ආර්ය සීලය 5


ආර්ය්‍ය සීලය - 05

මං ඕකට කි යන්නම් වෙනද කතා කරන උපමාව. ඈත වෙලක ඉන්නවා පඹයෙක්. දැන් අපි ටිකක ඈත ඉන්නෙ. පඹයා වූ තැන පඹ්‍යා බව දන්නෙ නෑ. අපි දැන ගත්තත් නොදැනගත්තත් පැවතුන ධර්‍මතාවය තමයි පඹයා. හරිනේ. දැන් අපි දන්නෙ නෑ ඈත ඉන්නෙ අපි. ඈත ඉන්න අපිට හම්බ වෙන්නෙ ඈත මනුෂ්‍යයෙක් ඉන්නවා වගේ. දැන් අපි මේ මනුස්සයා ගැන නොයෙක් දේවල් කතා බහ කරන කොට මනුෂ්‍යයා මට්ටමේ රාග, ද්වේශ, මෝහ ඇතිකර ගන්නවා. ඔය මනුෂ්‍යයා මරණින් මතු උපදීද නැද්ද ඔය වගේ දෘෂ්ඨින් ඇති කර ගන්නවා. එතකොට ආපහු අහලා තියෙන විදියට නෑ ඒ මනුෂ්‍යයො කියන්කේ කෙස් ද නිය ද ලොම් ද දත් ද කියලා එහෙමත් අපි බලනවා දැන්. දැන් මේ කොහොම බැලුවත් අපේ පර්යේෂණය තියෙන්නෙ එතන මනුෂ්‍යයා කියන එක පසුබිම් කරගෙනමයි. දැන් මනුෂ්‍යයා නෙමෙයි කියන්නත් එතන මනුෂ්‍යයා කියන එක මුල් කරගෙනමයි මනුෂ්‍යයා නෙමෙයි කියන්නෙත්. ඇයි දැන් පඹයා වූ තැන පඹයා බව නොදැක මනුෂ්‍යයා කියලා රැවටිලා දැන් රාග ද්වේිෂ නැති කරන්න යන්නෙ මෝහය තුල. මනූෂ්‍යා කියන්නෙ හම ද, මස් ද, ලේ ද, නහර ද, කියලා එහෙම හිතන්නවත්ස ුදුසු නෑ පඹයා කියන එක දැක්කා නම් නේද? ඉතින් ඒ බව නොදැක තවම අපි මනුෂ්‍යයා කියන මට්ටමක ඉන්න හින්දයි මෙහෙම බලන්නෙ. මේ කුණුප කොටස් 32 ක් නෙ කියලා බැලුවට මනුෂ්‍යයා කියන අදහස නැතිවෙලා නෑ. ඒ මෝහය දුරු වුනේ නෑ.

ඔහොම ඉන්නකොට තමයි අර එක්තරා මනුෂ්‍යයෙක් ඇවිල්ලා කියන්නෙ ඇත්තටම ඔය මනුෂ්‍යයෙක් ද ඉන්නෙ? ලෝකෙ ඔක්කොම මනුෂ්‍යයා කියද්දි මෙයා තනියම හිතනවා. ඇත්තටම මනුස්සයෙක් ද ඉන්නෙ. මේක පොඞ්ඩක් බලන්න ඕන කියලා
 
