සබ්බ දුක්ඛා පමුච්චති : 7
● ප‍්‍රශ්නය: ඇසට පෙනෙන වර්ණ සටහන, උපාදාය
රූපය කණ්ණාඩියේ හැදෙන ප‍්‍රතිබිම්බය සේ මිරිඟුවක්
නම් එය බාහිරයි යන පැනවීමක් කරන්න බැහැ නේද?
දැන් මටත් ප‍්‍රශ්නයක් අහන්න වෙනවා. ඇයි එහෙම
පැනවීමක් කරන්න බැරි? හොඳයි, හොඳයි ශ‍්‍රද්ධාවෙන්
එහෙයි කියලා පිළිගන්නෙ නැතුව මෙහෙම තර්ක මතු
කරන එක හොඳයි. ඇහැට පෙනෙන වර්ණ සටහන
මහා භූතවලට අයිති නැති වෙන්න පුළුවන්. ඇහැටත්
අයිති නැති වෙන්න පුළුවන්. නමුත් ඇහැත් මහා භූතත්
තියෙන තැනක ඔසොවලා දෙන රූපය ඇහැට
සාපේක්ෂව බාහිර නැද්ද?
හැම වෙලාවෙම ආධ්‍යාත්මික බාහිර කියලා
පුද්ගලයෙක්ට සාපේක්ෂව බෙදන්න එපා. පුද්ගලයෙක්ට
සාපේක්ෂව බෙදනවා නම් අපි යථාර්ථයෙන් ඉවත් වෙලා
පුද්ගල භාවයෙන්ම කතා කළ යුතුයි. පුද්ගල භාවයෙන්
කතාකරනවා නම් මේ කයත් බාහිරයි කියලා
ගත්තහැකි අපිට. ශබ්දයත් බාහිරයි කියන්න පුළුවන්.
කය ආධ්‍යාත්මිකයි කියලත් ගන්න පුළුවන්. මගේ
ශබ්දය ආධ්‍යාත්මිකයි කියන්නත් පුළුවන්.
නමුත් යථාර්ථයකින් ගත්තහම හැම වෙලාවෙම ඇහැට
සාපේක්ෂවයි රූපය බාහිර වෙලා තියෙන්නෙ. එහෙම
නැතුව එතන ඇති කමකින් පෙන්නන්න හදන සිද්ධියක්
හෝ එහෙම දෙයක් එතන නෑ කියන්න හෝ හදන
සිද්ධියක් නෙවෙයි.
බෑ.
ඇහැ තිබුනට අපිට ඕනෙ සටහනක් ඇහෙන් බලන්න
පුළුවන් ද? බෑ. මහා භූත විතරක් තිබුනොත් අපිට ඕන
සටහන හදලා ගන්න පුළුවන්ද?
ධාතු නානත්වය කියලා එකක් තියෙනවා. අවකාශ
ධාතුවෙ සතර මහා
ධාතුව රාශි වෙලා තියෙන ආකාරයත් ඕන. මේ ඇහැත්
ඕන. ඇහෙන් බැලූවහම මහා භූත නිසා පෙනෙනවා.
හොඳ තර්කයක් ඒ ප‍්‍රශ්නෙ තියෙන්නෙ. කණ්ණාඩියෙ
ඡුායාව ගත්තොත් ඒක කණ්ණාඩිය ඉදිරියෙන් ඉන්න
කෙනාට අයිතිත් නැහැ.
කණ්ණාඩියට අයිතිත් නැහැ. හැබැයි හොඳට මතක
තියාගන්න ඕන. කණ්නාඩිය ඇසුරු කරගෙනයි
පවතින්නෙ. කණ්ණාඩිය නැතුව කවදාවත් ඡුායාව පතිත
වෙන්නෙ නෑ. ඒ නිසා මහා භූත ඇසුරු කරගෙනමයි
පවතින්නෙ. ඒකයි එක හැඩයක් බලන්න සමහර විට
සැතපුම් සිය දහස් ගණනක් යන්න වෙන්නෙ. දුව
බලන්න යනවා, පුතා බලන්න යනවා, අම්මා බලන්න
යනවා කියලා අපිට යන්න වෙන්නෙ කුමක් නිසා ද? ඒ
හැඩය චිත්ත චෛතසිකවලට හෝ ඇහැට විතරක්
අයිිති නම් මෙතන ඉඳලම අම්මා සිහි කළා, මවා ගත්තා,
බැලූවා ඉවරයි. නමුත් එහෙම බෑ.
