සබ්බ දුක්ඛා පමුච්චන්ති 5


සබ්බ දුක්ඛා පමුච්චති : 4

චතුරාර්ය සත්‍යය දන්නා වූ මනස සාමාන්‍ය ලෝකයාට
වඩා විශේෂමමයි. සාමාන්‍ය ලෝකයා හිතන්නෙ අපි සැප
වි`දින්නෙ, දුක් වි`දින්නෙ බාහිර වස්තු මතමයි කියලයි.
නමුත් මේ ආර්ය ශාසනේ කෙනා දන්නවා දකිනවා ඇස්
ඉදිරිපිටට එන්නෙ අනාත්ම වූ, හේතු ප‍්‍රත්‍යයන්ගෙන්
හටගත්ත ස්කන්ධ මාත‍්‍රයක් විතරයි. ඒ ස්කන්ධයන්ගේ
ඇත්ත නොදන්නාකම නොදකිනකම නිසා කෙනා
කෙනාගෙ මනසෙ ආශ‍්‍රව උපාදාන කියන කෙලෙස් ගති
ටිකක් යෙදිලා ඒ ගතිවලින් ආවරණය කරගත්ත
මනසකින් මේ ස්කන්ධයන්ට නැඹුරු වීම නිසයි
අල්ලන්න පුළුවන්, බැඳෙන්න පුළුවන්.

ගැටෙන්න පුළුවන් ලෝකයක්  නිර්මාණය වෙලා
තියෙන්නෙ. දුක ඇවිල්ලා තියෙන්නෙ කෙලෙස් නිසයි
කියලා දකිනවා. මේ දුක නැතිවෙන්න නම් උපාදාන
වශයෙන්, ආශ‍්‍රව වශයෙන් මේ ස්කන්ධයෝ ගන්න එක
නැතිවෙන්න  ඕන. එහෙම නැතිවෙන්න නම් ඇත්ත ඇති
හැටියෙ දකින්න  ඕන කියලා අනිත් පැත්තටත් දකින්න 
ඕන. ඔය චතුරාර්ය සත්‍යය.

එක අරමුණේම ඇත්ත ඇති හැටිය නොදන්නාකම නිසා
වැරදි විදියට බලලා වැරදි දැකීමක් ඇති කරගෙනයි අපි
මේ දුක්වි`දින්නේ කියලා කෙටියෙන් දැනගෙන ඉන්න.
ඇත්ත ඇති හැටියෙ දැක්කොත් වැරදියට බලන්න
නිමිත්තක් අපේ මනසෙ හිටින්නෙ නෑ. එහෙම වුනොත්
මේ ස්කන්ධ දිහා වැරදියට බලලා ඇලිලා, බැ`දිලා දුක්
වි`දිනවා කියන මානසික මට්ටමෙන් අපි මිදෙනවා. ඒ
නිසා මේ ස්කන්ධයන්ගේ ඇත්ත ඇති හැටිය බැලිය
යුතුයි කියන උත්තරයක් ලැබෙනවා. එබඳු පිළිතුරක්
තියාගෙන ඒ ස්කන්ධයන්ගේ ඇත්ත ඇති හැටිය බලන්න
නම්,  දකින්න නම් මනස නීවරණයන්ගෙන් දුරු වෙන්න
 ඕන. නීවරණ ධර්ම දුරු කරගැනීම පිණිසයි ආනාපාන
සතිය, බුදුගුණ, අසුභය වඩන්නෙ.

ඔතන තවත් අඩුයි. මම ගොඩාක් කෙටි කරලා කිව්වෙ.
නමුත් මෙහෙම හරි කිව්වොත් සාධාරණයි.නීවරණ
ධර්ම කියනකොටත් වෙන කිසිවක් දකින්න එපා. ඇස්
ඉදිරිපිටට රූපයක් හම්බවෙනකොට නවත්වාගන්න
බැරි මානසික මට්ටමකින් බ්‍රේක් නැති වාහනයක් වගේ -
සීමාව ඉක්මවලා, ඇහැට හම්බවෙන අරමුණේ ඇලිලත්
ඉවරයි, ගැටිලත් ඉවරයි කියන වේගවත්කම අඩු කරන
එක තමයි නීවරණ ධර්ම අඩු කරනවා කියන්නෙ.
එහෙම වේගය අඩුවුනහමයි පෙනෙනවා කියන තැනක
තියෙන ඇත්ත ටිකක්වත් හිතන්න පුළුවන්කම
ලැබෙන්නෙ.