මෙයා තනියම ගිහිල්ලා බලනවා. ළඟට යනකොට පඹයෙක්. දැන් මෙයාට පවතින ස්වභාවයත් පේනවා. ලෝකයා රාග, ද්වේෂ ඇති කරගෙන දුක් විඳින ස්වභාවයත් පේනවා. මෙන්න මේ මාර්ගයෙ ඇවිල්ලා පඹයා කියලා දැක්කොත් මේ මනුෂ්‍යයා කියලා දුක් විඳින මේ ඔක්කොම දුක දිරායන හැටිත් පේනවා. ඒකට මෙන්න මෙහෙම එන්න ඕන කියලත් දකිනවා. දැකලා මෙයා ආපහු එනවා මෙයා තමන්ගෙ අදහස කියනවා. මනුෂ්‍යයෙක් කියලා හිතුවට ඔතන මනුෂ්‍යයෙක් නෑ. ඔතන පවතින්නේ මෙන්න මෙහෙම ධර්‍මතාවයක්. ඒ ධර්‍මතාවය නොදන්නාකම  නිසා  වැරදි  අදහසක්  ඕගොල්ලො  ඇතිකරගෙන තියෙන්නෙ. ඒ අදහස නිසයි ඕගොල්ලො මේ රාග, ද්වේශ, මෝහ ඇතිකරගෙන දුක් විඳින්නෙ. පවතින්නෙ පඹයා, පඹයා වූ තැන පඹයා බව නොදන්නාකම නිසා මනුෂ්‍යයා කියලයි කල්පනා කරන්නෙ. ඒ කියන්නෙ ළඟට ගිහිල්ලා නැති හින්දා. මනුෂ්‍යයා කියලා කල්පනා කරන නිසයි මනුෂ්‍යයා කියලා දැනගන්නෙ. මනුෂ්‍යයා කියලා දැනගත්තහම මනුෂ්‍යයා ගැන ඇලීම ගැටිම ඇතිවෙන විදියටයි හිතන්නෙ. ඒ හින්දයි මේ දුක් දොම්නස් එන්නෙ. එතකොට පඹයා හැටියටම දැක්කොත් මනුෂ්‍ය මට්ටමේ එන ඇලීම් ගැටීම් සහ ඒ නිසා එන දුකත් නැතිවෙනවා. මේ විදියට ගිහිල්ලා බලන්න කිවුවම. මෙයා කියන්නෙ බොරුවක් වෙන්න බෑ කියලා විශ්වාසය තියන කොටසකුත් ඉන්නවා. මොන බොරුද ඔය කියන්නෙ කියලා පිළිනොගන්න කොටසකුත් ඉන්නවා.

ඉතින් ඔතනින් තමයි ශ්‍රද්ධාව තීරණය කරන්නෙ. තථාගතයන් වහන්සේ කෙරේ ශ්‍රද්ධා මාත්‍රයක්, ප්‍රේම මාත්‍රයක් කියලා. එහෙම විශ්වාසය තියාගෙන ගිහින්. පඹයා දැකලා මනුෂ්‍ය මටටමේ එන දුකින් මිදෙන ලෝකයාට තමයි රහතන් වහන්සේ කියලා කියන්නෙ. පඹයා වූ තැන පඹයා බව නොදන්නා එකයි අවිද්‍යාව කියලා කියන්නෙ. අවිද්‍යාව නිසා හටගන්න සංඛාර තමයි මනුෂ්‍යයා කියලා කල්පනා කරන එක. දැන් මනුෂ්‍යයා කියන එක වැරදි දැක්ම. මිථ්‍යා දිට්ඨි. දැන් මනුෂ්‍යයා
හොඳයි - ලෝභය.
මනුෂ්‍යයා නරකයි - ද්වේශය
කැමති අකමැති නැතත් මනුෂ්‍ය්‍යා කියලා ගන්න බව මෝහය. දැන් මනුෂ්‍යයා කියන මට්ටමේ අපි ඉන්න කොට අපි දන්නෙ නෑ අපි මෝහයකයි ඉන්නෙ කියලා. මෙන්න මෙහෙම ඉන්න ලෝකෙක  තමයි බුදුරජාණන් වහන්සේ පහළ වෙන්නෙ. පහළ වෙලා තනියම මනුෂ්‍යයා කියලා රාග ද්වේෂ මෝහ ඇතිකරගන්න, අඬන වැලපෙන ලෝකෙක පඹයා බව දකිනවා. දැකලා බුදු රජාණන් වහන්සේ දේශනා කරනවා මට මේ පේන යථාර්ථය ඔයගොල්ලො දැක්කොත් ඔයගොල්ලන්ටත් කවදාවත් මේ ජරා මරණ දුක ඇතිවෙන්නෙ නැහැ.එතකොට ධර්‍මතාවයක් තියෙන්නෙ මේ විදියට පෙන්නනවා. එහෙම පෙන්නුවා කියලා, ඒ පිළිබඳ අපට දැනුමක් ආවා කියලා මනුෂ්‍ය හැඟීම ගෙවෙනවද අපිට. යම් දවසක අපිට මේ පෙන්නපු මාර්ගයෙ ගිහිල්ලා පඹයා බව දකින්න පුළුවන් වුනොත්, එදාට අපිටත් පුළුවන් අර මනුෂ්‍යයා නිසා ආපු සියලු දුක් නැති කරන්න.

