● ප‍්‍රශ්නය: පංච ස්කන්ධය සහ පංච උපාදානස්කන්ධ
අතර වෙනස පැහැදිලි කරන්න. ආර්ය අෂ්ඨාංගික
මාර්ගයේ පරියායෙන් සෝපදිශේෂ නිබ්බානය අවබෝධ
කළාම සෝපදිශේෂ නිබ්බානය හා අනුපදිශේෂ
නිබ්බානය අතර පරියාය, නිෂ්පරියාය කුමක් ද?
එහෙම පරියාය, නිෂ්පරියාය කියලා දෙකක් තියෙනවද?
සෝපදිශේෂ නිබ්බාන සහ අනුපදිශේෂ නිබ්බාන කියන
තැන පරියාය, නිෂ්පරියාය කියලා එකක් නැහැ.
පරියාය කියන්නෙ එක එක ක‍්‍රමවලට. නිෂ්පරියාය
කියන්නෙ එක එක ක‍්‍රමවලට පෙන්නන්නෙ නැතුව
පොදුවේ. මනුෂ්‍යයො මැරෙනවා කිව්වම පරියායක්. ඔය
පින්වතුන්ට දැන් අහන්න පුළුවන්, ‘‘ස්වාමීන් වහන්ස,
දෙවියොත් මැරෙනවද?’’
‘‘ඔව්, දෙවියොත් මැරෙනවා’’ කිව්වම පරියායක්, ආයෙ
අහන්න පුළුවන් බ‍්‍රහ්මයොත් මැරෙනවද?
‘‘ඔව්, බ‍්‍රහ්මයොත් මැරෙනව.’’ මම කිව්වොත් සියලූ
සත්වයෝ මැරෙනවා කියලා නිෂ්පරියායක්. එතකොට
ආයෙ අහන්න ඕන නෑ. දෙවියො, බ‍්‍රහ්මයො ගැන
මනුෂ්‍යයො ගැන.
සෝපදිශේෂ නිබ්බාන සහ අනුපදිශේෂ නිබ්බාන කියන
දෙකේ පරියාය සහ නිෂ්පරියාය කියලා දෙකක් නැහැ. ඒ
කියන්නෙ සෝපදිශේෂ නිබ්බාන කියලා පරියායකින්
කිව්වොත් කොහොමද? නිෂ්පරියායකින් කිව්වොත්
කොහොමද කියලා එහෙම එකක් නැහැ.
සත්වයෙක් කියන තැන තියෙන්නේ ස්කන්ධ සහ
කෙලෙස්. ඒ ස්කන්ධයන්ගේ ඇත්ත දැකලා, කෙලෙස්
නැති කරලා, පුද්ගල භාවයෙන් වි`දින දුකෙන් මිදිලා
ඉන්න තැන සෝපදිශේෂ නිබ්බාන. ස්කන්ධ ඉතිරිය
සහිතව සම්පූර්ණ රාග, ද්වේෂ, මෝහ ප‍්‍රහාණය කරලා
ජීවත් වෙනවා. අනුපාදා පරිනිර්වාණය, ක්ලේෂ
පරිනිර්වාණය, රහතන් වහන්සේ, රාගක්ඛයො,
දොසක්ඛයො, මෝහක්ඛයො නිබ්බානං කියලා පරියාය
නම් තියෙනවා. පරියාය ක‍්‍රම නැහැ.
සත්ව පුද්ගල භාවයෙන් එන සියලූ දුක් වලින් මිදිලා.
පුතා, දුව, අම්මා, තාත්තා, සහෝදරයා, සහෝදරිය,
මනුෂ්‍යයො, දෙවියො, බ‍්‍රහ්මයො මැරිලා එන දුක්වලින්
මිදිලා ඒ වගේම ලාභ - අලාභ, යස - අයස, නින්දා -
ප‍්‍රශංසා, සැප - දුක් සියල්ලෙන්ම මිදිලා. ස්කන්ධ පිරිසිඳ
දැකලා. කෙලෙස් දුරු කරලා ස්කන්ධ ටිකෙන් ජීවත්වෙන
මට්ටමට කිව්වා සෝපදිශේෂ නිබ්බාන කියලා. කෙලෙස්
නැති කරගත් මනසකින් පවතින ස්කන්ධ ටිකක්
තියෙනවනෙ ජීවිතේ වෙලා. ඔතෙන්ට තමයි රහතන්
වහන්සේ කිව්වෙ.