හොඳට තේරුම් ගන්න නිවන කියන්නෙ වෙන මුකුත්
නෙවෙයි, අප සතු දුක් වි`දින්න පුළුවන් ක්ෂේත‍්‍රයෙන්
මිදීම, තව විදියකට කිව්වොත් ජාති, ජරා, මරණ, ශෝක,
පරිදේව, දුක්ඛ, දෝමනස්ස, උපායාසා නිරුජ්ඣන්ති
කියන මේ සියලූ දුකේ නිවීම. බුදුරජාණන් වහන්සේ දුක
පෙන්නලා දුක ඇතිවුන හැටි පෙන්නලා දුකට හේතුව
නැතිවෙන කොට දුක නැතිවෙනවා කියලා පෙන්නලා ඒ
සඳහා මඟ පෙන්නුවා. නිවන කියලා තවත් සංකල්පයක්
නෙමෙයි දුකේ නිරෝධය සාක්ෂාත් වෙන හැටියි  ඕන.

දුක්ඛ නිරෝධය සාක්ෂාත් වෙන්න නම් - සම්මා දිට්ඨි -
ඇත්ත ඇති හැටිය දකින්න වෙනවා. කුමන භාවනාවක්
කළත් ඒක කරන්නෙ නීවරණ ධර්ම දුරු කරගන්න.
නීවරණ ධර්ම දුරු කරගන්නෙ ඇත්ත ඇති හැටියෙ
දකින්න කුමක ඇත්තද ඇති හැටියෙ දකින්නෙ.
ඇස් ඉදිරිපිටට එන රූපයෙ ඇත්ත.

කුමක් නිසා ද ඇත්ත ඇති හැටියෙ දකින්නෙ.

ඇත්ත ඇති හැටියෙ නොදැකපු නිසා මනසෙ කෙලෙස්
ආශ‍්‍රව යෙදුනා. ඒ නිසයි ලෝකයක් හැදුනෙ. ඒ නිසයි ජරා
මරණ දුක් වින්දෙ. ඇස් ඉදිරිපිටට එන රූපයෙ ඇත්ත
ඇති හැටියෙ දැක්කොත් මනසෙ ආශ‍්‍රව, කෙලෙස්,
උපාදානය යෙදෙන්නෙ නෑ. එහෙම වුනොත් ලෝකයක්
හම්බවෙන්නෙ නෑ. එහෙම වුනොත් ජරා මරණ දුක නෑ.

මේ දුක්ඛ නිරෝධය සාක්ෂාත් කරලා දෙනවා
දර්ශනයකින්. දුක්ඛ නිරෝධයටයි නිවන කියන්නෙ. ඒ
සඳහායි මේ භාවනාව කරන්නෙ කියලා කියන්න
හැකියාවක් තියෙන්නෙ  ඕන. ඒ දැනුම තමන් ගාව
තියෙන්න  ඕන.

‘‘අපි මෛතී‍්‍ර භාවනාව කරනවා’’ ‘‘ඇයි මෛතී‍්‍ර
භාවනාව කරන්නෙ’’

‘‘එහෙම කරනකොට නීවරණ ධර්ම ගෙවෙනවා,
අඩුවෙනවා ටික ටික.’’ ‘‘මොකටද නීවරණ ධර්ම අඩු
කරන්නෙ.’’

‘‘ඇත්ත ඇති හැටිය බලන්න පුළුවන් වෙන්න.’’ ‘‘මොකක
ඇත්ත ද?’’

‘‘ඇස් ඉදිරිපිටට එන රූපයෙ ඇත්ත. කන ඉදිරිපිටට එන
ශබ්දයෙ ඇත්ත. නාසය ඉදිරිපිටට එන ගන්ධයෙ ඇත්ත.
’’ ස්පර්ශ ආයතන හයම කිව්වත් කමක් නෑ. එක
ආයතනයක් කිව්වත් කමක් නෑ. ඇත්ත ඇති හැටිය
දකින තැනට ගන්න. ඇත්ත ඇති හැටිය නොදැකීම නිසා
වැරදි දැකීමක් කෙලෙස් ටිකක් ඇතිවෙනවා. ඒ කෙලෙස්
නිසයි දුක එන්නෙ.