මහා භූත තියෙන්නත් ඕන. චිත්ත චෛතසික
තියෙන්නත් ඕන. ඒ කියන්නෙ ඇහැ තියෙනවා කිව්වම
ඇති. එතනින් අදහස් වෙනවා විඤ්ඤාණ,නාම රූප
සලායතන වෙලා තියෙන්නෙ කියලා. මේ සම්බන්ධය
එක දිගටම තියෙනවා. රූපය එනකොට සලායතන
පච්චයා ඵස්ස කියන එක පනවන්න විතරයි තියෙන්නෙ.
සවිඥානක ඇහැට කෙලින්ම මේ රූපය හම්බවෙන්නෙ.
මහා භූත තියෙන තැනක, අවස්ථාවට ඇහෙන්ම රූපෙ
හදලා ඒ ඇහැට ගැටිලා මේ තියෙන්නෙ. වේගවත්කම
නිසා අපිට තේරෙන්නෙ නැහැ. තියෙන රූපයක් ඇහැට
ගැටෙනවා නෙවෙයි කවදාවත්.
ඇහැ කරන්නෙ ඉන්ද්‍රිය කෘත්‍යය. ඉන්ද්‍රිය කියන්නෙ
ප‍්‍රධානයි. සතර මහා ධාතුව තියෙන තැනක ඇහෙන්ම
වර්ණ සටහන් උදුරලා අරගෙන රූපයක් හදලා, ඒ රූපය
ප‍්‍රසාදයට ගැටිලා තියෙන්නෙ. විදුලි බල්බයක් වැඩ
දෙකක් කරනවා. හොඳටම කළුවර වෙලාවකට බල්බ්
එකක් තියෙන බවවත් අපිට පේන්නෙ නැහැනෙ. නමුත්
බල්බ් එක දැල්වුවොත් ඒ ආලෝකයෙන්ම අපිට බල්බ්
එක දකින්න පුළුවන්. එයාගෙම ආලෝකයෙන් එයාවම
පේන්න සලස්වලා තියෙනවා. ඒ වගේ මේ ඇහෙන්ම රූප
හදලා ඇහැටම ගැටෙන්න සලස්වලා මේ තියෙන්නෙ.
රූපය හැදෙන්නෙ අවිද්‍යා, කර්ම, තණ්හා, ආහාරයෙන්.
පංච උපාදානස්කන්ධයේ , රූප උපාදානස්කන්ධය
හැදෙන්න ඔය ප‍්‍රත්‍ය පහ කියන්නම වෙනවා. එතකොට
ඇහැට පෙනෙන රූපය, වර්ණ සටහන පංච
උපාදානස්කන්ධයේ රූප උපාදානස්කන්ධයට අයිතිද
නැද්ද? අයිතියි. ආධ්‍යාත්මික රූපත්, බාහිර රූපත්,
ඔක්කොම රූප උපාදානස්කන්ධයට අයිතියි. එහෙනම්
මේ බාහිර වර්ණ රූපය හැදිලා තියෙන්නෙත් අවිද්‍යා,
කර්ම, තණ්හා, ආහාරයන්ගෙන්.
ඔන්න හොඳට හිතන්න ඕන තැනක්. ඇයි රූපය අවිද්‍යා,
කර්ම, තණ්හා, ආහාරයන්ගෙන් හැදුනා කියන්නෙ. බුදු
රජාණන් වහන්සේ දේශනා කරනවා. ‘‘ලෝකය,
ලෝකයේ ඇතිවීම, ලෝකයේ නැතිවීම, ලෝකය නැති
කරන ප‍්‍රතිපදාව බඹයක් පමණ ශරීරයෙන් පනවමි.’’
ඊට පස්සෙ ලෝකය කියන්නෙ මොකක්ද කියලා
ඇහුවහම ඇහැ ලෝකයයි, රූපය ලෝකයයි, චක්ඛු
විඤ්ඤාණය ලෝකයයි. කන ලෝකයයි, ශබ්දය
ලෝකයයි සෝත විඤ්ඤාණය ලෝකයයි.
ඇහැ බඹයක් පමණ ශරීරයෙන් කියලා කිව්වම කිසි
තර්කයක් නැහැ අපි පිළිගන්නවා. ඒත් රූපය බඹයක්
පමණ ශරීරයට අයිතියි කිව්වොත් පිළිගන්නවද?
තර්කයක්, ඔය පින්වතුන් හරියටම ලෝකය බඹයක්
පමණ ශරීරයෙන් දැක්ක දවසට ආශ‍්‍රව නැති මට්ටමට
එන්න පුළුවන්. බාහිර ලෝකයක් ඉතුරු වෙන්නෙ නැහැ.
