විභජ්ජවාද
පලමු දේශනාව:2
අද දවසේදී අපට තියෙනවා අභිධර්‍ම සාහිත්‍යයක්. අභිධර්‍ම සාහිත්‍යයක් කියලා කිව්වේ, අභිධර්‍මය කියලා අපි ඉගෙනගන්න හදන ධර්‍ම කොට්ඨාශය දිහා බැලුවාට පස්සේ, අභිධර්‍ම පිටකයට පරිබාහිරවුනු, ග්‍රන්ථ තුළින් අපි අභිධර්‍මය හදාරනවා. අභිධර්‍මාර්ථ සංග්‍රහය හෝ වේවා, ප්‍රදීපිකාව හෝ වේවා, මෙබඳු ග්‍රන්ථ තුළින්, චිත්ත චෛතසික රූප කියන අභිධර්‍ම පාඩමක් අපි ඉගෙන ගන්නවා. හැබැයි කොතෙකුත් දුරට අපි ඉගෙනගන්න පාඩම, අපේ ජීවිතයේ ප්‍රායෝගිකව යෙදිලාද කියන එක සැක සහිතයි.
අපි ඉගෙනගන්නා මේ අභිධර්‍ම පාඩම තුළ තවත් ධර්‍මය දන්නා පුද්ගලයෙක් ලෝකෙට බිහිවෙලා තිබෙයි මිසක, කිසිම කලෙක, මේ ධර්‍මය අවබෝධ කරගත්ත, පුද්ගලභාවය දුරුවීම පිණිස ධර්‍මය හදාරන පුද්ගලයෙක් ලෝකෙට බිහිවෙන්නේ නැහැ.
ඒ නිසා, අපට ධර්‍ම අධ්‍යයනය තුළ, මේ කොටස් ටික ඉගෙන ගැනිම තුළ, අපට පේන්නට ඕන අපේ ජීවිතයේ යථාර්‍තය. අපේ ජීවිතයේ භාවනාව හැටියට අපට පේන්නට ඕන, මේ දර්‍ශනය පිරිසිදු කරගන්න අහන දේමයි. මේකෙන් අපි බලාපොරොත්තු වෙන්නේ තවත් එක ධර්‍මයක් තේරුම්ගත්ත, අභිධර්‍මයේ රූප කාණ්ඩයක් පිළිබඳව දැනගත්ත, රූපස්කන්ධය ආදී ස්කන්ධ ධර්‍මතා ටික පිළිබඳව ඉගෙනගත්ත, තවත් එක පුද්ගලයෙක් ලෝකයට බිහි කිරීම නෙවයි.
ආශ්‍රව ක්‍ෂය කරගැනීම පිණිස, කොහොමද අපේ ජීවිතයට සමීපවෙන්නේ, කොහොමද මේ කාරණා විමසීම තුළ, අපේ හිතේ පවතින ආශ්‍රව ධර්‍මතා ක්‍රම ක්‍රමයෙන් ක්‍ෂයවෙන්නේ, කියන එකයි. ඒක දන්නා පුද්ගලයා, පුද්ගලභාවය දුරු කරගැනීම පිණිස උත්සාහවන්තවෙනකෙනා බිහිකරලීම තමයි අපේ මේ කතිකාවේ තියෙන මූලිකම බලාපොරොත්තුව.
ඒ නිසා, අපිමේ විග්‍රහ කරගන්න කාරණා තුළ, තවත් එක දැනුමක් ඇති කරගන්නවාට වැඩිය, බුදුරජාණන්වහන්සේ අපේ ජීවිතයේ යම් පැතිකඩක් මේ දහම තුළ අපට පෙන්නුවා නම්, අන්න ඒ සත්‍ය ධර්‍මතාවය, ඒ පැතිකඩ දකින්නට අපි කවුරුත් උත්සාහවන්ත වෙනවා නම් ඒක බොහොම වැදගත් වෙනවා.
මතු සම්බන්ධයි..මේ සඳහම් ලිපිය බෙදා හැරීමට හෝ කියවීමට ඇවැසි පිංවතුන් 0725400094 අංකයට වටස් ඇප් පණිවිඩයක් යොමු කරන්න. දිනපතා මෙවැනි ලිපි කියවීමට ඇවැසි ඇත්තෝ වෙතොත් අපගේ සඳහම් සමූහයට එක් වන්න
තෙරුවන් සරණයි...!!!
0 Comments