ආර්ය සීලය 4


ආර්ය්‍ය සීලය - 04

ඇහැත් රූපයත් දෙක ගැටීම නිසා මේ පෙනෙන බව වෙනවා නම් ඇහැත් රූපයත් දෙක නැතිවෙනකොට පෙනෙන දේ නැතිවෙනවා කියලා බැලුවට, මේ පෙනීමයි කියන දේ සිද්ධවෙච්ච යථාර්ථයක් තිබුනා නම්, එතන ඔයගොල්ලන්ගෙ මනස නෑ කවදාවත් එතන හිටින්නෙ නෑ. අර මිරිඟුව වගේ කියලා හිතන්න. අපිට හම්බවෙන රූප වල යථාර්ථය, ධාතුව. ධාතුව කියලා කියනකොට පඨවි ධාතු, තේජෝ ධාතු, ආපෝ ධාතු, වායෝ ධාතු මේක තමයි රූපයේ පරමාර්ථිය. රූපයේ පරමාර්ථය ඇහැ නෙමයි. ඇහැත් බෙදන්න පුළුවන්. රූපය කි යලා අපිට හම්බවෙන එක නෙමෙයි පරමාර්ථය. ඒකත් බෙදන්න පුළුවන්. මෙහෙම බෙදාගෙන බෙදාගෙන ගියොත් රූපය කියන එක පඨවි ධාතු, අපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු කියන තැනට යනවා. මේක තමයි රූපයේ සම්පූර්න යථාර්ථය. ඊට ඔබ්බට යනවා නම් ඒත් වැරදියි. ඊට මෙහා නතර වෙනවා නම් ඒත් වැරදියි. පඨවි ධාතු කියන්නෙ මොකක් ද කියලා තවත් විශ්ලේෂණය කරන්න යනවා නම් ඒත් වැරදියි. ධාතුව කියනකොට ස්වභාව අර්ථයක්. ඕක තමයි රූපයේ යථර්ථය.

මේ මම කතා කරන්නෙ මගේ වූ දහමක් නෙමෙයි. බුදුරජාණන් වහන්සේ දේශනා කළ දහමකුත් නෙමෙයි. ඒ කියන්නෙ බුදු රජාණන් වහන්සේ දේශනා කළෙත් ලෝකෙ යථාර්ථය ඒකයි.

මහා  රාහුලෝවාද  සූතයේ  බුදුරජාණන්  වහන්සේ  දේශනා කරනවා ‘අජ්ඣන්තිකා පඨවි ධාතු යා ච බාහිරා පඨවිධාතු පඨවි ධාතු රෙචෙසා, තං නෙතං මම, තෙසොහමස්මි, න මෙසො අත්තානි ඒව මෙතං යථාභූතං සම්මප්පඤ්ඤාය දට්ටබ්බං’ මෙසේ ඇත්ත ඇති හැටිය නුවණින් දත යුතුයි. ඒකය කියනවා යථා භූත ස්වභාවය, රූපය කියනකොට රූපය බෙදලා, බෙදලා, බෙදලා, මේ අපි රූපය බෙදන්නෙ ඇයි? මේ යථාර්ථය හොයා ගන්න. ගවේෂණය කරන්නෙ ඇයි? හොයලා, හොයලා, හොයලා අන්තිමට අපිට එනවා රූපයේ ස්වභාවය සතර මහා ධාතු.
 
එතකොට මෙන්න මේ ආධ්‍යාත්මික ධාතුව, බාහිර ධාතුව කියන කොට ඕගොල්ලොන්ට ඇස් මැවෙන්න බැහැ. රූප හම්බවෙන්න බෑ. ධාතු ස්වභාවයක් තියෙන්නෙ. මේ ධාතු මාත්‍රයක් ධාතු මාත්‍රයක් ගැටීම නිසා වේදනා සංඥා චේතනා පහළ වෙන්නෙ. විඥානය මේ නාම ධර්‍මමයි දැනගන්නෙ. මෙන්න මේකයි ඇත්ත.

අපි කවුරු මොන විදියකට හිතුවත් ඇත්ත ඔය ටික. මං කියපු ටික තේරුණාද? රූප ධාතුයි, ඒ ධාතු ස්වභාවය නිසා සිතට වේදනා, සංඥා, චේතනා, සංඥාව කියනකොට මේ හැඩතල පේන බව ඔක්කෝම සංඥාව. වර්‍ණ සටහන් පේන බවක් තියෙනවා නම් මේ සංඥාව එතකොට ධාතුව කියන ස්වභාවය නිසයි මේ වේදනා සංඥා පහළ වෙන්නෙ. විඤ්ඤාණයෙන් ඒ ධර්‍මයෝම දැනගන්නවා. රූප දැනගත්තා කියලා පඥප්තියකට යනවා.

උදාහරණයක් හැටියට ගත්තොත් මේ පින්වතුන්ට පුළුවන් ද මේ පින්වතුන්ගේ මූණ බලන්න. බෑ කිවුවොත් වැරදියි. පුළුවන් කිවුවොත් ඒත වැරදියි. නමුත් ක්‍රමයක් තියෙනවා. ලෝකෙ පඥප්තියක් තියෙනවා. ඒ හින්දා බෑ කියන්න බෑ. පරමාරථ වශයෙන් එහෙම ලැබෙන්නෙ නෑ. ඒ හින්දා පුළුවන් කියන්න බෑ. කැඩපතක් ගත්තොත් මේ තමන්ගේ මුහුණෙ ඡායාව, ප්‍රතිබිම්බය කැඩපතට වැටෙනවා. කැඩපතේ තියෙන එක ඔයගොල්ලො දැනගන්නවා. මේ මූන දැනගත්තා යන කරුණට යනවා. කෙළින් ම මූණ හම්බ වෙනවද? හම්බ වෙන්නෙ නෑ. 

