් අපිට
හම්බවෙනවා ස්කන්ධ සහ කෙලෙස් කියන ධර්මතා
දෙකක්. ඒ දුකට ආසන්නම කාරණාව කෙලෙස්.
කෙලෙස්වලට හේතුව ස්කන්ධයන්ගේ ඇත්ත
නොදැකීම. ස්කන්ධ පිරිසිඳ දැක්කොත් කෙලෙස් නැති
වෙනවා. කෙලෙස් නැති වුනොත් දුක නැතිවෙනවා.

චතුරාර්ය සත්‍යය කියලා අපි සත්‍ය හතරක් කතා කළාට
ඔය හතරම එකට තියෙන්නෙ. ස්කන්ධයන්ගේ ඇත්ත
නොදකිනකම හින්දයි කෙලෙස් ඇතිවෙලා තියෙන්නෙ.
රාග, ද්වේෂ, මෝහ ඇතිවෙලා තියෙන්නෙ. ස්කන්ධයි
කෙලෙසුයි කියන කාරණා දෙකම එකක් වෙලා තමයි
අපිට දුක ඇතිවෙලා
තියෙන්නෙ.

ඇස් ඉදිරිපිටට ආවෙ කන බොන ආහාරයෙන්, අවිද්‍යා,
කර්ම, තණ්හා කියන හේතුන්ගෙන් හැදුන වර්ණ
සටහන් මාත‍්‍රයක්, අනාත්ම වූ රූපයක්, ඔය රූපයේ
ඇත්ත නොදන්නාකම නිසා කෙනෙක්, පුද්ගලයෙක්,
සත්වයෙක් කියන හැඟීම, දිට්ඨි උපාදානය තිබුනෙ
මනසෙ. මගේ මනසෙ තියෙන දිට්ඨියයි, දිට්ඨිය
ඇතිවෙන්න හේතු වුන වස්තුවයි දෙකම එකට එකතු
වෙලායි පුද්ගලයෙක් හම්බවෙලා තියෙන්නෙ. අහවල්
සත්වයාගෙ රූපෙ, අහවල් කෙනාගෙ රූපෙ කියලා
පුද්ගලයෙක්ගෙ රූපයක් හම්බවෙලා තියෙන්නෙ.

අනාත්ම වූ රූපය විපරිනාම වෙද්දි, මට පේන්නෙ මගේ
දෘෂ්ටිය පැත්තෙන්. මම හිතාගෙන ඉන්න පුද්ගලයාට
මෙහෙම වුනා. සත්වයාට මෙහෙම වුනා. කෙනාට
මෙහෙම වුනා කියලා. මම හිතාගෙන ඉන්නෙ නරක
කෙනෙක් නම් සතුරට කරදරයක් වුනාම මම සතුටු
වෙනවා. පටිඝය, කෙලෙස්, ආපහු කර්ම රැුස් කරනවා.
මම හිතාගෙන ඉන්න පුද්ගලයා හොඳයි, පි‍්‍රයයි නම්
පි‍්‍රය කෙනාට කරදරයක් වෙලා කියලා දුක එනවා.

හැම වෙලාවෙම මේ රූපය විපරිනාම වෙද්දි, අපේ
දෘෂ්ටියට අනුගතව තමයි අපිට සංඥා උපදින්නෙ. හැම
වෙලාවෙම ලෝකයේ ස්වාභාවික සිද්ධාන්තය අපේ
මනස තුළ රාග, ද්වේෂ, මෝහ ඇතිකරන්න හේතු වෙලා
තියෙනවා.  මනසෙ රාග, ද්වේෂ, මෝහ නැතිවෙන්න  නම්
එයාට චතුරාර්ය සත්‍යය අවබෝධ කරන්නම වෙනවා.

පුද්ගලයෙක් හෝ දෙයක් හෝ ද්‍රව්‍යයක් හෝ අපිට
හම්බවෙනවා නම්,කැමති හෝ අකමැති වෙනවා නම් ඒ
හැම තැනකම ස්කන්ධ සහ කෙලෙස් කියන ධර්මතා
දෙකක් තියෙනවා. ස්කන්ධයන්ගේ ඇත්ත
නොදන්නාකම නිසයි මේ කෙලෙස්. කෙලෙස් නිසයි මේ
ඇලීම්, බැ`දීම්, ගැටීම්. ඒ නිසයි මේ දුක කියන
අනුපිළිවෙල වෙනස් වෙන්නෙ නෑ කවදාවත්.

දුක නැතුව ඉන්න නම් රාග, ද්වේෂ, මෝහ නැතිවෙන්න 
ඕන. රාග ද්වේෂ, මෝහ නැතිවෙන්න නම් චතුරාර්ය
සත්‍යය අවබෝධ වෙන්න  ඕන.