බුදුරජාණන් වහන්සේ හැමවිටම දුකට හේතුව හැටියට
පනවන්නේ කෙලෙස්. නිවන, මාර්ගඵල පනවලා
තියෙන්නෙ කෙලෙස් නැති තැනකින් මිසක ස්කන්ධ නැති
තැනකින් නෙවෙයි.

නිවන පැනෙව්වෙ රාගක්ඛයො, දෝසක්ඛයො,
මෝහක්ඛයො, නිබ්බානං කියන තැනින්.
 
සෝවාන් ඵලය පැනෙව්වෙ සක්කාය දිට්ඨි, විචිකිච්ඡුා
සීලබ්බත පරාමාස කියන කෙලෙසුන්ගෙ නැතිකමින්.

සකෘදාගාමී ඵලය පැනෙව්වෙ කාමරාග, පටිඝ කියන
කෙලෙසුන්ගෙ අඩු කමින්. 

අනාගාමි ඵලය පැනෙව්වේ අවශේෂ කාමරාග, පටිඝ,
කියන කෙලෙසුන්ගෙ අඩු කමින්.
 
අරහත් ඵලය පැනෙව්වේ රූප රාග, අරූප රාග, මාන,
උද්ධච්ච,
 
අවිද්‍යා කියන ආශ‍්‍රවයන්ගෙන් සතර මාර්ග සතර ඵල
පනවලා තියෙන්නෙ කෙලෙසුන්ගෙ නැතිකමින් මිසක
ස්කන්ධයන්ගෙ නැතිකමින් නෙවෙයි. සම්මා දිට්ඨිය
කිව්වෙ, ස්කන්ධයන්ගේ ඇත්ත ඇති හැටිය දකිනකොට,
දුක පිරිසිඳ දකිනකොට සමුදය දුරු වෙන්න  ඕන.
කෙලෙස් ප‍්‍රහාණය වෙන්න  ඕන. කෙලෙස් ප‍්‍රහාණයෙන්
සාක්ෂාත් වෙන්නේ නිරෝධය. සමුදය නැති කමින්
නිරෝධය ලැබිලා තියෙනවා මිසක නිවන කියලා හිස්
බවක් හොයාගෙන ගියාට කවදාවත් ලැබෙන්නේ නෑ.

බලන්න මේ ඉදිරියෙ තියෙන දුරකථනය දිහා. මහා
භූතයි කියලා නොදැක්ක නිසා දුරකථනය විදියට
දැක්කා. ඒ නිසයි දුරකථනයට ඇලූනෙ, බැඳුනෙ. ඇලූන,
බැඳුන නිසා දුරකථනය නැති වුනොත් දුක එනවා.

දැන් දුකට හේතුව මොකක් ද? ඇලීම, බැ`දීම කියන
කාරණාව. ඇලීම, බැ`දීමට හේතු වුනේ දුරකථනයක්
විදියට දැකීම. දුරකථනයක් විදියට දකින්න හේතු වුනේ
ඇත්ත නොදැකීම. මෙහෙම සිද්ධාන්තයක් තියෙන්නෙ.
අන්තිමට අවිද්‍යාව කියන තැනටම ඇවිල්ලා තියෙනවා.
මේක යථාර්ථයෙන් ගන්න එපා. මම උපමාවක් කිව්වේ. -
අපි කියමු ලෝකෙ හැම දෙයක්ම හැදිලා තියෙන්නේ
පදාර්ථය පඨවි, ආපෝ, තේජෝ, වායෝ සතර මහා ධාතු
කියන මට්ටමේ ගතියක් විතරයි අපේ මනසෙ යෙදිලා
තියෙන්නෙ. දුරකථනය කියන තැනකින් දකින්නෙ නෑ.
එහෙම වුනොත් දුරකථනයක් කියන වැරදි දැකීමයි,
දුරකථනයට තියෙන ඇලීම, බැ`දීමයි, ඒ නිසා වි`දින
දුකයි ඔක්කොම නැතිවෙනවා.