අතීතයෙ හම්බ වෙලා තියෙනව ද?
දැන් හම්බ වෙනව ද?
අනාගතයට හම්බ වෙයි ද?
අපිට අපේ ඇහැ බලන්න පුළුන් ද?

බෑ. බලනවා නම් බලන්න පුළුවන් වෙන්නෙ මේ ක්‍රමයට විතරමයි නේද? කැඩපතක්  අරගෙන  කැඩපතට  වැටෙන  ඡායාව  බලන්න පුළුවන්. එතකොට මේ මුහුණ දැක්කා යන ගණයට යනවා. ඒ වේග අපේ මුහුණ වගේ කියලා හිතන්නකො සතර මහා ධාතු රූපය.
 
කැඩපතට වැටුන ඡායාව වගේ කියලා හිතන්න හිතට වැටුන වේදනා, සංඥා, චේතනා අපි දැනගත්තෙ ඡායාව වගේ, හිතින් දැනගත්තෙ වේදනා, සංඥා, චේතනා කියන නාම ධර්‍මමයි. රූපය දැනගත්තා යන ප්‍රඥ්ප්තියට යනවා. යථාර්ථය වශයෙන් විදර්ශනාවට ඕගොල්ලන්ට හම්බවෙන්න ඕන පවතින දේ පවතින ආකාරයට.

ඔන්න ඔය මට්ටම අතහැරියොත්, ඔයගොල්ලන්ට මේ හිතෙන් කාම ධර්‍මම සිහි කරනවා, කාම ධර්‍මම දැනගන්නවා කියන මට්ටමක් එනවා. අවබෝධයක්. එදාට මේ කබලිංකාහාර රූපය අතහැරෙනවා. තේරුණා ද? අනාගාමී කියන තත්වෙට යනවා. නමුත් මෙතෙන් එන්න බැහැ. එන්න නම් ඒකත්ත වූ මේ රූපය අපිට හම්බවෙන්නෙ ඇහැක් හැටියට, රූපයක් හැටියට, කණක්, ශබ්දයක් හැටියට නම් හම්බවෙන්නෙ, මේ ටික ගවේෂණය කරලා මේකට තියෙන තණ්හාවදුරු කරලා ඉවරවෙලා අපිට යන්න වෙනවා අර වගේ යථාර්ථයකට. මං දේශනා කරපු ටික තේරුණා ද? එතකොට පරමාර්ථ වශයෙන් දැනගෙන ඉන්න ඕන හැම රූපයකම යථාර්ථය ධාතුයි. එබඳු වූ රූපයක් ගැටීම නිසා මේ වේදනා, සංඥා, චේතනා හටගන්නවා. ඒ කාම ධර්‍මමයි විඥානයෙන් දැනගන්නෙ.

එහෙම දැනගත්තහම ඔගොල්ලන්ට රූපය දැනගත්තා කියන කෙලේසය කැඩෙනවා.
කෙලේසය කැඩෙනවා කියන්නෙ රූපය නිසා හිතට පහළවෙන වේදනා, සංඥා, චේතනා විඤ්ඤාණයෙන් ම දැනගත්තා කියලා දැක්කහම මේ හිතේම තියෙන සිතුවිලි හිතෙන් දැනගත්තා කියන අවබෝධය එන්න, එන්න ඕගොල්ලො රූපය හොයාගෙන යන්නෙ නෑ. මං මෙහෙම උපමාවක් කළොත්, දැන් විලි කැටයක් ගත්තොත් වැලි කැටේ හැම වෙලාවෙම වැලි කැටේ විදියටනෙ තියෙන්නෙ. වැලි කැට කැට එකතු වුන තැනට අපිට හැඩයක් හිතට මැවෙනවා. අපි හිතට මැවුන හැඬේ නම් කරනවා කන්ද කියලා. දැන් අපිට පේන හැඩය වැලි කැට ඇතුලෙ නෑ. යථාභූත ස්භාවය කියලා කියන්නෙ අපිට හම්බවුනත්නූනත් පවතින ස්වභාවය ඒ වැලිකැට වැලිකැට විදියටමයි පවතින්නෙ. එබඳු වූ ධාතු නානත්වය නිසා අපිට වේදනා සංඥාවෙන් හිතට පහළ වෙනවා. පහළ වෙන දේයි අපි දැනගන්නෙ. නමුත් අපිට හිතෙන්නෙ  අර වැලි කැට ගොඩ තමයි කන්ද කියලා. අපි අල්ලන්න යනවා කන්ද. කන්ද අල්ලනවා කියලා අල්ලනවා නම් අපි අල්ලන්නෙ මොකක් ද? අර වැලි කැට ටික මිසක කවදාත් කන්ද අපිට අහුවෙන්නෙ නෑ. මේ රූප ධර්‍ම නිසා නාම ධර්‍ම පහළවෙනවා. ඒ නාම ධර්‍මමයි අපි හිතෙන් දැනගන්නෙ. අන්තිමට විඤ්ඤාණය ඇතිවෙන්නෙ නාම රූප දෙකම ප්‍රත්‍යය කරගෙන.

මේ රූපය නිසා පහළවෙන නාම ධර්‍ම රූපයට අයිතියි කියන මටටමෙන් තමයි අපි දැනගන්නෙ. එතකොට හැමදාම නාම ධර්‍ම සිහි කර කර අපි රූපෙට හිත බැස ගන්නවා.

ඉතින් පරමාථී වශයෙන් පවතින මෙන්න මේ ටික ඒ විදියටම අපිට තේරුනෝත ඒක මගෙවත්, තව කාගෙවත් ඇත්තක් නෙමෙයි. ලෝකෙ පවතින ඇත්ත. ඉතින් මෙන්න මේ මට්ටමට එනකොට තමයි අභිධර්මෙ කියන තැන. දැන් ධම්මසංගණිපකරණයෙ මේ ටික ඔහොමම පැහැදිලි කරලා තියෙනවා. ලස්සණට. ඒකට තමයි අධිපඥ කියලා කියන්නෙ.

