"අපාරුතා තේසං අමතස්ස ද්වාරා
යේ සෝතවන්තෝ පමුඤ්චන්තු සද්ධං."
"යම් කෙනෙක් සවන් යොමා අසනු කැමැත්තහුද, ඔවුහු ශ්‍රද්ධාව මුදත්වා! ඔවුන් හට අමා දොර විවර කරන ලද්දේ ය."
"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා අට්ඨංගමග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූති"
"දසබලයන් වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැගී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ඨාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රී මුඛ බුද්ධවචන ගංගාවෝ (ලෝ සතුන්ගේ සසර දුක නිවාලමින්) බොහෝ කල් ගලා බස්නා සේක්වා!"
(සළායතන වර්ගය - උද්දාන ගාථා)
පන්සිල් මළුව සඳහම් එකමුතුව මගින් සකල ලෝකවාසී ජනී ජනයාගේ හිත සුව පිණිස ඉතා වටිනා සඳහම් ලිපි හා දේශණාවන් පල කරනු පිණිස මේ පිටුව නිම කරනා ලදී.
කිසිදු ආකාරයකින් ලාභ සත්කාර බලාපොරොත්තුව නොව හුදෙක් දහම් සුව බෙදනු පිණිසම තනන ලද මේ පිටුවේ පල කරන සෑම දහම් ලිපියකම හා දේශණාවකම පූර්ණ අයිතිය හා ගෞරවය එහි මුල් අයිතිකරු පිංවතුන් සතු වේ.
මේ උතුම් ධර්ම දානයෙන් ජනිත වන උතුම් කුසල ධර්මයන් උතුම් දේශකයාණන් වහන්සේලාටත් සටහන් වල මුල් අයිතකරු පිංවතුනටත් ඔබටත් අපටත් මවුදෙමාපියන් හිතමිතුරන් ඇතුලු සියලු කල්‍යාණ මිතුරන්ටත් මේ ජීවිතයේදීම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයන් අත්දැකීම පිණිසම හේතු වේවා..
1 Comments
Sadu Sadu Sadu
ReplyDelete