චතුරාර්ය සත්‍යය අවබෝධ වෙන්න නම්, ස්කන්ධ සහ
කෙලෙස් වෙන්ව දකින්න  ඕන. දුක් පිරිසිඳ දැක්කොත්
සමුදය දුරු වෙනවා. ඇස් ඉදිරිපිටට එන්නෙ වර්ණ
සටහනක්, චිත‍්‍ර මාත‍්‍රයක් කියලා දකින්න පුළුවන් නම්
අපේ මනසෙ ආශ‍්‍රව, උපාදාන කියන ගති, කෙලෙස්
යෙදෙන්නෙ නෑ. එහෙම වුනොත් අපිට මේ ලෝකෙ ද්‍රව්‍ය
කාරණා නැති වෙයි.

මෙතතදි එක කරුණක් මතක තබාගන්න. අපි භාවනා
කරනවා. ආනාපාන සතිය, බුදුගුණ, අසුභය, මරණය.
කවුරු හරි අහුවොත් ඇයි භාවනා කරන්නෙ කියලා
හැමෝම කියයි නිවන් දකින්න කියලා.
ඇයි මෛති‍්‍ර භාවනාව කරන්නෙ. නිවන් දකින්න.

ඇයි ආනාපානසති භාවනාව කරන්නෙ. නිවන් දකින්න.

හොඳයි, කවුරු හරි ඇහුවොත් කොහොමද
ආනාපානසති භාවනාව වඩලා, මෛතී‍්‍ර භාවනාව
වඩලා නිවන් දකින්නෙ කියලා කොහොමද උත්තර
දෙන්නෙ. පුළුවන්කම තියෙන්න  ඕන උත්තර දෙන්න. ඒ
සඳහායි මම හැමදාම කිව්වෙත්, කියන්නෙත්. එහෙම
උත්තර දෙන්න බැරිනම් ඒකෙන් කියනවා අපි කුලියට
අනුන්ගෙ හරක් බලනවා වගේ වැඩක් මේ කරන්නේ
කියලා. ඒ කියන්නෙ අනිත් අය කියනවට කරනවා මිසක
අපේ දැනුමකින් කරනවා නෙවෙයි.

බුදුගුණ හෝ අසුභය හෝ මරණය හෝ මෛති‍්‍රය හෝ
යම් භාවනාවක් කළොත් - කරන එක වැරදියි කියලා
නෙවෙයි මම මේ කියන්නෙ. මොනවා හරි දෙයක්
කරනකොට අර්ථයක් තියෙන්න  ඕන නේ - අපි කියනවා
නිවන් දකින්නයි මේ භාවනා කරන්නෙ කියලා.
කොහොමද එහෙම භාවනා කරලා නිවන් දකින්නෙ
කියලා ඇහුවොත් ඒ ක‍්‍රමය කියන්න වෙනවා.

එක මනුස්සයෙකුට ගෙයක් හදාගන්න  ඕන කියලා
හිතුනා. එයා කුඹුරකුත් තියෙන ගොවියෙක්. එයා
දන්නවා මේ කුඹුර කරලා වී ටිකක් ගත්තොත් ඒක
විකුණලා ගෙයක් හදාගන්න පුළුවන්. ඒ සඳහා
පියවරෙන් පියවරට විශාල වැඩ සටහනක් තියෙනවා.

ගෙයක් හදන්න නම් ගඩොල්, වැලි, සිමෙන්ති  ඕන. ඒවා
ගන්න සල්ලි  ඕන. වී විකුණලා සල්ලි ගන්න පුළුවන්.
කුඹුර කළොත් වී ගන්න පුළුවන්. කුඹුර කරන්න නම්
නියර සැහැලා, නියර බැඳලා, හාලා, පෝරු ගාලා, වී
ඉහලා විශාල වැඩ සටහනක් කරලයි ගේ හදන්න
වෙන්නේ.

දැන් ගේ හදාගන්න  ඕන කියන අදහසින් උදැල්ල
අරගෙන කුඹුරට ගිහිල්ලා නියර සහිනවා. කෙනෙක් මේ
මනුස්සයාගෙන් අහනවා. ‘‘මොකද ඔය කරන්නෙ.’’ ‘‘මං
මේ පොඩි ගේ කෑල්ලක් හදාගන්න.’’ කුඹුරේ නියර
සහිනවා ගේ කෑල්ලක් හදාගන්න. අහසට පොළව වගේ
උත්තරයක්. යන්නෙ කොහෙද මල්ලෙ පොල් කිව්වා
වගේ.