ඉතින් මෙන්න මෙතනට එනකම් ආවොත් අපිට හම්බවෙන්නෙ ස්කන්ධ මාත්‍රයක්, පංච ස්කන්ධයක ඇතිවීමක් නැතිවීමක්. ඒ පංච ස්කන්ධයේ ඇතිවීම නැතිවීම නොදන්නාකම නිසයි, නොදන්න අවිද්‍යාව නිසයි සත්ව පුද්ගල භාවයෙන් අපි කල්පනා කරලා මේ තණ්හා උපාදාන වෙලා තියෙන්නෙ. මෙහෙමයි අපිට දුක ඇවිල්ලා තියෙන්නෙ. එතොකට අපිට දුක නැතිවෙනවා නම් ආපහු අර යථාර්ථය කියන තැනටම යන්න ඕන. දැනුත් අපි හැම කෙනෙක්ම අරමුණක් බලන, දකින ගානෙ ඔය යථාර්ථය තියෙනවා. ඒ වුනාට අවිද්‍යාව දුරු වෙලා නැති නිසා අපි ඉන්නෙ ආස්‍රව මත. ආස්‍රව තුල. අපිට අවශ්‍ය වෙන්නෙ ආශ්‍රව ක්ෂ්‍ය වෙන්න නම් යථාර්ථය යථාර්ථය වූ විදියටම.

දැන් අර මම මතක් කරන්නෙ අපි මැටි ටිකක් ගත්තොත් ඒකෙ තියෙන්නෙ වැලි කැට , පස් කැට නෙ. දැන් අපි දැනගත්තත් නොදැනගත්තත්, දැනගත්ත ප්‍රඥප්ති සටහන් අයින් කරන්න. රූපයේ ස්වභාවයට හිත තියන්න. රූපය පෙණ පිඬක් කියලා කියන්නෙ අපිට පෙණ පිඬක් වගේ හම්බවෙන තැන අපිට පිණ්ඩයක් වගේ හම්බ වෙන
 
තැන තියෙන්නෙ මොකක්ද බුබුළු, බුබුළු, බුබුළු රාශියක්. එබඳු තැනකින් තමයි අපිට ඝණ සංඥාවක් ඇවිල්ලා තියෙන්නෙ. එකතුවක් ඇවිල්ලා තියෙන්නෙ. රූපය පෙණ පිඬක් කියලා අපි කතා කරපු තැන. ඒ වගේ දැන් මැටි ගුලියක් අපි අරගත්තොත් මේ මැටි ගුලිය එක හැඬේකට හැදුවොත් අපිට හම්බවෙනවා එක්තරා හැඩයක්. අපි කියමුකො මනුෂ්‍යයො කියලා. දැන් මේ පේන හැඩය මැටි ටිකට එහෙම අයිති වුනොත් අපිට පුළුවන්ද මේකෙන් වෙන මොනවා හරි හදන්න. දැන් ඔන්න මැටි ටික එක හැඩයකට හැදුවහම අපි කියනවා මනුෂ්‍යයා කියලා. ඊට පස්සෙ ඒ මැටි ටිකම අපි අරගෙන වෙන හැඬේකට හදනවා. එතකොට අපිට හම්බවෙනවා ඔන්න කලයක්. ඒ මැටි ටිකම වෙන හැඩයකට හැදුවොත් අපිට හම්බවෙනවා මුට්ටියක්. දැන් ඉස්සෙල්ල පෙනුන හැඩ අර මැටිවලට අයිති එහෙම වුනා නම් අපිට කවදාවත් මේ හැඩයෙන් වෙන හැඩයක් හදන්න බැහැ.

අපි දත යුතුයි පඨවි ධාතු, අපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු කියන මේ ස්වභාවය එක එක ආකාරයට රාශී වෙනකොට හිතට හසුවෙනාකට එක එක සංඥා මැවෙනවා. අපිට පහළවෙන සංඥාව ධාතුවට අයිති එකක් නෙමෙයි. අපි දැන් පේන හැඩය අල්ලනවා ධාතුව මිසක හැඩය නෙමෙයි. ඉතින් අපි  දත  යුතුයි.  මේ  ධාතු  නානත්වය  නිසා  හිතට සංඥාවක් පහළ වෙවා. ඒකට කලේ කියලා කල්පනා කරනවා කිවුවොත් අපිට මේ පේන හැඬේ මේ ධාතුවට අයිතියි කියලා අපි හිතන්නෙ නෑ.

අපි දන්නවා ඇහැත් රූපයත් දෙක තියෙනකම් මේ හැඬේ පේනවා. ඇහැත් රූපයත් දෙක නැතිවෙනකොට මේ පේන හැඬේ නැති වෙනවා. අර සංඥාව මිරිඟුවක් කියකා කිවුවේ ඇහැත් රූපයත් දෙක ගැටෙන කොටම ජලය වගේ පේනවා. ඇහැත් රූපයත් දෙක නැතිවෙනාකට ජලය වගේ පේන එක නැතිවෙනවා. එතකොට පවතින ධාතුව හොඳට නුවණින් දන්නවා.

එහෙම තැනට එනකොට මුළු ලෝකයම සත්ව, පුද්ගල ආත්ම භාවයෙන් ශුන්‍යයට යනවා.

ඇයි ඒ?