සො උපධි ශේෂ - උපධි ශේෂයක් සහිතව. ඛන්ධ උපධි,
ක්ලේශ උපධි, කාම උපධි, අභිසංඛාර උපධි කියලා
උපධි හතරක් තියෙනවා. රහතන් වහන්සේට කාම
උපධි නැහැ. ක්ලේශ උපධිත් නැහැ. අභිසංඛාර උපධි ඒ
කියන්නෙ පුණ්‍යාභි සංඛාර, අපුණ්‍යාභි සංඛාර,
ආනෙඤ්ජාභි සංඛාර කියන කර්ම රැුස්කිරීමේ
උපධියත් නැහැ. උපධි තුනක්ම නැති කරලා ඛන්ධ උපධි
කියන තැනකින් ජීවත්වෙන නිසා, ස්කන්ධ ටික විතරක්
තියෙන නිසා, උපධි ශේෂයක් තියෙනවා කියන
අර්ථයෙන් සො උපධි ශේෂ කියනවා. ඒ කෙලෙස්
අර්ථයකින් නෙවෙයි. ස්කන්ධ අර්ථයකින්.
ඒ ඉතිරි ඛන්ධ උපධියත් නැතිවෙන තැනට අනුපදිශේෂ
නිබ්බාන කියනවා. උපධි ශේෂයවත් නැහැ. එදාට තමයි
පිරිනිවන් පෑවා කියන්නෙ. සෝපදිශේෂ කියන තැන දී
සත්ව පුද්ගල භාවයෙන් එන ජරා මරණයන්ගෙන්
මිදෙනවා. අනුපදිශේෂ කියන තැන දී ඒ ධර්මතාවයෙන්
එන ජරා මරණයෙන් මිදෙනවා.
පංච උපාදානස්කන්ධය සහ ස්කන්ධයන්ගේ වෙනසත්
ඔතනයි. පංච උපාදානස්කන්ධය කියන තැන ජරා මරණ
පෙන්නන්න වෙන්නෙ ‘තේසං තේසං සත්තානං තම්හි
තම්හි සත්ත නිකායෙ ජාති සඤ්්ජාති ඔක්කන්ති
අභිනිබ්බන්ති....’ ‘තෙසං තෙසං සත්තානං තම්හි තම්හි
සත්ත නිකායෙ ජරා ජීරණාතා...’ ‘තෙසං තෙසං
සත්තානං තම්හා තම්හා සත්ත නිකායා චුති වචනතා
භෙදො....’ ඒ ඒ සත්වයන්ගෙ සත්ව නිකායේ සත්ව
පුද්ගල භාවයෙන් එන ජරා මරණ දුක. ඊට පස්සෙ
ස්කන්ධයන්ගේ ‘තේසං තේසං ධම්මානං ජරා ජීරණතා...
.’ එතන තියෙන්නෙ ධර්මයන්ගේ ජරාව. රූපයේ දිරන
බවක් තියෙනවා. මේක ධර්මයන්ගෙ ජරාවක්. මගේ
අම්මා මහලූ වෙලා කියලා පුද්ගල භාවයෙන් මහලූ
බවේ දුක් වි`දීමකුත්, වස්තුන්ගේ මහලූ වීමකුත් කියලා
දිරීම් දෙකයි. පුද්ගල භාවයෙන් දිරීමේ දුක් වි`දින්නෙ
කෙලෙස් ටිකකින්. අනාත්ම ස්කන්ධ ගැන
නොදන්නාකම නිසා පුද්ගලභාවයකින් වි`දින දුකක්
තියෙනවනෙ, පුද්ගලයෙක්ගෙ මරණය. පුද්ගලයෙක්ගෙ
ලෙඩවීම වගේ. ඔය ටිකට තමයි පංච උපාදානස්කන්ධ
දුක කියලා කිව්වෙ. ඔය ටිකේ තමයි ගුරු බර, වැඩි බර
තියෙන්නෙ, ලෝකෙ වැඩි දුක තියෙන්නෙ.