‘‘කොහොමද නියර සැහලා ගේ හදන්නෙ.’’ කියලා
ඇහුවොත්, පුළුවන්කම තියෙන්න  ඕන කියන්න,
‘‘මම නියර සැහලා, නියර බ`දිනවා. මඩ තියනවා. ඊට
පස්සෙ හානවා, පෝරු ගානවා, මඩවනවා, වී ඉහිනවා.
ගොයම පැලවුනාම තෙල්, පොහොර, වතුර දානවා.
ගොයම පැහුනම වී අරගෙන ඒවා විකුණලා ලැබෙන
මුදල් වලින් ගඩොල්, වැලි, සිමෙන්ති අරගෙන ගේ
හදනවා. ඒ සඳහායි මම නියර සහින්න පටන් ගත්තෙ.’’

ගේ හදනවා කියන තැන වගෙයි නිවන. නියර සහිනවා
වගේ තමයි ආනාපානසතිය, බුදුගුණ, අසුභය, මරණය,
මෛති‍්‍රය වගේ භාවනා කරන්නෙ නිවන් දකින්නයි 
කියලා උත්තර දෙනවා නම් ඔය පින්වතුන්ටත් ඥාන
දර්ශනය තියෙන්න  ඕන බුදුගුණ, අසුභය,    මරණය,
මෛති‍්‍රය ආනාපානසතිය වඩන
තැන ඉඳලා නිවන දක්වාම වැඩ පිළිවෙල විස්තර
කරන්න.

තමන් ළඟ ඥාන දර්ශනය නැතුව අනුන්ගෙ ඥාන
දර්ශනයකට භාවනා කළොත් වෙන කෙනෙක් ගත්ත
කොන්ත‍්‍රාත් එකකට අපි වැඩ කළා වගේ. අපිට මුදල්
ලැබෙන්නෙ නෑ. නිකම් වෙහෙස විතරයි. ඔය පින්වතුන්
ළඟ ඥාන දර්ශනය නැතුව මම කියලා දුන්න විදියට
භාවනා කළොත් නිවන් දකින්නෙ මම. ඇයි ඥාන
දර්ශනය තියෙන්නෙ මං ළඟනෙ.
 
එහෙම නෙවෙයි. මම කියලා දුන්නම ඔය පින්වතුන්ට
තේරෙන්න  ඕන ඇත්ත තමයි මේ විදියට කළොත් අපිට
වරදිනවා. සසරට යනවා. මේ විදියට කළොත් අපිට
සසරින් එතෙර වෙන්න පුළුවන් කියලා. තමන්ගෙ
දැක්මක් ඇතිව කරනවා නම් මම කිව්වට නෙමෙයි
කරන්නෙ. තමන් තේරුම් අරගෙන.

කිසිම වෙලාවක තවත් කෙනෙක්ගෙන් භාවනා කරන
හැටි අහගන්න එපා. අපි උත්සාහවත් වෙන්න  ඕන
අනුන්ගෙ ඥාන දර්ශනයකට වැඩ කරන්න නෙමෙයි.
තමන්ගෙ ඥාන දර්ශනය ඇති කරගන්න. චිත්ත
සමථයක් ඇති කර නොගත්තොත් තමන්ට සසරින්
ගැලවීමක් නෑ නේද කියන දැක්ම ඇතිකර
ගෙන භාවනා කරන්න  ඕන. ශීල, සමාධි, ප‍්‍රඥා කියන ති‍්‍ර
ශික්ෂාව පුරවන්න කලින් අපිට ඥාන දර්ශනය තියෙන්න
 ඕන.

ස්පර්ශ ආයතන හයේ ඇත්ත ඇති හැටියෙ පවතින
ධර්මතාවයක් තියෙනවා. ඒ ධර්මතාවය අපිට අයිති
එකක් නෙවෙයි. අපි ඒක හීනෙන්වත් දැකලා නැහැ.
අපිට ඒකෙ ගතිය තේරෙන්නෙ නැහැ. ඒ ගතිය තේරෙන,
දකින්න පුළුවන් මට්ටමටයි ලෝකෝත්තර කියලා
කියන්නෙ. මොකද ඒ ඥාන දර්ශනයටම ලෝකයෙන්
මිදෙනවා. ලෝකය අතහැරෙනවා. ලෝකෝත්තරයි
කියන්නෙ ලෝකයෙන් එතෙරයි. ලෝකයාට ඒ දර්ශනය
අයිති නැහැ. ඇස් ඉදිරිපිටට හම්බවෙන රූපයෙ යථාභූත
ස්වභාවය ලෝකයාට අයිති නැහැ. යථා භූත ස්වභාවය
ලෝකයාට අයිති නැහැ. යථා භූත ස්වභාවයට හිත
තැබුවොත් ලෝකෝත්තරයි. ලෝකයෙන් එතෙරමයි.
ලෝකයේ එයාගෙ මානසික මට්ටම අතහැරෙනවා.