ධාතුව තුල, පඨවි, ආපෝ, තේජෝ, වායෝ කින ධාතුව තුල අපිට හම්බවෙච්ච ලෝකය කවදාවත් තිබුනෙ නැහැ. එබඳු වූ ධාතු නානාත්වයක් ගැටීම නිසා, හිතට ස්පර්ශ වීම නිසා හිත තුල පහළ වෙන වේදනා, සංඥා තුලයි අපි මේ සත්ව, පුද්ගල, ආත්ම භාවයෙන් කල්පනා කරලා ලෝකය හදාගෙන තියෙන්නෙ. පංච උපාදානස්කන්ධ ලෝකය. 
පංච උපාදානස්කන්ධා දුක්ඛා. අද අපි විඳින ජරා මරණ ඔක්කොම හිත පිළිබඳ වූවක්. මෙන්න මේ දර්ශනයට එනවා. එදාට ඔයගොල්ලො කවදාවත් කාටවත් බනින්නෙ නෑ. ඇයි දෝෂයක් තියෙනවානම් දෝෂය තියෙන්නෙ අපි පිළිබඳවමයි කියන තැනට එනවා. අපේ මනස පිළිබඳවමයි කියන තැනට එනවා.

ඉතින් මෙන්න මේ පං උපාදානස්කන්ධය ගවේෂණ්‍ය කරගෙන ගියාම අපිට  හම්බවෙනවා  යථාර්ථයක්.  මේ  යථාර්ථය  යථාර්ථය හැටියටම අපි දැක්කොත් අන්න එදාට කියනවා සම්මා දිට්ඨි කියලා. ඒ සම්මා දිට්ඨියට අනුව නැවත නැවත හිත හැසිරෙව්වොත් අපිට මේ පංච උපාදානස්කන්ධ දුකෙන් මිදෙන්න පුළුවන් මේ ජීවිතේම.

මම මේ කතා කරපු දේ නම් තේරෙනවා අඩු ඇති නේද? මොකද මෙතන දී මට මතක් කරක්න ඕන එක දෙයක්. ඒ කියන්නෙ අපි මේ මොන විදියක දහම් මනසිකාරයක් පැවැත්වූවත් යථාර්ථවල් ගොඩක් නැහැ. ඒ කියන්නෙ මාර්ග ගොඩාක් නැහැ. න්‍යායන් දාහක් තිබුනත් මාර්‍ග එකයි නේ.

කෙනෙක් ඇහැත්, ඇහේ ඇතිවීමත්, නැතිවීමත් බලන්න පුළුවන්. කෙනෙක් දුකත්, දුකේ ඇතිවීමත්, නැතිවීමත් බලන්න පුළුවන්. කෙනෙක් පංච උපාදානස්කන්ධයත් එහි ඇතිවීමත් නැතිවීමත් බලන්න පුළුවන්. කුමන න්‍යායකින් ආවත් එන්න වෙන්නෙ එක තැනකට. මාර්ග දාහක් නෑ. මාර්ග එකයි තියෙන්නෙ. සම්මා දිට්ඨි, ආර්ය අෂ්ඨාංගික මාර්ගය. ඔච්චරයි තියෙන්නෙ.

එතකොට මෙන්න මෙතෙන්ට එන්න අපි තේරුම් ගන්න ඕන. ඔන්න ඔය දර්ශනය දැක්කට පස්සෙ අපි දන්නවා. දැන් හිතේ සමාධියක් නැතිව මේක එළඹ සිටින්නෙ නෑ.
ඒ හින්දා චිත්ත සමථයක් ඕන. ලබලා නීවරණ දුරු කරගන්න ඕන. නීවරණ දුරුකරගන්න බෑ සීලයක් නැතිව. එ හින්දා සීලයක් ඕන. එතකොට මේ සමාධිය තියෙනවානම් සම්මා දිට්ඨියේ අනුග්‍රහ මේ දර්ශනය ඇති කර ගන්නයි හිත සමාධි කරගන්න ඕන. හිත සමාධි කරගන්න බෑ සීලය නැත්නම්. සීලය තියෙන්නෙ සමාධියට බැඳිලා. සමාධිය ඇතිවෙන විදියටයි සීලය තියෙන්නෙ.

මං උදේ මතක් කළේ ඒකයි. මෙයාට මේ සීලය ආවෙ හිත සමාධි කර ගන්න තැනට උපකාර පිණිසයි. එතකොට මේ සීලය රැක්කා නම් රැක්කෙ හිත රැකගන්නයි. ඒ හින්දයි මෙන්න මේ සීලය තිසරණ ගත සීලයක් වුනේ.

මෙන්න මේ විදියට සීලයක පිහිටලා හිත සමාධි කරලා, සමාධිගත මනසකින් පංච උපාදානස්කන්ධයේ උදය වැය ඔය විදියට මෙනෙහි කළොත් ඔයගොල්ලන්ට මේ ලෝකෝත්තර මාර්ග ඥානය උපදිනවා. එතකොට අපි කරන්න ඕන මොකක් ද?
සීලයක පිහිටලා සමථ කමටහනකින් හිත වඩනවා. නුවණින් මෙනෙහි කරනවා.
හිත වඩනවා. නුවණින් මෙනෙහි කරනවා. ස්කන්ධයන්ගේ උදය වැය නුවණින් බලනවා. ඒ විදියට මාරුවෙන් මාරුවට යනකොට ඔයගොල්ලන්ටම තේරෙනවා මේක කරන්න. හැබැයි මේ පංච ආයතනයෙන් පුළුවන් කමක්නැහැ මේ මාර්ගය පඩන්න. මේ ස්පර්ශ ආයතන හයේ ම නිරවශේෂ නිරෝධය ක්ෂාත් කරන්න පුළුවන් එකම මනෝ විඥාන සමථස්සයෙන්. ඒ සඳහා ඕගොල්ලන්ට තියෙන්නෙ සමථ කමටහනකින් හිත වඩන්ම ඕන අනිවාර්යයෙන් ම. සිතිවිලි වේගවත් වුනොත් ඒක තේරෙන්නෙ නෑ.