රූපය අවිද්‍යා, කර්ම, තණ්හා, ආහාරයන්ගෙන් හැදුනා
කියන්නෙ ඇයි. වෙන කිසිවක් නිසා නෙවෙයි. ඇහැ
හැදිලා තියෙන්නෙ අවිද්‍යා, කර්ම_, තණ්හා,
ආහාරයන්ගෙන් නිසා. ඇහෙන් නම් මෙබඳු වර්ණ
සටහනක් හදලා පෙන්නන්නේ, රූපයට පෙන්නන්න
තියෙන ප‍්‍රත්‍යයත්, ඇහැ හැදුන ප‍්‍රත්‍යමයි.
මම රතුපාට කණ්ණාඩියක් දාගෙන අර බිත්තිය දිහා
බැලූවොත් බිත්තිය රතු පාටට පෙනෙයි. බිත්තිය රතු
පාට වෙන්න හේතුව ඇහුවොත් කියන්න වෙන්නෙ
කණ්ණාඩිය කියලයි. කණ්ණාඩිය නැතුව බිත්තිය
රතුපාට වුන හේතුවක් පෙනෙන්න සලස්වලා නෙමෙයිද
තියෙන්නෙ. ඇහෙන්ම හදලා වුනත්, ඇහැට ගැටෙන
මට්ටමක තියෙන හින්දා බාහිරයි කියලත් කියන්න
වෙනවා.
රතුපාට බාහිරයි කියන්න වෙනවා ඇහැට සාපේක්ෂව.
හැබැයි ඒක බිත්තිය නිසා පවතිනවා මිසක බිත්තිය
නෙවෙයි. මහා භූත නිසා පවතිනවා කියන්න පුළුවන්.
මහා භූත කියන්න බෑ. මොකද බිත්තියවත්
නොතිබුනානම් රතුපාට පතිත වෙලා තියෙන්න තැනක්
නැහැනෙ. නමුත් ඒ රතුපාට, බිත්තිය නිසා කියන්න
වෙනවා. බිත්තිය කියන්න බැහැ.
ඒ රතුපාට ඇහැට සාපේක්ෂව බාහිරයි. බිත්තිය නිසා
කියන්නෙ, උපාදායයි. බිත්තිය ඇසුරු කරගෙන
තියෙනවා, බිත්තිය නෙවෙයි. බිත්තිය රතුපාට වෙන්න
හේතුව ඇහුවොත් ප්ලාස්ටික් රාමුව, රතුපාට වීදුරු
කෑල්ල වගේ
හේතු ටිකක් තමයි කියන්න වෙන්නෙ. එහෙම මේ
පැත්තෙන් තියෙන දෙයක් විස්තර කරනකොට මොකද
මේ කියලා හිතෙයි. අහන්නෙ එකක්. කියන්නෙ වෙන
එකක්. ඒ වගේ, තියෙන්නෙ වර්ණ සටහනක්. නමුත්
කියන්නෙ අවිද්‍යා, කර්ම, තණ්හා, ආහාර කියලා.
එතකොට පුදුමයක් වගේ. මේ ප්ලාස්ටික් කෑල්ලත්
කර්මයෙන්ද හැදුනෙ. තණ්හාවටද හැදුනෙ මේකත්
කියලා හිතෙයි. නමුත් මෙතන මහා භූත ගැන නෙමෙයි
මේ කතා කරන්නෙ. මේක බොහොම සියුම්
සිද්ධාන්තයක්. ඒකයි දර්ශනයක් කියලා කියන්නෙ.
දැකීම් මාත‍්‍රයකට ලෝකය උපදින්නෙ. ඇසීම් මාත‍්‍රයකට
ලෝකය උපදින්නෙ. ලෝකය කියන එක, පිහිටි එකක්
නෙවෙයි. තියෙන එකක් නෙවෙයි.
‘යං කිංචි සමුදය ධම්මං සබ්බංතං නිරෝධ ධම්මං’
අවස්ථාවට හටගෙන නැතිවෙනවා.
කණ්ණාඩියෙන් බලනකම් රතුපාටට පෙනෙයි.
කණ්ණාඩියත්
ගැලෙව්වොත් හෝ අහක බැලූවොත් නැතිවෙනවා. අපි
පැත්තකට ගිහිනුත් රතුපාට බිත්තියක් ගැනම හිත හිතා
ඉන්නවා. අපි එහෙම හිතන වෙලාවටත් එතන
තියෙන්නෙ වෙනත් පාටක එකක් වෙන්න ඇති.
‘කහ පාට එකක්ද, රතු පාට එකක්ද තියෙන්නෙ බලමු.’
කියලා නැවත රතුපාට කණ්ණාඩිය දාලා බැලූවොත්
ආයෙත් පේනවා රතුපාටින්. රතු පාට බිත්තියක්නෙ
තියෙන්නෙ කියලා හිතාගෙන ආපයු යනවා.