ලෝකයා කියලා කිව්වේ ඒ අරමුණම ඇත්ත ඇති හැටිය
නොදැන වැරදි විදියට දැකලා, වැරදි කාරණාවක් දැකලා
ඒ තුළ ඇලිලා, බැ`දිලා දුක් වෙන මනසට. ලෝකයෙන්
එතෙර කිව්වෙ ලෝකයා දකින මට්ටමට ඔබ්බෙන්
දකිනවා. ඒ දර්ශනයට ලෝකයාගේ මට්ටමේ සැප දුක්
ලැබෙන්නේ නෑ. මේ ඇත්ත ඇති හැටිය, යථාභූත
ස්වභාවය හිතලා ගන්නවා නෙවෙයි. ඉබේම දකින
මට්ටම. මොන විදියටවත් වටිනාකමක් මනසෙ
නොයෙදෙන මට්ටම. මේකට කියනවා යථාභූත ඥානය
කියලා. මේ ඇත්ත දකිනකොට වැරදි දැකීමත්, ඒ නිසා
ඇතිවුන සියලූ දුකත් නැතිවෙනවා. මෙන්න මේ දුක්ඛ
නිරෝධයටයි නිවන කිව්වෙ කියලා සහේතුකව කියන්න
පුළුවන්කම තියෙන්න ඕන.

හිස් බව හෝ ශුන්‍යතාවය කියලා යමක් දැක්කොත් අපි
නිවන පනවලා තියෙන්නේ ස්කන්ධයකින්. එහෙම
වුනොත් අපිට හම්බවෙන්නේ රූපයක්, චිත්ත
චෛතසික ටිකක්. නමුත් කිසිම වෙලාවක අසංඛතය
පනවන්නෙ නැහැ. ස්කන්ධයක නැතිවීමෙන්.
ස්කන්ධයක නැතිවීමෙන් අසංඛතය ලැබෙනවා නම්,
භාවනා කළත් නැතත් අපි හැමෝම නිවන් දකිනවාමයි.
ඇයි ඒ?

මේ රූප, වේදනා, සංඥා, සංඛාර , විඤ්ඤාණ කියන
ස්කන්ධ පංචකයම නැතිවෙන දවසක් එනවා. නමුත් මේ
ස්කන්ධ නැති වුනාට නැවත ස්කන්ධ හදන කෙලේසය
නැති වෙලා නැති නිසා ආයෙත් ස්කන්ධ හැදෙනවා.
ස්කන්ධ නැතිවුනාට නැවත ස්කන්ධ හදන කෙලේසය
නැතිවෙලා නැත්නම් ඒකට කියන්නෙ නිවන නෙවෙයි
මරණය කියලා. තව තැනක ජාතියට සාපේක්ෂව.

කෙනෙක් මේ ස්කන්ධ ටිකේ පිහිටලා ඉඳගෙනම නැවත
ස්කන්ධ හැදෙන්න තියෙන හේතුව නැති කරනවා.
ස්කන්ධ පරිහරණය කරමින් කෙලෙස් නැති කරන
තැනට කියනවා සෝපදිශේෂ නිබ්බාන කියලා. ස්කන්ධ
ඉතිරිය සහිතව නිවන් දැකලා. එයා පුද්ගල භාවයෙන්
මිදිලා, පංච උපාදාන ස්කන්ධ දුක නිරුද්ධ කරලා. සත්ව,
පුද්ගල භාවයෙන් වි`දින දුක නැති කරලා අජරාමර බව
සාක්ෂාත් කරගෙන තියෙන්නෙ. නැවත ස්කන්ධ හැදෙන
කෙලේසය නැති කළ නිසා ඉතිරි වූ ස්කන්ධයන්ගේ
නැතිවීම එයාට නිරෝධය වෙනවා, නිවීම වෙනවා මිසක
ඒක මරණයක් වෙන්නෙ නැහැ. මොකද ජාතිය නැති
නිසා.
හැම වෙලාවෙම කෙලෙස් නැති කළ කෙනාට
ස්කන්ධයන්ගේ නැතිකම නිරෝධය වෙනවා මිසක,
ස්කන්ධයන්ගේ නැතිකමින් පමණක් නිවන පනවන්නේ
නැහැ.

ශුන්‍යතාවය කියන කොටත්, වත_මානයේ ඇත්ත ඇති
හැටිය දන්නා වූ දක්නා වූ තැනට සිත තබලා
ආශ‍්‍රවයන්ගෙන්, කෙලෙසුන්ගෙන් මනස මිදීම නිසා
නිරෝධය සාක්ෂාත් වීම කියන තැනින් දකින්න.