අනාත්ම වූ ස්කන්ධ කියන තැනට හිත තියලා, නුවණ
යොදලා, කෙලෙස් බර බහාතබලා කෙලෙසුන්ගෙන්
වි`දින දුකෙන් මිදිලා ඉන්න තැනට තමයි සෝපදිශේෂ
නිබ්බාන කියලා කිව්වෙ. කෙලෙස් නැතුව, මම කියන
හැඟීම් මාත‍්‍රයක්වත් නැතුව, පුද්ගල සංඥාවක් නැතුව
ස්කන්ධ මාත‍්‍රයකින් ජීවත් වුනාට මේ ස්කන්ධත්, මේ
රූපෙත් දිරන දවසක් එයි. මේ රූපෙ ලෙඩ වෙන, මැරෙන
දවසක් එයි. එතනට තමයි අනුපදිශේෂ පරිනිර්වානය
කියලා කිව්වෙ. මේ රූපය අරබයා වි`දින දුකට කියනවා,
කය කෙළවර කොට, දිවි කෙළවර කොට ඇති වේදනා
කියලා. මේ ටිකට කිසිවක් කරන්න බැහැ. පුරාණ කර්ම
ප‍්‍රත්‍යයෙන් හටගත්ත ස්කන්ධ.
දැන් මේ පංච උපාදානස්කන්ධ දුක,සත්ව පුද්ගල
භාවයෙන් එන දුකක්. නව කර්ම නිසා වි`දින දුකක්. නව
කර්ම නිසා දැන්ද දුක් වි`දිනවා. නැවත දුක හදන
හේතුවත් ඒ තුළම තියෙනවා.
අම්මට, තාත්තට මෙහෙම වුනා කියන තැනකින් දැනුත්
දුක් වි`දිනවා. එතන ඇත්ත නොදන්නාකම නිසා අම්මා,
තාත්තා කියන මට්ටමේ නිමිත්තක් රාග, ද්වේශ,
මෝහයෙන් හදාගෙන ඒ නිමිත්ත තුළම ප‍්‍රතිසන්ධියට
යන හේතුවත් තියෙනවා. ඔතන දුකත් තියෙනවා. දුකට
හේතුවත් තියෙනවා.
ස්කන්ධ විතරක් තියෙන තැන දුක විතරයි. හේතුව නෑ.
ස්කන්ධ පරිහරණය ඉවරවුනාම දුක ඉවරයි.
සෝපදිශේෂ හා අනුපදිශේෂ ඒ වගේම ස්කන්ධ හා පංච
උපාදානස්කන්ධ අතර වෙනස ඕකයි.
තේසං තේසං ධම්මානං කියලා පෙන්නන තැන
තියෙන්නේ ස්කන්ධ. තේසං තේසං සත්තානං කිව්වහම
පංච උපාදානස්කන්ධ දුක. හැබැයි අපි දත යුතුයි පංච
උපාදානස්කන්ධය කියන්නෙත් ඒ ස්කන්ධයෝ උපාදාන
වුන නිසා නෙවෙයි කියන එක.