අපි දැන් මෙච්චර කල් හිතාගෙන ඉන්නෙ අවිද්‍යාව කියලනේ. අපි දන්නා බව අවිද්‍යාවයි කියලා දැනගත්තාම හරි. ඇයි ඒ? පඹයා වූ තැන පඹයා බව නොදන්නාකම නිසා අද අපි මනුෂ්‍යයා කියලා දන්නවා නම්, අද අපිට අවිද්‍යාව කියලා හම්බවෙන්නෙ අපි අද දන්නා බව. තේරෙනවාද?

අද අපිට ලෝකෙ තුල කුමන හෝ දැනුමක් තියෙනවා නම් මේ හැම දැනුමක් ම අවිද්‍යා ප්‍රත්‍යයෙන්, අවිද්‍යා සම්ඵස්සයෙන් උපන්න එක්ක. ලෝකෙ තුල දැක්මක්. අර පඹයා වගේ දකින තැන ලෝකෙට අයිති නෑ. මනුෂ්‍ය මට්ටමට අයිති නෑ. මනුෂ්‍යයා කියන මටටමේ ජරා, මරණ, දුක ලැබෙන්නෙ නෑ. ඉතින් මෙන්න මේ ටිකයි අපේ ඉලක්කෙ වෙන්න ඕන. එතන පඹයා වගේ තමයි මම පෙන්නුවේ චිත්ත, චෛතසික, රූප කියලා පරමාපියන් තියෙන්නෙ. රූපය ගත්තහම සත්ව පුද්ගල ආත්ම භාවයෙන් ඇස්, කන්, දිව, නාස මොකුත් නෑ. ධාතුයි එබඳු වූ ධාතු මාත්‍රයක් නිසා මේ වේදනා, සංඥා චේතනා කියන නාම ධර්‍ම පහළ වෙනවා. ඒ නාම ධර්‍ම තමයි අපි දැනගන්නෙ.

එතකොට මේ සිද්ධිය නොදන්නාකම නිසා අපි හිතම දෙකට බෙදා ගන්නවා. පේන වේදනා, සංඥාම දෙකට බෙදාගන්නවා. මේ පේන්නෙ රූපය, මේ ඇහෙන්නෙ ශබ්දය. මේ ඇහැ. මේ කණ, මේ දිව, මෙ නාසය, මේ ශරීරය කියලා. අපි මේ මනසම දෙකට බෙදාගෙන ඉන්නෙ. ඉතින් මේ ටික අපි තේරුම් ගන්න ඕන. අපිට හම්බවෙන මේ දේ යථාර්ථය නෙමෙයි. මේ ටික ගවේෂණ්‍ය කරලා, විශ්ලේෂණය කරලා යථා භූත ස්වභාවයට ආවොත් එදාට චිත්ත, චෛතසික, රූප කියන
 
තැන දකිනකොට මේ තමයි දුකේ කෙළවර, දුකේ අවසානය. මෙතෙන්ට ආවහම පංච උපාදානස්කන්ධ දුක - සත්ව පුද්ගල ආත්ම භාවයෙන් අපි විඳින හැම දුකක්ම නිරුද්ධ වෙනවා. එතකොට ආර්ය අෂ්ඨාංගික මාර්ගය කියන එක තියෙන්නෙ මෙන්න f ම් පරමාර්ථ වූ ධර්‍මයන් මුල් කරගෙන.