කණ්ණාඩියෙ අත්දැකීමෙන් තොරව පවතින ඇත්ත ගැන
හිතන්න අපිට හැකියාවක් නැහැ. කණ්ණාඩිය
ඈඳගන්නෙ නැතිව ඒක දෘෂ්ටි වශයෙන් ගන්නෙ නැතිව
පවතින ස්වභාවය සිහිකළොත් අපිට හම්බවෙයි,
බිත්තිය කියන එක හැදිලා තියෙන්නෙ කොහොමද
බිත්තිය කියන එකට ආවේණික වර්ණය මොකක්ද
කියලා. ඇහෙන් බලලා ගන්න බැහැ. නුවණට වැටහෙයි.
එහෙම අවබෝධයක් ඇතිව බලද්දිත් පේන්නේ රතුපාට
තමයි. නමුත් රතු පාටට පෙනෙද්දිත්. පවතින ඇත්ත
දකිනවා. රතු පාටට පෙනෙන තැන හැදිලා තියෙන්නෙ
ගඩොල්, වැලි, සිමෙන්ති වලින්. පැත්තකට ගියාමත් සිහි
කරන්නෙ රතු පාට නෙමෙයි ගඩොල්, වැලි, සිමෙන්ති
කියලා නුවණින් දන්න දේ. නැවත සිහි කරගන්න විදියෙ
නිමිති හිටින්න බැහැ. නිමිති හිටියොත් කර්මයක්
වෙනවාමයි. ප‍්‍රඥාවටම විතරයි.
රතුපාට කණ්ණාඩියකින් බැලූවා වගේ,කර්මජ ඇහෙන්
මේ බලන්න වෙලා තියෙන්නෙ. ඇහෙන් බලනකොට
හැඩ සටහනක් හදලා පෙන්නනවාමයි. ඒ පෙන්නන
හැඩ සටහන පතිත වෙලා තියෙන්නෙ පඨවි,
ආපෝ, තේජෝ, වායෝ සතර මහා ධාතුව තියෙන
තැනක. හැබැයි සතර මහා ධාතුව නෙවෙයි. ඒ නිසා
උපාදායයි. මහා භූත ඇසුරු කරගෙන තියෙන චිත‍්‍රයක්.
අවිද්‍යා, කර්ම, තණ්හා, ආහාර, ප‍්‍රත්‍යයමයි, රූපයටත්
හේතු වෙන්නෙ. අපි ඉවතට යනකොට රතුපාට පෙනුනෙ
නෑ වගේ පෙනෙන සටහන් නෑ යථාර්ථයට.
නමුත් ඒ යථාර්ථයට හිත තියන්න අපිට හැකියාවක්
නැහැ තවම. ඒ නිසයි කියන්නෙ යථාභූත ඥාන දර්ශනය
නැහැ කියලා. අපි තවම ලෝකය කියලා කියන්නෙ
විඤ්ඤාණයෙ අත්දැකීමට. භාවනා කරනවා කියන්නෙ
අනුක‍්‍රමයෙන්, අනුක‍්‍රමයෙන් මේ ස්පර්ශ ආයතනය
අතහැරලා පවතින ඇත්ත හසුකර ගැනීමට උත්සාහ
කිරීම. ඒ කියන්නෙ කණ්ණාඩියෙ අත්දැකීමෙන් තොරව
නුවණැසකින් බලන එක.
එබඳු අත්දැකීමක් මුලින්ම ලැබුවෙ බුදුරජාණන්
වහන්සේ. ඒ අත්දැකීම උන්වහන්සේ දේශනා කළා
කණ්ණාඩියෙන් බලන අපිට. ඒත් අපි බලන්නෙම
කණ්ණාඩියෙන් නිසා අපිට හිතෙන්නෙම පෙනෙන දේ
ඇත්ත වගේ.
ආධ්‍යාත්මික කියන ඇහැ පැත්තටත් අයිති නැතුව, මහා
භූතයන්ටත් අයිති නැතුව පහළ වුන නිසා රූපය
ජීවිතේට අයිති සිද්ධියක් නෙවෙයි කියලයි ඔය
පින්වතුන්ට හිතෙන්නෙ. නමුත් රූපය මේ ප‍්‍රසාද නිසාම
ඔසොවලා පෙන්නන එකක්. ඒක බාහිරයි කියන්නෙ
ඇහැට සාපේක්ෂව. ප‍්‍රසාදය හැදෙන්නෙ කර්මයට අනුව.