ආශ‍්‍රවයන්ගෙන්, උපාදානයන්ගෙන් මනස මිදුනහම ඒ
මිදිලා තියෙන්නෙ ලෝකයා කියන මට්ටමෙන්. ඒකයි
ලෝකෝත්තර කියලා කියන්නෙ. ස්පර්ශ ආයතන හයේ
ඇත්ත ඇති හැටිය දන්නා වූ දක්නා වූ කමට තව නමක්
තමයි නිවන.

ඇත්ත ඇති හැටිය දන්නා වූ දක්නා වූ කම නිසා අවිද්‍යාව,
ආශ‍්‍රව, උපාදාන ආදී වූ කෙලෙස් ක්ෂය වෙනවා. එහෙම
වුනාම මේ වගේ සත්වයෝ, පුද්ගලයො, ගෙවල් දොරවල්,
යානවාහන තියෙන ලෝකයක් හම්බවෙන්නෙ නෑ.
ලෝක නිරෝධයක් වෙනවා කියලා දකින්න. එහෙම
දැකලා ස්පර්ශ ආයතන හයේ ඇත්ත ඇති හැටිය දකින
තැනට මනස ගන්නයි මේ උපාය.

මොකක්ද උපාය? සිල් සමාදන් වෙන්නෙ, සමාධි භාවනා
වඩන්නෙ, නුවණින් මෙනෙහි කරන්නෙ - විදර්ශනා
කරන්නෙ - මේ ති‍්‍ර ශික්ෂාවම ඇත්ත ඇති හැටියෙ දකින
තැනට මනස ගෙනියන්න, ඇත්ත ඇති හැටිය දැක්කම
වැරදි දැකීම සහ දුක නිරුද්ධ වෙලා අජරාමර නිවන
ස්පර්ශ කරන්න පුළුවන්.

ඔය ටික ඉගෙන ගත්තහම අපිට හම්බවෙනවා
සෝතාපත්ති අංග දෙකක්. කළ්‍යාණ මිත‍්‍ර ඇසුර සහ
සද්ධර්ම ශ‍්‍රවණය. දුක , දුක ඇතිවෙලා තියෙන හැටි, දුක
නැති තැන, නැති කරන ප‍්‍රතිපදාව කියන හතර ඔතන දී
අපිට හම්බවෙනවා. - සම්මා දිට්ඨි - මේ ඇත්ත
දැක්කහම, ඇත්ත නොදැක වැරදි දැකීම නිසා දුක ආව
හැටිත්, ඇත්ත දැක්කහම කෙලෙස් දුරු වෙලා දුක
නැතිවෙන හැටිත් කියලා දුකයි, දුකේ නිරෝධයයි දෙක
හම්බවුනා.

ඊට පස්සේ ඔය පින්වතුන්ගෙ පැත්තෙන් කාරණා දෙකක්
එකතු වෙන්න ඕන. යෝනිසෝ මනසිකාරය සහ
ධර්මානුධර්ම ප‍්‍රතිපදාව.

ධර්මානුධර්ම ප‍්‍රතිපදාව කියන්නේ ශීල, සමාධි දෙක. සිල්
සමාදන් වෙලා සමාදන් වුන ශිලය රකින්න ධර්මානුධර්ම
ප‍්‍රතිපත්තියෙන්.

ඒ කියන්නේ සමාධි නිමිත්තක් වඩනවා නම් සමථ
කමටහනක් වඩනවා නම් ඒ තමයි සිල් සමාදන් වුන
කෙනාගෙ, සිල් රකින කෙනාගෙ ප‍්‍රථම ලක්ෂණය. සිල්
සමාදන් වුනේ චිත්ත සමථයක් ඇති කරගන්න උපකාර
පිණිස. චිත්ත සමථයක් වඩන කෙනාමයි ශීලය
රකින්නෙ. මොකද හිත රකින කෙනාම කය, වචනය,
දෙක රකිනවා යන ගණයට යන නිසා. ඔවුනොවුන්ට
උපකාරීව තියෙන්නෙ. ශීලය උපකාරයි හිත වඩන්න.
හිත වැඞීම උපකාරයි සිල් රකින්න. මේ දෙක කරන
ගමන් යෝනිසෝ මනසිකාරයකින් ඉන්න වෙනවා.