ඉතින් මාර්ගය උපදින්නත් අපිට මාර්ගයක් තියෙන්න ඕන. ඒ හින්ද තමයි ඉස්සෙල්ලා පංච උපාදානස්කන්ධයේ අපි අනිත්‍ය වශයෙන්, දුක් වශයෙන්, රෝග වශයෙන්, උලක් වශයෙන්, ගඩු වශයෙන් බලන්නෙ.   මේ ටික දැනගෙන මේ ටික කරන්න ඕන. කරනකොට තීවරණ අඩු වෙනවා. තීවරණ අඩු මනසකටයි මේ ටික පේන්නෙ. එතකොට ලෝකය අනිත්‍ය දෙයක්, දුක් දෙයක්, අනාත්ම දෙයක් කියලා දැක්කොත් තමයි අපිට ලෝකෝත්තර ඥාණ දර්ශනයකට එන්න පුළුවන්. එදාටයි දුකේ කලකිරෙන්නෙ. එතෙක් කලකිරෙන්නෙ නෑ. එතකොට දුකේ කලකිරෙන්න නම් සියළු දෙයම අනිත්‍ය හැටියට, දුක් හැටියට, අනාත්ම හැටියට දකින්න ඕන. දැක්මට තමයි අර මං මිම්මක් දුන්නෙ. මොකක් ද මිම්ම? අර අශූචි ටිකක් පාරෙ තිබුනොත් අසුභ ගැන හිතුවත් නැතත් අසුභයි කියලා තේරෙනවනේ. එතකොට අපි කරන්න ඕන අර යථාර්ථය දැනගෙන ලෝකෙ අනිත්‍ය, දුක්ඛ, අනාත්ම හැටියට දකින මට්ටමට ගන්න ඕන. එහෙම දකින්න තමයි බුදු රජාණන් වහන්සේ ඔය නොයෙක් කමටහන් අසුභය එහෙම, පෙන්නලා තියෙන්නෙ. එතකොට අසුභයි කියන දැක්ම අපිට ආපු දවසට තමයි අපිට ලෝකෝත්තර මාර්ග දර්ශනයක් උපදින්නෙ. එතෙක් අපි මේකෙන් අතහැරෙන්නෙ නෑ. මොකද මං අර අසුභය කියන එකටත් දකින මට්ටමක උපමාවක් තියෙන්නෙ. දැන් පාරෙ තියෙන අශුචි ටිකක් අශුචියි කියලා අපි දකින්න ඕන නේ. නේ ද? මළකුණක් හරි ඒක අසුභයි අසාරයි කියලා දකිනවා අපි. ඒ හින්දා ඒක සාක්කුවේ එහෙම දාගන්නවද අපි? ඇයි දාගන්නෙ නැත්තෙ?
අසුභයි. ජරාවයි කියලා පේනවා.
කවුරු හරි කිවවොත් නෑ නෑ සුභයි කියලා මේක. ඒත් ගන්නෙ නෑ. නමුත් දැන් අපිට අසුභ වුනාට තිරිසන් ගත සතෙක් ගත්තොත් කබරයෙක්  හරි බල්ලෙක් හරි ගත්තොත් මේ සතාට මේක අසුභද?
 