උපදින උපදින හැම විතර්කයකම යථා භූත ස්වභාවය දකින්න ඕන. එහෙම කළහම මේ ලෝකෙ ශුන්‍යතාවය ඉබේමයි ඕගොල්ලන්ට හසුවෙන්නෙ. මේ දර්ශනය නැතුව ඕගොල්ලන්ට එන්නත් බෑ. ඇයි?

දැන් ඔන්න සිතට පහළ වුනා කියන්න. අපි කියමු ගෙදර කියලා සිහි  වෙනකොට  මේ  සිතේ  උපදින  සිතිවිල්ලක්  කියන  හැඟීම ඕගොල්ලන්ට එන්නෙ නෑ. ඕගොල්ලන්ට එන්නෙ බාහිර තියෙන ගෙදර සිහිවුනා කියලයි. එතකොට බැහැර අරමුණේ විඥානය පිහිටියාම එපමණකින් ම රැවටිලා.

ඉතින් නෑ මේක හිතේම ඇතිවෙලා හිතේම නැතිවෙනවා කියලා බැලුවත් හරියන්නෙ නෑ. ඒහෙත තියෙනවා කියන හැඟීම තියෙනවා.

එහෙම වෙන්නෙ මොකද?

රූපය දකින වෙලාවෙදිත් ඕගොල්ලන්ට ඇවිල්ලා තිබුනෙ නෑ. මේ ධාතු නානාත්වය නිසා මේ පෙනෙනවයි කියන එක වෙන්නේ තමා තුලයි කියන හැඟීම ඇවිල්ලා නෑ. ඕගොල්ලන්ට පේනේනෙ දැන් මෙහෙම බලනකොට මේ ඉදිරියෙන් ඉන්න කෙනා පේනවා කියලයි. නෑ. මේ ධාතු නානත්වය නිසා මේ පෙනෙනවයි කියන එක වෙන්නෙ තමන්ගෙ මනසෙයි කියන නුවණ එන්න ඕන. රතු පාට කණ්නාඩියක් දාගෙන බැලුවොත් මේ ඔක්කොම රතු පාටට පෙනෙයි නේද? ඒ රතු පාටට පේන්නේ ඇයි? මෙහෙ රතු පාට හින්දද? නෑ. කණ්නාඩිය නිසා. එතකොට මෙහේ තියෙන දෙයින් මෙහේ බැලුවම පේන්නෙ මෙහේ වගේනෙ. නමුත් මෙහෙ පිළිබඳවයි පවතින්නෙ ඒ දැක්ම.

මේ හිතත් එහෙමයි. ධාතු නානාත්වය නිසා මේ පෙනෙන දේ හිතටයි පෙනෙන්නෙ. හිතේ පහළ වෙන ධර්‍මතාවය. මේ හිතේ තියෙන දක්ෂකම තමයි මගේ කියලා පෙනෙන්නේ. ඉතින් අපි මේක තේරුම් ගන්න ඕන. බැහැර ආයතනය කියලා පෙනෙද්දිම ඒ පේන මෝඩකම දුරු කර ගන්නයි මේ ස්කන්ධයන්ගේ උදය වැය බලන්නෙ. මොකද ඒකයි මං කිවුවෙ ධාතුව හොඳට බැලුවහම පඨවි ධාතු, තේජෝ ධාතු, ආපෝ ධාතු, වායෝ ධාතු කියන ස්වභාවය ආවහම ඒ ධාතුවේ මිනිස් හැඩවල්, ගස් කොළන් හැඩවල් පඨවි ධාතුවේ නැ. තියෙනවද?

එබඳු ධාතු මාත්‍රයක් තමයි මේ ආයතනයට ගැටිලා තියෙන එහෙනම් මේ හිතට නෙමෙයිද මේ ලෝකෙ පහළ වෙලා තියෙන්නෙ. හිතෙන් නෙමෙයිද දකින්නෙ?
ස්පර්ශය නැතිවෙනකොට නැතිවෙනවා කියලා දකින්නෙ මේ පෙනෙන සිද්ධිය එතකොට. ඇයි?
 
පෙනෙ වෙලාවටත් පෙනෙන දේ ධාතුවට අයිති නෑ කියලා නුවණක් තියෙන නිසා.
ධාතුව හොඳට දන්නවා. පඨවි, ආපෝ, තේජෝ, වායෝ කියන සතර මහා ධාතුව. එබඳු වූ ධාතුවක් නොවුනා න ම් රූඵය නොවුනා නම් මෙබඳු වූ වේදනා, සංඥා, පහළ වෙනවද? 
නෑ. නමුත් මේ ස්පර්ශය තියෙනකම්ම මේ වේදනා, සංඥා තිබිලා ස්පර්ශය නැතිවෙනකොටම නැතිවෙනවා. එහෙම දැක්කොත් මේ දැකපු දේ සිහිකරලා අපාහු ධාතුව තුල හොයන්නෙ නෑ අපි. ලෝකෙ හොයන්නෙ නෑ. අපි උදාහරණයක් හැටියට මෙහෙම බලමු. තේරෙන මටටමට, දැන් ඔන්න අපි බලනවා කෙස්, ලොම්, නිය, දත් එකින් එක අරගෙන බලන්න. එබඳු කුණුප කොටස් 32 ක් තියෙන තැනක අපිට යම් හැඩතලයක් තියෙනවානම් මේක පේන්නෙ හිතට නම් ඇහැත් රූපයත් දෙක නැතිවෙනකොටම පේන හැඩතලය නැති වුනොත්, ඒ දේ සිහිකරලා අර රූපය හොයන්න පුළුවන්ද අපිට?
ඇයි ඒ? රූපයෙ තිබුනෙ මොනවාද? හම් කෑලි, මස් කෑලි, ලේ, නහරවැලි ඔය ටික තිබුනෙ. නමුත් මේ හිතට පහළවෙන හැඩය අපි අර රූපෙට ඇන්දහම, ඇඳුවහම අපිට හිතෙන්නෙ මේ පේන හැඩය අයිති හම්, හස්, ලේ, නහර ඔක්කොම මේ පේන හැඩයට අයිතියි කියලයි.