යම් රූපයක් හෝ වේදනාවක් හෝ සංඥාවක් හෝ
සංඛාරයක් හෝ විඤ්ඤාණයක් හෝ නිසා තමන්ගේ
මනසෙ උපාදානය යෙදෙයි නම්, ඒ වස්තු උපාදානයෙන්
ගනියි නම් ඒ ස්කන්ධවලට උපාදාන ස්කන්ධ කියලා
කියනවා. යම් රූපයක් නිසා කෝප්පය කියන අදහස
මගේ මනසේ උපදියි නම්, කෝප්පය කියන අදහසින් ඒ
රූපය දෙස බලයි නම්, ඒ රූපයට කියන්න වෙනවා
කෝප්පනීය කියලා. කෝප්පය හැදිලා තියෙන්නේ වීදුරු
වලින්. මගේ අදහසින් කෝප්පය කියලා බැලූව නිසයි
මට වීදුරු කටු නොපෙනී කෝප්පයක් පෙනුනෙ.
එතකොට මට ඇත්ත වැහිලා හැමදාම. කෙලෙස් වලම
ජීවත් වුනහම කෙලෙස් කියලා දන්නෙත් නැහැ.
රූපය දකිනකොට කෝප්පය කියන අදහස තමන්ගෙ
මනසෙ නේද ඇතිවුනේ කියලා අපි දන්නෙත් නැහැ.
තියෙන කෝප්පයක් දිහා අපි බැලූවා කියලා හිතුවට
බලලා තියෙන්නෙ වීදුරු කටු දිහා.
ඒ වගේ මේ රූප, මහා භූත සහ උපාදාය රූප. ඒවා
දකිනකොට මගේ මනසෙ යෙදෙනවා උපාදානය. දිට්ඨි
උපාදානය. මනුෂ්‍යයා කියන අදහස. ඒ අදහසින්ම බලන
මට ඇත්ත පේන්නෙ නෑ. මනුෂ්‍යයෙක් පේන්නෙ. නමුත්
මම හිතාගෙන ඉන්නවා මනුෂ්‍යයෙක්ම පේනවා කියලා.
යථාර්ථය වහගත්ත මනසකින් මම ඉන්නෙ. ඒ
යථාර්ථය සිහි කරගන්න අමතක වෙන හැම
වෙලාවකම වැරැුද්දක් යෙදෙනවා. ඒ වැරැුද්දෙන්ම
බලනවා වැරැුද්දක් යෙදිලා වැරැුද්දෙන්ම බලන
මට්ටමේ රූපවලට උපාදානීය රූප කියනවා.
උපාදානීය රූප කියන හැම තැනකම ඒ රූපය පිළිබඳ
ඇත්ත දන්නා නුවණ යෙදුනෙ නෑ කියන එක තියෙනවා.
රූපය පිළිබඳ ඇත්ත දකින නුවණ යෙදෙන තැනක දී
උපාදානීය කියන්නෙ නෑ. අනුපාදානීය කියලයි කියන්නෙ.
ලෝකයාට මේ රූපය උපාදානය නෙවෙයි. උපාදානීයයි.
මනුස්සයෙක්, සත්වයෙක් කියන දිට්ඨි උපාදානයට
හිතයි. මේ රූපෙ මනුස්සයෙක් නෙවෙයි. මනුස්සයෙක්
කියන අදහස ඇතිවෙන්න හිතයි. ඔය රූපය දකිනකොට
මෙතන මනුස්සයා කියන සංඥාව පහළ වෙනවා නම්,
මේ රූපය දකිනකොට ඔතන මනුස්සයා කියන සංඥාව
පහළ වෙනවා නම් හරියට දෙන්නෙක් එක්ක ඉන්නවා
වගේ. කෙලෙස් දෙක හුවමාරු කරගෙන ඉන්නෙ මේ.
ගති ටික යෙදිලා තියෙන්නේ. කෙලෙස් ගණුදෙනුවක්
තියෙන්නෙ. අන්තිමට යථාර්ථය තියෙන්නෙ මොකක්ද.
ශුන්‍යතාවයක්. ඒකයි බුදුරජාණන් වහන්සේ දේශනා
කරන්නෙ. ‘කිසිම කෙනෙක් තනියම නෑ තෘෂ්ණාව
දෙවැන්නා’ කියලා. ලෝකෙ කවුරුවත් තනියම නෑ. අපි
ළඟ තියෙන කෙලෙස්වලට පිං සිද්ධ වෙන්න තව අය
එක්කමයි අපි ඉන්නෙ.