කර්මය රළු වෙනකොට ප‍්‍රසාදය රළුයි. කර්මය සියුම්
වෙනකොට ප‍්‍රසාදය සියුම්. එබඳු ප‍්‍රසාදයට රූපයක්
හදලා ඒ මට්ටමට වි`දින්න සලස්වලා තියෙන්නෙ.
හිත තව ටිකක් සියුම් වෙනකොට, හිතේ තියෙන
චෛතසික සුමට වෙනකොට, සුඛුම වෙනකොට ප‍්‍රසාදත්
සුමටයි, සුඛුමයි, එතකොට ලැබෙන රූපත් සියුම්. දැනුත්
මේ අවකාශයෙ රූප කලාප ඕන තරම් ඇති. නමුත්
අපිට පේන්නෙ නෑ. අපිට ඒ මට්ටමට ඇහැක් නැති නිසා.
ඔය පින්වතුන් හිත තැබුවොත් මේ ඇහැ ඉතා සියුම්
වෙනවා. එදාට ඒ ඇහැට මේ අවකාශයෙ තියෙන රූප
පෙනෙයි. එතකොට වැටහෙයි ඇහෙන්ම රූපහදලා
අපිට පෙන්නනවා මිසක ඊට මෙහා ‘රූප තියෙනවා,
අපිට පෙනෙන්නෙ නෑ’ කියන දර්ශනය අයිති නෑ. ඒ
කෙලෙස් නැති තැන කෙලෙස් ඉපැද්දීමක්. ඇයි ඒ? අපිට
නොපෙනෙන දෙයක් කොහොමද මිම්මට ගන්නෙ.
ලෝකේ සාපේක්ෂතාවක් තියෙනවනෙ. උඩට
සාපේක්ෂව යට. උතුරට සාපේක්ෂව දකුණ.
නැගෙනහිරට සාපේක්ෂව බටහිර. ඔය විදියට
ප‍්‍රතිවිරුද්ධ ධර්මතා තියෙනවනේ. පහන් දැල්ල
පත්තුවීමට සාපේක්ෂවයි නිවීම නිවීමට
කුමක් සාපේක්ෂ ද? නිවීමට සාපේක්ෂයි පත්තුවීම
කිව්වොත් වැරදියි. නිවීමට කොහෙද සාපේක්ෂයක්.
සමුදයට සාපේක්ෂයක් තියෙන්න පුළුවන්. නිරෝධයට
සාපේක්ෂයක් නෑ. ඇති දේකට සාපේක්ෂව නැති දෙයක්
තියෙන්න පුළුවන්. නැති දේකට සාපේක්ෂයක්
තියෙනවද? ඒ වගේ සිද්ධියක් මේ
තියෙන්නෙ. අපිට ආයතනයන්ට සාපේක්ෂව කතා
කරන්න පුළුවන්. නමුත් නොපෙනෙන දේ අරබයා ‘රූප
තියෙනවා. නමුත් අපිට නොපෙනෙනවා’ කියලා ගන්න
බැහැ.
ඇයි ඒ?
‘රූප තියෙනවා’ කියන නිගමනයට අපි ඇවිල්ලා
තියෙන්නෙත් අද අපිට පේන්න තියෙන රූපයකට
සාපේක්ෂව කතා කරන සිද්ධියකින් මිසක අපිට තියෙන
අත්දැකීමකින් නෙවෙයි. අද අපිට ඇහැට පෙනෙන රූපය
පිළිබඳව තියෙන අත්දැකීම නොවුනා නම් රූපයකට
සාපේක්ෂව කතා කිරීමක් නෑ. අපි කතා කරලා
තියෙන්නෙ රූපයට සාපේක්ෂව මිසක ඇහැට
සාපේක්ෂව නොවන නිසා.
සැරියුත් මහ රහතන් වහන්සේගෙන් කොට්ඨිත මහ
රහතන් වහන්සේ අහනවා, ‘‘ස්පර්ශ ආයතන හයම
නැතිවුනොත් මොනවද තියෙන්නේ.’’ කියලා. දැන් අපි
කතා කළේ ඇහැ නිසා නම් රූප උපද්දලා පෙන්නන්නේ
ඇහැ නැති වුනොත් රූප කියලා එකක් ගැන අපි මුකුත්
දන්නෙත් නැත්නම් ‘රූප
තියෙනවා, පේන්නෙ නෑ’ කියලා හෝ ‘රූප තියෙනවා
පෙනන ඒවට වඩා ලොකුයි’ කියලා හෝ මේ රූපය මුල්
කාරණාව කරගෙන උඩට, පහළට, සියුම්ව, උසස්ව අපිට
යන්න කාරණා නැහැ.