එතකොට තමයි පේන හැඩයටයි අපේ හිත බැඳෙන්නෙ තණ්හා කරන්නෙ. එතකොට අපි කෙස් වලටත් තණ්හා කරලා, මූත්‍රා වලටත් තණ්හා කරලා. ලේ වලටත් තණ්හා කරලා. ඇයි ඒ? දැන් අපිට මේ පේන හැඬේම තමයි පත්තරේක හරි තිබුනොත් අපට ඔය සංඥාව හිතට පහළ වෙනවා නේ. චිත්‍රපටයක, ටී.වී. එකක හරි දැක්කොත් අපිට අපේ රූපෙ තිබුනොත් මම කි යලා එන්නෙ නැද්ද? එතකොට, දැන් දකින කොටත් මම කියන හැඟීම එනවා. දැන් මේක නම මම ඉන්න හින්දා මම කියන හැඟීම ආවා කියන්නකො. ඉතින් කොහොමද පත්තරේ, ටී.වී. එකේ තියෙන කොට මම කියන හැඟීම ආවේ. එහෙනම් අපිට තේරෙනවා මේ උඩින් යන ඡායා මාත්‍රයක් හිත පිළිබඳ වූවක්මයි අපි පරිහරණය කරන්නෙ. කියලා. ඒකනේ අපිට අපිව හීනෙන් පේන්නේ. පේනවා නේද. ඇයි හිතන්නේ නැත්තෙ අපිට කොහොමද අපිව පේන්නේ කියලා. ඉතින් මේ රූපය අපි නම් ඕගොල්ලෝ මම කියන කෙනා මේ රූපෙ නම් ඕගොල්ලන්ට කොහොමද ඔයගොල්ලන්ව හීනෙන් පේන්නෙ.
 
මේ රූපය හිත ඇතුලට එනවද? මට කියන්න් තියෙන්නෙ එක දෙයයි. මළමිනියක් දන්නවනේ. දැනුදු මේ රූපයේ යථාර්ථය මළමිනියමයි. එතකොට මළිමිනියට මොනවද පේන්නෙ. තේරෙන්නෙ, හඳුනාගන්නෙ. මුකුත් නෑ.

එහෙනම් ඊට මෙපිට හැම හැඳිනීමක් ම හිත පිළිබඳ වූවක්මයි. හිත පිළිබඳවම උපදින දෙයක් හිතින්ම දැනගෙන රූපය දැනගත්තා කියන මෝඩකමක් තියෙනවා. ඕකමයි ඕගොල්ලෝ කාම භවයෙන් නොමිදෙන්න හේතුව . ඔය ටික තේරුම් ගත්තා නම් ඔයගොල්ලො කබලිංකාහාර රූපයෙන් මිදෙනවා. කාම භවයෙන් මිදෙනවා. ආයෙ කබලිංකාහාර රූපය හොයාගෙන එන්නෙ නෑ. එහෙම වුනාම වටිනාකම තමයි දැකපු දේ ආයෙ අල්ලන්න බෑ.

දැන් අපි කියමු මෙහෙම පෙනෙද්දිත් අපි දන්නවා මේ ධාතු නානත්වය නිසා වේදනා, සංඥා පහළ වෙනවා. ඒ දේයි දැනගන්නෙ. පේන දේ ධාතුවට අයිති නෑ කියලා අපි දැක්කොත් රූපය පෙණ පිඬක් වගේ එබඳු වූ දෙයක් නිසයි මේ නැති දෙයක් ඇති හැටියට පෙනෙන සංඥාව පහළ වෙලා තියෙන්නේ.

සංඥාවටයි අපි සංඛාර කරලා තියෙන්නෙ. දැන් අපිට පුළුවන් ද මේ පේන හැඩය සිහිකරලා පෙන පිf`ඞ් - රූප කලාපවල හොයන්න. බැහැ. දැන් අපිට අල්ලන්න පුළුවන් ද? ඇල්ලුවොත් ධාතුව ගැටෙනවා මිසක පේන දේ ගැටෙන්නෙ නෑ අපිට. දැන් ඔය මං කියන්නෙ අපිට හිතෙන්නෙ කවුරු හරි කෙනෙක් චිත්‍ර අඳිනකොට ලස්සණට චිත්‍ර අඳිනවා කියලනේ. නේද?

දැන් අපි එතන තියෙන ධර්‍මතාවය සියුම්ව ටිකක් සිහි කරලා බලමු. දැන් ඔය පාට ටිකක් දිය කරලා නිල් පාට කොළ පාට දියර ටිකක්. ඒ වර්‍ණ ධාතුව, මේකෙ පුද්ගල සටහන් මොකුත් නෑ, ධාතුව කඩදාසියක එකඑ ක ආකාරයට රාශි වෙනවා. එබඳු තැනක් මේ විඤ්ඤාණයට ගැටෙනකොට ඔන්න හැඩයක් මතු වෙනවා. අපි හැඩයට මනුෂ්‍යයා කියලාකි යනවා. චිත්‍රෙ බලන්නෙ අපි මිසක චිත්‍රය තියෙන්නෙ අපිට මිසක එතන තියෙන්නෙ ධාතු නානත්වයක්. එයා චිත්‍රය ඇන්දා නෙමෙයි. අපිට චිත්‍රය මැවෙන විදියට ධාතුව රාශි කරලා තියෙනවා. දැන් හිත දියුණු කරපු කෙනෙක් කරන්නෙ මොකක්ද? ඕක නම් මෙතන පුළුවන්
 
මහ ගිනි ගොඩක් ඇති කරන්න.  මහ සර්පයො ගොඩක් ඇති කරන්ත් පුළුවන්. ඇයි ඒ? අපි සර්පයා කියලා හිතන විදියෙ සංඥාවක් මැවෙන විදියට ධාතුව රාශි කරන්න පුළුවන්. ඉතින් ධාතුව කියපු එක සර්පයෙක් එහෙම වුනොත් වෙනස් කරන්න පුළුවන් ද? සතර මහා ධාතුව කියන එක අපිට හම්බවුන දේ එහෙම වුනා නම් වෙනස් කරන්න බැහැ. නමුත් ධාතුව නිසා අපට හම්බවෙන ලෝකයක් තියෙනවා. ඉතින් මේ හම්බවෙන ලෝකෙ ඇතිත නෙමෙයි.