අනාත්ම වූ ස්කන්ධ මාත‍්‍රයක් ඇස් ඉදිරිපිටට එද්දි දිට්ඨි
උපාදානය, අත්තවාද උපාදානය කියන මේ උපාදාන අපේ
මනසෙ යෙදෙනවා. සත්වයෙක්, පුද්ගලයෙක්, ආත්මයක්
කියන ගති ටික යෙදනවා. මේ සත්ව පුද්ගල හැඟීම
අහංකාර, මමිංකාර කියන මාන අනුසය පටිබද්ධව
යෙදෙනවා. ඒ නිසා දිට්ඨි සම්පන්න පුද්ගලයෙකුටත් මේ
සත්ව පුද්ගල කියන හැඟීම තේරෙනවා ඒක දිට්ඨිය
නෙවෙයි. ඒක කෙලේසයක්. ඒ නිසා ඒ ගතිය යෙදෙනවා.
ඒක අයිති කාම උපාදානයට.
අපි නොදන්න දේ තමයි, අපේ නොදන්නාකම නිසා
මනසෙ ගති ටිකක් යෙදිලා. ඒ ගති වලින් අපි බාහිරය
දිහා බලලයි සැප දුක් වි`දින ලෝකයක් හදාගෙන
තියෙන්නෙ කියලා. අනන්ත සංසාරෙක අපි ආවෙ මේ
නොදන්නාකම, මේ අවිද්‍යාව නිසා.
අපි ඉපදුනේම ‘කෝප්පයක් තියෙනවා’ කියන ඉගැන්වීම
ඇසුරු කරමින්. අපි හීනෙකින්වත් දන්නෙ නෑ කෝප්පය
කියන අදහසින් බලලයි අපිට කෝප්පෙ පෙනිලා
තියෙන්නෙ කියලා. අපි හැමදාම හිතුවෙ කෝප්පයක්
තියෙන නිසාම කෝප්පයක් පෙනුනා කියලා. එකම
කෙලේසය හැමෝටම සමාන වුනහම ප‍්‍රශ්නෙකුත් නෑ.
ඒකයි මේ වෙලා තියෙන්නෙ.
කුමන කුමන හෝ ප‍්‍රඥප්ති යෙදිලා, ඒ ප‍්‍රඥප්ති වලින්
රූපය දිහා බලන වැරැුද්ද එකයි. අවිද්‍යාව සමාන නිසයි
ගැටළුවක් නැත්තෙ. ලෝකෙ දිහා බලන හැමෝගෙම
ඇස්වලට රතුපාට කාචයක් දාලා තියෙනවා නම්, රතුපාට
කියලා කතාවක්වත් නෑ. ජීවත් වෙන එකයි තියෙන්නෙ.
බැරිවෙලාවත් රතුපාට කාචයක් දාලා නැති කෙනෙක්
හිටියා නම් තමයි ප‍්‍රශ්නයක් වෙන්නෙ. ඒ වගේ මේ
ලෝකෙ අපි ආත්ම සංඥාවෙන් ජීවත් වෙනවා ප‍්‍රශ්නයක්
නැහැ.
බුදුරජාණන් වහන්සේ ආත්ම සංඥාව දුරු කරලා,
අනාත්ම සංඥාවෙ ඉඳගෙන, ලෝකෙට දේශනා කරනවා,
සත්ව පුද්ගල භාවයෙන් ශුන්‍ය අනාත්ම ධර්මතාවයක්
තියෙන්නෙ කියලා. සත්ව පුද්ගල භාවයෙන් දකින අපිට
දැන් හරි ප‍්‍රශ්නයක්, ඔතනදි තමයි ශ‍්‍රද්ධාව, විශ්වාසය
ඕන වෙන්නෙ. අපිට නොපෙනුනාට බුදුහාමුදුරුවො
දේශනා කරන්නෙ ඇත්තක් කියලා. ඒකද අන්ධ
භක්තියෙන් නෙවෙයි. අපේ ආත්ම දෘෂ්ටියෙන්ම ‘හරි
බුදුහාමුදුරුවො ඇත්ත තමයි කියන්නෙ. අනාත්ම ඇති,
එහෙනම් අපි භාවනා කරමු අනාත්මය දකින්න.’ කියන
තැනකින් ඇදහීමකින් නම් නෙවෙයි. විශ්වාසය තබන්න
කියන්නෙ බුදුරජාණන් වහන්සේ පෙන්නනවා පැහැදිලිව
මේ වස්තුව ආත්ම වුනේ කොහොමද කියලා.