කන නිසාම නම් ශබ්ද හදලා ඇහෙන්න සලස්වලා
තියෙන්නෙ. උපන්න දවසෙ ඉඳලම කන නැත්නම්,
ශබ්දය කියලා එකක් අපේ ජීවිතේට ලැබෙන්නෙ නැහැ.
ඕවගේ ස්පර්ශ ආයතන හයම නැතිවුනොත් හිතාගන්න
පරිසරයක් අපිට ලැබෙන්නෙම නැහැ.
කොට්ඨිත මහ රහතන් වහන්සේගේ ප‍්‍රශ්නයට සැරියුත්
මහ රහතන් වහන්සේ පිළිතුරු දෙනවා,
‘‘කෙලෙස් නැති තැන කෙලෙස් උපද්දන්න එපා’’ කියලා.
ස්පර්ශ ආයතන හයම නිරවශේෂයෙන් නිරුද්ධ නම්
මොකක්ද තියෙන්නෙ කියලා අහන්න සුදුසුද?
අර නිරෝධයට අහපු ප‍්‍රශ්නෙ ඔය තියෙන්නෙ. නිවීමට
කුමක් සාපේක්ෂද කියන ප‍්‍රශ්නෙයි, ස්පර්ශ ආයතන
හයම නැත්නම් කුමක්ද තියෙන්නෙ කියන ප‍්‍රශ්නෙයි
අතර වෙනසක් නැහැ. කුමක් ද තියෙන්නෙ කියන
ප‍්‍රශ්නය ආවෙ කුමකට සාපේක්ෂවද?
ආධ්‍යාත්මික ආයතන නිසයි ලෝකය උපද්දලා
තියෙන්නෙ කියන තැනකින් ඔය පින්වතුන්ට දකින්න
පුළුවන් නම් ඉබේමයි ජීවිතේ සම්පාදනය කරලා
තියෙන්නෙ සමුදය ස්වභාවකොට ඇති හැම දෙයක්ම
නිරුද්ධ වන ස්වභාවයෙන් යුක්තයි කියන ඥාන දර්ශනය
ජීවිතේ වෙත තැන.
කණ්ණාඩිය ඉදිරියට ගිය නිසයි ඡුායාව පෙනුනෙ
කියන දැනුම තියෙනවා නම් ඉවතට යනකොට ඡුායාව
නැතිවෙනවා කියලා අමුතුවෙන් හිතන්න ඕන නෑ.
නුවණ අපේ ජීවිතේ වෙලා.
යම් වස්තුවක් පෙනෙනකොට ඇහෙන් බලන නිසයි
මෙහෙම රූපයක් පෙනෙන්නෙ කියන තැනට අද අපිට
නුවණ නැති නිසයි හිත හිතා ගන්න වෙලා තියෙන්නෙ.
මේ ප‍්‍රතිපදාව වැඩිලා ඉවරවෙලා, මේක ඥාන දර්ශනය
වෙලා තිබුනා නම් එයින් ලැබෙන ප‍්‍රතිඵල ටිකක්
තියෙනවා. මොනවද ඒ? ඉදිරියෙන් තියෙන රූපය ගන්න
හදන්නෙ නෑ. ඒ රූපයට බනින්නෙ නෑ. ගහන්න යන්නෙ
නෑ. සම්පූර්ණයෙන් ම අත පය බැඳලා තියෙනවා වගේ
රූපායතනය අරබයා හිටි පිළිමයක් වගේ ඉන්න
පුළුවන්කමක් නිර්මාණය කරලා ඇති යථාර්ථය.
ඇලෙන්නෙ නෑ. බැඳෙන්නෙ නෑ. ගැටෙන්නෙ නෑ.
රැුවටෙන්නෙ නෑ.
ලෝකෙ කොහොල්ලැ බබාට ගහනවා වගේ ගහද්දි,
මෙයා ඒ සම්බන්ධව කිසිම ප‍්‍රතිකි‍්‍රයාවක් නොදක්වන
මට්ටමේ ජීවිතයක් හදලා ඇති. එදාට හිත හිතා ඉන්නවා
නෙවෙයි. ඒ විදියට ජීවත් කරවනවා. පැත්තකට ගියාම
ඉතුරු නෑ කියන එක, ධාතු නානත්වය නිසා අවස්ථාවට
හැදිලයි පෙනෙන්නෙ කියන එක දන්නවා.