මෙන්න මේ ඇත්ත ඇති හැටියෙ දැක්කහම - ස්පර්ශ
ආයතන හයේ ඇත්ත ඇති හැටියෙ දැක්කහම -
තමන්ගෙ මනසෙ තියෙන ආශ‍්‍රව, කෙලෙස් වලින් මනස
මිදෙනවා. ලෝකයා වි`දින සියලූ දුක් දොම්නස් වලිනුත්
මිදෙනවා. දුක ඇතිවුනේ ස්පර්ශ ආයතන හයේ ඇත්ත
ඇති හැටියෙ නොදකිනකම නිසා අපේ මනසෙ සත්ව
පුද්ගල හැඟීම් ඒ කියන්නෙ උපාදානය, ආශ‍්‍රව යෙදුන
නිසා. එතකොට අපිට තේරෙන්න  ඕන යම් වස්තුවක
වටිනාකම යෙදිලා තියෙන්නෙ අපේ මනසෙ.

ඒ කියන්නෙ කඩදාසි කොළයක් දැක්කම වටිනා එකක්
කියලා ඉක්මණට ගන්න තණ්හාව ඇති කරවන්න,
ඒකට අලවන විදියේ වටිනාකමක් පෙන්වන ගතියටයි
ආශ‍්‍රව කියලා කියන්නෙ. රුපියල් දාහයි, රුපියල්
පන්දාහයි කියලා වටිනාකමක් පෙන්නන්න, ඇස් ඉදිරියට
එන්නෙ කඩදාසියක්, චිත‍්‍ර මාත‍්‍රයක් විතරයි. වටිනාකම
කියන ගතිය කඩදාසියෙ නැහැ. පුංචි දරුවෙක් නම් ඔය
කඩදාසිය ඉරලා පුච්චලත් දායි. වටිනාකමක් යෙදෙන්නෙ
නෑ ඒ මනසෙ. වටිනාකම තියෙන්නෙ ඒ කොලේ නම් ඒක
කෙනා කෙනාට වෙනස් වෙන්න බැහැ.

රුපියල් දාහේ කොළය ඇස් ඉදිරියට එනකොට මේකෙ
වටිනාකම මෙච්චරයි. මේ මේ වැඬේ කරන්න පුළුවන්
කියලා අපේ මනසෙයි ආශ‍්‍රව යෙදෙන්නෙ. ඒ ගතියෙන් -
උපාදානයෙන් තමයි නැවත රූපය අල්ලන්නේ. ඒ
ගතියෙන් රූපය ගත්තට පස්සෙ රූපය කැඩුනත් දුක,
බිඳුනත් දුක, තියාගන්න බැරි වුනත් දුක. අවසන්
වෙන්නෙ දුකෙන්මයි. ඇත්ත ඇති හැටියෙ නොදන්නාකම
නිසා අපේ මනසෙ ආශ‍්‍රව, කෙලෙස් ගති ටිකක් යෙදිලා ඒ
ආශ‍්‍රවයන්ගෙත් ගතිවලින් මේ ස්කන්ධ දිහා බැලූව නිසා
ඇලෙන, බැඳෙන වටිනාකමින් යුක්ත බවක් පෙනිලා,
ඇලිලා බැ`දිලා මේ දුක් වි`දින ජීවිතයක් හැදිලා
තියෙන්නෙ කියන එක ඔය පින්වතුන්ට පෙනිලා
තියෙන්න  ඕන

මතු සම්බන්ධයි!

ලබුනෝරුව කන්ද ආරණ්‍ය සේනාසනවාසී අති පූජ්‍ය
මාන්කඩවල සුදස්සන හිමියන් විසින් පවත්වන්නට
යෙදුනා වූ ධර්ම දේශනයක් මෙසේ ලිඛිත මාධ්‍යයෙන්,
කොටස් වශයෙන් පල කිරීමකි. දේශන විලාශයේ එන
හඬ හැසුරුම් කියවීමේ දී හමු නොවන බැවින් ගැටළු
සහගත තැන් හමුවිය හැකිය. එහෙත් මෙයින් ලබාගත
හැකි ධර්මාවබෝධය අති විශාල බැවින් ප‍්‍රවේශමෙන්
කියවා තේරුම් ගන්නට උත්සාහ කරන මෙන්
කාරුණිකව ඉල්ලමු.

Post a Comment

0 Comments