විභජ්ජවාදී දෙවන ලිපි මාලාව -12


විභජ්ජවාද
දෙවන දේශනාව:12

ඒ වගේම, ඊළඟට රූපය ‘සංයෝජනීයයි‘. සංයෝජන ධර්‍මතාවලට හිත දෙයක්. සංයෝජන සහ සංයෝජන ධර්‍මතාවලට හිත කියලා කාරණා දෙකක් තියෙනවා.

සංයෝජන දහයක් තියෙනවා, දස සංයෝජන කියලා. සංයෝජන දහයෙන්, පහක් ඕරම්භාගීයයි, පහක් උද්දම්භාගීයයි. ඕරම්භාගීය කියලා කියන්නේ, පහලට අදිනවා. උද්දම්භාගීය කියලා කියන්නේ උඩට අදිනවා. ඕරම්භාගීය සංයෝජන ටික, හැම වේලාවකදීම, පහලට අදින්නේ, හරියට ගහක මුල් පොලව අස්සට යනවා වගේ. ඕරම්භාගීය සංයෝජන ටික ඇති කෙනා, රූපය අනුවම යනවා, රූපයකම එතෙනවා.

ඒ වගේම උද්දම්භාගීය සංයෝජන ටිකේ කෙලේසය පිහිටන කෙනා, බැඳුම පිහිටන කෙනා, උඩටම යනවා. ඒකට මම උදාහරණයකට කියන්නේ හීලියම් පුරවපු බැලුම් බෝලයක් වගේ කියලා. මේ බැලුම් බෝලය උඩටම යන්න අදිනවා, යටට යන්න අදින්නේ නැහැ.
ඕරම්භාගීය සංයෝජන 5 ක් තියෙනවා. සක්කාය දිට්ඨි, විචිකිච්චා, සීලබ්බත පරාමාස, කාමරාග, පටිඝ කියලා. හැබැයි ඔතන ප්‍රශ්නයක් තියෙන්නේ, අපේ මේ ඕරම්භාගීය සංයෝජන ධර්‍මතා ටිකේ, පහලටම අදින ධර්‍මතා ටිකේ බලවත්කම නිසා, උද්දම්භාගීය සංයෝජන ටිකත් අද යෙදිලා තියෙන්නේ, ඕරම්භාගීය සංයෝජන ටිකත් එක්ක. කොටින්ම කියනවා නම් උඩට යන්න අදින බැලුමට උඩට යන්න නොදී ගැටගහලා තියෙනවා ගහේ.

උද්දම්භාගීය සංයෝජන ටික වන, රූප රාග, අරූප රාග, මාන, උද්දච්ච, අවිජ්ජා කියන මේ ටිකත්, අද අපට රූපය අනුව ගිහිල්ලා, රූපය පරියාපන්නවම, යෙදිලා තියෙනවා. 

මතු සම්බන්ධයි

Post a Comment

0 Comments