අද වෙලා තියෙන සිද්ධිය, ඇත්ත නොදැක, කෙලෙස්
යෙදෙන කොට කෙලෙස් වලින් වැඩක් කරවලා
තියෙන්නෙ. කෙලෙස් කියන ටික අපි හිත හිතා ඉන්නෙ
නැහැනෙ. තණ්හාව එන්න ඕන, පටිඝය එන්න ඕන,
මෝහය ඇති කරගන්න ඕන කිය කියා කරන්නෙ
නැහැනෙ. ඇස් ඉදිරිපිටට එනකොටම කෙලෙස් වලින්
වැඩක් කරවලා තියෙයි. එක්කො ඒක ගන්න හදනවා,
එක්කො ගහනවා, එක්කො බනිනවා, මේ වගේ පෙනෙන
දේ එක්ක ගණුදෙනු කරවන සිද්ධියක් කරවලා තියෙයි
කෙලෙස් වලින්.
පෙනෙනවා කියන තැන තියෙන ඇත්තම ඇත්ත
දැක්කම පෙනෙන දේ එක්ක තියෙන ගණුදෙනුව නතර
වෙනවා. පෙනෙන දේ අරබයා හිතනවා, කියනවා,
කරනවා. කියන සිද්ධි ටිකයි අපිට කර්මය වෙන්නෙ.
ඇහෙන දේත් එහෙමයි. මෝඩකම ජීවිතේ වුනහම ඒක
රාග, ද්වේශ, මෝහ කියලා සිතිවිලි නෙවෙයි, අපිව
හිනස්සවලා, අ`ඩවලා, කෑගස්සවලා තියෙයි.
කෙලෙස්වලින් ස්පර්ශ ආයතන හය බෝලයක්
කරකවනවා වගේ කරකවලා තියෙන්නෙ.
නුවණ ජීවිතේ වුනහම මහා මේරු පර්වතයක් හුළෙඟන්
හෙල්ලෙන්නෙ නෑ වගේ අකම්ප්‍ය මනසක් හැදිලා.
අටලෝ දහමින් කම්පා වෙන්නෙ නෑ. පෙනෙන දේ
අරබයා හිතන්න, කියන්න, කරන්න යන්නෙ නෑ. හිතනවා
නම්, කියනවා නම්, කරනවා නම් සම්මා දිට්ඨි, සම්මා
සංකප්ප.
පෙනෙන රූපයෙ ඇත්ත දන්නවා. තමන්ම හිතලයි
කියන්නෙ, කරන්නෙ කියන එක දැනගෙනම හිතනවා,
කියනවා, කරනවා. පෙනෙන දේට හිතනවා කියනවා,
කරනවා නම් අවිද්‍යා පච්චයා සංඛාරා. අවිද්‍යා සහගත
සිතීම්, කීම්, කිරීම්.
බුදුරජාණන් වහන්සේ කවදාවත් දේශනා කරලා නැහැ
රූප පච්චයා සංඛාරා, ශබ්ද පච්චයා සංඛාරා කියලා.
අවිද්‍යා පච්චයා සංඛාරා කියලයි දේශනා කරලා
තියෙන්නෙ. පෙනෙන දේ ඇත්ත නොදන්නාකම නිසා
තමන් තුළින් සිතීම්, කීම්, කිරීම් කරන බව.
ස්පර්ශ ආයතන හය නිසයි ලෝකය උපද්දලා
පෙන්නන්නෙ කියන කාරණාව නිසයි, බඹයක් පමණ
ශරීරයෙන් ලෝකය පනවමි කියලා දේශනා කළේ. ඇහැ,
චක්ඛු විඤ්ඤාණය හැදෙන්න හේතු වුන අවිද්‍යා, කර්ම,
තණ්හා, ආහාර, නිබ්බත්ති ලක්ෂණ නොදැකීම කියන
ධර්මතා පහමයි රූපය හැදෙන්නත් හේතු වුනේ. එකම
ධර්මතාව.
ඇහෙන් රූපයක් හදලා පෙන්නනකොට මේ දෙන්නා
මැද්දෙ අද අපි ඉන්නෙ කෙලේසයකට. එකම සංසිද්ධිය
ස්පර්ශය නිසා රූපය පෙනෙනවා. තමන් සහ අනුන්
කියලා බෙදීමක් කරන්න බැහැ. අපිට ආධ්‍යාත්මික
කියන වස්තු කවදාවත් හම්බවෙලා නැහැ.
කෙලේසයකටයි හැමදාම හම්බවෙන්නෙ. ආධ්‍යාත්මික
වස්තු ජීවිතය වෙලා තියෙන්නෙ. අපිට නිමිති නැහැ. ඒක
තේරුම් ගන්න ඕන.