එතකෙට මේ සතා මේකට කැමතියි නේ. ඇයි කැමති. එයාට අසුභය නොපෙනෙන නිසා. ජරා මරණ දුක නොපෙනෙන නිසා. එතකොට අපිට මේ තිරිසන්ගත සතාට බණ කියන්න වුනොත්, අපිට කියන්න වෙනවා මෙහෙම. ‘මේ මළකුනට ඔයා කැමති වුනාට මේකෙ තියෙන අසුභ බව නොදන්න නිසයි මේකට කැමති වෙලා තියෙන්නෙ. අපිට පේන මට්ටමට අසුභය ඔයාට එළඹ සිටියොත්, ඇත්ත ඇති හැටියෙ දැක්කොත් ඔයාවත් ඕකට කැමති වෙන්නෙ නෑ. ඒ හින්දා මෙන්න මේ විදියට කරලා පාරක් තියෙනවා ඔය මළකුණට තියෙන තණ්හාව අයින් කරන්න. එතකොට මළකුණට නැත්නම් අශූචි ටිකට තියෙන තණ්හාව අයින් කරන්න නම් ඒක අශුචි බවම පේන්නම ඕන නේද? එහෙම නැතුව හරියන්නෙ නෑනෙ. නැතුව මේක සුභයි කියලා පෙනෙද්දි බලෙන්, ‘නෑ කොච්චර වුනත් මේකෙන් දුක එනවා. හොඳ නෑ මේකට කැමති වෙන්න’ කියලා කිවුවට රාග අනුසය එයාට එහෙමම හිටිනවා. නේද? එතකොට රාග අනුසය නැති වෙන්නෙ අරම අශුචි කියලා පෙනෙන මට්ටමට ආවොත්, එනකොට ඒ ගැන හිතන්න ඔනෙත් නැහැනේ. නේද? එතකොට පහු කාලෙක දී මේ තිරිසන්ගත සතා මොකද කරන්නෙ අපි කියමු බල්ලෙක් කියන්නකො. මේ සතා එහාට, මෙහාට දුවන්නෙ නැතිව ඕක දිහා බලාගෙන මේක අසුභයි, අශුචියි කියලා හිත හිතා හිටියොත් පහු කාලෙක දී අර ශුභ සංඥාව ගෙවිලා අසුභ සංඥාව දකින මට්ටමට එනවා. අපි දකින මට්ටමට ආවොත් එයත් ඕකට ඇලෙන්නෙ නෑ. දැන් ඒකෙන් මම මතක් කරන්න ඕන.

දැන් අපි සත්වයො, පුද්ගලයො කියලා බොහොම ආශාවෙන් මේ ලෝකය ඇසරු කරන තැනක් තියෙනවා. එතකොට මේක අසුභ බව අසාර බව අනිත්‍ය බව නොදන්න නිසා. එතකොට ඒ නොදන්න බව නිසා මේක සුභයි කියන දැක්මක් අපිට ඇවිල්ලා. මේ සුභයි කියන දැක්ම අපිට නැති කරන්න පුළුවන් ටිකක් ඒක තුලම බලාගෙන මේක සෙම, සොටු, මළ මූත්‍රා වලින් හැදිලා තියෙන්නෙ මේක අසුභයි අසාරයි කියලා බලන්නත් පුළුවන්. ඒ වුනාට අවිද්‍යා අනුසය තියෙනවා එතකොට අපිට පූළුවන් දැන් මෙහෙම බලන්න.

බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දැන් තිරිසන්ගත සතා හිටපු තැන වගෙයි අපි ඉන්නෙ. අර අශුචි ටික හම්බවෙන තැන තිරිසන්ගත සතා හිටියනෙ බොහොම ලෝභයෙන් ඒකට. ඒ වගේ දැන් මේ ලෝකය හම්බවෙන තැන අපි  ඒ අශූචි ටික හම්බවෙන තැන අපේ මානසික මට්ටමක් තිබුනනේ. ඒක පිළකුල් කරන ඒ මට්ටම වගේ බුදු පසේ බුදු මහ රහතන් වහන්සේලාට මේ ලෝකය. මේ ලෝකය ගැන බුදු පසේබුදු මහ රහතන් වහන්සේලා දේශනා කරනවා මේක අසුභයි. අසාරයි, අනිත්‍යයි, දුකයි එහෙම දේශනා කරන්නෙ ඇයි?