අපි තාම විදර්ශනා කරනවා කියලා ඉන්නෙ අපිට හම්බවෙන ලෝකෙ  තුල  නම්  මම  කියන්නෙ  ලෝකය  තුල  පවත්වන  දහම් මනසිකාරයකින් ලෝකෝත්තර නුවණක් එන්න බැහැ කියලා. ලෝකොත්තර - ලෝකය අත හැරෙන විදියේ යථාර්ථය හිත කබලම තමයි මේ ලෝකය අතහැරෙන්නෙ.

මම ටිකක් දක්ෂ මදි මේකට සරල උපමා කියලා දෙන්න. නමුත් එහෙම ධර්‍මතාවයක් තියෙනවා කියන එකයි මට කියන්න තියෙන්නෙ. මේ සක්න්ධ, ධාතු, ආයතනයන්ගෙන් ම මිදිච්ච - ලෝකය කියන්නෙ සකන්ධ, ධාතු, ආයතන ලෝකෝත්තර කියලා කියන්නෙ, ‘විස්ස මුත්තස්ස සබ්බධි’ සියළු තැනින් ම මිදෙන්න ඕන. ස්කන්ධයන්ගෙන්,  ධාතුන්ගෙන්,  ආයතනයන්ගෙන්  මිදෙන්න ඕන. මොකද ස්කන්ධ කියන්නෙ දුක. ධාතු  කියන්නෙ,  ආයතන  කියන්නෙ  ජරා,  මරණ,  ශෝක, පරිදේව, දුක් දෝමනස්. ඇහැ නිසා ජරා, මරණ නෙමයි. ඇහැ කියන්නෙම ජරා, මරණ, ශෝක, පරිදේව, දුක් දොම්නස් ධර්‍මයක්.කණ කියන්නෙම ජරා, මරණ, ශෝක, පරිදේව, දුක් දෝමනස් ධර්‍මයක්.

ඉතින් මේ ඇහැ, කණ, දිව, නාසය, ශරීරය පරිහරණය කරනවා කියන්නෙ ජරා, මරණ පරිහරණයක කරනවා කියන එක. ඉතින්, අපිට පුළුවන්කම තියෙනවා එක දෙයක් කරන්න. මේ කාම රූඵ දෙක පිරිසිඳ දකින විදියට ස්කන්ධයන් උදය වැය බලන්න. ඒකයි නාම රූප ධර්‍ම පිරිසිඳ දැකීම දිට්ඨි විසුද්ධිය කියලා කියන්නෙ. රූපය බලනවා හොඳට, ධාතු මාත්‍රයක් තියෙන්නෙ මේ ඇහැ, කණ, දිව, නාසය නෙමෙයි. ඇහැ කියලා, කණ කියලා පනවන මේ රූපයේ යථාර්ථය බලන්න. එතකොට දැන් අපි බලන්නෙ ඇහැ ඇතුලෙ තියෙන්නෙ පඨවි ආපෝ, තේජෝ, වායෝ කියලනේ. ඇහැ හැදිලා තියෙන්නෙ අපේ ශ රීරයෙ ඇතුලෙ තියෙන්නෙ සම්, මස්, ලේස නහර කියලානේ.

මේක වැරදියි, දැන් මේ ගොඩනැගිල්ල ඇතුලෙ තියෙන්නෙ බඩු කිවුවොත්, මේක ඇත්තටම ඇත්ත වෙන්නෙ ගොඩනැගිල්ලද බඩු ටිකද? මෙතනින් වැඩිකර වෙන්නෙ? මොකද ගොඩනැගිල්ල ඇතුලෙ නම් බඩු බහාලන්න පුළුවන් මෙතන ගොඩනැගිල්ලම භූත ස්වභාවය නේද? ගොඩනැගිල්ලම තමයි පිහිටි ස්වභාවය වෙන්නෙ. මේ බඩු ටික ඕන වෙලාවක එළියට ගන්න බැහැර කරන්න පුළුවන්. එහෙම නේද? එතකොට පවතින ස්වභාවය හැම වෙලාවෙම කියන්න වෙන්නෙ ගොඩනැගිල්ල, නැත්නම් යමකින් යමක් බහාලන්න පුළුවන් නම් ඒ බහාලන දේට වඩා ගොඩනැගිල්ල ලොකුයිනෙ නේද? ඒ වගේ ඇහැ හැදිලා තියෙන්නෙ පඨවි, අපෝ, තේජෝ, වායෝ, ධාතුවෙන් නම් පවතින ස්වභාවය ඇහැ වෙනවා. ඒක ඇතුලෙයි පඨවි, ආපෝ, තේජෝ, වායෝ තියෙන්න වෙන්නෙ. ඔයගොල්ලන්ට ඇහැ කියන එක නැති කරන් වෙන්නෙ නෑ. නිරුද්ධ වෙන්නෙ නෑ.