පෙනෙන වර්ණ සටහන තුළ අපි ආධ්‍යාත්මික, බාහිර
බෙදාගෙන තියෙනවා. වර්ණ සටහන පිරිසිඳ දැක්කහම,
ආධ්‍යාත්මික බාහිර කියලා බෙදන්න බැරි, නමුත් රූපය
කියන එකට ඇතිවෙන්න හේතු වෙන ධර්මතාවයක්
තියෙනවා. අද අපිට ආධ්‍යාත්මික බාහිර බෙදීම
ලැබෙන්නෙ පුද්ගලයෙකුට සාපේක්ෂව. නමුත්
ආධ්‍යාත්මික බාහිර කියන ධර්මතාවය තියෙන්නෙ
ධර්මයට සාපේක්ෂව. ඒක අපි වගේ ගුටිකන කයක්
ඉතුරු වෙන විදියෙ ආධ්‍යාත්මික බාහිර කෙලේසයක්
නෙවෙයි.
‘චක්ඛුං අජ්ඣත්්තං වවත්ථෙති රූපං බහිද්ධා
වවත්ථෙති’ කියන මේ ටික ජීවිතේන්ද්‍රිය.
හැමවෙලාවෙම කර්මජ රූප ජීවිතේන්ද්‍රිය කෘත්‍යය
කරනවා. එහි පිහිටලා තමයි අපිට මේ බාහිර රූපය
උපද්දලා පෙන්නන්නෙ. අපිට බාහිරයක් ගැන කතා
කරන්න වෙන්නෙ ආධ්‍යාත්මික කියන සංයෝජනයක්
තියෙන නිසා. යම් දවසක දී ඉඳගෙන, හිටගෙන,
නිදාගෙන, ඇවිදින හතර ඉරියව්වක් පරිහරණය කරන
මම නැත්නම් කය කියන මිම්ම අත හැරුනොත්, එදාට
පෙනෙන දේ පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුවම
නැතිවෙනවා මිසක පෙනෙන දේ බාහිරයි නේද ඒක
පෙනුන ඇහැ ආධ්‍යාත්මිකයි නේද කියලාවත් හිතන්න
ඕන නැහැ.
ආධ්‍යාත්මික කියලා එකක් නැත්නම් බාහිර කතාවකුත්
නැහැ. බාහිර කියලා එකක් නැත්නම් ආධ්‍යාත්මික
කතාවකුත් නැහැ. ආධ්‍යාත්මිකයි කියන තාක් බාහිරය
තියෙනවා. ආධ්‍යාත්මික කිව්වෙම බාහිර නෙවෙයි
කියලා පෙන්නන්න. බාහිර කිව්වෙ ආධ්‍යාත්මික
නෙවෙයි කියලා පෙන්නන්න. අපි තේරුම් ගන්න ඕන
කෙළවරට ගියාම ආධ්‍යාත්මික, බාහිර දෙකෙන්ම
මිදෙනවා. එතකොට මේක දර්ශනයක්. සමුදය ස්වභාව
කොට ඇති හැම දෙයක්ම නිරුද්ධ වෙනවා නේද කියලා
පෙනෙනවා මිසක, ආධ්‍යාත්මික ද බාහිර ද කියන
තැනකින් නෙවෙයි දර්ශනය තියෙන්නෙ.
මේ ආධ්‍යාත්මික බාහිර බෙදන්න පුළුවන් මානසික
ස්වභාවය තියෙන්නෙ කාම භූමියෙ මට්ටමේ
කෙලේසයකින්. අමුතුවෙන් කෙනෙක් විදර්ශනා කරන්න
ඕනෙත් නැහැ. සමථ කමටහනක් වැඩුවා නම් මේ
ආධ්‍යාත්මික බාහිර භේදය අතහැරනෙවා. සමථයකින්
පුළුවන් ඕදාරික මට්ටමේ සංයෝජන දුරු කරන්න.
අනුසය නැති නොවෙන එක විතරයි තියෙන්නෙ.
මතු සම්බන්ධයි!
ලබුනෝරුව කන්ද ආරණ්‍ය සේනාසනවාසී අති පූජ්‍ය
මාන්කඩවල සුදස්සන හිමියන් විසින් පවත්වන්නට
යෙදුනා වූ ධර්ම දේශනයක් මෙසේ ලිඛිත මාධ්‍යයෙන්,
කොටස් වශයෙන් පල කිරීමකි. දේශන විලාශයේ එන
හඬ හැසුරුම් කියවීමේ දී හමු නොවන බැවින් ගැටළු
සහගත තැන් හමුවිය හැකිය. එහෙත් මෙයින් ලබාගත
හැකි ධර්මාවබෝධය අති විශාල බැවින් ප‍්‍රවේශමෙන්
කියවා තේරුම් ගන්නට උත්සාහ කරන මෙන්
කාරුණිකව ඉල්ලමු.
0 Comments