මේකෙ යථාර්ථයක් තියෙනවා. ඒ ටික දකින හින්දා. බුදු රජාණන් වහන්සේ දේශනා කරනවා. මේ ලෝකය මට පේන විදියට ඔයගොල්ලොත් දැක්කොත් යම් කලක, එදාට ඔයගොල්ලො මේ දුකේ කලකිරෙනවා. ඒ හින්දා මෙන්න මෙහෙම බලන්න කියලා අපිට මේ ආර්ය අෂ්ඨාංගික මාර්ගය පෙන්නනවා. එතකොට මේ ආර්ය අශ්ඨාංගික මාර්ගය තියෙන්නෙ නිවනට හැරිලා, නිවනට නැමිලා, නිවනට බරව, ලෝකයට හැරිලා, ලෝකයට නැමිලා, ලෝකයට බරව නෙමෙයි පවතින යථාර්ථයට හිත තබලා තථාගතයන් වහන්සේ පෙන්වා වදාල විදියට නුවණින් ධර්‍මය සම්මර්ශනය කරන්න ඕන. කොච්චර දුරට කරන්න ඕනෙද? මේ ලෝකය අනිත්‍ය දෙයක්, දුක් දෙයක්, අනාත්ම දෙයක් කියන දැක්ම එනක්මම.

එදාට දුකේ කලකිරෙනවයි කියන එක ඉබේමයි වෙන්නෙ. අපිට හිතලාවත් පුළුවන්කමක් නෑ එදාට සුභයි කියලා ගන්න. අර පාරෙ තියෙන අශුචි ටික අපිට සුභයි කියලා හිතුවටවත් ඒක සාක්කුවේ දාගන්න නම් අපි කැමති වෙන්නෙ නෑ. සුභයි කියන වචනෙ කිවුවත් ඇතුලෙන් දන්නවා මේක අසුභයි, අශූචියි කියලා. මෙන්න මේ මට්ටමටම අපේ මනස එන්න ඕන. ඔය මට්ටම තමයි අපේ මේ මාර්ග බ්‍රහ්මචරියාවේ අවසානය.

ඊට මෙහා කිසිම තැනක නිෂ්ඨාවක් නෑ. අවසානයක් නෑ. එතකොට මේ මට්ටමට එන්න උපායවල් ගොඩක් තියෙනවා.  ඉතින්, තණ්හා අනුසය කියන එක යනවා මේ ලෝකෙ සත්ව, පුද්ගල, ආත්ම භාවයෙන් හම්බවෙන තැනටම. උදාහරණයක් හැටියට මේ නාම රූප පිරිසිඳ නොදන්නාතාක් මේ අවිද්‍යාව කියන එක යනවා.

දැන් ඔයගොල්ලන්ට දැන් මෙහෙම දකිනකොට හම්බවෙනවනෙ රුපයක් නේද? කෝ එතකොට නාමය? දැන් අපි මේ පෙනෙන අරමුණේ නාම රූප දෙක පිරිසිඳ දකින්න ඕනනේ. තේරෙනවා නේද?

- දිවා ආහාර විවේකය -
 
ප්‍රශ්න රාශියක් අහලා තියෙනවා. එවට උත්තර ලැබෙන්නත් එක්ක. විශේෂයෙන් මට තේරුනා. මම උදේ කථාකළ දහම් කරුණු ස මස්ථයක් වශයෙන් මේ පින්වතුන්ට අවබෝධ ලබා ගන්න අපහසුයි කියලා. මං ඒක ටිකක් ඊට සරලව වෙනත් ආකාරයකින් දේශනා කරන්නම්.

ඉස්සෙල්ලා අපිට තේරුම් ගන්න වෙනවා පංච උපාදානස්කන්ධය කියන්නේ මොකක් ද කියලා. රූප උපාදානස්කන්ධය වේදනා උපාදානස්කන්ධය සංඛාර උපාදානස්කන්ධය විඥාන උපාදානස්කන්ධය කියන එක දන්නවනේ.
අපි පංච උපාදානස්කන්ධය කියන එක තේරුම් ගත්තහම මේ ප්‍රශ්නය අපිට ලිහාගන්න පුළුවන්.