මොකක්ද යෝනිසෝ මනසිකාරය කියන්නෙ? නූපන්
ආශ‍්‍රව ධර්ම නූපදවීම, උපන් ආශ‍්‍රව ධර්ම දුරු කිරීම.
ආශ‍්‍රව කියනකොට තේරෙන්නෙ නැත්නම් මෙහෙම
ගන්න. නූපන් අකුසල ධර්ම නූපදවිම, උපන් අකුසල
ධර්ම දුරු කිරීම.

භාවනා කරනවා කියලා අමාරුවෙන්, ඇස් දෙක
වහගෙන, එක තැනකට වෙලා ඉන්න  ඕන නෑ. නිදහසේ
ඉ`දිමින් හිත රැුකගෙන ඉන්න. හැබැයි එක දෙයක්
තියෙනවා. හිතින් ගතු කියන්න කලින්, කේලාම් කියන්න
කලින් ඔය පින්වතුන් ඉදිරිපත් වෙලා ඉන්න. ඒ කියන්නේ
යම් විතර්කයක් සිහිවෙනකොට උපන් අකුසලය දුරු
වෙයි නම්, නූපන් අකුසලය නූපදී නම්, උපන් කුසලය
වැඩෙයි නම්, නූපන් කුසලය උපදී නම් එබඳු ආකාරයට
සිතමින් ඉන්න උත්සාහ කරන්න හැම වෙලාවෙම.
වෙනත් විතර්කයක් ඉදිරිපත් වෙන්න පෙරම.

බුදුරජාණන් වහන්සේ අරහං, සම්මා සම්බුද්ධයි කියලා
හිතමින් ඉන්න පුළුවන්. එහෙම නැත්නම් සියලූ
සත්වයෝ නිදුක් වේවා, නිරෝගි වේවා, සුවපත් වේවා
කියලා හිතන්න. ඒකත් දිගින් දිගටම හිතන්න බැරිනම්
මේ ශරීරය හම, මස්, ලේ, නහර ආදී කූණප කොටස්
වලින් හැදුන එකක් නේද කියලා එකින් එකට මාරු
වෙමින් හෝ හිතන්න.

වෙන දෙයක් හිතට එන්න පෙර මේ විදියට කුසල
මනසිකාරයක නිතරම ඉන්න හුරුවෙන්න.

ධර්මානුධර්ම ප‍්‍රතිපත්තිය කිව්වෙ එක තැනක ඉඳගෙන
ඉන්නකොට වැඩි වෙලාවක් ඉන්න පුළුවන් සමථ
නිමිත්තක ඉන්නත් උත්සාහවත් වෙන්න.

සති නිමිත්තෙ හිත තියාගෙන ආනාපානසතිය හෝ
බුදුගුණ හෝ අසුභය හෝ මරණය වැනි කමටහනක්
අඛණ්ඩව කරන්න. නැගිටලා යනකොට වෙනත්
විතර්කයන්ට පෙර තමන් ඉදිරිපත් වෙලා උපන්
අකුසලය දුරු වෙන, නූපන් අකුසලය නූපදින උපන්
කුසල වැඩෙන, නූපන් කුසල් උපදින විදියේ කුමන හෝ
මනසිකාරයකින් ඉන්න හැමවෙලාවෙම.  ඕක උපායක්.

අද දවසෙදි උත්සාහවත් වෙලා ඔය හුරුව ඇති කරගෙන
ගෙදරදිත් ඔය විදියට ම ඉන්න. ඔය පින්වතුන් භාවනාව
කියලා කයට වෙහෙසක්, හිතට වෙහෙසක් ගන්නෙ
නැතුව ඔය උපාය - යෝනිසෝ මනසිකාරය - විතරක්
කරන්න.

බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ‘‘මහණෙනි, 
යෝනිසෝ මනසිකාරය අයෝනියෝ මනසිකාරය කියන
ධර්මතා දෙක දන්න කෙනාට දකින කෙනාට පමණක්
මම ආශ‍්‍රව ක්ෂය වීම කියමි. නොදන්නා කෙනාට,
නොදකින කෙනාට නොකියමි.’’

ඒ නිසා යෝනිසෝ මනසිකාරය, අයෝනිසෝ මනසිකාරය
කියන ධර්මතා දෙක ජීවිතේට එකතු කරගන්න. එහි
ආනිශංස ලෙස ඔය පින්වතුන් නොදැනීම, රිදුමක්
නැතිවම ස්පර්ශ ආයතන හයේ මනස බැ`දිලා තියෙන
බැඳුම් ටික ටික අඩුවෙයි.