රූපය කියන එක නම් ඔයගොල්ලන්ගෙ විමසීමට ලක් වෙන්නෙ පඨවි, ආපෝ, තේජෝ, වායෝ කියන ධර්‍මතාවය වෙන්නෙ ඕගොල්ලන්ට මෙ රූපය සැබෑ එකක් වෙනවා. ඕගොල්ලො ඒකෙ පිහිටලයි මේ විදර්ශනා කරන්නෙ. මේ ශරීරය බලලා මේ මගේ ශරීරය නැත්නම් මේ පේන හැඩය ඇතුලෙ නම් තියෙන්නෙ හම්, මස්, ලේ, නහර, ඇට, ඇටමිදුලු ඕගොල්ලන්ට මේ හැඬේ අයින් වෙන්න බෑ. මේ ගේ ඇතුලෙ වගේ මේක තමයි ස්ථාවර වෙන්නෙ එතකොට. යථා භූත ස්වභාවය වෙනවා. ලෝකෙ යථාර්ථය වෙනවා ඇහැ, කණ, දිව, නාසය, ශරීරය, එහෙම නෙමෙයි. ඕක අනික් පැත්තට බලන්න ඕන.

ඉස්සෙල්ලා නුවණින් බලන්න ඕන. මිරිඟුව කවදාවත් අපිට හම්බ වෙන්නෙ නෑනේ. ජලය වගේ පෙනෙද්දි නුවණින් තමයි මිරිඟුව බලන්නෙ අපි. ඒ වේගේ මේ ඇහැ වගේ පෙනෙද්දි, රූපය වගේ පෙනෙද්දි, නුවණින් යනවා ඉස්සරවෙලා මේ පෙනන තැන. නැත්නම් රූපයේ ස්වභාවය පඨවි, ආපෝ, තේජෝ වායෝ නේද? එබඳු වූ ධාතුව තියෙන තැන මේ ඇහැ වාගේ පේනව නේද? කිවුවහම යථාරථය ධාතු මිසක ඇහැ නෙමයි. යථාර්ථය ධාතු වූ රූපය මිසක මේ පේන දේ නෙමෙයි.

එතකොට එදාටයි ඕගොල්ලන්ට නුවණ එන්නෙ. එහෙනම් යථාර්ථය ධාතු මාත්‍රයක්. නම් රූපය, එහෙනම් මේ පේන දේ හිත පිලිබඳ නේද කියන එක ඉබේම එන්නෙ එදාටයි. නැත්නම්  මේ  හිතට  පහළ  වෙන  දේත්  රූපෙට  ඇදලා ඕගොල්ලො ඒ තුල නම් විදර්ශනා කරන්නෙ, වැරදියි. මං කියන එක තේරෙනවාද?

එතකොට ඒ නිසා අපිට ඕන වෙනවා ඉස්සරවෙලා මේ වගේ ඥාන දර්ශණයක්.
නැවත පැහැදිලි කළොත් - මම අර ඉස්සෙල්ලාම කියපු එක ගන්නකෝ.
දැන් අපිට පේන ස්ත්‍රියක් හරි පුරුෂයෙක් හරි අපිට පේන සිද්ධියට නේ අපි ඇලෙන්නෙ හෝ ගැටෙන්නෙ. එ තකොට අපිට අවශ්‍යයි මේ ඇලීම ගැටීම නැති කරන්න. මේ ඇලීම ගැටීම නැති කරන්න ක්‍රම දෙකක් තියෙනවා.

එකක් අවිද්‍යාව තියෙද්දි ඇලිම ගැටීම නැති කර ගන්නත් පුළුවන්. අනේ මගේ දරුවෙක් වගේනෙ. නැත්නම් මං වගේ කෙනෙකුට හොඳ නෑනෙ. කියලා එහෙම හිතලා පුද්ගල භාවයකින් මේ ඇලීම් ගැටීම දෙක නැතිකර ගන්නත් පුළුවන්.
තව ක්‍රමයත් තිනෙවා යථා භූත ඥාණ දර්ශනයට ම හිත තබලා ඇලීම් ගැටීම් දෙක නැතිකරගන්නත් පුළුවන්.

එතකොට දැන් අපි විදර්ශනාවට කියලා හරි දැන් අපි බැලුවොත් මෙහෙම ඒ පේන දර්ශනය කිසිම වෙනසක් නැතුව ඒකෙ විශේෂණයකට නැතුව ඒ පේන දර්ශනය ඇතුලත අපි දන්නා විදියට අපි විදර්ශනා කළොත් මේ මනුෂ්‍යයා කියලා කියන්නෙ කෙස්ද, ලොම්ද, නිය ද, දත් ද, කියලා අපි විදර්ශනා කළොත් එතකොට අපිට ඇත්ත වෙන්නෙ අපිට හම්බවෙන සිද්ධියයි.

ඒ කියන්නෙ මනුෂ්‍යා කියන එක ඇතුල කෙස්, ලොම්, නිය , දත් තියෙනවා මිසක අපිට කවදාවත් මනුෂයො කියන මානසික මට්ටමෙන් මේ පේන හැඩය මනුෂ්‍යයා මේක හටගෙන නිරුද්ධ වන එකක් මේ පෙනීම කියන එක නැතිකරන්න බැහැ. 


මේ උතුම් සඳහම් ලිපිය කියවීමට හෝ බෙදා හැරීමට කැමති පිංවතුන් 0725400094 අංකයට වට්ස් ඇප් පණිවිඩයක් යොමු කරන්න.

දිනපතා මෙවැනි උතුම් සඳහම් ලිපි කියවීමට හෝ බෙදා හැරීමට කැමති පිංවතුන්ට අපගේ සඳහම් සමූහය සමඟ එක් විය හැක.

https://chat.whatsapp.com/LDw0pu6WqhrFcZFxMuHxJu

මෙවැනි වටිනා සඳහම් ලිපි එකතුවකින් යුතු අපගේ නිල වෙබ් පිටුවට පිවිසෙන්න

pansilmaluwa.lk

තෙරුවන් සරණයි

Post a Comment

0 Comments