රූපය හොඳට කොටස් වලට කඩලා, කඩලා පෙන්නලා
රූපය හැදෙන්න තියෙන හේතු ටිකත්, ප‍්‍රත්‍ය ටිකත්
පෙන්නලා, රූපයේ ඇත්ත නොදන්නාකම නිසා යෙදෙන
අවිද්‍යා, ආශ‍්‍රව කියන කෙලෙස්, පුද්ගලයා කෙනා කියන
ගති ටික පෙන්නනවා. ඒ ගතිවලින් බැලූව නිසයි ආත්ම
සංඥාව ඇතිවුනේ කියන එක බුදුරජාණන් වහන්සේ
පෙන්නලා තියෙනවා. නිකම්ම අපිට මේ ආත්මයි කියලා
පෙනෙන දේ බුදුරජාණන් වහන්සේ ‘නෑ, නෑ අනාත්මයි,
අසුභයි, වැඩිය හිතන්න ඕන නෑ. මේක තමයි ඇත්ත
පිළිගන්න.’ කියලා එහෙම දේශනා කරලා නෑ. ‘මෙහෙ
එන්න, ඇවිල්ලා බලන්න ඕන කෙනෙක්’ කියලා
පෙන්නන්න පුළුවන් මට්ටමට ඇයි අනාත්මයි කියන්නෙ,
මොකක්ද හේතුව කියලා බුදුරජාණන් වහන්සේ ලිහලා
පෙන්නලා තියෙනවා.
බුදුරජාණන් වහන්සේ උගන්වන මේ ක‍්‍රමවේදය ඉගෙන
ගන්නට එතනට හිත තබන තැනට විතරයි ශ‍්‍රද්ධාව
ඕන වෙන්නෙ. ඉගෙන ගත්තම තමන්ට ම ඇස් දෙකක්
ලැබෙනවා ඒ දිහා බලන්න. හැමදාම දකින මට්ටමට.
ඇදහීමෙන් ගන්න කියනවා නෙවෙයි. ‘මේ ලෝකෙ
නුඹලාට ආත්මව පෙනුනත් අනාත්මමයි. ඒ හින්දා මේ
මේක විශ්වාස කරන්න’ කියලා කියන්නෙ නැහැ.
අනාත්මයි කියන හේතුව පෙන්නනවා.
‘චක්ඛුං භික්ඛවෙ අනත්තා’ මහණෙනි, ඇහැ අනාත්මයි.
‘චක්ඛුං භික්ඛවෙ අත්තා අභවිස්ස’
මහණෙනි ඉදින් යම් වෙලාවක ඇහැ ආත්ම වන්නේ නම්
‘නයිදං චක්ඛුං ආබාධාය සංවත්තෙය්‍ය’
මහණෙනි ඇහේ ආබාධය පෙනෙන්නෙ නෑ එහෙනම්.
තමන්ට ඕන විදියට තියාගන්න පුළුවන් වෙන්න
ඕනනෙ.
‘මහණෙනි ඇහැ අනාත්මයි කියන්නෙ ඇයි?’
‘ඇහැ ඉපදීමට යම් හේතුවකුත් ප‍්‍රත්‍යයකුත් තිබේ නම් ඒ
හේතුවද ප‍්‍රත්‍යය ද අනාත්ම කල්හි ඇහැ කොයින් ආත්ම
වන්නද?’