දරුවො කියලා, ගෙවල් දොරවල් කියලා, රන් රිදී කියලා
අපේ මනස බැ`දිලා තියෙනවා නම් ඔය බැඳුම් කවදාවත්
උවමනාවෙන් හිතලා ලිහන්න බැහැ.

‘ධම්මො හවෙ රක්ඛති ධම්මචාරිං’

ධර්මය රකින්නා ධර්මයෙන් රැුකෙනවා. ඔය ගතිය අඩු
කරන්න පුළුවන්කම තියෙන්නෙ ධර්මයට මිසක අපිට
පුද්ගල භාවයෙන් අඩු කරන්න බැහැ. අපි පුද්ගල
භාවයෙන් හදාගෙනත් නැහැ. අධර්මය නිසයි  ඕක
හැදිලා තියෙන්නේ. අනාත්මයි. හේතු ඵල දහමක්,
අනාත්ම, හේතු ඵල දහමකින් හැදුන මේ සිද්ධිය පුද්ගල
භාවයකින් ලිහන්න බැහැ. ඒ නිසා ඒ ගතිය ඇති කළ
හේතුව නැති වෙන විදියට ඉන්න.

කෙනෙක් හැම වෙලාවෙම යෝනිසෝ මනසිකාරයකින්
හිටියොත් ධර්මය රැකෙනවා. ස්පර්ශ ආයතන හයේ
ඇලිලා, බැ`දිලා තියෙන ගතිය අඩුවෙනවා. ඔය
පින්වතුන්ට ඒකෙ ලොකු වාසියක් තියෙනවා. ඇස්
ඉදිරිපිටට තමන්ගෙ එකම දරුවා  මැරුණා කියන තැන
හම්බවුනත් ඉවසන්න පුළුවන්, එතන තියෙන
ධර්මතාවය දකින්න පුළුවන් කියන මනසක් ඇතිවෙන
මට්ටමකට ආවොත් තමයි මේ ශාසනේ සමාධිය. එබඳු
සමාධියක් ඇතිවුනොත් තමයි ඇත්ත ඇති හැටියෙ
දකින්නෙ. ඇත්ත ඇති හැටියෙ දැක්කොත් තමයි සියලූ
ආශ‍්‍රව ගෙවෙන්නෙ. සියලූ ආශ‍්‍රව ගෙවුන කෙනාට තමයි
මේ සංසාර සාගරෙන් එතෙර වෙන්න පුළුවන්. ඒක
පුද්ගල භාවයෙන් කරන්න බෑ. ඒක බාරදෙන්න
ධර්මයට.

අශූචි ටිකක් ඉවත් කරන්න වුනොත් අතින් ඒ වැඬේ
කරන්න යන්න එපා. ඉවත් කරනවා වෙනුවට තව තවත්
ගෑවෙන එකයි වෙන්නෙ. තමන්ගෙ අතේ නොගෑවෙන
විදියෙ වැඩ පිළිවෙලකින් තමයි ඒක කරන්න වෙන්නෙ.
ඒ වගේ කෙලෙස් ඉවත් කරන්න ඔය පින්වතුන් උත්සාහ
කරන්න එපා. ධර්මය තුළ ඉන්න. ධර්මය කෙලෙස් ඉවත්
කරයි.

මතු සම්බන්ධයි!

ලබුනෝරුව කන්ද ආරණ්‍ය සේනාසනවාසී අති පූජ්‍ය
මාන්කඩවල සුදස්සන හිමියන් විසින් පවත්වන්නට
යෙදුනා වූ ධර්ම දේශනයක් මෙසේ ලිඛිත මාධ්‍යයෙන්,
කොටස් වශයෙන් පල කිරීමකි. දේශන විලාශයේ එන
හඬ හැසුරුම් කියවීමේ දී හමු නොවන බැවින් ගැටළු
සහගත තැන් හමුවිය හැකිය. එහෙත් මෙයින් ලබාගත
හැකි ධර්මාවබෝධය අති විශාල බැවින් ප‍්‍රවේශමෙන්
කියවා තේරුම් ගන්නට උත්සාහ කරන මෙන්
කාරුණිකව ඉල්ලමු.

Post a Comment

0 Comments