යම් රූප, වේදනා, සංඥා, සංඛාර විඥාන කියන ස්කන්ධයක උපාදානය පතිත වේ නම්, උපාදානය බැස ගනී නම්, පවතී නම් ඒකට කියනවා පංච උපාදානස්කන්ධය කියලා. උපාදානය අනිකක් , උපාදාන ස්කන්ධය අනිකක්. ඒත් මේ උපාදානය, උපාදාන ස්කන්ධ කෙරෙහියි පවතින්නෙ. උදාහරණයක් කළොත් මම, බෝතලේකට සීනි දැම්මොත් අපි, බෝතලේ සීනි ද?

වීදුරු වලින් හදපු බෝතල්නේ. අපි කියමු. වීදුරු බෝතලයක් එතකොට සීනි දැම්මහම මේ බෝතලේට අපි මොකක්ද කි යන්නෙ. සීනි බෝතලේ. සීනි බෝතලේ කියන එකෙන් අපි නිර්වචනය කරන්නේ මොකක් ද? බොතලේ සීනියි කියන අර්ථය නෙමෙයි නේද? සීනි බෝතලේ කියනවා. සීනි ටික වගේ කියලා දකින්නකො උපාදානය. පෝතලේ වගේ කියලා දකින්නොක ස්කන්ධ ටික. එතකොට මේ සීනි ටික බෝතලේට දැම්මහම මේකට කියන්න වෙනවා මොකක් ද සිීනි බෝතලේ කියලා. මේ උපාදානය මේ ස්කන්ධයන්ට බහාලුවම මේකට කියන්න වෙනවා මොකක් ද? උපාදාන ස්කන්ධ කියලා. එතකොට නමුත් උපාදාන ස්කන්ධ කියන කොට, සීනි බෝතලේ කිවුවත් අපි දත යුතුයි. සීනි ටිකයි දෝෂෙ, බෝතලේ දෝෂෙ නෑ, තේරුණාද?

උපාදාන ස්කන්ධ කියන තැන උපාදානයයි දෝෂෙ, උපාදාන ස්කන්ධයන්ගේ දෝෂයක් නැහැ. එතකුදු වුවත් ප්‍රශ්නයක් තියෙනවා. දැන් පහුකාලෙක දී බෝතලෙන් සීනි අයින් කළොත් මේකට මොකක්ද කියන්නෙ. සීනි දාපු මතකෙ තියෙනතාක් ඒත් අපි කියන්නෙ නැද්ද සීනි බෝතලේ කියලා. ගෙදර මේ බෝතලේට සීනි ගොඩාක් කල් දැම්මා සීනි ඉවර වුනා. දැන් මේකට සීනි බෝතලේ කියන්නෙ නැද්ද? කියනවා. එතකොට සීනි බෝතලේ කියන්නෙ සීනි තියෙනවටද? එහෙනම්? දාපු හුරුව තියෙන හින්ද. ඒ හුරුවත් නැති වුනොත් මේකට සීනි බෝතලේ කියන්නෙ නෑ නේද?
බැරිවෙලාවත් මේක බෝතලේ සීනි වුනා නම් මේකට වෙන මොකවත් බහාලන්න පුළුවන්ද? බෑ. දැන් බෝතලේ සීනි නොවුන නිසා - සීනි දාපු නිසා බෝතලේ වෙච්ච හින්දා - මේකට පිටි දාන්න පුළුවන්. එතකොට අපි කියනවා පිටි බෝතලේ. ලුණු දාන්න පුළුවන්. එතකොට ලුණු බෝතලේ. හාල් දාන්න පුළුවන්. හාල් බෝතලේ. එහෙම නම් කියන්නෙ නෑ නේ ද?

ඒ වගේ මේ ස්කන්ධ ටිකට සංයෝජන බහාලන්න පුළුවන් එතකොට ස්කන්ධයන්ට කියනවා සංයෝජනීයයි. උපදානය බහාලන කොට උපාදානීයයි.