බලන්න මජ්ක්ධිම නිකායෙ ඡුඡුක්ක සූත‍්‍රය. බත්, පාන්,
කව්පි, මුං ඇට වගේ ආහාර හේතු වුනා නම් ඇහැ
හැදෙන්න - ආහාරය අනාත්ම නිසා ඇහැද අනාත්මයි.
අනාත්ම හේතු නිසා අනාත්ම වූ ඵල ලැබෙන්නෙ නැහැ.
අවිද්‍යා, කර්ම, තණ්හා ප‍්‍රත්‍යයෙන් හැදුන චිත්ත
චෛතසික තියෙයි. ඒක හේතු ප‍්‍රත්‍යයි. අවිද්‍යාව හේතුයි
ආශ‍්‍රව වලට. කර්මය හේතුයි අවිද්‍යාවට, තණ්හාව
හේතුයි අවිද්‍යා කර්ම දෙකට. මේ හේතුන්ගෙන්, මේ
ප‍්‍රත්‍යයන්ගෙන් මේ චිත්ත චෛතසික ටික හැදිලා
තියෙන්නෙ. ඒ චිත්ත චෛතසිකයි, බත් පාන් කව්පි මුං
ඇටයි නිසයි ඇහැ හැදුනෙ. මේ හේතු, ප‍්‍රත්‍ය ටික
අනාත්ම නම් ඇහැ කොයින් ආත්ම වන්නද කියලා
අහනවා. ඒ වගේ බුදුරජාණන් වහන්සේ ඇදහීමෙන්
පිළිගන්න මට්ටමට නෙවෙයි, සහේතුකවමයි
පෙන්නලා තියෙන්නෙ.
ඒ නිසා අපිට ලැබුන විශාලම වාසනාව තමයි අපේ
බුදුහාමුදුරුවො දෙවියෙක්, බ‍්‍රහ්මයෙක් සව_ බලධාරී
කෙනෙක් නොවී චින්තන ශක්තියකින් යුත් ශ්‍රේෂ්ඨ
මනුෂ්‍යයෙක් වීම. ඒ වගේම හොඳට හිතන්නට ඉගැන්වූ
ශාස්තෲවරයෙක් වීම. එබඳු ශාස්තෲවරයෙක් ලබන්න
පුළුවන් මට්ටමේ පසුබිමක අපි උපත ලැබීම. අපි
වෙනත් ආගමක වුනා නම් ලේසි නැහැ. දිට්ඨියෙන්
ගැලවෙන එක. අපි හිතන්නෙ ලෝකයෙ දුරු කරගන්න
අමාරු රාගය, ද්වේශය වගේ ඒවා කියලා. නෑ, ඒ වගේ
කෙලෙස් තිබුනත්, අන්තිම දරුණු මට්ටමේ රාගයක්
තිබුනත්, ද්වේශයක් තිබුනත්, සසර ඒ තරම් දිග නෑ.
දිට්ඨිය තමයි අතිශයින්ම බලවත්, බලගතුම
කෙලේසය.
මතු සම්බන්ධයි!
ලබුනෝරුව කන්ද ආරණ්‍ය සේනාසනවාසී අති පූජ්‍ය
මාන්කඩවල සුදස්සන හිමියන් විසින් පවත්වන්නට
යෙදුනා වූ ධර්ම දේශනයක් මෙසේ ලිඛිත මාධ්‍යයෙන්,
කොටස් වශයෙන් පල කිරීමකි. දේශන විලාශයේ එන
හඬ හැසුරුම් කියවීමේ දී හමු නොවන බැවින් ගැටළු
සහගත තැන් හමුවිය හැකිය. එහෙත් මෙයින් ලබාගත
හැකි ධර්මාවබෝධය අති විශාල බැවින් ප‍්‍රවේශමෙන්
කියවා තේරුම් ගන්නට උත්සාහ කරන මෙන්
කාරුණිකව ඉල්ලමු.
0 Comments