කාම ඕස, දිට්ඨි ඕස, භව ඕස, අවිද්‍යා ඕස කියන ඕස බහාලන කොට ඕසනීයයි. යෝගනීයයි. ග්‍රන්ථනීයයි. නීවරණනීයයි කියලා කියන්න පුළුවන්. මේ බෝතලේට දාන දාන ඒවයින් නම් කරන්න පුළුවන්. නමුත් මේ බෝතලේ අපි දකින්න ඕන. මේ දාන ද්‍රව්‍ය එකක්වත් බෝතලේ නෙමෙයි. නේද?

නමුත් යම් දවසක දී මේ සීනි ටික, පිටි ටික අයින් කළත් ාලයක් යනකම් අපිට කියන්න වෙනවා මේකට සීනි බෝතලේ, පිටි බෝතලේ කියලා. නේද?

එතකොට අපි දැන් කරන්න ඕන දේ තමයි, මේ බෝතලේට සිීනි දාන්නෙ නැතුව, පිටි දාන්නෙ නැතුව ඉන්න ඕන. සීනි දාද්දි මේ බෝතලේ සිනි තියෙන හුරුව නැති කරන්න පුළුවන් ද? මං කියන එක තේරෙනවද? හැමදාම සීනි දාද්දි මේ බෝතලේට සීනි බෝතලේ කියපු හුරුව අයින් කරන්න බැහැ. ඒක අයින් කරන්න නම් සීනි නොදා ඉන්න ඕන. සීනි නොදා හිටියත් ඒ හුරුව එක පාරටම අයින් වෙන්නෙ නැහැ. ටික කාලයක් ගියාට පස්සෙයි ඒ සීනි නොදා ඉන්න හුරුව හෝ අයින් වෙන්නෙ නේද?

එතකොට ඒකට කියන්නෙ නෑ සීනි බෝතලේ කියලා. පංච උපාදානස්කන්දයේ උපාදානය ඇතිනොවන විදියට කටයුතු කළහම උපාදානය නැතිවෙනවා. ඒ වුනාට ක්ලේශ අනුසය, තණ්හා අනුශය හිදෙන්නෙ නෑ. තව දුරටත් මෙහෙම මෙහෙම කරනකොට තමයි තණ්හා අනුසය හිඳෙන්නෙ. එදාට මේකට කියන්නෙ නෑ, අනුසය පංච උපාදාන ස්කන්ධ කියලා. ස්කන්ධ කියනවා. එතකොට ඒක මෙහෙම දත යුතුයි. ඔතනදී තමයි ටිකක් ප්‍රශ්න එන්නෙ.

දැන් පංච උපාදානස්කන්ධය කියන තැන අපිට හම්බවෙනවා උපාදාන සහිත බවක්. මුල් කාලයේ දී. දෙවනුවට උපාදානය දුරු වුනාට උපාදාන වූ හුරුව දුරු වෙන්නෙ නෑ. ඒ ටිකත් දුරු වුනොත් අපිට එදාට මේ සීනි බෝතලේ කියන්නෙම නෑ වගේ. මේ ආයතනයන්ට ඇහැ, කණ, දිව, නාසය, ශරීරය කියන මට්ටම කියන්නෙත් නැතුවම. මොකද දැන් මේ තණ්හාව උපාදානයයි. තණ්හාව නිසයි උපාදන වෙන්නෙ. ඇහැ උපාදානීයයි. අපි රූපය පිරිසිඳ දැක්ක දවසට, අපි ධාතුව පිරිසිඳ දැක්ක දවසට මේකට කියන්නෙ නෑ උපාදානීය ධර්‍ම කියලවත්. මෙන්න මෙතෙන්ට එනකම් අපේ දහම වැඩෙන්නට ඕන. මං ඕකට වෙන උපමාවක් ගන්නම්.

මතු සම්බන්ධයි

Post a Comment

0 Comments